Posts

Showing posts from February, 2022

දහම ප්‍රචාරය කිරීමෙහිලා මුස්ලිම්වරුන්ගේ වගකීම් (Responsibilities of Muslims in Propagation of Religion)

Image
පුජක පක්ෂයක් නැති එකම ආගම ඉස්ලාම් වේ. මේ නිසා මුහම්මද් නබිතුමාගේ අභාවයෙන් පසු ඉස්ලාම් දහම රැක ගැනීම සහ ප්‍රචාරය කිරීමේ වගකීම මුස්ලිම්වරුන් සියලු දෙනා වෙත අඩු වැඩියෙන් පැවරෙන්නේය. විශේෂයෙන්ම එය ආගමික විද්වතුන්ගේ වගකීමකි.  ඉස්ලාම් දහමේ බොහෝ දේවල් ක්‍රියාවත් සමග බැඳී පවතින්නේය. මේ නිසා මුස්ලිම්වරයෙකුගේ ක්‍රියා කලාපය පවා දහම ප්‍රචාරය කිරීම සඳහා වැදගත් වේ. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ කතා බහ, ගනුදෙනු, සමාජ ක්‍රියා කලාපයන්, අසල්වැසි සම්බන්දයන් යන සියල්ලම දහම ගැන ප්‍රචාරය කිරීමේ මාධ්‍යක් ලෙස භාවිතා කල හැකිය.  සමස්තයක් ලෙස ගත් කල ඉස්ලාම් දහම, මුස්ලිම්වරුන්ගෙන් බලාපොරොත්තු වන්නේ අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන ඔහුගේ කැමැත්ත අනුව ජිවත් වීමයි. ඒ අනුව සෑම මුස්ලිම්වරයෙකුම අල්ලාහ් නියෝග කොට ඇති සලාතය නිසි ලෙස ඉටු කල යුතුය. ධනවතුන් විසින් වසරක් පාසා ඔවුන්ට නියමිත සකාත් ඒවා ලැබීමට නියමිත අය වෙනුවෙන් ලබා දිය යුතුය. සෑම වසරකම රමළාන් මාසයේදී උපවාස කල යුතුය, තවද හැකියාව තිබෙන අය විසින් හජ් වන්දනය ඉටු කල යුතුය. මේවා සිදු කරමින් නබිතුමා පෙන්වා දෙන ලද මාර්ගයේ ගමන් කිරීමට සෑම උත්සාහයක්ම ගත යුතු ය. එය ස්වර්ගයට