Posts

Showing posts from May, 2018

මුස්ලිම්වරයෙකුට වෙනත් ආගමිකයෙක් සමග විවාහය විය හැකිද? (Can a Muslim marry a different religious person?)

මුස්ලිම්වරයෙකු යනු දෙවියන්ගේ අණට සම්පුරණයෙන් යටත්වූ කෙනෙකි. එබැවින් ඔහු කරන සෑම ක්‍රියාවක්ම දෙවියන්ගේ නියෝග තුල තිබිය යුතුය. අල් කුරානයෙන් විශ්වාසවන්තයින්ට නියෝග කොට ඇත්තේ ඉස්ලාම් දහම තුලට සම්පුරන්යෙන් පිවිසෙන ලෙසය. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ සෑම ක්‍රියාවක්ම දහමට එකඟ විය යුතුය. ඒවා උල්ලංගනය කරන තැනැත්තා පුර්ණ මුස්ලිම්වරයෙකු වන්නේ නැත.  ඉහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගැනීමේදී මුස්ලිම්වරයෙකුට විවාහ විය හැක්කේ තවත් මුස්ලිම්වරයෙකු සමග හෝ දෙවියන්ට සමානයන් නොතබන කිතුනුවෙකු හෝ යුදෙව්වෙකු සමග පමණි. එසේ කිරීමෙන් දෙවියන්ට සමානයන් තැබීමේ ගැටළුව නිරාකරණය කළ හැකි වන්නේය. දෙවියන්ට සමානයන් තැබීමෙන් මුස්ලිම්වරයෙකු ඉස්ලාම් දහමින් බැහැර වන්නේය. "අද දවසෙහි නුඹලාට පිරිසිදු දෑ අනුමත කර ඇත. පුස්තකය දෙනු ලැබුවන්ගේ ආහාරය නුඹලාට අනුමත කර ඇත. තවද, නුඹලාගේ ආහාරයද ඔවුන්ට අනුමත කර ඇත. විශ්වාස කළ පතිවත රකින ස්ත්‍රීන්ද නුඹලාට පෙර පුස්තකය දෙනු ලැබූවන්ගෙන් වූ පතිවත රකින ස්ත්‍රීන්ද (නුඹලා) පතිවත ආරක්ෂා කරමින් ලිංගික අපචාරයෙහි නොයෙදෙමින්ද, අනියම් බිරියන් ලෙස නොතබාගැනිමෙන්ද ඔවුන්ට නියමිත මහරය (විවාහ දීමනාව) දෙම

මුස්ලිම් පල්ලියක් අනෙකුත් ආගමික ස්ථාන වලට වඩා වෙනස් වන්නේ ඇයි? (Why is a mosque different from other places of worship?)

Image
මුස්ලිම්වරුන්ගේ දේවස්ථානයට අරාබි බසින් මස්ජිදය යැයි කියනු ලැබේ.  මස්ජිදයක තිබෙන  විශේෂත්වය නම් එහි කිසිවෙකුගේ පිළිම හෝ දේව රූප හෝ නොමැති වීම ය. ඒ අනුව මස්ජිදය අල්ලාහ්ට පමණක් නැමදීම සඳහා වන ස්ථානයකි. මුස්ලිම්වුන් දෛනිකව  මස්ජිදය වෙත ගොස්  සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. මේ හැරුණු විට සිකුරාදා දිනයේදී නගරයේ වෙසෙන සියලුම දෙනා ප්‍රධාන ජුම්මා මස්ජිදය වෙත ගොස් ජුම්මා සලාතය සහ දේශනයට සවන් දෙනු ලැබේ.  මස්ජිදයෙදී  සියලුම දෙනාට එක සමාන තැනක් හිමිවේ. ඒ අනුව  මස්ජිදය තුල වර්ණ බේද හෝ කුල මල බේද හෝ නැත. ඕනෑම කෙනෙකුට තමන් කැමති තනක සිට ගත හැකිය. මේ හේතුවෙන් කෙනෙකුට ඉමාම් වරයාට ඉතා අසන්න ස්ථානයක් වුවද ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේය. ප්‍රබු වරයෙකු වුවද ප්‍රමාද වී සාමුහික සලාතය වෙත පැමිණියේ නම් ඔහු සිට ගත යුත්තේ අවසාන පෙලියේය. සලාතය මෙහෙය වීම සඳහා සුදුසුකම් ඇතොත් කම්කරුවෙකුටද වුවද එය සිදු කල හැකිය. එය ඉස්ලාම් දහමේ ඇති විශේෂත්වයකි.  මස්ජිදය තුල සිදු කරනු ලබන සාමුහික සලාතයේදී සියලුම දෙනා කරට කර සිට ගැනීම මුස්ලිම්වරුන්ගේ සමගිය සංකේතවත් කිරීමකි.  මුස්ලිම්වරුන්ට ප්‍රධාන දේවස්ථාන තුනක් තිබේ. ඉන් ප්‍රධාන තැනක

මැවුම්වාදය පිලිගනන්වාද? නැතහොත් භෞතිකවාදය පිළිගන්නවාද?(Would you accept creationism? Or do you accept materialism?)

Image
විශ්වය දෙවියන්ගේ මැවීමක් බව මැවුම්වාදීහු කියති. විශ්වය ඉබේ ඇතිවූ බව භෞතිකවාදීහු කියති. මේ දෙකෙන් කුමක් හරිදැයි අපි විමසා බලමු. විද්‍යාඥයින් දැනට සොයාගෙන ඇති පරිදි විශ්වයට ආරම්භයක් ඇත. එසේ නම් එය ආරම්හ වීමට ක්‍රමයක්ද තිබිය යුතුය. මේ සඳහා මැවුම්වාදීහු පවසන්නේ දෙවියන් එය මැවූ බවයි. භෞතිකවාදීන් පවසන්නේ එය ඉබේ ඇතිවූ බවයි. කෙසේ වෙතත් විශ්වය ගැන හැදැරීමේදී පෙනී යන්නේ එය යම්කිසි ඥානාන්විත දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. මැවුම් වාදීන් ඉදිරිපත් කරන වාදය සත්‍යය එකක් බව පෙන්වීම සඳහා නබිවරුන් විසින් ප්‍රාතිහාරයන් පා ඇත. එවැනි ප්‍රාතිහාරයන් නබිවරුන්ටම මිස වෙන කිසිවෙකුට කළ නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් පවසන දේ සත්‍යය බවයි. එම ප්‍රාතිහාරයන් පිටුපස දෙවියන්ගේ හස්තය ක්‍රියාත්මක වන්නේයැයි ඔවුන් පවසති. මේ අනුව ජේසු තුමාගේ ඉපදීමම ප්‍රාතිහාරයකි. ඔහු තොටිල්ලෙදි කතාකොට ඇත. මළවුන් නැගිටුවා ඇත. උපතින්ම අන්ද වූ අයට පෙනුම ලබා දී ඇත. එසේම ජේසු තුමාට පෙර පැමිණි නබිවරුන්ද ප්‍රාතිහාරයන් පා තිබේ. ජේසු තුමාට පසුව පැමිණි මුහම්මද් නබිතුමාද ප්‍රාතිහාරයන් පා ඇත. මුහම්මද් නබිතුමාට ලැබී ඇති අල් කුරානය අදටත්

Imam Al Ghazali Advice on Time Management - #SpiritualPsychologist

Image