Posts

Showing posts from March, 2018

සාතන් ඔබගේ සතුරා වන්නේ ඇයි? (Why Satan is your enemy?)

Image
සාතන් ගින්නෙන් මවන ලද ජීවියෙකි. ඔහුගේ ආරම්භක වාසස්ථානය ස්වර්ගය යි. එහෙත් ඔහුට ස්වර්ගය අහිමි වුයේ ආදම් තුමාට නමස්කාර නොකිරීම නිසාය. මේ හේතුවෙන් ඔහු මුල සිටම මිනිසාගේ පරම සතුරෙකු බවට පත් විය. එහි ප්‍රතිපලයක් ලෙස සාතන් ආරම්භයේ සිටම සක්‍රීය ලෙස මිනිසාව නොමග යැවීමට ක්‍රියා කරන්නේය. සාතන්ගේ විශේෂත්වය වන්නේ ඔහු මිනිසාව නොමග යවන්නේ මිත්‍රයෙකුගේ වේශයෙන් වීමයි.  සාතන්ගේ රැවටීම නිසා බොහෝ අය ඔහුගේ උගුල් වලට හසු වන අතර නිරයට යන මාර්ගය තෝරා ගන්නේය. එහෙත් සාතන් ගැන මිනිසාට නබිවරුන් හරහා අනතුරු හඟවා තිබේ.  මිනිසා සහ සාතන් අතර පොදු ලක්ෂණයක් වන්නේ ඔවුන් දෙදෙනාටම ස්වයං තීරණ ගැනීම සඳහා හැකියාව තිබීමයි. එම හැකියාව නිසා ඔවුන්ට දෙවියන් පෙන්වා ඇති නිවැරදි මාර්ගය හෝ ඊට එරෙහි මාර්ගය හෝ තෝරාගැනීමට නිදහස ලැබෙන්නේය. එය ඔවුන්ගේ ජය හෝ පරාජය තීරණය කරන ප්‍රධාන සාදකය වේ.  දෙවියන් ආදම් තුමාව මැටියෙන් නිර්මාණය කොට ඔහුට සුජුද් (නමස්කාර) කරන ලෙස අණ කල කල්හි සාතන් හැර සියළුම දේවදුතයින් ඊට එකඟ විය. සාතන් තමන්ට ලැබී ඇති ස්වයං තීරණ ගැනීමේ හැකියව නිසා වැරදි තීරණයකට එළඹුනේය. ඒ අනුව ගින්නෙන් මවා ඇති ඔහු පස්වලින් මවා ඇ

MIRACLES OF THE QUR'AN THE LAYERS OF THE EARTH www harunyahya com

Image

MIRACLES OF THE QUR'AN THE VICTORY OF BYZANTIUM www harunyahya com

Image

"Understanding Islam" - Part 2

Image

සහජීවනයේ අවශ්‍යතාවය (The need for harmony)

Image
    ලෝකයේ ඇති බොහෝ රටවල් දියුණු වී තිබෙන්නේ ජාතින් අතර පවතින සමගිය නිසාය. උදාහරණයක් වශයෙන් සිංගපුරුව මෑතකදී දියුණුව ලැබූ රටකි. එහි බොහෝ ජාතින් සිටියත් ඔවුන් අතර ගැටුම්කාරී තත්වයක් නොමැත. එසේම අමරිකාව ලෝකයේ ඉතා දියුණු රටකි. එහි විවිධ ජාතින් සහ  ආගම් තිබුනත් ලංකාවේ දකින ආකාරයේ ගැටුම් නොමැත.  අවාසනාවකට මෙන් ලංකාවේ ජාතිවාදය ඉස්මතු වී ඔඩු දුවා ඇත. එය ලංකාවේ කිර්ති නාමයට පමණක් නොව ජාතික සමගියට මරු පහරක් එල්ල කොට ඇත. මෙය මැඩලීමට නම් ආගමික නායකයින්, බුද්දිමතුන් මෙන්ම සාමයට කැමති සියළු දෙනාම එකතු විය යුතුය. ලංකාව දැනටමත් තිස් වසරක කුරිරු යුද්දයකින් බැට කා තිබේ. නැවතත් එවැනි යුද්දයක් අවශ්‍ය නැත. මෙය සෑම කෙනෙක්ම හොඳින් තේරුම් ගන්නේ නම් සියළු දෙනාම එකා මෙන් අත්වැල් බැඳගෙන රට ගොඩ නැගීමට ක්‍රියා කළ යුතුය.  ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉතිහාසයේ සිටම සිංහල ජනතාව සමග සාමයෙන් ජිවත් වූහ. ඔවුන් කිසිම විටක රටේ කොටසක් ඉල්ලා සටන් කළේ නැත. එවැනි උවමනාවක් ද ඔවුන්ට නැත. තවද මුස්ලිම්වරුන් රජයේ රැකියා ඉල්ලා සටන් කල ඉතිහාසයක්ද නොමැත. එහෙත් ඔවුන් එදා සිටම තම ව්‍යාපාර කරමින් රටේ මහා ජාතිය සමග සාමයෙන් ජිවත් වී ති

Reflecting upon the Qur'an - Asim Khan

Image