Posts

Showing posts from November, 2020

භූමිදානය කිරීමෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන්නේද? (Does burying spread the corona virus?)

Image
  මෙය ඉතා සංවේදී මාතෘකාවක් වන බැවින් රජයේ සහ මේ පිලිබඳ පර්ශේෂණ කරන සියලු දෙනාගේ අවදානය ඒ කෙරෙහි යොමු වීම අත්‍යාවශ්‍ය කරුණකි. කෙසේ වෙතත් මෙම පර්යේෂණ අංශ දෙකක් කෙරෙහි යොමු විය යුතුය. එනම් රෝගියෙකුගේ සොටු සහ මල මුත්‍රා විනාශ නොකර භූමියට බැහැර කිරීම සහ මිය ගිය අයගේ දේහයන් භූමිදානය කිරීම සම්බන්දයෙනි. විශේෂයෙන්ම මේ සඳහා වසංගත රෝග පිලිබඳ පර්යේෂන සිදු කරන විශ්වවිද්‍යාල මහාචාර්ය වරුන්ගේ අවදානය යොමු විය යුතු වේ. ඒ අනුව නිරෝදාන මද්යස්ඨාන වලින් සහ මෙම රෝගීන්ට ප්‍රතිකාර කරන අරෝග්‍යශාලාවලින් පිටකරන අප ද්‍රව්‍ය ගැන ඔවුන්ගේ අවධානය යොමු විය යුතුය. එවැනි පර්යේෂණවල ප්‍රතිපල ලැබෙන තුරු මළමිනී භූමිදානය කිරීම වළක්වන්නේ නම් ඔවුන්ගේ සොටු සහ මළමුත්‍රා ද යම් කුටිරයක් තුලට රැස්කොට විනාශ කිරීමෙන් පසු ඒවා භූමියට මුදා හැරීමට වඩාත් සුදුසු ක්‍රියාවක් වන්නේය.  වසංගත රෝග මිට පෙරද ලෝකයේ නන්දෙසින් වාර්තා වී තිබේ. උදාහරණයක් වශයෙන් වසුරිය, ඉබෝලා වැනි රෝග පෙන්වා දිය හැකිය. එවැනි රෝග වලින් මිය ගිය අයගේ දේහයන් භූමිදානය කල අවස්ථා ඕනෑතරම් තිබේ. එබැවින් ඒවා භූමිදානය කල සොහොන් ආශ්‍රිත පස් සාම්පල සහ ජල මුලාශ්‍ර ගැන පර්යේෂණ සිදු ක