Posts

Showing posts from August, 2019

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)

Image
ලෝකය දියුණු වෙද්දී මිනිසුන්ගේ ආගමික හැදියාවන්වල පිරිහීමක් දක්නට තිබේ. මේ නිසා ඇතැම් අයට බිකිනියේ සහ බුර්කාවේ වෙනස පවා තේරුම් ගැනීමට හැකිවී නැත. එහි ප්‍රතිපලයක් ලෙස මුස්ලිම්වරුන් අඳින බුර්කාව ගෝනියකට සමාන කරන අවස්ථාද තිබේ. කෙසේ වෙතත් බුරුකාවට විරුද්ධ වන අය අඩනිරුවත් ඇඳුම් වලට විරුද්ධ නොවීම පුදුමයකි. ඇත්තෙන්ම ඔවුන් ඒවා දකින්නේ දියුණුවේ සංකේතයන් ලෙස නම් එය කනගාටුවට කරුණකි. මෙම තත්වය ඇතැම් ගිහියන් පමණක් නොව පැවිද්දන් පවා වටහාගෙන නොතිබීම අවාසනාවකි. මේ හේතුවෙන් ඇතැම් පැවිද්දන් පවා බුර්කාව විවේචනය කරන්නේය. සැබැවින්ම ඉන් සිදු වන්නේ දුෂණයට අත වැනීමකි.  එක් ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් මාධ්‍ය සාකජ්ජාවක් පවත්වා බුර්කාව හඳුන්වා දුන්නේ ගෝනියක් ලෙසය. එවිට මගේ සිතේ පහළ වුනේ ස්වාමින් වහ්සේ බුර්කාව ගෝනිය ලෙස අර්ථ දක්වන්නේ නම් බිකිනිය අර්ථ දැක්විය යුත්තේ කෙසේද කියාය. කෙසේ වෙතත් එම සාකජ්ජාවේදී එම ස්වාමින්වහන්සේ බිකිනිය ගැන එකම වචනයක් වත් පැවසුවේ නැත. එමගින් ඔහු කලේ තම අධ්‍යාත්මික බංකලොත් භාවය ලෝකයා හමුවේ ප්‍රධර්ශනය කිරීම වේ.  සහජයෙන්ම කාන්තාව පිරිමියාට වඩා වෙනස්ය. ඒ අනුව ඔවුන්ගේ මුළු ශරීරයම මිනිස

ඉස්ලාමයට අනුව සොහොන් ජීවිතය (Life in the grave according to Islam)

Image
සෑම ජිවියෙකුටම මරණය නියතය. එම මරණයෙන් පසු සොහොන් ජිවිතයක් තිබේ. එහිදී සිදුවීමට නියමිත දේවල් පිළිබඳව ඉස්ලාම් දහම ඉතා පැහැදිලි විස්තරයක් ලබා දී තිබේ. එම සොහොන් ජිවිතයෙන් පසු  නැවත නැගිටවන අතර මිනිසා මෙලොවදී කල දේවල් පිළිබඳව විනිශ්චය කරනු ලැබේ. එම විනිශ්චයේ ප්‍රතිපල අනුව මිනිසාට ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය.  මෙය සැක කරන අයගෙන් අල්-කුරානය මෙසේ ප්‍රශ්න කරන්නේය.  "මිනිසා කිසිත් නැතුව තිබියදී අපි ඔහුව මුලදී මැවූ බව ඔහු සිතා බැලිය යුතු නොවේද?" ඇත්තවශයෙන්ම අල්ලාහ්ට මිය ගිය මිනිසාව නැවත නගිටවිම පහසු කාර්යයකි. මුල් වරට මව් කුසේදී මිනිසාට දේව දුතයින් විසින් ආත්මය ගෙනවිත් දුන් අකාරයටම මිනිසා මරණයට පත්වන අවස්ථාවේදී නැවතත් දෙවියන් නියම කොට ඇති දේවදුතයෙක් පැමිණ ඔහුගේ ආත්මය රැගෙන යාමට නියමිතය. මේ නිසා මිනිස් ජීවිතය එක් අවස්ථාවකින් තවත් අවස්ථාවකට මරුවනවා මිස එය කෙළවර වන්නේ නැත. ඒ අනුව කෙනෙක් ලෞකික ප්‍රශ්න වලට මුහුණ දීමට නොහැකිව සිය දිවි හානිකරගැනීම මුග්ධ ක්‍රියාවකි. ඇයිද යත් අල්ලාහ් කෙනෙකුට ලබා දුන් ජීවිතය විනාශ කර ගැනීමෙන් ඔහුගේ ප්‍රශ්න කෙළවර නොවන නිසාය. එවැනි අයට නිරයේදී ඔහු තම

ඉස්ලාමිය දික්කසාදය (Islamic Divorce)

Image
විවාහය යනු නන්නාදුනන පිරිමියෙකු සහ කාන්තාවක් අතර සිදුකර ගන්නාවූ නිත්‍යානුකුල බැඳීමක් වුවද එය ඉස්ලාම් දහම අනුව ආගමික කටයුත්තකි. මේ නිසා මුස්ලිම්වරයෙකුගේ විවාහය මෙන්ම දික්කසාදය අල්කුරානය සහ නබිතුමා පෙන්වා දී ඇති රාමුව තුල තිබිය යුතුය.  කෙනෙක් මොනතරම් බලාපොරොත්තු ඇතුව විවාහය සිදු කරනු ලැබුවත් ඇතැම් විට එම විවාහයන් හරි හැටි පැහෙන්නේ නැත. එවැනි අවස්ථාවකදී ඉස්ලාම් දහම දික්කසාදට ඉඩ ලබා දී තිබේ. දික්කසාද වීමේ අයිතිය පිරිමි පාර්ශවයට මෙන්ම කාන්තා පාර්ශවයට ද එකසේ වලංගු වේ. කෙසේ වෙතත් ස්වාමිපුරුෂයා විසින් සිය භාර්යාව දික්කසාද කරන්නේ නම් විවාහ වන අවස්ථාවේදී ඔහු විසින් තම භාර්යාවට ලබා දුන් මහර් (විවාහවන අවස්ථාවේදී මනාලයා විසින් භාර්යාවට අනිවාර්‍යයෙන් ලබා දිය යුතු දීමනාව) කිසිවක් නැවත ලබා ගැනීම නොකළ යුතුය. එහෙත් භාර්යාව විසින් විවාහය අවලංගු කර ගන්නේ නම් ඇය විවාහ වන අවස්ථාවේදී ලබා ගත් මහර් දීමනාව නැවත සිය ස්වාමිපුරුෂයාට භාර දිය යුතු වේ.    පවුල් ජිවිතයේ ප්‍රශ්න ඇති වූ විට පළමු පියවර ලෙස දික්කසාදය තෝරා ගැනීම නොකළ යුතුය. ඒ අනුව ඔවුන් අතර සාමය ඇති කිරීම සඳහා යම් උත්සාහයක් ගැනීමට පියවර ගත යුතුය. ඒ සම

ඉස්ලාම් සහ විද්‍යාව ( Islam and Science)

Image
ඉස්ලාම් මිනිසාගේ ආරම්භය තරම්ම පැරණිය. එනම් එය  ආරම්භ වන්නේ  ආදම් නබි තුමාගෙන්  ය. එහෙත් විද්‍යාව මිනිස් ශිෂ්ටාචාරයත් සමග ක්‍රමානුකුලව දියුණු වන්නකි. තවද විද්‍යාත්මක දැනුම පර්යේෂණ මත රඳා පවතින අතර ආගමික දැනුම දෙවියන්ගේ පණිවිඩ මගින් ලැබෙන්නේය. එම නිසා දෙවියන්ගෙන් පහළ වූ නිවැරදි දහමක් විද්‍යාවට වඩා ඉදිරියෙන් සිටින්නේය.  දහමින් මිනිසාව දෙවියන් සමග එකතු කරන්නේය. අනෙක් අතට විද්‍යාව දෙවියන්ගේ මැවීම් ගැන තේරුම් ගැනීමට උදව් කරන්නේය. විශ්වය ගැන තේරුම් ගන්නා තරමට දෙවියන් පිලිබඳ මනා අවබෝදයක් ලැබිය හැකිය. මේ නිසා 20 වන සියවසේ බිහිවූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් වන ඇල්බට් අයින්ස්ටයින් පවසන්නේ ආගමින් තොර විද්‍යාව අබ්බගාත බවත් විද්‍යාවෙන් තොර ආගම අන්ද බවත් ය.  විද්‍යාව මිනිසාට ප්‍රයෝජනවත් වුවද විද්‍යාව සහ ඉස්ලාම් දහම අතර විශාල වෙනසක් තිබේ. විද්‍යාවෙන් ගනු ලබන නිගමන කාලයෙන් කාලයට වෙනස් වන්නේය. උදාහරණයක් වශයෙන් අතීතයේදී විද්‍යාඥයින් සිතා සිටියේ පෘථිවිය පැතලි තැටියක හැඩය ගන්නා බවයි. එහෙත් විද්‍යාවේ දියුණුවත් සමග එම මතය දැන් වෙනස් වී ඇත. එවැනි තව බොහෝ දේවල් විද්‍යාවේ තිබේ. කෙසේ වෙතත් දෙවියන් පහළ කල අල් ක

මුහම්මද් නබිතුමා සහ ඔහුට පසු කාලිෆාවරුන් (Prophet Muhammad and the Caliphs after him)

Image
මෙලොවට පැමිණි අවසාන නබිවරයා මුහම්මද් නබිතුමා ය. එතුමා ක්‍රි.ව. 570 වේ ඉපදී ක්‍රි.ව. 632 දී අභාවප්ප්‍රාප්ත විය. ඒ අනුව නබිතුමා වසර 63ක් (චන්ද්‍ර වසර) ජිවත් වූ අතර ඉන් වසර 23 ක් නබිත්වයේ වගකීම් දැරුවේය. අල් කුරානය පහළ වුයේ මෙම කල සීමාව තුලදීය. නබිතුමා ඉතා සරල ජිවිතයක් ගත කළේය. ඔහු රටේ පාලකයා වුවද ආරක්ෂාව පිණිස කිසිවෙකු පත් කලේ නැත.  මුහම්මද් නබි තුමා නබිත්වයේ කාල සීමාව තුලදී අරාබියාව තුල විශාල අධ්‍යාත්මික පෙරලියක් සිදු කළේය. එතුමා ජිවත් වුයේද රට පාලනය කළේද කුරානයේ ඇති නියෝග අනුව ය. නබිතුමා ඉස්ලාම් දහම දෙසීම සඳහා විශාල කැපකිරීමක් සිදු කළේය. නබිතුමාගේ අනුගාමිකයින් ද එතුමාව ඉතා ඕනෑකමින් අනුගමනය කළ අතරම නබිතුමා පැවසූ සෑම දෙයක්ම ඔවුන් කටපාඩම් කර මතු ජනතාව වෙනුවෙන් දායාදයක් ලෙස ඉතිරි කොට තැබුවෝය.  නබිතුමා ඉතාමත් නිර්ලෝභී ජිවිතයක් ගත කළේය. එබැවින් ඔහුට ලැබුණු සෑම දෙයක්ම ජනතාවගේ සුභ සිද්ධිය සඳහා බෙදා දුන්නේය. ඒ අනුව කිසිම දෙයක් හෙට දවස වෙනුවෙන් ඉතිරි කර තැබුවේ නැත. ඔහු සම්පුර්ණයෙන්ම අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබුවේය. නබිතුමා මිය යන විට ඉතිරි කොට ගියේ අල් කුරානය සහ ඔහුගේ මග පෙන්වීම පමණි.  නබිතුමාග

ඉස්ලාමය තුල අසල්වැසියාගේ යුතුකම් (Duties of a neighbor in Islam)

Image
අපට අසල්වැසියන් සම්බන්දයෙන් සුන්දර ඉතිහාසයක් තිබුනත් දැන් දැන් එය නැතිවෙමින් තිබේ. එදා වැඩිහිටියන් පමණක් නොව අසල්වැසි ළමුන් පවා එකට ක්‍රීඩා කල කාලයක් තිබුනේය. එහෙත් දැන් ඒවා දැකිය හැක්කේ ඉතා කලාතුරකින්ය. මෙම පෙරළියට ප්‍රධාන හේතුව ලෞකික ජීවිතය ජය ගැනීම සඳහා කරන තරඟය යැයි කිව හැකිය. මෙම තරඟය නිසා අද බොහෝ අය යාබද නිවසේ සිටින පුද්ගලයාව හඳුනන්නේ නැත. ඔහු කෑවද බීවද කියා සොයා බලන්නේද නැත. ඇතැම් විට ඔහු නෑදෑයෙක් විය හැකිය. එහෙත් ඔවුන් සමග ආශ්‍රය කිරීම සඳහා වෙලාවක් නැත. මෙම තත්වය ඉස්ලාම් දහම කිසිසේත්ම අනුමත කරන්නේ නැත. මෙවැනි දේවල් නිසා මිනිසා දෙවියන්ගෙන් ඈත් වන්නේය. දෙවියන්ගෙන් ඈත්වන මිනිසාට කොපමණ වස්තුව තිබුනත් සතුටක් ලැබෙන්නේ කෙසේද?  නබිතුමා එක් අවස්ථාවකදී එකම වාකිය කාණ්ඩය නැවත නැවත තුන්වතාවකම පැවසුවේය. "අල්ලාහ් කෙරෙහි දිව්රා කියමි, ඔවුන් විශ්වාස කලේ නැත! අල්ලාහ් කෙරෙහි දිව්රා කියමි, ඔවුන් විශ්වාස කලේ නැත!" ඊට සවන් දුන් සහාබාවරු "ඔවුන් කව්රුන්දැ"යි නබිතුමාගෙන් විමසුවෝය. එවිට නබිතුමා පවසා ඇත්තේ ඔවුන් තම අසල්වැසින්ට හිංසා කරන අය බවයි. එසේ තිබියදී අද පින් දහම් කරන කොපමණ අය

ඉස්ලාමීය අලුත් අවුරුදු උත්සවය (Islamic Eid Celebrations)

Image
මුස්ලිම්වරුන් සඳහා අවරුදු උත්සව දෙකක් නියම කොට තිබේ. ඉන් එකක් උපවාස මාසය අවසාන වීමෙන් පසුව ද අනෙක හජ් වන්දනය වෙනුවෙන්ද සිදු කරනු ලැබේ. මෙම උත්සව දෙකෙහි ඇති විශේෂත්වය වන්නේ අල්ලාහ් අපට කරන ලද උපකාරයන් වෙනුවෙන් තක්බීර් පවසා ඔහුට තුති පිදීමයි. එය පහත සඳහන් පරිදි සිදු කරනු ලැබේ. اَللهُ اَكْبَرُ– اَللهُ اَكْبَرُ–اَللهُ اَكْبَرُ لآاِلَهَ اِلاَّاللهٌ وَاللهُ اَكْبَرُاَللهُ اَكْبَرُاَللهُ اَكْبَرُ وَِللهِ الْحَمْدُ මෙම තක්බීර් පැවසීම ඊදුල් ෆිතර් සලාතයත් සමග අවසන් වන අතර ඊදුල් අල්හා උත්සවයෙන් පසු තවත් දින තුනක් එක දිගටම සිදු කරනු ලබන්නේය. ඊද් උත්සවයට සහභාගී වීමට පෙර ස්නානය කිරීම සුන්නාවකි. එනම් නබිතුමාගේ මග පෙන්වීමකි. එදින ඇති දේව මෙහෙය සඳහා තමන්ට ඇති හොඳම වස්ත්‍රයෙන් සැරසීමද  නබිතුමා පෙන්වා දෙන ලද තවත් සුන්නාවකි. අලුත් අවුරුදු උත්සව වලදී සිදු කරනු ලබන සලාතය සඳහා පිරිමින් මෙන්ම කාන්ත්වන්ද සහබාගි වෙති.  උපවාසයෙන් පසු එළඹෙන ඊදුල් ෆිතර් උත්සවයට සහභාගී වීමට පෙර හැකියාව ඇති සෑම කෙනෙක්ම දුප්පත් උදවිය සඳහා සහල් කි.ග්‍රෑම්. 2.5 බෙදා දීම අනිවාර්ය වේ. එය නැතිබැරි උදවියට අවරුදු සැමරීම සඳහා උදව්වක්

හජ් වන්දනය සහ ඉබ්‍රාහිම් නබි තුමා (Hajj and Prophet Ibrahim)

Image
ඉබ්‍රාහිම් නබිතුමා දැනට වසර 4000 කට පමණ පෙර එනම් ක්‍රි.පු. 1813 දී පමණ ඉරාකයේදී උපත ලබා තිබේ. එතුමා අල්ලාහ්ට ඉතා සමීප නබිවරයෙකි. එතුමාගේ නම 69 ම වතාවක්ම අල් කුරානයේ සඳහන් කොට ඇත. එතුමාව අල්ලාහ්ගේ මිතුරා යන අර්ථය ඇති කලිලුල්ලාහ් යන නමින්ද ආමන්ත්‍රණය කරනු ලැබේ.  මක්කාවේ පිහිටි ප්‍රධාන දේවස්ථානය නොහොත් කව්බාව මුලින්ම නිර්මාණය කළේ ඉබ්‍රාහිම් නබි තුමා සහ ඔහුගේ පුත්‍ ඉස්මායිල් යන දෙදෙනා ය. ඔවුන් විසින් එම දේවස්ථානය නිර්මාණය කිරීමෙන් පසු ඉබ්‍රාහිම් නබිතුමා අරෆා කන්දට නැග හජ් වන්දනය සඳහා ජනතාවට අරාධනා කළේය. එහි ප්‍රතිපලයක් ලෙස මිලියන සංඛ්‍යාවක් ජනතාව වාර්ෂිකව හජ් වන්දනය සදහා මක්කාවට ඇදී යන්නෝය.  හජ් වන්දනය පුරාවට ඉබ්‍රාහිම් නබිතුමාගේ ජිවිතයේ දී සිදු වූ දේවල් දැක ගත හැකිය. ඉබ්‍රාහිම් නබි තුමාගේ වයස 80 ව ඉක්ම වන තෙක් ඔහුට දරුවෙකු නැත. ඒ අනුව ඔහු මහලු වියට පත්වූ පසු ඉස්මායිල් යන දරුවා ලැබුනේය. එහෙත් අල්ලාහ්ගේ නියෝගය පරිදි හාජරා තුමියව සහ එම දරුවා කාන්තාරයේ හැර දැමීමට සිදු විය. මෙය ඉබ්‍රාහිම් නබිතුමාගේ දේව විශ්වාසය උරගා බැලීමට ලැබුණු ඉතා දරුණු පරීක්ෂාවකි. ඉබ්‍රාහිම් නබි තුමා ද ඊට එකඟ විය. ඒ අනුව ඉ