Posts

Showing posts from July, 2016

7 Things About EARTH Science CAN'T Figure Out

Image

10 Lies You Were Told About Islam!

Image

Your Tongue: The Taste-Maker!

Image

ඉස්ලාම් දහමින් නම් කොට ඇති මහා අකුසල් ක්‍රියාවන් වල විපාක මොනවාද? (What are the consequences of the great sins named in Islam?)

Image
   ඉස්ලාම් දහම අනුව මහා පාපයන් වන්නේ අල් කුරානයෙන් සහ මුහම්මද් නබි තුමා විසින්  තහනම් කොට ඇති දේවල් ය. මේවා සහාබාවරුන්ගේ සහ ඔවුන්ගෙන් පසුව පැමිණි අයගේ ජිවිත ආදර්ශ තුලින් මැනවින් පිළිබිඹු කොට තිබේ. කෙසේ වෙතත් මහා පාපයන්ගෙන් වැලකී සිටියේ නම් කුඩා පාපයන්ට සමාව ලැබෙන්නේය. අල් කුරානයේ මෙසේ දැක්වේ. "නුඹලාට වලක්වනු ලැබූ දේවල් අතරින් මහා පාපයන්ගෙන් නුඹලා ඉවත් වන්නේ නම් අපි නුඹලාගේ (කුඩා) කුඩා පාපයන් මකා දමන අතර නුඹලාව ශ්‍රේෂ්ඨ තැනකට (ස්වර්ගයට) ඇතුලත් කරමු" (කුරානය 4:31). කුරානයේ තවත් තැනක වැරදීමෙන් සිදුවන දේවල් හැර මහා පාපයන්ගෙන් වැලකී සිටින අයගේ පව් සමා කරන බව සඳහන් වන්නේය.  මුස්ලිම්වරයෙකු අල්ලාහ්ට සමානයන් තැබීම මහා පාපයකි. ඒ අනුව අල්ලාහ්ට සමානයන් තබමින් සිටියදී ඔහු මිය ගියේ නම් ඔහුට ස්වර්ගය අහිමි වේ. එම නිසා නාමිකව මුස්ලිම්වරයෙකු වශයෙන් නොසිට අල්ලාහ් ගැන දැනගෙන ඔහුව නිවැරදි ලෙස විශ්වාස කිරීම අනිවාර්ය වේ.  ඉස්ලාම් දහමින් මහා පාපයන් ලෙස බොහෝ දේවල් නම් කොට තිබේ. ඉන් කිහිපයක් මෙසේ දැක්විය හැකිය. මනුෂ්‍ය ඝාතන, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, සලාතය ඉටු නොකිරීම, හේතුවක් නොමැතිව උපවාසය නොක

දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වන්නේ ඇයි? (Why divine punishments are delayed?)

Image
දෙවියන් මවකට වඩා හැත්තෑ වාරයක් කාරුණිකයැයි නබිතුමා පවසා ඇත. එබැවින් මිනිසා කුමන වරදක් කලත් එම වැරදි හදාගැනීමට ලෞකික ජීවිතයේදී මිනිසාට අවස්ථාවක් ලබා දී තිබේ. මෙවැනි අවස්ථාවක් නොතිබෙන්නට බොහෝ මිනිසුන් තමන් කළ වැරදි හේතුවෙන් දඬුවමට ලක්වනු ඇත. නැතහොත් ඔවුන්ට සදාකල් නිරයේ වේදනා විඳීමට සිදු වනු ඇත. කෙසේ වෙතත් දෙවියන් මිනිසාට ඉතා කාරුණික බැවින් මිනිසා කරන වැරදි වලට එවෙලේම දඬුවම් නොකර සමාව ගැනීමට අවස්ථාවක් උදා කොට තිබේ. මේ හේතුවෙන් මිනිසා මෙලොවදී මොන වැරදි කලත් ඒවාට සමාව ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇත. එහෙත් අල්ලාහ්ට සමානයන් තැබීම විශාල වරදක් බැවින් මරණයට පෙර ඒ සඳහා සමාව නොගත්තේ නම් පමණක් සදාකල් නිරයේ දුක් විඳීමට සිදු වන්නේය. මුස්ලිම්වරුන් කරන සලාතය, උපවාසය, දානමය පින්කම්, හජ් වැනි වන්දනයන් නිසා ඔවුන් නොදැනුවත්ව කරන සුළු පව් සමා කරනු ලබන්නේය. එහෙත් ශිර්ක් හෙවත් දෙවියන්ට සමානයන් තැබීම සහ දහමින් තහනම් කොට ඇති ලොකු පව් සිදු කොට තිබුනේ නම් ඒ සඳහා පමණක් අනිවාර්යයෙන්ම සුදුසු පරිදි සමාව ගත යුතුය. මෙය මිනිසාට ලැබී ඇති මහඟු අවස්ථාවකි. මේ අනුව කෙනෙකුට කාමය වරදවා හැසිරීම, මිනිස් ඝාතන, සොරකම, මංකොල්