කුරානයට අනුව කඳු වල කාර්යභාරය (The role of mountains according to the Quran)
අල් කුරානය මිනිසාට යහ මග පෙන්වීම සඳහා පහල කරන ලද දහම් පණිවිඩයක් වුවද එහි භෞතික ලෝකය පිළිබඳ බොහෝ කරුණු ඇතුලත් වී තිබේ. ඒවා හැදෑරීමෙන් අපට කුරානය පහළ කල දෙවියන් පිලිබඳ අවබෝදයක් ලබා ගත හැකිය. පෘථිවියේ ඇති මහද්වීප සියල්ලම පිහිටා තිබෙන්නේ විශාල තැටි මතය. එබැවින් ඒවායේ චලනය වැළැක්වීම සඳහා යම් කිසි ක්‍රියා මාර්ගයක් තිබිය යුතුය. එවැනි ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබුනේ නම් එම තැටි පහසුවෙන්ම එහා මෙහා චලනය වී විශාල මුහුදු රල ඇතිවී සුනාමි අවදානම් ඇති විය හැකිය. මේවා වැළැක්වීම සඳහා කඳු කුන්ඥයක අකාරයෙන් මවා ඇති බව කුරානයේ සඳහන් කොට ඇත. "අපි පොලොව ඇතිරිල්ලක් ලෙසද, කඳු කුන්ඥයක් ලෙසද නොකෙලෙමුද" (කුරානය 78:6,7). කුරානය එසේ පවසද්දී මෑතක් වන තුරුම විද්‍යාඥයින් විසින් කඳු වලින් කෙරෙන කාර්ය භාරය දැනගෙන සිටියේ නැත. කුරානයේ තවත් තැනක කඳු වල කාර්ය භාරය මෙසේ විස්තර කොට තිබේ. "පොළව නුඹලාව පෙරලා නොදැමීම පිණිස ඔහු ඒ මත කඳු සිටුවා,....." (කුරානය 16:15). මෙවැනි දෙයක් කුරානයෙන්ම මිස 7වන සියවසේ ජීවත්වූ කිසිවෙකු විසින් දැනසිටියේ නැත. නුතන පර්යේෂණ මගින් කඳුවල පොලවට උඩින් ඇති කොටස මෙන් කිහිප ගුණයක...