Posts

Showing posts from February, 2019

නබිතුමා සහ ආයිෂා (රලි) තුමිය අතර විවාහය (The marriage between the Prophet and Ayesha)

Image
නබිතුමා මුල් වරට විවාහ වුයේ ඔහුට වඩා වයසින් වැඩි දෙවරක් වැන්දබු භාවයට පත්ව සිටි කදිජා තුමිය සමගයි. එම විවාහය සිදු වන විට නබි තුමාගේ වයස 25 ක් විය. මොවුන් අතර වයස් පරතරය කෙසේ වෙතත් එම විවාහය ඉතා සාර්ථක එකක් විය. නබිතුමාගේ පුත් ඉබ්‍රාහිම් හැර අනෙකුත් සැම දරුවෙක්ම ලැබුනේ කදිජා තුමියටය. නබිතුමාට වයස 53 වන විට කදිජා තුමිය මිය ගියාය. කදිජා තුමිය ජිවත්ව සිටින තාක් කල් නබිතුමා වෙනත් කිසිම විවාහයක් සිදු කර ගත්තේ නැත.  කදිජාතුමිය මිය ගිය වසරේදීම නබිතුමාට සෑම අතින්ම රැකවරණය ලබා දුන් ඔහුගේ සුළු පියා වන අබුතාලිබ් තුමා ද මිය ගියේය. එම සිදුවීම් දෙකම එකම වසරේදී සිදු වීම නිසා නබිතුමා විශාල ලෙස සිත් තැවුලට පත් විය. කදිජා තුමියගේ අඩුව පියවීම සඳහා නබිතුමා දෙවන වරට සව්දා රලි තුමිය සමග විවාහ විය. කෙසේ වෙතත් ඇයද වැන්දබු කාන්තාවක් ය. මෙම දෙවන විවාහයෙන් පසු නබිතුමා ඔහුගේ හිත මිත්‍ර අබුබක්කර් රලි තුමාගේ දියණිය වන ආයිෂා රලි තුමිය සමග විවාහ ගිවිස ගත්තේය. කෙසේ වෙතත් එම විවාහය අල්ලාහ්ගේ විශේෂ තේරීමකි.  ආයිෂා රලි තුමිය නබිතුමාව විවාහ කර ගැනීමට පෙර මුතීම්ගේ පුත් ජුබෙයිර්ව විවාහ කර ගැනීම  සඳහා කතා බස් කරගන ති

ජිහාද් යන්නෙහි තේරුම කුමක්ද? (What is the meaning of Jihad?)

Image
මුස්ලිම් නොවන බොහෝ අය ජිහාද් යන වචනය නිවැරදිව තේරුම් ගෙන නැත. එබැවින් එම වචනය ඇසු පමණින් ඔවුන් සිතන්නේ කඩුවක් රැගෙන ගොස් යුද්ධ කිරීම ජිහාද් බවයි. එහෙත් එය සම්පුර්ණයෙන්ම වැරදි වැටහීමකි. ජිහාද් යන්නෙහි පරිසමාප්ත අර්ථයෙන්ම ගත් කල එය ශුද්ධ යුද්ධයක් යැයි අර්ථ දැක්වීමට වඩා දහම නිවැරදිව පිළිපැදීම සඳහා කරනු ලබන දැඩි උත්සාහයක් ලෙස අර්ථ දැක්විය හැකිය. නැතහොත් ඒ සඳහා කරනු ලබන අරගලය වේ. මේ නිසා යම් කෙනෙක් ඔහුගේ පහත් ආශාවන්ට එරෙහිව කරන සටන් ජිහාද් ලෙස සලකනු ලැබේ. තවද සත්‍යය කියා දීම සඳහා වාද විවාද කිරීමද ජිහාද් වේ. සතුරන්ට එරෙහිව කරන යුද්ධයටත් ජිහාද් යැයි කියනු ලැබේ.  ජිහාදය සහ ත්‍රස්තවාදය අතර කිසිම සම්බන්දයක් නැත. ඒ දෙක අතර අහසට පොළව මෙන් විශාල වෙනසක් තිබේ. එම නිසා ඉස්ලාම් දහමින් කිසිසේත්ම ත්‍රස්තවාදය අනුමත කරන්නේ නැත. ඉස්ලාම් දහම අනුව හේතුවක් නොමැතිව එක් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ලෝවැසියන් සියලුම දෙනා ඝාතනය කළාට සමාන බව කුරානය පවසන්නේය. එසේ තිබියදී ත්‍රස්තවාදීන් කරන්නේ අහිසක මිනිසුන් ඝාතනය කිරීමයි. එබැවින් එවැනි දෙයක් ඉස්ලාම් දහමට කිසිසේත්ම සම්බන්ද කල නොහැකිය.   තවද ත්‍රස්තවාදීන් බිහිවන්නේ නබ

ඉස්ලාම් මිත්‍යාව මත පදනම් වූ ආගමක් ද? (Is Islam a Mythical religion?)

Image
ඉස්ලාම් යනු කිතුනු සහ යුදෙව් ආගම් මෙන්ම අල්ලාහ්ගෙන් පහළ වූ ආගමකි. එහෙත් බොහෝ අය ඉස්ලාම් ආගම ගැන නිවැරදි තතු දන්නේ නැත. ඒ අනුව ඇතැමුන් සිතන්නේ එය මිත්‍යා විශ්වාසය මත පදනම් වූ ආගමක් ලෙසයි. එහෙත් එහි කිසිම සත්‍යතාවයක් නැත.  ඉස්ලාම් දහම මිත්‍යාව මත ගොඩ නගා ඇත්නම් එය නොපැහැදිලි සහ වැරදි අර්ථ දැක්වීම් මෙන්ම අධ්‍යාත්මික විශ්වාසයන් මත ගොඩ නගා තිබිය යුතුය. විශේෂයන්ම ගුප්ත විද්‍යාව පිළිබඳ විශ්වාසයන් එහි තිබිය යුතුය. ඇයිද යත් මිත්‍යා දෘෂ්ටිකත්වය යනු සිතුවිලි සහ භාවනාව තුළින් දෙවියන් හෝ ආත්මයන් සමඟ සම්බන්ධයක් ලබා ගත හැකි යැයි කියැවෙන අධ්‍යාත්මික විශ්වාසයක් නිසාය. මේ සඳහා උදාහරණයක් නම් වාඩි ගෙන සිතීම තුළින් දෙවියන් සමඟ සෘජු සම්බන්ධයක් ඇති කර ගත හැකි බව විශ්වාස කිරීමයි. එහෙත් ඉසලාම් දහම තුල එවැනි කිසිවක් නැත.  ඉස්ලාම් දහම දෙවියන්ගෙන් පහළ වූ දේව පණිවිඩයක් මත පිහිටා තිබේ. එය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි කුරානය තුලම අන්තර්ගත කොට තිබේ. එසේම දෙවියන් පිලිබඳ අර්ථ දැක්වීම ඉතා මැනවින් කුරානය තුල දැකිය හැකිය. මේ නිසා ඉස්ලාම් දහමෙහි රූප වන්දනාවක් හෝ යක්ෂ ප්‍රේත වන්දනාවක් හෝ ග්‍රහ වස්තුන

10 Scientifically Impossible Places That Actually Exist

Image