Posts

Showing posts from December, 2016

Introduction of the book "Pivithuru Islam Dahama"

Image

ජනතාව බේදබින්න කරන්නේ කව්ද? (Who create problems among people?)

Image
ජනතාව ඉබේ බේද වීමට වඩා ඔවුන්ව බේද කරවීමට වක්‍රාකාරයෙන් විශාල කාර්ය භාරයක් ලෝකය පුරා සිදු වෙමින් පවතී. මිනිසුන් බේද කරවීමට බොහෝ හේතුන් ඇත. ඇතැම් බලවත් රටවල් නිෂ්පාදනය කරන අවි විකිනීමට එය අවස්ථාවක් මෙන්ම තවත් රටක් දියුණු වීම වැළැක්වීමට එම ක්‍රමය මහෝපකාරී වන්නේය. පලස්තීනය සහ කාශ්මීරය නිර්මාණය කිරීම මිට හොඳ උදාහරණ වේ.  බල තන්හාවට පත් වූ අය ඉත්තන් ලෙස යොදා ගන්නේ රටේ සාමාන්‍ය ජනතාව වීම මෙහිදී තේරුම් ගත යුතුය. බලවතුන් කරන වැඩ නිසා අවසානයේදී පිඩාවට පත් වන්නේද සාමාන්‍ය ජනතාව බව හොඳින් තේරුම් ගත යුතුය.  ලංකාව තුල සිදුවූ සහ සිදුකිරීමට මාන බලන ජාතිවාදී ප්‍රශ්න පිටුපසද නොයෙකුත් සංවිදානවල බලපෑම් තිබිය හැකිය. බොහෝ අයට අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ සුබ සිද්දියට වඩා මුදල් උපයාගැනීම වේ. එසේ කළ විට ඔවුන්ට ජනතාව අතර වීරයන් මෙන් පෙනී සිටිය හැකිය. මෙය තේරුම් නොගන්නා ඇතැම් අය සිතන්නේ මොවුන් සිදු කරන්නේ ජාතික හෝ ආගමික මෙහෙවරක් ලෙසය. එහෙත් සැබෑවටම සිදු වන්නේ මිනිසුන් මුලාකොට මුදල් රැස්කොට ඔවුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ඒවා වැය කිරීමය. මේ වන විට ලංකාවේ තිස්වසරක බිහිසුණු යුද්දයක් නිමා කොට වැඩි කල් ගොස් නැත.