Posts

Showing posts from January, 2019

ආහාරය පිණිස සතුන් මැරීම පවක්ද? (Is it wrong to kill animals for food?)

Image
ජීවීන්ගේ ආහාර දාමයන් ගැන සැලකීමේදී පෙනී යන වැදගත් කරුණක් වන්නේ මිනිසා හැර අනෙක් සතුන් එකෙකුට තව එකෙක් ගොදුරක් වීමයි. ඒ අතර ඇතැම් සතුන් ශාක පමණක් ආහාරයට ගන්නේය. එසේම ඇතැම් ජීවින් මාංශ පමණක් ආහාරයට ගන්නේය. මෙය දෙවියන්ගේ නියමය අනුව සිදුවන ක්‍රියාවලියකි. එය කිසිවෙකුටත් වෙනස් කල නොහැකිය. එසේ තිබියදී මිනිසා පමණක් මාංශ අනුභවයෙන් වැලකී සිටීම විහිළුවකි. ඇයිද යත් මිනිසාගේ දත් සැකසී තිබෙන්නේ ද මාංශ බක්ෂක සතුන්ට මෙන් උල් දත් සමග වීමයි. ඇත්තෙන්ම එය ලෝකය මවා පාලනය කරන්නාවූ දෙවියන්ගේ සැලැස්මකි. මේ නිසා දෙවියන් පහළ කරන ලද කිසිම ආගමකින් සත්ව ආහාර තහනම් කර නොමැත. එසේ තිබියදී ප්‍රාණය ගැන සිතා මිනිසා විසින්ම මිනිසාට මාංශ අනුභව කිරීම තහනම් කර ගන්නේ නම් කිසිම සත්වයෙක් ඝාතනය කිරීමෙන් වැලකි සිටිය යුතුය. එහෙත් බොහෝ අය ගවයාට පමණක් විශේෂ කොට සලකන්නේය. ඒ අනුව ඇතැම් අවස්ථාවලදී ගවයා වෙනුවෙන් මිනිනුන් ඝාතනය කරන අවස්ථා දැක ගත හැකිය. විශේෂයෙන්ම එය ඉන්දියාවේ දී බහුලව සිදු වන්නේය. ඇත්ත වශයෙන්ම එය ඉතා බොළඳ ක්‍රියාවකි. යම් කිසි කෙනෙක් මාංශ අනුභව කිරීම පවක් ලෙස සලකන්නේ නම් ගස්කොලන් විරල කාන්තාර වල වෙසෙන ජනතාවට විශාල අස

ඉස්ලාම් පණිවුඩය (The Message Of Islam)

Image
ඉස්ලාම් අල්ලාහ් දෙවියන්ගෙන් පහළ වූ දහමකි. එම දහම ආදම් නබි තුමා සිට මුහම්මද් නබි තුමා දක්වා එක දිගටම පැවත එන්නේය. එහි අවසාන දහම් පුස්තකය අල් කුරානයයි. අල් කුරානයේ විශේෂත්වය වන්නේ එමගින් මුළු මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කොට තිබීමය. අල් කුරානයෙන් මිනිසා පිළිපැදිය යුතු සෑම කරුණක් ගැනම ඉතා පැහැදිලිව උගන්වා තිබේ. අල් කුරානයේ විවරණය ලෙස සැලකෙන්නේ මුහම්මද් නබිතුමාගේ ජිවිතාදර්ශයයි. මුහම්මද් නබිතුමා මුළු මහත් ලෝක වාසි ජනතාව වෙනුවෙන්ම පහළ වූ ධර්ම දුතයානන් වන්නේය. ඉස්ලාම් දහම සාම්ප්‍රධායික ප්‍රබන්ද මත පදනම් වන්නේ නැත. ඒ අනුව ඉස්ලාම් දහමේ සඳහන් සෑම කරුණක්ම විද්‍යාත්මක පදනමක් මත පිහිටා තිබේ. ඉස්ලාමයේ මුලික හරය වන දේව විශ්වාසය පවා යම් විද්‍යාත්මක පදනමක් උසුලන්නේය. දේව විශ්වාසයෙන් තොරව කිසිම දෙයක් විස්තර කල නොහැකිය. උදාහරණයක් ලෙස විශ්වයේ බිහිවීම සඳහන් කල හැකිය. එහි ආරම්භය ගැන කුමන මතයක් ඉදිරිපත් කලත් එහි යම් හිඩසක් ඉතිරි වන්නේය. එම හිඩැස පිරවිය හැක්කේ දේව සන්කපයෙන් පමණි. ඉස්ලාම් වෙන කිසිම දහමකට වඩා හොඳින් මෙලොව ජීවිතය සහ මරණයෙන් පසු ජීවිතය ගැන විස්තර කොට ඇත. එසේම ඉස්ලාම් දහමේ ඇති සෑ

අල්-කුර්ආනයට එල්ල කරනු ලබන විවේචන (Criticisms against the Qur'an)

Image
අල්කුරානය සර්වබලධාරී අල්ලාහ් විසින් මුහම්මද් නබිතුමාට පහළ කල දහම් පණිවිඩයකි. එය ලිඛිත වශයෙන් පහළ වූ පණිවිඩයක් නොවේ. අල් කුරානයේ වදන් ජිබ්‍රිල් දෙවදුතයා විසින් වාචිකව නබිතුමාට දැනුම් දී ඇත. එසේ ලැබුණු කුර්ආන් පණිවිඩය නබිතුමා ඔහුගේ සිතේ ධාරණය කර ගෙන තිබේ.  ඉන් පසු නබිතුමා විසින් පත්කළ ලියන්නන් විසින් එම පණිවිඩය වහාම ලේඛනගත කොට ඇත. ලියන්නට හෝ කියවීමට නොදත් නබිතුමා මෙම ග්‍රන්ථය ලිව්වේ කෙසේදැයි කුරානයේ පසුබිම නොදත් අය චෝදනා කරති. එහෙත් ජිබ්‍රිල් දේවදුතායා රැගෙන පැමිණි පණිවිඩය ලියන්නට දන්නා අය වෙත සැල කිරීම සඳහා ලිවීමේ හැකියාවක් තිබිය යුතු නැතැයි ඔවුන් දැනගත යුතුය. අදටත් කුරානය සම්පුර්ණයෙන් කටපාඩම් කල අය ලොව පුරා මිලියන ගණනින් සිටිති. මින් පැහැදිලි වන්නේ අල් කුරානය එදා මෙදා සෑම කාලයකදීම කටපාඩම් කල හැකි ග්‍රන්ථයක් බවයි. අල් කුරානය මුහම්මද් නබිතුමාගේ වදන් නොවන බවට ශාක්ෂියක් වන්නේ එය සුපිරිසිදු අරාබි බසින් ලියැවී තිබීමයි. අල් කුරානයේ ඇති භාෂා ශෛලිය සහ නබිතුමා සාමාන්‍යයෙන් කතා කරන භාෂා ශෛලියට වඩා හාත්පසින්ම වෙනස්ය. අල් කුරානය මුහම්මද් නබිතුමාගේ නිර්මාණයක් නොවන බවට එය කදිම ශාක්ෂියකි

ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Prayer, the second pillar of Islam)

Image
ඉස්ලාමයේ අනිවාර්ය කොට ඇති කරුණු පහෙන් දෙවැන්න සලාතය වේ. එම වගකීම නබිතුමාට පවරනු ලැබුවේ මිහ්රාජ් ගමනේදීය. ඒ අනුව සලාතය ඉස්ලාම් දහම තුල ඉතා වැදගත් ස්ථානයක් උසුලයි. ඉස්ලාමයේ නියම කොට ඇති අනෙක් වගකීම් වලට යම් නිදහස් කිරීම් තිබුනත් සලාතය සඳහා එවැන්නක් නොමැත. ඒ අනුව නිරෝගී කෙනෙක් වුවත් රෝගී නෙකේ වුවත් ගමනක යෙදි සිටියත් නිවසේ සිටියත් සලාතය ඉටු කළ යුතුය. අල්ලාහ් වඩාත්ම ප්‍රිය කරන ක්‍රියාව කුමක්දැයි ඉබ්නු මසුද් රලි තුමා විමසු කල්හි නබිතුමා පවසා ඇත්තේ සලාතය ඊට නියමිත වෙලාවේදී ඉටු කිරීම බවයි (බුහාරි, මුස්ලිම්). එසේම බුරෛදා රලි තුමා නබිතුමා පැවසූ හදිසයක් මෙසේ දැනුම් දෙන්නේය. "අපටත් ඔවුන්ටත් (ඉස්ලාම් නොවන අයටත්) අතර වෙනස සලාතය යි. එබැවින් එය පැහැර හරින්නා නියත වශයෙන්ම ආගමක් නොඅදහන්නෙක් වේ" (අහමඩ්, තිර්මිසි, නසායි, ඉබ්නු මාජා, උපුටාගැනීම මිශ්කාත්).  සලාතය නිසි පරිදි ඉටු කිරීමෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙරුණු සුළු පව් වලට සමාව ලැබේ. අබු හුරෛරා රලි තුමා වාර්තා කරන හදිසයක දැක්වෙන අන්දමට දෛනිකව සිදු කරනු ලබන පස්වේලා සලතය නිසාද එක් ජුම්මා සලාතයක සිට තවත් ජුම්මා සලාතයක් දක්වාද එක් උපවාස මාසයක සි