Posts

Showing posts from April, 2019

දරුවන් ඇති දැඩි කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු (Things to consider when raising children)

Image
  දරුවන් ඇති දැඩි කිරීම පිලිබඳව බොහෝ උගතුන් විසින් පොත් පත් පල කොට ඇත. එහෙත් මෙහිදී සලකා බැලෙන්නේ ඉස්ලාම් දහම එම විෂය ගැන ලබා දී තිබෙන අවවාදයන් ගැන පමණි. සහජයෙන්ම දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ ආදරය සහ කරුණාව නිරන්තරයෙන්ම ලැබෙන්නේය. එම නිසා ඔවුන් නිතරම ආසා කරන්නේ තම දරුවන්ගේ ලෞකික ජිවිතයේ ජයග්‍රහණය දැකීමටයි. ලෞකික ජීවිතයේදී ලබන ජයග්‍රහණය එක්තරා සතුටක් වුවද සත්‍යය ජයග්‍රහණය තිබෙන්නේ මරණයෙන් මතු ජිවිතයේදීය. මේ නිසා අල් කුරානය දෙමව්පියන් හට මෙසේ අවවාද කරන්නේය. “විශ්වාසවන්තයෙනි! ඔබ ද, ඔබගේ පව්ලේ උදවිය ද නිරයේ ගින්නෙන් ආරක්ෂා කරගනු. එහි ඉන්දන ගල් සහ මිනිසුන් වන්නෝය. එයට ඉහලින් දයාවක් නැති ශක්තිසම්පන්න මලායිකා වරුන්ව පත්කරනු ලැබ ඇත්තෝය. ඔවුන්ට අල්ලාහ් නියෝගකර ඇති දැයෙන් වෙනසක් නොකරනු ලබන්නෝය. ඔවුන්ට දෙනුලැබූ නියෝග එලෙසින්ම ඉටු කරමින් සිටින්නෝය” . මේ නිසා ළමුන්ට අධ්‍යාත්මික මග පෙන්වීම ඉතාමත්ම වැදගත් වේ.  අල් කුරානයෙන් මෙතරම් තදින් අවවාද කොට තිබියදීත් බොහෝ දෙමව්පියන්ගේ ඉලක්කය වන්නේ ළමුන්ගේ ලෞකික දියුණුව දැකීමයි. එම නිසා ළමුන්ට ආගම දහම ඉගැන්වීමට වඩා ලෞකික අධ්‍යාපනය ලබා දීමට සෑම උත්සාහයක්ම ගන්නේය.

උඩඟුකම (Pride)

Image
උඩඟුකම අල්ලාහ් අතිශයෙන්ම පිළිකුල් කරන ක්‍රියාවක් වේ. එබැවින් අංශු මාත්‍රයක හෝ උඩඟු කම ඇති කෙනෙක් ස්වර්ගයට යන්නේ නැත. මේ බව සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ පලවන හදිසයකින් කියැවේ. ඇත්ත වශයෙන්ම සාතන්ව ස්වර්ගයෙන් නෙරපීමට බලපෑවේද ඔහුගේ උඩඟුකම වේ. එසේ තිබියදී ඇතැම් උදවිය තම පරම්පරාව ගැනත් වංශය ගැනත් ධනය ගැනත් බලය ගැනත් උඩඟු වීම කොතරම් මුග්ධ ක්‍රියාවක් විය යුතුද? ඇත්තෙන්ම එය උඩඟු කම පෙන්වන අයගේ විනාශයට හේතුවක් බව ඔවුන් තේරුම් ගත යුතුය.  ඇතැම් අය සත්‍යය දැක දැකත් ඊට පිටු පාන්නේ ඔවුන්ගේ උඩඟු කම නිසාය. මෙය සාතන්ගේ ලක්ෂණයක් වේ. දෙවියන්ගේ නියෝජිතවරුන් වන නබිවරුන් ගෙනෙන ලද සත්‍යය දහම බොහෝ අය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේද උඩඟු කම නිසාය. මේ සඳහා එක් උදාහරණයක් නම් ඊජිප්තුවේ රජකම් කල පාරාවෝය. දෙවියන් ඔහු වෙත නබිවරුන් දෙදෙනෙකුම යවා සත්‍යය වෙත ඇරයුම් කළේය. තවද එම නබිවරුන් දෙවියන්ගේ නියෝජිතයින් බව සනාථ කිරීම සඳහා බොහෝ ප්‍රාතිහාරයන් පැවෝය. ඒ අනුව මුසා නබි තුමා ඔහුගේ සැරමිටිය දෙවියන්ගේ උදව්වෙන් නාගයෙකු බවට පත් කළේය. තවද ඔහුගේ අතින් ආලෝකය පිට කළේය. මේවා සියල්ල පාරාවෝ රජු සිය ඇසින් දුටු පසුත් ඒවා ප්‍ර

ඉස්ලාමය වැළඳ ගැනීම සඳහා බල කළ හැකිද? (Can conversion to Islam be forced?)

Image
අල් කුරානයේ දෙවන පරිජ්ජේදයේ 256 වන වැකිය තුල මෙසේ සඳහන් කොට ඇත.  “දහම තුල බල කිරීමක් නොමැත. ඇත්ත වශයෙන්ම වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගය වෙන් කොට පෙන්වාදී ඇත”.  මෙමගින් පැහැදිලි වන්නේ ඉස්ලාම් දහමින් බලහත්කාරය ප්‍රතික්ෂේප කරන බවයි. කුරානයේ තවත් තැනක මෙසේද සඳහන් වේ. "නුඹලාට නුඹලාගේ ධර්මය; මට මාගේ ධර්මය" (කුරානය 109:6). මෙම වගන්ති අනුව පැහැදිලි වන්නේ ඉස්ලාම් දහම තුල බලහත්කාරය නොමැති බවයි.  ඉස්ලාම් දහමේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන්නේ අල්ලාහ් දෙවියන්ව සිතින් විශ්වාස කිරීමයි. එය වාචිකව පමණක් ප්‍රකාශ කිරීමෙන් කෙනෙක් ඉස්ලාම් බක්තිකයෙක් වන්නේ නැත. මේ නිසා කිසිවෙකුව බලහත්කාරයෙන් ඉස්ලාම් දහමට හැරවිය නොහැකිය. එසේ කිරීමට අවශ්‍යතාවයක්ද නැත. කෙසේ වෙතත් ලෞකික අරමුණු ඇතුව ඇතැම් අය නබිතුමාගේ කාලයේදී පවා ව්‍යාජ ලෙස ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබේ. උදාහරණයක් වශයෙන් අබ්දුල්ලා ඉබ්නු උබෙයි සහ ඔහුගේ සගයන් පෙන්වා දිය හැකිය. ඔවුන් ඉස්ලාම් දහම වැළඳ ගත්තේ සමාජයට ඇති බිය නිසාය. මේ නිසා ඔවුන්ට ස්වර්ගය ලැබෙන්නේ නැත.  කෙසේ වෙතත් අල්ලාහ්ට අවශ්‍යතාවයක් තිබුනේ නම් සියළුම මිනිසුන්ව ඔහුට අවනත වන අය නොහොත් මුස්ලිම්