Posts

Showing posts from 2020

භූමිදානය කිරීමෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන්නේද? (Does burying spread the corona virus?)

Image
  මෙය ඉතා සංවේදී මාතෘකාවක් වන බැවින් රජයේ සහ මේ පිලිබඳ පර්ශේෂණ කරන සියලු දෙනාගේ අවදානය ඒ කෙරෙහි යොමු වීම අත්‍යාවශ්‍ය කරුණකි. කෙසේ වෙතත් මෙම පර්යේෂණ අංශ දෙකක් කෙරෙහි යොමු විය යුතුය. එනම් රෝගියෙකුගේ සොටු සහ මල මුත්‍රා විනාශ නොකර භූමියට බැහැර කිරීම සහ මිය ගිය අයගේ දේහයන් භූමිදානය කිරීම සම්බන්දයෙනි. විශේෂයෙන්ම මේ සඳහා වසංගත රෝග පිලිබඳ පර්යේෂන සිදු කරන විශ්වවිද්‍යාල මහාචාර්ය වරුන්ගේ අවදානය යොමු විය යුතු වේ. ඒ අනුව නිරෝදාන මද්යස්ඨාන වලින් සහ මෙම රෝගීන්ට ප්‍රතිකාර කරන අරෝග්‍යශාලාවලින් පිටකරන අප ද්‍රව්‍ය ගැන ඔවුන්ගේ අවධානය යොමු විය යුතුය. එවැනි පර්යේෂණවල ප්‍රතිපල ලැබෙන තුරු මළමිනී භූමිදානය කිරීම වළක්වන්නේ නම් ඔවුන්ගේ සොටු සහ මළමුත්‍රා ද යම් කුටිරයක් තුලට රැස්කොට විනාශ කිරීමෙන් පසු ඒවා භූමියට මුදා හැරීමට වඩාත් සුදුසු ක්‍රියාවක් වන්නේය.  වසංගත රෝග මිට පෙරද ලෝකයේ නන්දෙසින් වාර්තා වී තිබේ. උදාහරණයක් වශයෙන් වසුරිය, ඉබෝලා වැනි රෝග පෙන්වා දිය හැකිය. එවැනි රෝග වලින් මිය ගිය අයගේ දේහයන් භූමිදානය කල අවස්ථා ඕනෑතරම් තිබේ. එබැවින් ඒවා භූමිදානය කල සොහොන් ආශ්‍රිත පස් සාම්පල සහ ජල මුලාශ්‍ර ගැන පර්යේෂණ සිදු ක

ගව ඝාතනයට පමණක් විරුද්ධ වන්නේ ඇයි? (Why only oppose the slaughter of cattle?)

Image
විශේෂයෙන්ම ඉන්දියාවේ සහ ලංකාවේ ගව ඝාතනයට විශාල විරෝධයක් එල්ල වන්නේය. ඊට හේතු දෙකක් දැකිය හැකිය. ඉන් එක් හේතුවක් වන්නේ ඇතැම් අය ගවයාව පුජනීය සත්වයෙක් ලෙස සැලකීමය. අනෙක් හේතුව වන්නේ සමහරු ප්‍රාණ ඝාතනයට එරෙහි වීමයි. එහෙත් ප්‍රාණ ඝාතනයට එරෙහි වන අය අනෙක් සතුන් වෙනුවෙන් පෙනී නොසිටීම ප්‍රශ්න සහගතය.  අල් කුරානයේ සඳහන් වන අන්දමට මුසා නබිතුමා දින හතළිහක් තුරුසිනා කඳු පාමුලට ගොස් සිටින කාලය තුලදී ඔහුගේ අනුගාමිකයින් සාමිරි යන තැනැත්තාගේ ඉගැන්වීම පිළිගෙන රනින් කරන ලද ගවයෙකුගේ පිළිරුවක් සාදා ඊට වැඳුම් පිදුම් සිදු කොට ඇත. මුසා නබිතුමා ඔහුගේ ගමන නිමවා ආපසු පැමිණීමෙන් පසු මෙම සිදුවීම දැක මහත් සේ කෝපයට පත් වූ අතර ඔහුගේ සහෝදරයා තම ජනතාව කරමින් සිටි වරද නොවැළැක්වීම හේතුවෙන් ඔහුට තදින්ම තරවටු කර තිබේ. පසුව ඔවුන් තමන් කල වරද වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද තිබේ. මෙම සිදුවීම ගවයාට නැමදුම් කල මුල්ම අවස්තාව වේ.  හින්දුන් අතරද ගවයා පුජනියත්වයෙන් සලකනු ලබන්නෝය. එම නිසා ඔවුන් ගව ඝාතනයට විරුද්ධ වෙති. එහෙත් ඔවුන් ගව ඝාතනයට විරුද්ධ වූ පමණින් අනෙක් අයට එසේ කිරීමට බල කිරීම වරදක් වන්නේය. මුසා නබිතුමාගේ අනුගාමිකයින් ගවය

මුස්ලිම්වරුන්ට වෙනම බැංකුවක් අවශ්‍ය වන්නේ ඇයි? ( Why do Muslims need a separate bank?)

Image
මුස්ලිම්වරුන් හට අල්-කුරානය මගින් පොළිය තහනම් කොට තිබේ. එම නිසා පොලිය සම්බන්ද සියළුම දේවල් ඔවුන්ට තහනම් වන්නේය. ඒ අනුව පොලිය ගැනීම හෝ පොලියට දීම හෝ පොලිය වෙනුවෙන් සාක්ෂි කරුවෙකු වීම හෝ පොලිය සම්බන්ද ගනුදෙනු සටහන් කිරීම තහනම් වේ. මේ නිසා  සාම්ප්‍රදායික බැංකුවල සිදු කරනු ලබන පොලිය හා සම්බන්ද ගනුදෙනු වලින් මුස්ලිම්වරුන් සම්පුර්ණයෙන්ම වැළකී සිටිය යුතුය. පොලියෙන් ඉවත්වී සිටීම සඳහා මුස්ලිම්වරුන්ට ඇති එක් විකල්පයක් වන්නේ පොලිය රහිත බැංකුවක් සොයා ගැනීම යි. නැතහොත් එම පහසුකම් ලබා දෙන සම්ප්‍රධායික බැංකුවක් සමග ගනු දෙනු සිදු කිරීම වේ.  පොලිය තහනම් කොට ඇති  කුර්ආන්   වැකිය මෙසේය .  " පොලිය අනුභව කරන්නෝ සානත් විසින් ස්පර්ශ කරනු ලැබූ උමතුවෙකු මෙන් මිස ( මරණයෙන් පසු එලොවේදී ) නොනැගිටින්නෝය . වෙළඳාම පොලියට සමකිරිම මෙයට හේතුවයි . එහෙත් අල්ලාහ් පොලිය තහනම් කොට වෙළඳාම අනුමත කළේය . කවරෙකු තම සමිඳුන්ගෙන් උපදෙස් ලැබුණු පසු පොලිය හැර දමයිද ඔහු කලින් ගත් දෙයට දඬුවම් කරනු නොලැබේ . ඔහුගේ කාර්යය අල්ලාහ් වෙතම ඇත . කව්රුන් ( පොලිය දෙසට ) හැරෙන්නෝද   ඔවුහු නිරා

ඉස්ලාම් දහමින් දුම්පානය සහ මත් කුඩු තහනම් කරන්නේ ඇයි? (Why does Islam prohibit smoking and drugs?)

Image
අල් කුරානයෙන් සහ නබි වදන් වලින් මිනිසාට අහිතකර සියලුම දේවල් තහනම් කොට ඇත. ඒ අනුව දුම්වැටි සහ මත්කුඩු සම්පාදනය කිරීම වෙළඳාම කිරීම සහ භාවිතා කිරීම සපුරා තහනම් වේ. කෙසේ වෙතත් මෙවැනි දේවල් නිෂ්පාදනය සිදු කෙරුනේ කුරානය පහළ වීමෙන් බොහෝ කළකට පසුවය. මේ නිසා කුරානය තුල හෝ නබි වදන්වල ඍජුවම  ඒවා පිලිබඳ තහනම් නියෝග දැකිය නොහැකිය. කෙසේ වෙතත් ඉස්ලාමිය විද්වතුන්ගේ ඒකමතික තීරණය වන්නේ දුම් වැටි සහ මත්කුඩු සපුරා තහනම් බවයි. ඒ අනුව වර්ෂ 2000 දී ඊජිප්තුවේ ප්‍රධාන මුෆ්ති වරයෙකු වන ආචාර්‍ය නස්ර් ෆරීඩ් වසීර් කියා සිටින්නේ දුම්පානය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බැවින් එය තහනම් බවයි. තවද, සුන්නි ලෝකයේ ඉස්ලාමීය ඉගෙනීමේ කේන්ද්‍රය (center of Islamic learning in the Sunni world) 2000 වර්ෂයේදී ඊට සමාන තීන්දුවක් ලබා දෙමින් මෙම කුර්ආන් වැකිය ගෙන හැර දක්වා ඇත: "අල්ලාහ්ගේ මගෙහි වියදම්ස කරන්න. නුඹලාගේ අත් විනාශය කරා ගෙන නොයන්න" (කුරානය 2:195). තවද, කයිරෝවේ අල්-අසාර් විශ්ව විද්‍යාලය වැනි කැපී පෙනෙන බලධාරීන් ඇතුළුව තවත් බොහෝ විද්වතුන් දුම්පානය හරාම් බව සඳහන් කරති.  අල්-කුරානයේ මෙවැනි වගන්තියක්ද දැකිය හැකිය: &q

Keeping peers with Allah

Image
Allah is One. He does not need anyone's help. This is one of the main teachings of Islam. Therefore, it is a grave sin to set up equals with Allah or to gather others in worship which should be done only for His sake. Therefore, Luqman Alaihi Salam warned his son as follows: "O my son! Join not in worship others with Allah. Indeed, joining others in worship with Allah is a grave sin" (Qur'an 31:13). Many people today worship Allah and celebrate the graves of the dead and seek their help. They need to understand that this is a sin that Allah does not forgive. To that kind of worship there is no evidence in the Qur'an or in the hadiths of the Prophet. However many misguided people make this mistake for a variety of reasons. As a result, they nullify their deeds done in that way, and also they will incur the wrath of Allah. "Surely Allah does not forgive that anything should be made equal to Him, but He forgives whomever He wills, and whoever sets up partne

The concept of God in Islam and various other religions

Image
Although the word God is a common term in all religions, its meaning varies greatly. So it is important to explore that. Many religions, other than Islam, do not have a unique definition of God. Therefore, by translating the word Allah as God, non-Muslims understand it according to the wording of their religion. As a result, they do not get the correct meaning of it. Therefore, they rarely get to understand the basic concept of Islam. There is more than one God in every religion except Islam. Therefore, translating the word Allah as God makes it difficult for a non-Muslim to understand its true meaning. A Muslim means God is only one Almighty God. That is about Allah. According to Islam, Allah has no gender. And there is no multiple division. Allah has no birth. Accordingly, there are no parents. He has no beginning or end. But in other religions this concept of God is completely lost. Therefore, when the word Allah is translated into other languages, that reality disappears. Allah

වහාබ්වාදය යනු කුමක්ද? (What is Wahabism?)

Image
වහාබ් වාදයේ නිර්මාතෘ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් ය. ඔහු ක්‍රි.ව.1703 දී රියාද් නගරයට උතුරෙන් පිහිටි අයිනා යන ගමේ උපත ලබා තිබේ. එතුමා වයස 10 වන විට මුළු කුරානයම කටපාඩම් කල හාෆිස් වරයෙකු විය. හම්බලි මස්හබය හදාරන ලද එතුමා කුරානයේ විවරණයන්ද අකිදා සම්බන්දයෙන්ද හදාරා තිබේ. තවද එදා ඉස්ලාමිය ලෝකයේ විශාල ප්‍රසිද්ධියක් ලබාගෙන සිටි ඉබ්නු තයිමියා සහ ඉබ්නු අල් කයියුම් වැනි විද්වතුන්ගේ පොත් ද හදාරා තිබේ. ඔහුගේ පියාද ආලිම් වරයෙකි.  කෙසේ වෙතත් මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් තුමාගේ කාලයේදී ඉස්ලාම් දහම හොඳටම පිරිහී ගොස් තිබුනේය. ඒ අනුව අල්ලාහ්ට සමානයන් තැබීම සහ දහමට අලුත් ඇදහිලි එකතු කිරීම සුලබව දක්නට තිබුනේය. මේ හේතුවෙන් ජනතාව අව්ලියා යැයි කියා ගන්නා අයගේ සොහොන් වලට ගොස් තම අවශ්‍යතා වෙනුවෙන් කන්නලව් කිරීම, ඔවුන් වෙනුවෙන් පඬුරු දැමීම, ඔවුන් වෙනුවෙන් සතුන් කැප කිරීම සිදු කොට තිබේ. එසේ තිබියදී ඉස්ලාම් දහමින් අනිවාර්‍ය කොට ඇති සලාතය ද හජ් වන්දනය ද ඉටු කිරීමෙහි උදාසීන වූහ. තවද කව්බාව තවාෆ් කිරීම වෙනුවට සාස්තෘවරුන්ගේ සොහොන් වටා තවාෆ් කිරීම උත්සවාකාරයෙන් සිදු කොට තිබේ. මේවා සියල්ලම ඉස්ලාම් දහමට පටහැනි ක්

මුස්ලිම්වරුන් පිළිබඳව ගොඩනැගී ඇති වැරදි මත (Misconceptions about Muslims)

Image
ඈත ඉතිහාසයේදී මුස්ලිම්වරුන් සහ සිංහල ජනතාව අතර ඉතා හොඳ විශ්වාසයක් ගොඩ නැගී තිබුනේය. ඒ අනුව සිංහල රජවරුන් ඉතිහාසයේදී මුස්ලිම්වරුන්ට තාන්න මාන්න සහ විශේෂ පදවි පිරිනමා තිබුනේය. බොහෝ විට පැරණි රජවරුන් විදේශ තානාපති සම්බන්දකම් පවත්වා තිබුනේ මුස්ලිම්වරුන් හරහාය. තවද සතුරු ආක්‍රමණ වලදී මුස්ලිම්වරුන් වෙනත් මුස්ලිම් රටවල් වලින් හමුදාව ගෙන්වා ලංකාව වෙනුවෙන් සටන් කල ඉතිහාසයක් ද තිබේ.  කෙසේ වෙතත් මෑත ඉතිහාසය ගත්කල ඇතැමුන්ගේ පටු පරමාර්ථයන් ඉටු කර ගැනීම සඳහා මුස්ලිම්වරුන් පිළිබද අනිසි බියක් ඇති කොට තිබේ. ඒ අනුව මුස්ලිම්වරුන්ව ආශ්‍රය කල අය හැර සෙසු අයට ඇත්තේ මුස්ලිම්වරුන් පිළිබඳව සැකයක් සහ භීතියක් පමණි. මෙය හොඳින් දැක ගත හැක්කේ මුස්ලිම්වරුන්ව ආශ්‍රය කොට නොමැති ග්‍රාමීය ජනතාව අතරය. කෙසේ වෙතත් නාගරික පාසල්වල ඉගෙන ගන්නා සිංහල ළමුන් මුස්ලිම් ළමුන්ව ආශ්‍රය කොට ඇති බැවින් ඔවුන් අතර ඉතා හොඳ බැඳීමක් දැක ගත හැකිය. නවීන ලෝකයේ මුදලට සහ බලයට විශේෂ තැනක් හිමිවී ඇත. එය රැක ගැනීමේ ප්‍රධාන උපාය ක්‍රමයක් ලෙස ලොව පුරා වෙසෙන ජාතීන් බෙදා වෙන් කොට ඒ මත බලය රැක ගැනීමේ වැඩපිළිවෙලක් දැන් දියත් වෙමින් තිබේ. මේ සඳහා ඉ

ඉස්ලාමයේ වර්ගවාදයට ඉඩක් තිබේද? (Is there room for racism in Islam?)

Image
අල්ලාහ් ඉදිරියේ සෑම මුස්ලිම්වරයෙකුම එක සමාන ය. එම නිසා සමේ වර්ණය අනුව හෝ ජාතිය අනුව හෝ මුස්ලිම්වරුන්ව වර්ග කරන්නේ නැත. මේ හේතුවෙන් ඉස්ලාමිය දේවස්ථානය තුල අල්ලාහ්ට නැමදීමේදී සියළු දෙනා  එකා මෙන් උරෙන් උර ගැටී සිට ගන්නෝය. තවද කලු සම ඇති අයට වෙනම පාසල් සහ සුදු සම ඇති අයට වෙනම පාසල් වශයෙන් වෙන්කිරීමක් ඉස්ලාම් දහම තුල නැත. මෙය ප්‍රයෝගික වශයෙන් මුස්ලිම්වරුන්ගේ ක්‍රියා කලාපයෙන් ද දැක ගත හැකිය. එපමණක් නොව මුස්ලිම්වරුන් එකම භාජනයේ අත දමා කෑම කෑමෙන් ඔවුන්ගේ සහෝදරත්වය තව දුරටත් සනිටුහන් කරන්නේය. නබිතුමා සහාබවරුන් වාඩිවී සිටින තැනකට පැමිණි විට ඔවුන් නබිතුමා වෙනුවෙන් නැගිට සිට ගෞරව කිරීම පවා එතුමා අනුමත කලේ නැත.  මිනිසුන්ගේ සහෝදරත්වය ගෙන හැර දක්වමින් කුරානය මෙසේ සඳහන් කරන්නේය. "මිනිසුනි! නියතවශයෙන්ම අපි නුඹලාව පිරිමියෙකුගෙන් සහ ගැහැනියෙකුගෙන් මවා, නුඹලා එකිනෙකාව හඳුනාගැනීම පිණිස නුඹලාව ජාතීන් ලෙසද, ගෝත්‍ර ලෙසද පත් කළෙමු. නුඹලා අතරින් වඩාත් බිය බැති කෙනා අල්ලාහ් හමුවෙහි වඩාත් ගෞරවයට පාත්‍ර කෙනාය"   (කුරානය 49:13). ඉස්ලාම් දහම තුල වර්ණ බේදය නොමැති බව කියා පෑමට හොඳම උදාහරණය කළු සමක් ඇ

මුස්ලිම්වරුන්ගේ අලුත් අවුරුදු සැමරුම් (New Year Celebrations of the Muslims)

Image
සෑම ජාතින්ටම ආගමික උත්සවයන් තිබේ. ඒ ආකාරයටම මුස්ලිම්වරුන්ටත් අලුත් අවුරුදු උත්සවයන් දෙකක් තිබේ. එම උත්සවයන් දෙක  ඊදුල් ෆිතර් සහ  ඊදුල් අල්හා ලෙස නම් කොට ඇත. ඊදුල් අල්හා උත්සවය හජ් වන්දනය අවසාන කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්ද ඊදුල් ෆිතර් උපවාස මාසය අවසාන කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්ද පවත්වනු ලැබේ. එම උත්සවයන් දෙකෙහි විශේෂත්වය වන්නේ ඒවා ආගමික ස්වරුපයක් ඉසිලීමයි. මේ නිසා ලොව ඇති අනෙක් ආගමික උත්සවයන්ට වඩා ඉස්ලාම් ආගමින් පෙන්වා දෙන උත්සවයන් දෙක බෙහෙවින් වෙනස් වන්නේය. ඉස්ලාමිය අවුරුදු උත්සව වලදී සැණකෙළි පවත්වනු ලබන්නේ නැත. ඒ වෙනුවට මුස්ලිම් බැතිමතුන් ආගමික වතාවන් වල නියැලෙන්නෝ ය.  ප්‍රධාන වශයෙන්ම එම දිනයන්හිදී මුස්ලිම්වරුන් තක්බීර් පැවසීමෙන් අල්ලාහ්ව සිහිපත් කරන්නෝය. එය සාමුහික වශයෙන්ද තනි තනිවමද සිදු කරනු ලබේ. එය පවසන අකාරය පහත දැක්වේ.  اَللهُ اَكْبَرُ– اَللهُ اَكْبَرُ– اَللهُ اَكْبَرُ لآاِلَهَ اِلاَّاللهٌ وَاللهُ اَكْبَرُاَللهُ اَكْبَرُاَللهُ اَكْبَرُ وَِللهِ الْحَمْدُ මෙම තක්බීර් පැවසීම අවුරුදු උදාවත් සමග ආරම්භ වන අතර ඊදුල් ෆිතර් සලාතයත් සමග එය අවසාන වන්නේය. එහෙත් ඊදුල් අල්හා උත්සවයේදී තක

ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූ බව පැවසීමේ සත්‍යයක් තිබේද? (Is there any truth to the claim that Islam spread by the sword?)

Image
ඉස්ලාම් විශ්වාසය මත පදනම් වූ දහමකි. තවද, විශ්වාසය සිත හා බැඳී පවතී. එම නිසා විශ්වාසය කඩුවෙන් බිය වද්දා ඇතුලත් කල නොහැකිය. ඇයිද යත් බිය වැද්දීම නිසා කෙනෙකුට බොරුවට ඉස්ලාම් දහම වැළඳ ගෙන පසුව එය අත්හැරිය හැකි නිසාය. කෙසේ වෙතත් ඇතැම් විවේචකයින් පදනම් විරහිතව පවසන්නේ ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වූ බවයි. එය සත්‍යයක් නම් අද ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය අඩාල විය යුතුය. එහෙත් අපට අදටත් දැක ගත හැක්කේ ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන දහම ඉස්ලාම් බවයි. ඉන් පැහැදිලි වන්නේ ඉස්ලාම් විරෝධීන්ගේ තර්කය පුස්සක් බවයි.  ඉසලාම් දහම තුල බල කිරීමක් නැත. ඒ බව කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත.  "මෙම ධර්මය (වැළඳ ගැනීමෙහිලා) කිසිඳු බල කිරීමක් නැත"  (කුරානය 2:256). එසේ තිබියදී කඩුවෙන් ඉස්ලාම් දහම ව්‍යාප්ත කල නොහැකිය. කුරානයේ මෙසේද සඳහන් වේ.  "පවසනු! සත්‍යය ඔබගේ පරමාධිපතිගෙන් ලැබෙන දෙයකි. එහෙත් කැමති කෙනෙකුට එය විශ්වාස කල හැකිය. කැමති කෙනෙකුට එය ප්‍රතික්ෂේප කළ හැකිය" (කුරානය 18:29).  අල්ලාහ්ට අවශ්‍ය නම් මෙලොව සිටින සියලුම දෙනා ඔහුගේ විශ්වාසවන්තයින් බවට පත්කළ හැකිය.  "ඔබගේ දෙවිඳුන් සිතා සිටියේ නම් පොළොවෙ

ඉස්ලාම් දහමෙහි බිද්අත් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (What is meant by bid'ah in Islam?)

Image
'බිද්අහ්' යන්නෙහි පාරිභාෂික අර්ථය අලුතින් නිර්මාණය කිරීම යන්නයි. එහෙත් ෂරියාව අනුව 'බිද්අහ්' යන්නෙන් අදහස් කරනු ලබන්නේ දහමින් පෙන්වා නොතිබෙන විශ්වාසයන් සහ ඇදහිලි අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා සිදු කිරම වේ. ඒ අනුව අල්-කුරානයෙන් හෝ නබිතුමාගේ හදිස්වලින් 'බිද්අහ්' සඳහා මුලාශ්‍රයන් සොයාගැනීමට නොහැකිය. නබිතුමාගේ අභාවයට කලින්ම ඉස්ලාම් දහම සම්පුර්ණ විය. එම කරුණ මෙම කුර්ආන් වැකියෙන් තහවුරු කර ගත හැකිය.  "අද දිනයේදී මා නුඹලාගේ දහම නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි"  (කුරානය 5;3). එසේ තිබියදී කිසිවෙකුට ඉස්ලාම් දහම තුලට අළුත් විශ්වාසයන් හෝ ඇදහිලි එකතු කිරීමට හෝ අඩු කිරීමට කිසිම අවසරයක් නැත. දහම තුල 'බිද්අහ්' ඇති කරන තැනැත්තා නොකියා කියන්නේ නබිතුමා ඔහුගේ දූත මෙහෙවර සම්පුර්ණ නොකළ බවයි. ඒ අනුව ඔවුන් නබිතුමාට නොහැකි වූ දේවල් ඔහුගේ අභාවයෙන් පසු සම්පුර්ණ කරන බව හඟවමින් දහම තුලට අළුත් ඇදහිලි එකතු කරති.  පොදුවේ ගත්කල 'බිද්අහ්' ක්‍රියාවන් වැරදි දේවල් බව දහම ගැන මනා දැනුමක් නොමැති කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත නොහැකිය. ඇයිද යත් සෑම 'බිද්අහ්' ක්‍රියාවක

අල් කුර්ආනය පවසන්නේ හිරු මඩ සහිත ජලයට බැස යන බවද? (Does the Quran say that the sun sets into muddy water?)

Image
ඇතැම් විවේචකයින් කුරානයේ සඳහන් විස්තරයකට වැරදි අටුවා ටීකා ඉදිරිපත් කරමින් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන්නේය. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබෙන්නේ අල්-කුරානයේ 18 වන පරිජ්ජේදයේ 86 වන වගන්තිය වේ. එහි පැවසෙන අන්දමට zසුල් කර්නෙයින් එක්තරා ගම්මානයකට ගිය අවස්ථාවේදී ඉර මඩ වලක් තුලට බැස යන අකාරය දැක තිබේ. එම සිදුවීම කුරානයෙන් මෙසේ විස්තර කොට ඇත. "ඔහු සුර්යයා බැස යන තැනට පැමිණි කල, කළු පැහැයෙන් යුත් මඩ ජලයෙහි එය බැස යන බව දුටුවේය" (කුරානය 18:86). කෙසේ වෙතත් මෙහි විස්තර කොට ඇත්තේ zසුල්කර්නෙයින් ඉර බැසීම දුටු ආකාරය යි. එය කව්රු කිව්වත් කිව යුත්තේ ඔහු දැක තිබෙන අන්දම මිස වෙනත් අකාරයකට නොවේ. එබැවින් කිසිම බුද්ධිමතෙකුට එහි වැරැද්දක් කිව නොහැකිය. zසුල්කර්නෙයින් පමණක් නොව වෙනත් ඕනෑම කෙනෙක් ඉර බැස යන මොහොතකදී මුහුදු වෙරළට ගියේ නම් ඔහුටත් දැකීමට ලැබෙන්නේ ඉර මුහුදේ ගිලී යන අකාරය වේ. එබැවින් ඔහුට එය තවත් කෙනෙකු සමග විස්තර කල හැක්කේද ඉහත සඳහන් කුර්ආන් වැකියේ සඳහන් ආකාරයටම වේ. මෙතරම සුළු දෙයක් තේරුම් ගැනීමට නොහැකි අය කුරානයට වැරදි කියන්නේ කෙසේද? සුර්යයාගේ ගමන් මග ගැන කුරානයේ වෙනත් තැනක මෙසේ විස්තර කොට ඇත.

අල් කුර්ආනයට අනුව පෘථිවියේ හැඩය (The shape of the earth according to the Quran)

Image
කුරානය පහළ වූ හත්වන සියවසේදී පෘථිවියේ හැඩය සම්බන්දයෙන් බොහෝ අවිද්‍යාත්මක සංකල්ප්ලයන් දක්නට තිබුනේය. එම කාල වකවානුවේදී වැඩිවශයෙන්ම දක්නට තිබුණු පොදු මතය වුයේ පෘථිවිය පැතලි තැටියක හැඩය ගන්නා බවයි. එහෙත් අල්-කුරානය එම වැරදි මත සියල්ලම බැහැර කොට පෘථිවියේ නිවැරදි රුපය විස්තර කොට ඇත. ඇතැම් කුර්ආන් වැකිවලින් පෘථිවියේ නිවැරදි රුපය ඍජුවම සඳහන් කොට තිබේ. වෙනත් කුර්ආන් වැකිවලින් පෘථිවියේ හැඩය අනියම් ලෙස විස්තර කරන්නේය. අල්-කුරානයේ 79 වන පරිජ්ජෙදයේ 30 වන වැකිය අනුව පෘථිවිය බිත්තරයක හැඩය ගන්නා බව සඳහන් වේ. එහෙත් අරාබි අකාරාදියේ 'දහාහා' යන අරාබි පදයට වෙනත් බොහෝ අර්ථයන් ද තිබේ. එම අර්ථයන් වන්නේ: එලුවේය, පැතිරෙනවා, බිත්තරයේ හැඩයට පත්කරනවා, වටකුරු කරනවා යන්නයි. ඒ අනුව කුරානයේ සඳහන් එම වැකිය මේ දෙආකාරයටම පරිවර්තනය කල හැකිය. ඉන් පළමුවැන්න  "ඉන් අනතුරුව ඔහු පොළොව එලුවේය"  දෙවැන්න  “ඉන් පසු ඔහු පොලව බිත්තරයක හැඩයට පත් කළේය” යනුවෙනි. මේ පරිවර්තන දෙකම නිවැරදි ය. පෘථිවියේ විශාලත්වය ගැන සලකා බලන කල දහාහා යන වචනයට වඩා සුදුසු පරිවර්තය වන්නේ එලුවේය යන්නයි. ඇයිද යත් පෘථිවියේ බොහෝ තැනිතලා ප්‍

මිනිස් ජිවිතයේ ආරම්භය සහ අවසානය (The beginning and the end of human life)

Image
මිනිසාගේ මුල්ම ආරම්භය සිදු වන්නේ ආදම් තුමාව මැවීමත් සමග වේ.  මෙය බයිබලයේද අල්-කුරානයේද දෙවියන් පහළ කරන ලද අනෙක් දහම් පණිවිඩ වලද සඳහන් ය. ඒ ගැන අල් කුරානය මෙසේ පවසා තිබේ. "තවද නුඹගේ පරමාධිපති දේවදුතයින් හමුවෙහි, නියතව මම පොළොවෙහි (මිනිස්) පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි'යි පැවසූ කල, අප නුඹගේ කිර්තිය ප්‍රසංසා කරමින්ද නුඹව සුවිසුද්ධ කරමින්ද සිටියදී, එහි කළහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහිදැයි පැවසුහ. (එවිට) ඔහු, 'නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියතව මම හොඳින් දනිමි'යි කීය" (කුරානය 2:30). ඉන් පසු අල්ලාහ් ආදම්තුමාව මැටියෙන් මවා ඔහුගේ ශරීරය තුලට මුල්ම ආත්මය ඇතුලත් කළේය. ආදම්තුමාගේ ඉල ඇටයකින් ඔහුගේ සහකාරිය මැව්වේය. අනතුරුව මිනිස් ආත්මයන් මවා ඒවා "ආලමේ අර්වාහ්" නොහොත් ආත්මීය ලෝකයේ තැබුවේය. මවක් පිළිසිඳ ගැනීමේදී ඊට නියම කොට ඇති දේවදුතයින් විසින් එහි ඇති ආත්මයක් රැගෙන විත් මවගේ කුස තුලට ඇතුලත් කරන්නේය. ඉන් පසු මිනිසා මරණයට පත්වන අවස්ථාවේදී නැවතත් එම ආත්මය  දෙවියන් පත්කොට ඇති දේවදුතයෙකු විසින් රැගෙන යන්නේය. දෙවියන් මවා ඇති අනෙක් ජිවින් අතරින් මිනිසා වෙනස් ය. මිනිස

සතුන්ට කරුණාව දැක්වීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about kindness to animals?)

Image
ඉස්ලාම් දහම අනුව සෑම ජීවියෙක්ම මවා ඇත්තේ යම් කිසි අරමුණක් සඳහාය. ඒ අනුව කිසිම හේතුවක් නොමැතිව සතුන්ට වධ දීම හෝ මරා දැමීම බලවත් පාපයකි. කෙසේ වෙතත් ආහාරය පිණිස හෝ දහමින් අනුමත වෙනත් හේතුන් නිසා හෝ සතුන් මැරීම ඉස්ලාම් දහම අනුව වරදක් නොවේ. කෙසේ වෙතත් සතුන්ට හිංසා කිරීම හෝ උන්ගේ ශක්තියට වඩා වැඩියෙන් වැඩ ගැනීම වරදක් බව ෂරියා නීතියෙන් පෙන්වා දෙන්නේය. නබිතුමාගේ හදිසයක දැක්වෙන පරිදි බනු ඉස්රායිල් කාන්තාවක් බලලෙකුට කෑම නොදී හිරකර තැබීම හේතුවෙන් ඌ මරණයට පත් විය. එම හේතුවෙන් ඇය කොපමණ පින් දහම් කරත් නිරයට යන බව නබිතුමා පැවසුවේය. තවත් හදිසයක සඳහන් වන අන්දමට එක්තරා ගණිකාවක් තිපාසයෙන් පෙළුණු බල්ලෙකුට අසල පිහිටි ළිඳකින් වතුර ගෙනවිත් දී උගේ තිපාසය සංසිඳුවේ ය. මේ හේතුවෙන් ඇයගේ පව් වලට සමාව ලැබුණු බවත් ඇය ස්වර්ගයට යන බවත් නබිතුමා පවසා ඇත. එක් දිනක් නබිතුමා සිය අනුගාමිකයින් සමග ගමනක් යමින් සිටි අතර වාරයේදී වෙනත් කටයුත්තක් සඳහා සුළු වේලාවකට එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත. එතුමා සිය අවශ්‍යතාවය අවසන් කොට නැවත පැමිණි විට ඔහුට දැක ගත හැකි වුයේ සහාබාවරු කිහිප දෙනෙක් එම ස්ථානයේ සිටි කුරුළු පැටව් දෙදෙනෙකුව මව් කිරිල

අල්ලාහ්ට සමානයන් ඇති කිරීම (Making equals to Allah)

Image
ඉස්ලාම් දහමේ මුලික ඉගැන්වීම වන්නේ අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගනිම වේ. ඉන් අදහස් කරන්නේ අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙනුවෙන් අල්ලාහ්ට ලැබිය යුතු ගරුත්වය ලබා නොදීම වේ. මෙලොවට පැමිණි සියලුම නබිවරුන් ඉගැන්නුවේද එයයි. එසේ තිබියදී ඉස්ලාම් බක්තිකයෙක් අල්ලාහ්ට සමානයන් තබන්නේ නම් ඔහු කරන්නේ විශාල වරදකි. එවැනි කෙනෙක් මරණයට පෙර එම වැරැද්දෙන් මිදී අල්ලහ්ගෙන් සමාව ගෙන නොතිබුනේ නම් ඔහුට ස්වර්ගය තහනම් වේ. ඒ අනුව ඔහු ඉස්ලාම් දහමින් නියම කොට ඇති සලාතය ඉටු කර තිබුනත්, සකාත් බද්ද ගෙවා තිබුනත්, උපවාසය සිදු කොට තිබුනත් යන්නේ නිරයට වේ. මේ නිසා අල්ලාහ්ට සමානයන් තැබීමේ භයානක කම ගැන සෑම මුස්ලිම්වරයෙකුම දැනගෙන සිටිය යුතු ය. ලුක්මාන් අලෛහි සලාම් තුමා සිය පුතුන්ට මෙසේ අවවාද කළ බව කුරානය පෙන්වා දෙන්නේය.  "ලුක්මාන් තම පුතාට අවවාද කරන කල පැවසුවේ, 'මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට කිසිම දෙයක් සම නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට වෙනත් දෙයක් සමකිරිම ඉතා දරුණු අපරාධයකි" (කුරානය 31:13). මෙතරම් දරුණු අවවාදයක් සිදු කොට තිබියදීත් අද බොහෝ මුස්ලිම්වරුන් මළවුන් හරහා අල්ලාහ්ට සමානයන් තැබීම දැකිය හැකිය.  තමන් ගරු කරන කෙනෙක