ඉස්ලාමිය පවුල් ජීවිතය (Islamic Family life)
වෙන කිසිම දහමකට වඩා වැඩියෙන් පවුල් ජීවිතය ගැන අල්-කුරානයෙන් සහ හදිස්වලින් පෙන්වා දී තිබේ. තවද එය නබිතුමාගේ ජිවිතාදර්ශය තුලින්ද පිළිබිඹු වන්නේය. එක් හදිසයකට අනුව මිනිසෙකු මිය යන විට ඉතිරිකොට යාමට ඇති හොඳම දේවල් තුනකි. ඒවා කවරේද යත් ඔහු වෙනුවෙන් ආයාචනා කරන යහපත් දරුවන්, සෑමදාම කුලිය ලැබෙන පරිදි ඉතිරිකර ඇති පරිත්‍යාග, මිනිසුන්ට ප්‍රයෝජනවත් වන දැනුම වේ (ඉබ්නු හිබ්බාන්). මේවා කෙනෙකුගේ මරණයෙන් පසුත් කුසල් ලැබෙන ආයෝජනයන් ය. නබි තුමා පවසා ඇති පරිදි මුස්ලිම්වරයෙකුගේ ස්වර්ගය තිබෙන්නේ මවකගේ දෙපාමුලය. තවද පියාගේ සතුට අල්ලාහ්ගේ සතුටට හේතුවකි. අල් කුරානය මෙසේ සඳහන් කරයි: “මිනිසා තම දෙමව්පියන්ට කෘතඥ වන මෙන් සහ කරුණාව දක්වන මෙන් අපි ඔහුට නියම කරන්නෙමු. ඔහුගේ මව ඉතාමත් අමාරුවෙන් (ගර්භයෙහි) ඔහුව උසුලාගෙන හිද, ඉතාමත් අමාරුවෙන්ම ඔහුව ප්‍රසුත කරන්නීය. ඇය ගැබ් ගෙන සිටීමත් (ප්‍රසුත කල දරුවාට) කිරිවලින් පෝෂණය කිරීමත් මාස තිහකි. මොහු තරුණ වියට පත් වී අවුරුදු හතලිහ අත්කර ගත්පසු, “මගේ දෙවියනි! ඔබ මා කෙරෙහිද, මාගේ දෙමව්පියන් කෙරෙහිද, පහල කරන ලද දයාව සදහා මා කෘතඥ වී ඔබගේ තෘප්තිය් අත් කර ගත