Posts

Showing posts from March, 2021

සැබෑ ආගමක ලක්ෂණ මොනවාද? (What are the characteristics of a true religion?)

Image
මෙම ලිපියෙන් ආගම යන්නෙන් අදහස් කරනු ලබන්නේ දෙවියන්ගෙන් පහළ කරන ලද පණිවිඩයකට ය.  ඒ අනුව යුදෙව් කිතුනු සහ ඉස්ලාම් එම ගණයට අයත් වේ. කෙසේ වෙතත් ඕනෑම ආගමක් එය දේශනා කරන ලද සාස්තෘවරුන්ගේ අභාවයෙන් පසු වෙනස් කම් වලට භාජනය විය හැකිය. එසේ  නැතහොත් ඒවායේ කොටස් අතුරුදහන් විය හැකිය. ඇතැම් විට එය පහළ වූ භාෂාවෙන් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීම නිසා වෙනස් කම් ඇති විය හැකිය. මේ නිසා ආගමක මුල් ස්වරූපය වෙනස් වී තිබේ දැයි පරික්ෂා කිරීම සඳහා යම් නිර්ණායකයක් අවශ්‍ය වේ.  මේ නිසා දහමක් නිවැරදි වීමට නම් පහත දැක්වෙන කරුණු සම්පුර්ණ විය යුතුය.  දහම පහළ වූ මුල් භාෂාවෙන්ම තිබිය යුතුය. එසේ නොවුවහොත් දහම තුල මිනිසුන්ගේ අදහස් ඇතුලත් විය හැකිය.  නිවැරදි දහමක් කිසිම වෙනසකට භාජනය නොවී මුල් ස්වරුපයෙන්ම තිබිය යුතුය. දහමක් තුල මිනිසුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව කොටස් එකතු කිරීමක් හෝ කොටස් අඩු කිරීමක් සිදු නොවිය යුතුය  නිවැරදි දහමක පරස්පරතාවයන් නොතිබිය යුතුය. පරස්පරතාවයන් ඇති වන්නේ නම් එය දෙවියන්ගෙන් පහළ වී තිබිය නොහැකිය.  නිවැරදි දහමක ඇති නීති යල් පැනගිය ඒවා නොවිය යුතුය. යම් විදියකින් එහි ඇති නීති රීති හෝ එහි ඇති වෙනත් කර

"නිවැරදි දහමක නිර්ණායකයන්" සහ "පිවිතුරු ඉස්ලාම් දහම"

Image
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් ද ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් පුස්තකාල පොතක් වශයෙන්ද ද නිර්දේශ කොට ඇත. කාලීන මාතෘකා රැසක් මෙම ග්‍රන්ථ දෙක මගින් ආවරණය කරන්නේය. එබැවින් එම ග්‍රන්ථ දෙක මුස්ලිම් මෙන්ම මුස්ලිම් නොවන උදවියට ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.  කතෘ: එම. එෆ්. අජ්වාඩ් (ශ්‍රී ජයවර්ධනපුර සහ රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු භෞතිකවිද්‍යා කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා විද්‍යාත්මක සහ කාර්මික පර්යේෂණායතනයේ හිටපු පර්යේෂණ නිලධාරී) මෙම ග්‍රන්ථයන් ලබාගත හැකි ස්ථානය: ඉස්ලාමික් බුක් හවුස්, 77 දෙමටගොඩ පාර, මරදාන. ටෙලිපොන්. 011 2684851 සහ 011 2669197 හෝ 077-0111290, 071-2131968 යන අංකවලට අමතා තැපෑලෙන් ද ලබා ගත හැකිය. තැපැල් ගාස්තු අයකරනු ලැබේ. මිලගනන්: නිවැරදි දහමක නිර්ණායකයන් රු. 590.00 (පිටු 358) සහ පිවිතුරු ඉස්ලාම් දහම රු. 675.00 (පිටු 394).

මිනිසාගේ ආරම්භය හා අවසානය (The beginning and end of man)

Image
මෙම ලිපියෙන් කරුණු පැහැදිලි කොට ඇත්තේ දෙවියන් පහළ කරන ලද ආගම් පුස්ත්කවල දැක්වෙන ආකාරයට මිනිසාගේ ආරම්භය සහ අවසානය සිදු වන අකාරය පිළිබඳව වේ. මිනිසාගේ ආරම්භය සිදුවන්නේ ආදම් තුමාගෙනි. ඔහුගේ ඉල ඇටයකින් ඔහුගේ සහකාරියව මවා ඇත. එම දෙදෙනාගෙන් මිනිස් පරපුර පවතින්නේය. ආදම් තුමාගේ මුල් වාසස්ථානය ස්වර්ගය වේ. එහෙත් ඔවුන් කල වරදක් හේතු කොට ගෙන මනු ලොවට යවා ඇත. මිනිසාට ලෞකික ජීවිතය පරීක්ෂාවකි. ඉන් සමත්වන සියලු දෙනාම නැවතත් ස්වර්ගයට වරම් ලබනු ඇත. ඉන් අසමත් වන සියලු දෙනාවම නිරයට යවනු ඇත. මවක් ගැබ්ගෙන මාස හතරකදී දේවදුතයෙකු ආත්මීය ලොවින් රැගෙන එන ආත්මයක් මවගේ කුස තුලට ඇතුලත් කරන්නේය. එසේම කෙනෙකුගේ ජිවිත කාලය අවසානයට පැමිණි විට තවත් දේවදුතයෙකු පැමිණ ඔහුගේ ආත්මය ශරීරයෙන් ලබා ගෙන දෙවියන් වෙත ගෙන යනු ලබන්නේය. ඉන් පසු එම ආත්මය සඳහා සොහොන් ජිවිතය ආරම්භ වේ. එහෙහ් එය කොයි අකාරයේ එකක් දැයි කිසිවෙකුට මෙලොවදී දැක ගැනීමට ලැබෙන්නේ නැත. විනිශ්චය දිනයේදී මිනිසුන්ගෙන් ප්‍රශ්න කිරීමට පෙර සොහොනේදී මිය ගිය එක් එක් අයගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය. ඒ අනුව කෙනෙකුව භූමිදානය කල පසු ඒ සඳහා නියම කොට ඇති දේවදුතයින් දෙදෙනෙකු පැමි

අල් -කුර්ආනය ලෞකික ජීවිතය විස්තර කරන්නේ කෙසේද? (How does the Quran describe worldly life?)

Image
ලෞකික ජීවිතය ගැන අල් කුරානයේ එක් තැනක මෙසේ විස්තර කොට ඇත. "සෑම ආත්මයක්ම මරණය අත් විඳිය යුතුමය! නුඹලාට අයත් කුලිය එලොවදී පූර්ණව දෙනු ලබන්නේය. කවරෙක් නිරයෙන් ඈත් කරනු ලැබ ස්වර්ගයට ඇතුලත් කරනු ලබයිද ජයග්‍රාහකයා ඔහුය. මෙලෝ ජීවිතය රවටන සැපතක් මිස වෙන කිසිවක් නොවේ" (කුරානය 3:185). ඒ අනුව මෙලෝ ජීවිතය මායාවක් වේ. සත්‍ය ජීවිතය මරණයෙන් පසුව ඇති ජීවිතය වේ. ඇතැම් අය මරණයක් ඇති බව සිතන්නේ නැත. එම නිසා ඔවුන් ජීවිතය සදාකාලික යැයි සිතමින් ලෞකික දේවල් පසු පස හඹා යන්නෝය. එහෙත් සත්‍යය කුමක්ද යත් යම් දිනක ඔවුන් රැස්කළ සියලුම වස්තුව ඉතිරිකොට හිස් අතින් මරණය වැළඳ ගැනීම යි. එබැවින් මෙලෝ ජීවිතය ගැන කුරානයේ මෙසේ විස්තර කොට ඇත. "මෙලෝ ජීවිතය නිෂ්පල දෙයක්ද විනෝදයක්ද හැර වෙන නැත.  ඔවුන් දැන ගන්නේ නම් නියත වශයෙන්ම එලෝ නිවසම ස්ථිර ජීවිතය වේ" (කුරානය 29:64).  කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් වේ.  "මෙලෝ ජීවිතය සෙල්ලමක්ද, විනෝදයක්ද මිස වෙන දෙයක් නොවේ. එහෙහ් එලෝ නිවස (අල්ලාහ්ට) බිය වී ක්‍රියා කරන්නන්ට වඩාත් හොඳ වේ. නුඹලා (එය) අවබෝද කර නොගන්නේහුද?" (කුරානය 6:32).  බොහෝ අය මෙලොව ජිවිතයට රැවටී ව

ඉස්ලාමය මත්ද්‍රව්‍ය තහනම් කරන්නේ ඇයි? (Why does Islam ban drugs?)

Image
සෑම දෙයක්ම නීති පැනවිමෙන්ම කල නොහැකි බව කියා පෑමට ඉස්ලාම් දහම හොඳ උදාහරණයකි. ඉස්ලාම් දහම පහළ වන යුගයේ ජිවත් වූ ජනතාව මත්පැන් වලට අධික ලෙස ඇබ්බැහි වී සිටියෝය. එහෙත් එම තත්වය වෙනස් කරනු ලැබුවේ කුරානයේ පහළ වූ වැකි දෙක තුනකින් පමණි. කෙසේ වෙතත් මත්පැන් පානය කිරීම සම්බන්දයෙන් අල් කුරානය තුල දඬුවම් නියම කොට නැත. එසේ තිබියදීත් මුස්ලිම්වරුන්ගෙන් ඉතා සුළු පිරිසක් හැරුණු විට අති බහුතරය මත්පැන් වලින් සහ මත්කුඩු වලින් වැලකී සිටීම දැකිය හැකිය. මීට ප්‍රධාන හේතුව කුරානයෙන් පෙන්වා දී ඇති නිසි මග පෙන්වීම වේ. කෙසේ වෙතත් ජන මාධ්‍යවලින් කරන්නේ ෂරියා නීතිය ගැන වැරදි චිත්‍රයක් මවා පෑමට උත්සාහ කිරීමයි. ඒ අනුව ඔවුන් කරන්නේ නොමග ගිය යම් මුස්ලිම්වරුන් ඇතොත් ඔවුන්ගේ වැරදි ජන මාධ්‍ය වලින් ප්‍රචාරය කරමින් ඒවා ඉස්ලාම් දහම ලෙස පෙන්වීමට උත්සාහ කිරීමයි.  ෂරියා නිතිය අනුව මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ඒවා ප්‍රවාහනය කිරීම මෙන්ම වෙළඳාම තහනම් වේ. එබැවින් ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීම ෂරියා නීතියෙන් අනුමත කරන්නේ නැත. බොහෝ ඉස්ලාමීය විද්වතුන්ගේ මතය අනුව දුම් වැටිද ඊට ඇතුලත් වේ. එසේ තිබියදීත් මුස්ලිම්වරයෙක් එම වැරදි කරන්නේ නම් එය

විශ්වය ආරම්භ වූයේ කෙසේද? (How did the universe begin?)

Image
සෑම පර්යේෂනයක්ම සිදු කරන්නේ පවතින දේවල් සඳහා ය. එබැවින් ඒවා කෙසේ ඇතිවූයේද යන්න ගැන කිසිවෙකු විසින් සොයා බලන්නේ නැත.  එහෙත් දැනුමේ ඉතා වැදගත් හරය එයයි. එබැවින් සෑම ප්‍රධාන ආගමකින්ම මැවීම ගැන සඳහන් කොට ඇත. ඒ අනුව සෑම දෙයක්ම දෙවියන්ගේ මැවීම් බවත් ඒවා ක්‍රියා කරන්නේ දෙවියන් පනවා ඇති නීති රාමු තුල බවත් කියැවේ. කෙසේ වෙතත් මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණක් වන්නේ සෑම දෙයක්ම දෙවියන්ගේ මැවීම් වුවත් දෙවියන් කිසිවෙකුගේ මැවීමක් නොවන බවයි. අර්ථ දැක්වීමෙන්ම දෙවියන් කිසිවෙකුගේ මැවීමක් නොවේ. මේ නිසා දෙවියන්ගේ ආරම්භය ගැන ප්‍රශ්න කිරීම අර්ථ විරහිත ක්‍රියාවකි.  විශ්වය ගැන සැලකීමේදී එහි බිහිවීම සම්බන්දයෙන් නොයෙකුත් විශ්වාසයන් තිබී ඇත. ඒ අනුව විද්‍යාවේ දියුණුවට පෙර සිතුවේ විශ්වය සදාකල් පැවති එකක් බවයි. එහෙත් හබල්ගේ දුරේක්ෂය නිපදවීමෙන් පසු ලබා ගන්නා ලද දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු විශ්වයට ආරම්භයක් තිබිය යුතු බව නිගමනය කෙරින. එහෙත් එම ආරම්භය සිදු වුයේ කෙසේදැයි මෙතෙක් සම්පුර්ණයෙන්ම තේරුම් ගැනීමට හැකිවී නැත. ඒ අනුව විශ්වය බිහිවීමට මොහොතකට පෙර වූ අවස්ථාව, ස්වභාවික නීති ක්‍රියාත්මක නොවන අවස්ථාව සහ මන්දා

ඉස්ලාමයේ ත්‍රස්තවාදය තිබිය හැකිද? (Can there be terrorism in Islam?)

Image
ත්‍රස්තවාදය යනු මිනිසුන්ට හෝ පවතින රජයකට එරෙහිව සිදු කරනු ලබන්නාවූ නීති විරෝධී ප්‍රචණ්ඩත්වයකි. එහෙත් නබිතුමා පවසා ඇති අන්දමට පවතින රජයකට විරුද්ධව නැගී සිටීම වරදකි. "තම පාලකයා විසින් කරන ලද දෙයක් අනුමත නොකරන්නේ නම් ඔහු ඉවසීමෙන් එය දරා ගත යුතුය, ඇයිද යත් යම් කෙනෙක් තම පාලකයාගෙන් වියතක් තරම් දුරක් වෙන්වී සිටියදී මියගියේ නම් ඔහු ඉස්ලාමයට පෙර පැවති අවිචාරවත් යුගයට අයත් කෙනෙකු ලෙස මිය යනු ඇත" ( ඉබිද් ). අල් කුරානයෙන් ද මුස්ලිම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ එකමුතුව ජිවත් වන ලෙසට යි. මේ නිසා මුස්ලිම්වරුන් තම නායකයාට විරුද්ධව නැගී සිටීම වරදකි. අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව කිසිම ආත්මයක් ඝාතනය කල නොහැකිය. එවැනි දෙයක් කිරීම මුළු මහත් මිනිස් වර්ගයාවම ඝාතනය කලාට සමාන වේ. "කව්රුන් හෝ තවත් ආත්මයක් ඝාතනය කිරීමට දඬුවම් වශයෙන් හෝ නැතහොත් භුමියෙහි විශාල කලබලයක් වැළැක්වීමට හෝ මිස (අයුක්ති සහගතව කෙනෙක්ව) ඝාතනය කරන්නේද ඔහු මිනිසුන් සියල්ලෝම ඝාතනය කළාට සමාන වන්නේය. තවද එක් ආත්මයක් ජිවත් කරවීම මිනිසුන් සියල්ලෝම ජිවත් කරවීමට සමාන වන්නේය" (කුරානය 5:32). මෙවැනි වගන්තියක් කුරානයේ තිබ

ඉස්ලාමයේ නිකායික බෙදීම් තිබිය හැකිද? (Can there be sectarian divisions in Islam?)

Image
අල් කුරානයේ ඉගැනිව්ම් අනුව නිකායික බෙදීම් තහනම් වේ. එසේ තිබියදී දේශපාලනික හේතුන් මත ඉස්ලාම් දහම තුල නිකායික බෙදීම් ඇති වන්නේ නබිතුමාගේ අභාවයෙන් වසර ගණනාවකට පසුවය. දහම කොටස් වලට කැඩීමට එරෙහිව අල් කුරානයෙන් මෙසේ අවවාද කොට ඇත. "නියත වශයෙන්ම කව්රුන් හෝ තම දහම කොටස් වලට බෙදා නිකායන් ඇති කරයිද ඔවුන් විෂයෙහි ඔබගේ කිසිම සම්බන්දයක් නැත. ඔවුන්ගේ විෂය අල්ලාහ් වෙතම පැවරෙන්නේය. ඔවුන් කරමින් සිටි දේ පිළිබඳව ඔවුනට ඔහු (අල්ලාහ්) පසුව දැනුම් දෙනු ඇත" (කුරානය 6:159). නබිතුමා මෙම කුර්ආන් වැකිය පාරායනය කිරීමෙන් පසු පවසා ඇත්තේ: මොවුන් දහම තුල අලුතින් දේවල් ඇති කරන්නන් බවත් ඔවුන් තම ආශාවන් අනුගමනය කරන්නන් බවත් ඔවුන් හට සමාවක් නැති බවත් ය. (තව්සීර් අල් කුර්තුබි). කෙසේ වෙතත් මුස්ලිම්වරුන් කොටස් 73 කට බෙදෙන බව කලින්ම අනාවැකි පවසා තිබේ. ඉන් එක් කොටසක් හැර අන් සියලුම කොටස් නිරයට යන බවත් පවසා තිබේ. එම ස්වර්ගයට යන කොටස කව්රුන් දැයි නබි තුමාගෙන් විමසු විට ඔහු පවසා තිබෙන්නේ ඔහු සහ ඔහුගේ සහාබාවරුන් එදා සිටි අකාරය පිලි පදින අය බවයි (තිර්මිසි, ඉබ්නු මාජා, අබු දාවුද්). අල් කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් කොට ඇ