Posts

Showing posts from October, 2015

Pre Destination or Fate (Qadar) and our free will by Zakir naik

Image

Ahmed Deedat, predestination in Islam

Image

කාළයේ වටිනාකම (The importance of time)

Image
දෙවියන්ගේ නිර්මාණ අතරින් කාලයද මිල කළ නොහැකි සම්පතකි. සෑම මිනිසෙකුටම මෙම වටිනා කාලයෙන් කොටසක් ලැබී ඇත. එසේ නියම කොට ඇති මෙම වටිනා කාලය අවසාන වූ වහාම මරණයට පත් වනූ ඇත. කිසිවෙකුට මහළුවූ පසු කාලය ආපස්සට හරවා නැවතත් තරුණයෙකු වීමට නොහැකිය. මෙම වැදගත් කරුණ හොඳින් තේරුම් ගත් කිසිවෙකු කාලය අපතේ නොහරිනු ඇත. එහෙත් ඇතැම් උදවිය ජිවිතයේ අරමුණ නිසි අයුරින් තේරුම් නොගැනීම නිසා මෙම වටිනා කාලය අපතේ හරිති. අල්-කුරානයේ එක් සුරාවකින් පවසා ඇත්තේ සෑම මිනිසෙකුම ජිවිතයේ පාඩු ලබන බවයි. එහෙත් මින් එක් පිරිසක් ඊට අයත් නොවන බවත් පවසා ඇත. "කාලය කෙරෙහි දිවුරා පවසමි! නියතව මිනිසා පාඩුවෙහිම සිටියි. (නමුත්) කවරහු විශ්වාස කර, යහකම් කර, සත්‍ය මගින් එකිනෙකාට උපදෙස් කර, තවද ඉවසීම මගින් උපදෙස් සිටියෝද ඔවුන් හැරය" (කුරානය 103: 1-3). මෙහි ඇති විශේෂය වන්නේ දෙවියන් කාලය කෙරෙහි දිව්රා තිබීමය. එයද 'අසර්' වෙලාව හෙවත් මිනිසාට කාර්ය බහුල සන්ද්‍යා කාලය වීම විශේෂයකි. එම අවස්ථාව බොහෝ දෙනෙකු ව්‍යාපාර කටයුතුවල නියැලෙන අවස්ථාවකි. එම දිව්රීමෙන් පසු මුලින්ම පවසා ඇත්තේ දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීම කෙරෙහිය. සැබැවි

ඔබ නැමැදිය යුත්තේ කාටද? (To whom you should worship?)

Image
ඕනෑම දෙයකට හෝ කෙනෙකුට නැමදුම් ලැබීමට නොහැකි බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. එහෙත් දේවත්වයෙන් නැමදීම සඳහා තිබිය යුතු සුදුසුකම් කුමක්දැයි දැනගැනීම මිනිසාට පැවරෙන ප්‍රධාන වගකීමකි. එම අවශ්‍යතාව ඉටු නොකර තමන්ට සිතෙන ඕනෑම දෙයකට නැමදීමෙන් ප්‍රයෝජනයක් අත්විය නොහැකි බව තේරුම් ගැනීමට මිනිස් බුද්ධිය හොඳටම ප්‍රමාණවත්ය. එබැවින් පරම්පරාවෙන් උරුම වූ දහමක් නිසි අයුරින් අධ්‍යයනය නොකර පිළිපැදීම බුද්ධි ගෝචර ක්‍රියාවක් වන්නේ නැත. ඒ අනුව කෙනෙකුගේ දෙමව්පියන් මුස්ලිම්වරයෙකු වීම නිසා හෝ හින්දු බක්තිකයෙකු වීම නිසා හෝ කිතුනුවෙකු වීම නිසා හෝ යුදෙව්වෙකු වීම නිසා හෝ බෞද්ධයෙකු වීම නිසා හෝ එම දහම පිළිපැදීම සුදුසු නොවේ. කව්රුන් හෝ එසේ කරන්නේ නම් ඔහු කරනු ලබන ඇදහිලි හුදෙක්ම නාම මාත්‍රික එකක් වනු ඇත. නැමදීමට සුදුසුකම් තිබෙන තැනැත්තා (දෙවියන්) පිළිබද දැනගැනීමට නම් ගවේෂණයක යෙදිය යුතුය. අවම වශයෙන් දෙවියන් පහත දැක්වෙන කෙනෙක් විය නොහැකි බව තේරුම් ගත යුතුය. මරණයට පත් විය හැකි කෙනෙක්, උපතක් තිබෙන කෙනෙක්, අනුන්ගේ උදව් උපකාර අවශ්‍ය කෙනෙක් විය නොහැකිය. මේ හැර දෙවියන් සතු තව බොහෝ ලක්ෂණ දහම් පොත් හැදෑරීමෙන් අධ්‍යයනය කල