Posts

Showing posts from August, 2021

ඉස්ලාමයේ පළමු කලීෆා (The first caliph of Islam)

Image
නබිතුමාගේ වියෝවෙන් පසු නායකත්වය සඳහා පත්විය යුත්තේ කව්රුන්දැයි නම් කොට තිබුනේ නැත. කෙසේ වෙතත් ඒ සඳහා පත්විය යුත්තේ අබුබක්කර් රලි තුමා බවට නබිතුමා විසින් ඉඟි කොට තිබුනේය. ඒ අනුව නබිතුමාගේ වියෝවෙන් පසු නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා අබුබක්කර් සිද්දික් රලිතුමා බව තේරුම් ගත් උමර් රලි තුමා ඔහුගේ නම පැමිණ සිටි ජනතාව වෙත යෝජනා කොට ඒකමතිකව සම්මත කර ගත්තේය. එම භාර දූර වගකීම කරට ගත් අබුබක්කර් රලි තුමා ජනතාව අමතා මෙසේ පැවසිය. "ඔබ ගේ නායකයා ලෙස මට බලය ලබා දී ඇතත් මම ඔබ අතරින් හොඳම කෙනා නොවෙමි. මම හොඳින් පාලනය කළහොත් මට උදව් කරන්න; මම වැරැද්දක් කළහොත් මාව නිවැරදි කරන්න. අවංකව සත්‍යයට ගරු කිරීම පක්ෂපාතීත්වය වන අතර සත්‍යය නොසලකා හැරීම පාවාදීමකි. ඔබ අතර සිටින දුබලයා ශක්තිමත් වන තුරු ඔහුගේ අයිතිවාසිකම් තහවුරු කර දීම සඳහා මා ඔහු සමග සිටිමි. සැමගේම අයිතිවාසිකම් එකසේ තහවුරු කර දෙන තුරු, ඔබ අතර සිටින බලවතා මා ඉදිරියේ දුබලයා වනු ඇත. මා දෙවියන්ට සහ ඔහුගේ දූතයානන්ට කීකරු වන තාක් මට කීකරු වන්න. එහෙත් මා දෙවියන්ට සහ ඔහුගේ දූතයානන් හට අකීකරු වුවහොත් ඔබ මට කීකරු නොවන්න"  (අල්-බිදායා වන්-නිහායා 6: 305, 3

අල්-කුරානයට අනුව පෘථිවියේ හැඩය (The shape of the earth according to the Quran )

Image
අල් කුරානය විද්‍යාව ඉගැන්වීම සඳහා පහළ කරන ලද ග්‍රන්ථයක් නොවුනද එහි විද්‍යාව සම්බන්ද බොහෝ කරුණු ගැබ් කොට තිබේ. ඒවා හැදෑරීමෙන් කුරානය මිනිසා විසින් රචනා කරන ලද කෘතියක් නොවන බව නිගමනය කල හැකිය.  කුරානයේ ඇති නොයෙකුත් විද්‍යාත්මක කරුණු අතරින් පෘථිවියේ හැඩය ගැන නිවැරදිව සඳහන් කොට තිබීම ගැන පමණක් මෙහිදී සලකා බලනු ලැබේ. කුරානය පහළ වන සමයේදී පෘථිවිය පැතලි තැටියක් බව විශ්වාස කොට තිබේ. කුරානය මිනිසා විසින් ලියන ලද්දක් නම් එහි සඳහන් විය යුත්තේ පෘථිවිය පැතලි තැටියක් බවයි. එහෙත් අපට දක්නට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඒ අනුව කුරානයේ සඳහන් වන්නේ පෘථිවිය පැස්බරාගේ බිත්තරයේ හැඩය ගන්නා බවයි. එහෙත් එම කරුණ සොයා ගනු ලැබුවේ කුරානය පහළ වී සියවස් ගණනාවකින් ගෙවී ගිය පසුව වීම විශේෂත්වයකි. අල්-කුරානයේ 79 වන ජේදයේ 30 වන වැකියේ සඳහන් වන්නේ පෘථිවිය ගෝලාකාර වස්තුවක් බවයි. මෙම වැකියේ ඇති " دَحَاهَا" (දහාහා) යන වචනය සඳහා එක් අර්ථයක් වන්නේ පැස්බරාගේ බිත්තරය යන වගයි. මෙම අර්ථයට අමතරව දහාහා යන වචනයට තවත් තේරුම් බොහොමයක් තිබේ. එම අර්ථයන් මෙසේය. විශාල ප්‍රදේශය, පැතිරෙනවා, වටකුරු කරනවා, සංතුලනය කරනවා යනාදි

මුනාෆික් වරුන්ගේ අවසානය කුමක්ද? (What is the end of the hypocrites?)

Image
කුහකයින්ට අරාබි බසින් මුනාෆික්වරුන් යැයි කියනු ලැබේ. ඔවුන්ව කොටස් දෙකකට බෙදිය හැකිය. ඒ අනුව සමහර ඒවා සුළු කුහක කම් වන අතර තවත් සමහර ඒවා මහා කුහකකම් වේ. හිතා මතාම ව්‍යාජ ලෙස ඉස්ලාම් දහම වැළඳ ගැනීම විශාල වරදකි. අබ්දුල්ලා ඉබ්නු උබෙයි සහ ඔහු යටතේ සිටි කණ්ඩායම මේ සඳහා උදාහරණයට ගත හැකිය. අනෙක් අය ඉස්ලාම් දහම වැළඳ ගනු ලැබුවත් අල්ලාහ් ගැන හෝ මතු ජීවිතය ගැන හෝ ස්ථිර විශ්වාසයකින් කටයුතු කරන්නේ නැත.  කුහකයින්ගේ ප්‍රධාන ලක්ෂණ තුනක් අලලා නබිතුමා පැවසූ හදිසයක් අබු හුරෛරා රලි තුමා මෙසේ පවසයි: මුහාෆික්වරයෙකුගේ ලක්ෂණ තුනකි, ඔහු කතාකරන විට බොරුවක්ම කියයි, ඔහු පොරොන්දුවක් දුන් විට එය කඩ කරයි, ඔහුව විශ්වාස කල විට විශ්වාස ද්‍රෝහිව හැසිරෙයි. (බුහාරි සහ මුස්ලිම්) මේවාට අමතරව සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ මෙසේද සඳහන් වේ. එසේ තිබියදී ඔහු උපවාසය ද සලාතය හෙවත් නැමදුම ද ඉටු කරන අතර තමන් මුස්ලිම්වරයෙකු යැයි සිතා ගෙන සිටියි. ඇතැම් කුහකයින් සම්බන්දයෙන් කුරානයේ ඉතා දැඩි ලෙස අනතුරු හඟවා තිබේ. "(ඕ නබි!) කුහකයෝ නුඹ හමුවට පැමිණි විට, 'නියත වශයෙන්ම නුඹ අල්ලාහ්ගේ දුතයා බවට අපි සාක්ෂි පවසමු'යි පවසන්නෝය. නියත වශ

ඉස්ලාමයේ "තව්හීද්" යන්නෙහි තේරුම කුමක්ද? (What is the meaning of "Tawheed" in Islam?)

Image
තව්හීද් යනු අරාබි පදයකි, එය බොහෝ විට "ඒක දේවවාදය" ලෙස පරිවර්තනය කොට ඇත. විශේෂයෙන්ම ඉස්ලාම් දහම තුල  එහි තේරුම වන්නේ අල්ලාහ්ගේ ඒකීයභාවය, අද්විතීයභාවය සහ සැසඳිය නොහැකි බව වේ. ඒ අනුව ඉස්ලාම් දහම තුල තව්හිද් යන්නෙන් අදහස් කරනු ලබන්නේ අල්ලාහ්ගේ ඒකීයභාවයයි. එනම් ඒක දේවවාදය පිළිබඳ නොබෙදිය හැකි ඒකීයත්වයයි. එය ඉස්ලාම් දහමෙහි කේන්ද්‍රීය හා තනි වැදගත්මක් ඇති සුවිශේෂී ලක්ෂණයකි. මුස්ලිම්වරයෙකුගේ සමස්ත ඇදහිල්ල එම විශ්වාසය මත රඳා පවතින්නේය. එම නිසා යම් කිසිවෙකු ඉස්ලාම් දහම වැළඳ ගන්නා විට 'ෂහාදා කලිමාව' නොහොත් අල්ලාහ්ගේ ඒකීයභාවය ප්‍රකාශ කල යුතුය.  අල්ලාහ්ගේ ඒකීයත්වය ඉතා සංශිප්තව අල් කුරානය තුල මෙසේ  අර්ථ දක්වා ඇත. "පවසනු! අල්ලාහ් එක් කෙනෙකි. අල්ලාහ් (කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තා ය. ඔහු කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. (එසේම) ඔහු කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමාන වෙන කිසිවෙක් නොමැත" (කුරානය 112:1-4). මෙම කුර්ආන් ජේදය ඉස්ලාම් දහමෙහි ඉතා වැදගත් තැනක් උසුලන්නේය. ඒ අනුව එය ඉස්ලාම් දහමෙහි හරය ලෙස සැලකිය හැකිය.  අල් කුරානයෙන් අල්ලාහ්ගේ ඒකීයභාවය ඉතා පැහැදිලිව විස්

ඉස්ලාම් දහම අනුව විනිශ්චය දිනය යනු කුමක්ද? (What is Judgment Day according to Islam?)

Image
    මෙලොව ඉපදී මිය ගිය සෑම ආත්මයක්ම නැවත නැගිටවා ප්‍රශ්න කරන දිනයට විනිශ්චය දිනය යැයි කියනු ලැබේ. එම දිනයේදී මිය ගිය සෑම ආත්මයක්ම දෙවියන් වෙත ඉදිරිපත් කරනු ලබන අතර ඔවුන්ව වෙන වෙනම ප්‍රශ්න කිරීමට නියමිතය. අල් කුරානයේ එම දිනය යව්මුල් කියාමා (يوم القيامة‎) ලෙස ද වෙනත් නම් වලින්ද විස්තර කොට තිබේ. විනිශ්චය දිනය පිළිබඳව විශ්වාස කිරීම සෑම මුස්ලිම්වරයෙකුට අනිවාර්‍ය වේ. මෙලොව ඉපදී මිය ගිය සෑම කෙනෙකුම ඊට මුහුණ දිය වේ. මෙම විනිශ්චයෙන් පසු මිනිසා මෙලොවදී කල හොඳ හෝ නරක අනුව ස්වර්ගය හෝ නිරය ලැබීමට නියමිතය. තවද විනිශ්චය දිනයට පෙර නැවත ඉපදීමක් නැත. ඒ අනුව ඉස්ලාම් දහම අනුව පුනරුත්පක්තියක් නැත. එම දිනයේදී කිසිවෙකුටත් අසාධාරණයක් සිදු වන්නේ නැත. තවද එම දිනයේදී කෙනෙකුට කෙනෙක් උදව් කල නොහැකිය. ඒ අනුව මිනිසාගේ මුඛයට මුද්‍රා තබන අතර ශරීර අවයව වලින්ම සාක්ෂි කැඳවනු ලැබේ. එම නිසා කිසිවෙකුට එම දිනයේදී ගැලවුමක් ලැබෙන්නේ නැත.  විනිශ්චය දිනයේ ඇති භයානක කම මෙම කුර්ආන් වැකියෙන් විස්තර කොට ඇත.  "නුඹලා එය දකින දවසෙහි, කිරි පොවන එක් එක් මවක්ව තමා කිරි පෙවූ දෙය අමතක කරන්නීය. එක් එක් ගැබිනියක්ම තම ගැබ් බර ප්‍

අල් කුරානය අල්ලාහ්ගෙන් පැමිණි පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message from Allah?)

Image
මුස්ලිම් නොවන ඇතැමුන්ගේ මතය අල් කුරානය මුහම්මද් නබි තුමා විසින් රචනා කරන ලද ග්‍රන්ථයක් බවයි. එහෙත් එය සම්පුර්නයෙන්ම වැරදි මතයකි. ඊට හේතු රාශියක් තිබේ. ඒවා අතරින් ප්‍රධාන සාදකයක් වන්නේ මුහම්මද් නබි තුමා හට කියැවීමට හෝ ලිවීමට නොහැකි වීමයි. එසේ තිබියදී එවැනි කෙනෙකුට ලෝකයේ විශිෂ්ටතම සාහිත්‍ය කෘතියක් ලෙස සැලකෙන අල් කුරානය වැනි විශිෂ්ට ග්‍රන්ථයක් ලිවීමට හැකි වන්නේ කෙසේද? තවද අල් කුරානය ලියා ඇති භාෂා විලාසය නබිතුමා එදිනෙදා කතාකරන භාෂා විලාශය නොවේ. මෙවැනි පරස්පරතාවයක් ඇති වුයේ කෙසේද? කුරානයේ ඇති තවත් හාස්කමක් වන්නේ එවැනි ග්‍රන්ථයක් හෝ එහි ඇති පරිජ්ජේදයට සමාන පරිජ්ජේදයක් හෝ එදා මෙදා ජීවත්වූ කිසිම සාහිත්‍ය දරයන්ට හෝ වෙනත් කිසිවෙකුට හෝ සම්පාදනය කිරීමට නොහැකි වීමයි. මේ නිසා කුරානය අදටත් ජීවමාන ප්‍රාතිහාරයකි.  අල් කුරානය පහළ වුයේ විද්‍යාව නොදියුණු යුගයකදීය. එහෙත් හත්වන සියවසේ පහළ වූ අල් කුරානයෙන් විසිවන සියවසේදී සොයාගන්නා ලද බොහෝ දේවල් ඉතා නිවැරදිව ඉදිරිපත් කොට තිබේ. උදාහරණයක් වශයෙන් විශ්වයේ ප්‍රසාරණය, මිනිස් කලලයේ විකසනය, සුර්යයා ගමන් කරන බව, කඳු මගින් පෘථිවියේ සමතුලිතතාව ඇතිකරන බව සඳහන් කොට තිබීම

ඉස්ලාම් කව්රුන් වෙනුවෙන්ද? (For whom is Islam?)

Image
අල් කුරානය කව්රුන් වෙනුවෙන්දැයි මෙසේ සඳහන් වේ. "මෙය ලෝවැසියන්ට අයත් උපදෙසක් මිස වෙන නොමැත" (කුරානය 81:27). තවද මුහම්මද් නබි තුමා කව්රුන් වෙනුවෙන් පැමිණියේදැයි කුරානයේ මෙසේ සඳහන් කොට ඇත. "(ඕ:නබි!) අපි නුඹව සකල ලෝවැසියන්ටම ආශින්ෂණයක් ලෙස මිස යැව්වේ නැත" (කුරානය 21:107). එසේ නම් ඉස්ලාම් දහම එක් ප්‍රජාවක් සඳහා පමණක් අයත් නොවන බව පැහැදිලි ය. මෙය දැනගත් කිසිවෙකුට මරණයෙන් පසු දේවදුතයින් ප්‍රශ්න කිරීමේදී තමන් ඒ බව දැන නොසිටි බව කිව නොහැකිය.  බොහෝ අය සිතාගෙන ඉන්නේ ඉස්ලාම් ආගම මුහම්මද් නබිතුමාගෙන් ආරම්භ වන බවයි. එය සම්පුර්ණයෙන්ම වැරදි මතයකි. ඇත්ත වශයෙන්ම ඉස්ලාම් ආගම ආරම්භ වන්නේ මුල්ම මිනිසා සහ නබිවරයා වන ආදම් තුමාගෙනි. ආදම් තුමාගෙන් පසු  එම දහම දෙසීම සඳහා සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පැමිණ තිබේ. ඔවුන් අතරින් අවසාන වරට පැමිණියේ මුහම්මද් නබි තුමාය. ඒ අනුව ඔහුගෙන් පසු අලුතින් වෙනත් නබිවරයෙකු මෙලොවට පැමිණෙන්නේ නැත. මින් පැහැදිලි වන්නේ මිනිසාගේ ආරම්භයේ සිටම ඉස්ලාම් දහම මිනිස් වර්ගයා වෙනුවෙන් වෙන් වූ දහමක් බවයි.  අල්ලාහ් පිළිගන්නා එකම ආගම ඉස්ලාම් බව මෙම කුර්ආන් වැකිය අනුව දැක ගත

ඉස්ලාම් යනු කුමක්ද? (What is Islam?)

Image
ඉස්ලාම්, මානවයාට අයත් සර්ව දහමකි. එය පහල වන්නේ විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා පාලනය කරන්නාවූ අල්ලාහ්ගෙන් ය. ඉස්ලාම් යන්නෙහි එක් අර්ථයක් වන්නේ සර්වබලධාරී අල්ලාහ්ගේ කැමැත්තට සම්පුර්ණයෙන් යටත් වීමයි. ඒ අනුව මෙලොවට පැමිණි සෑම නබිවරයෙකුම මිනිසා හට දේශනා කලේ අල්ලාහ්ගේ අණට යටත් වන ලෙසටයි.  ඉස්ලාම් දහම මිනිසා වෙත අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දෙන්නේය. ඒ අනුව ඉස්ලාම් දහම තුල මිනිසා මිනිසාට කල යුතු දේවල් මෙන්ම මිනිසා අල්ලාහ්ට කල යුතු දේවල් අඩංගු වේ. එය ආදම් තුමාගෙන් පටන්ගෙන මුහම්මද් නබිතුමාට පහළ වූ කුරණයෙන් අවසාන වේ. අල් කුරානය සමන්විත වන්නේ අල්ලාහ්ගේම වදන් වලිනි. ඒ අනුව එහි මුහම්මද් නබි තුමාගේ කිසිම වදනක් අඩංගු වන්නේ නැත. එය ජිබ්‍රිල් නම් දේවදුතයා විසින් මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා වෙත පුරා වසර 23ක් තිස්සේ කොටස් වශයෙන් ගෙනවිත් දෙන ලදී. අල්ලාහ්ගේ මැවීම් අතරින් මිනිසා සුවිශේෂී ය. ඒ අනුව මිනිසාට ස්වයං තීරණ ගැනීමේ හැකියාව ලබා දී තිබේ. මේ හේතුවෙන් මිනිසාට ආගමික මග පෙන්වීම අවශ්‍ය වේ. කෙසේ වෙතත් අල්ලාහ්ගේ සැලැස්ම අනුව මිනිසාට තමන් කැමති මාර්ගයක් තෝරා ගැනීමේ නිදහස ලැබෙන්නේය. කෙස

ආගම සහ විද්‍යාව (Religion and Science)

Image
ආගම සහ විද්‍යාව අතර ලොකු සම්බන්දතාවයක් ඇතත් විද්‍යාව භෞතික ලෝකයට පමණක් සිමා වන අතර ආගම ඉන් ඔබ්බට ගමන් කරන්නේය. මේ නිසා  විද්‍යාවෙන් නිවැරදි ආගමික විශ්වාසයට කිසිම හානියක් නැත. කෙසේ වෙතත් මේවා ගැන නිසි අවබෝදයක් නොමැති ඇතැම් අය විද්‍යාවේ දියුණුවත් සමග දහමින් ඈත්වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙන්නේය. එහෙත් සෑම විද්‍යාඥයෙකුම අදේවවාදියෙකු නොවේ. විද්‍යාව ගැන මනා දැනුමක් ඇති බොහෝ විද්‍යාඥයින් ආගමක් අදහති. ඇත්ත වශයෙන්ම විද්‍යාව නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් භෞතික ලෝකය හොඳින් තේරුම් ගැනීමට හැකි වන අතර එමගින් කෙනෙකුගේ ආගමික විශ්වාසය වැඩි වන්නේය.  ආගමට වඩා විද්‍යාවේ වපසරය කුඩා වන බැවින් විද්‍යාඥයින්ට විශ්වයේ ආරම්භය ගැන හෝ මුලින්ම ජිවය ඇතිවු අන්දම ගැන හෝ මෙතෙක් සොයා ගැනීමට හැකි වී නැත. කෙසේ වෙතත් භෞතික ලෝකය හොඳින් තේරුම් ගැනීම සඳහා විද්‍යාවෙන් විශාල කාර්ය භාරයක් සිදු වන්නේය. එය දෙවියන් පිලිබඳ විශ්වාසය තවත් ශක්තිමක් කර ගැනීමට ද ඉවහල් වේ.  විද්‍යාඥයින්ට පර්යේෂණ කල හැක්කේ භෞතික ලෝකය පමණක් බැවින් ඉන් එහා ඇති දේවල් ගැන දැනගැනීම සඳහා ආගමක අවශ්‍යතාවය පැන නගින්නේය. එහෙත් එය කල හැක්කේ නිවැරදි ආගමකින් පමණි.

මිනිසුන් වරින් වර මහත් පීඩාවන්ට මුහුණ දෙන්නේ ඇයි? (Why do people suffer so much from time to time?)

Image
ඉතිහාසය දෙස බලන කල මිනිසා නොයෙකුත් දේව පරීක්ෂාවන්ට සහ දඬුවම් වලට ලක්වී තිබේ. කෙසේ වෙතත් දෙවියන් දඬුවම් කිරීමට පෙර මිනිසාට අවවාද කරන්නේය. එම අවවාද නොතකා කටයුතු කිරීමේදී ඔවුන් දෙවියන්ගේ දැඩි දඬුවම් වලට ලක්වී තිබේ. මේ සඳහා බොහෝ උදාහරණ කුරානයේ සහ බෛබලයේ දැකිය හැකිය.  නුහ් නබිතුමා ඔහුගේ ජනතාවට වසර 950කට වඩා අවවාද කරනු ලැබුවත් ඔවුන් එය පිළිගත්තේ නැත. එම නිසා නුහ් නබිතුමා ඔවුන්ට එරෙහිව ප්‍රාර්ථනා කළේය. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් මහා ජල ගැල්මකින් විනාශයට පත් විය. අදටත් එහි නටබුන් දැක ගත හැකිය. එසේම ලුත් නබිතුමාගේ කාලයේ ජිවත් වූ ජනතාව සම ලිංගික සේවනයේ හැසිරුනෝය. ලුත් නබිතුමා ඔවුන්ට කොපමණ අවවාද කලත් ඔවුන් කරමින් සිටි එම වරද අත්හැරියේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස එම ජනතාවට එරෙහිව මහා ගල් වරුසාවක් වස්සවා විනාශයට පත් කොට ඇත. ෂුහෙයිබ් නබිතුමාගේ කාලයේ ජිවත් වූ ජනතාව කිරුම් මිනුම් වලින් අසරණ ජනතාවට අසාධාරනකම් කළෝය. එසේ තිබියදී ෂුහෙයිබ් නබිතුමා ඔවුන්ට කල අවවාද ඔවුන් පිළිගත්තේ නැත. එම නිසා සැඩ සුළඟකින් එම ජනතාව විනාශයට පත් විය.  කෙසේ වෙතත් සෑම පරික්ශාවක්ම දෙවියන්ගේ දඬුවමක් නොවේ. ඒවායින් බොහොමයක්ම දෙවියන්ගේ ක