Posts

Showing posts from January, 2020

සතුන්ට කරුණාව දැක්වීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about kindness to animals?)

Image
ඉස්ලාම් දහම අනුව සෑම ජීවියෙක්ම මවා ඇත්තේ යම් කිසි අරමුණක් සඳහාය. ඒ අනුව කිසිම හේතුවක් නොමැතිව සතුන්ට වධ දීම හෝ මරා දැමීම බලවත් පාපයකි. කෙසේ වෙතත් ආහාරය පිණිස හෝ දහමින් අනුමත වෙනත් හේතුන් නිසා හෝ සතුන් මැරීම ඉස්ලාම් දහම අනුව වරදක් නොවේ. කෙසේ වෙතත් සතුන්ට හිංසා කිරීම හෝ උන්ගේ ශක්තියට වඩා වැඩියෙන් වැඩ ගැනීම වරදක් බව ෂරියා නීතියෙන් පෙන්වා දෙන්නේය. නබිතුමාගේ හදිසයක දැක්වෙන පරිදි බනු ඉස්රායිල් කාන්තාවක් බලලෙකුට කෑම නොදී හිරකර තැබීම හේතුවෙන් ඌ මරණයට පත් විය. එම හේතුවෙන් ඇය කොපමණ පින් දහම් කරත් නිරයට යන බව නබිතුමා පැවසුවේය. තවත් හදිසයක සඳහන් වන අන්දමට එක්තරා ගණිකාවක් තිපාසයෙන් පෙළුණු බල්ලෙකුට අසල පිහිටි ළිඳකින් වතුර ගෙනවිත් දී උගේ තිපාසය සංසිඳුවේ ය. මේ හේතුවෙන් ඇයගේ පව් වලට සමාව ලැබුණු බවත් ඇය ස්වර්ගයට යන බවත් නබිතුමා පවසා ඇත. එක් දිනක් නබිතුමා සිය අනුගාමිකයින් සමග ගමනක් යමින් සිටි අතර වාරයේදී වෙනත් කටයුත්තක් සඳහා සුළු වේලාවකට එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත. එතුමා සිය අවශ්‍යතාවය අවසන් කොට නැවත පැමිණි විට ඔහුට දැක ගත හැකි වුයේ සහාබාවරු කිහිප දෙනෙක් එම ස්ථානයේ සිටි කුරුළු පැටව් දෙදෙනෙකුව මව් කිරිල

අල්ලාහ්ට සමානයන් ඇති කිරීම (Making equals to Allah)

Image
ඉස්ලාම් දහමේ මුලික ඉගැන්වීම වන්නේ අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගනිම වේ. ඉන් අදහස් කරන්නේ අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙනුවෙන් අල්ලාහ්ට ලැබිය යුතු ගරුත්වය ලබා නොදීම වේ. මෙලොවට පැමිණි සියලුම නබිවරුන් ඉගැන්නුවේද එයයි. එසේ තිබියදී ඉස්ලාම් බක්තිකයෙක් අල්ලාහ්ට සමානයන් තබන්නේ නම් ඔහු කරන්නේ විශාල වරදකි. එවැනි කෙනෙක් මරණයට පෙර එම වැරැද්දෙන් මිදී අල්ලහ්ගෙන් සමාව ගෙන නොතිබුනේ නම් ඔහුට ස්වර්ගය තහනම් වේ. ඒ අනුව ඔහු ඉස්ලාම් දහමින් නියම කොට ඇති සලාතය ඉටු කර තිබුනත්, සකාත් බද්ද ගෙවා තිබුනත්, උපවාසය සිදු කොට තිබුනත් යන්නේ නිරයට වේ. මේ නිසා අල්ලාහ්ට සමානයන් තැබීමේ භයානක කම ගැන සෑම මුස්ලිම්වරයෙකුම දැනගෙන සිටිය යුතු ය. ලුක්මාන් අලෛහි සලාම් තුමා සිය පුතුන්ට මෙසේ අවවාද කළ බව කුරානය පෙන්වා දෙන්නේය.  "ලුක්මාන් තම පුතාට අවවාද කරන කල පැවසුවේ, 'මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට කිසිම දෙයක් සම නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට වෙනත් දෙයක් සමකිරිම ඉතා දරුණු අපරාධයකි" (කුරානය 31:13). මෙතරම් දරුණු අවවාදයක් සිදු කොට තිබියදීත් අද බොහෝ මුස්ලිම්වරුන් මළවුන් හරහා අල්ලාහ්ට සමානයන් තැබීම දැකිය හැකිය.  තමන් ගරු කරන කෙනෙක