Posts

Showing posts from 2021

අල්ලාහ් සමාව නොදෙන පාපයන් කුමක්ද? (What are the sins that Allah does not forgive?)

Image
අල්ලාහ් එක්කෙනෙකි. ඔහුට සමාන වෙනත් කිසිම දෙවි කෙනෙක් නැත. එසේ තිබියදී යම් කෙනෙක් ඔහුට වෙනත් දේවල් සමාන කිරීම අල්ලාහ් අනුමත නොකරන්නේය. එම පාපය හැර අනෙක් වැරදි සඳහා අල්ලාහ් ඔහුගේ අභිමතය පරිදි සමාව දෙන්නේය.  "නියත වශයෙන්ම අල්ලාහ්ට සමානයන් ඇති කිරීම වෙනුවෙන් ඔහු සමාව නොදෙන්නේය, එහෙත් ඔහු එය හැර වෙනත් දේවල් සඳහා තමන් කැමති අයට සමාව දෙන්නේය: කවරෙක් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහු මහා පාපයක් ඇති කල කෙනෙකි"  (කුරානය 4:48). ඇතැම් පුජකවරුන් ඔවුන්ගේ ලෞකික වාසි වෙනුවෙන් අල්ලාහ් පහළ කරන ලද ආගම හොඳින් දැනගෙන සිටියත් එය අනෙකාට පවසන්නේ නැත. එසේ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ මේ ලෝකයේදී ලැබෙන වාසිය පමණනි. ඇයිද යත් සත්‍යය පැවසීමෙන් ඔවුන්ට ලැබෙන තාන්න මාන නැතිවී යන්නේය. ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සත්‍යය වසන් කිරීම නිසා පුජකවරුන්ගේ මග පෙන්වීම බලා සිටින බොහෝ අයට සත්‍යය දැනගැනීමට තිබෙන මාර්ගය ඇහිරී යන්නේය. මේ නිසා ඔවුන් අනුභව කරන්නේ ගින්න බව කුරානය මගින් මෙලෙස පෙන්වා දෙයි.     "නියත වශයෙන්ම කවරෙක් අල්ලාහ්ගේ පුස්තකයෙහි පහළ කළ දැය සඟවාගෙන එමගින් අල්ප මිලක් ලබාගන්නේද, ඔවුන් තම උදරය තුලට ගින්න මිසක් වෙන

විශ්වයේ පෝෂක දෙවියන් (God who feeds the universe)

Image
නව ඇස්තමේන්තුවකට අනුව ස්වාභාවික ලෝකයේ සත්ව විශේෂ මිලියන 8.7 ක් පමණ ඇත. එය විද්‍යාඥයින් විසින් මෙතෙක් සිදු කොට ඇති වඩාත්ම නිවැරදි තක්සේරුව ලෙස සලකනු ලැබේ. මේ සෑම ජිවියෙකුටම ආහාර ලබා දෙන්නේ කවුද?  අළු තල්මසුන් දින 130 සිට 140 දක්වා වන කාල පරාසය තුළ ආහාර කිලෝ ග්‍රෑම් 150,000 ක් පමණ ආහාරයට ගන්නේය. එනම් උගේ දෛනික අහාර අවශ්‍යතාවය කිලෝග්‍රෑම් 1,089 පමණ වේ. මෙය දල වශයෙන් මිනිසුන් 6000කගේ පමණ ආහාර අවශ්‍යතාවය වේ. මෙතරම් විශාල ආහාර අවශ්‍යතාවයක් තිබියදීත් කිසිම තල්මසෙකු බඩගින්නේ මිය යන්නේ නැත. එසේම අලියෙකු දිනකට රාත්තල් 250ත් 300ත් අතර ප්‍රමාණයක් ආහාර පරිබෝජනය කරන්නේය. මෙය දල වශයෙන් මිනිසුන් 1650කගේ අහාර අවශ්‍යතාවය වේ. එසේ තිබියදීත් සෑම අලියෙකුම කෙසේ හෝ උන්ගේ එම අවශ්‍යතාවය සපුරා ගන්නේය. මේ අකාරයටම ලොව සිටින ලොකු කුඩා සියලුම සතුන් උන්ගේ අහාර ලබා ගන්නේය. මෙහි ඇති විශේෂත්වය වන්නේ මිනිසා හැර වෙනත් කිසිම සතෙක් උන්ගේ හෙට දිනයට අවශ්‍ය අහාරය ගැන බියට පත් නොවීමයි.     ඇත්ත වශයෙන්ම ලෝකයේ පවතින අති දැවැන්ත ආහාර දාමයක් නොවන්නට සියලුම ජීවීන්ගේ අහාර අවශ්‍යතාවයන් ඉටු කල හැකි වන්නේ නැත. ආහාර දාමයක් ඇති කිරීම පමණක

මිනිසුන් ආගම හැර යද්දී ඉස්ලාමය වේගයෙන් පැතිරෙන්නේ ඇයි? (Why is Islam spreading so fast when people leave the religion?)

Image
සමාජ විද්‍යාඥයින් වන අරීලා කීසර් සහ ජුහෙම් නවරෝ යන දෙදෙනා විසින් අදේවවාදය පිළිබඳ සිදුකල ගෝලීය අධ්‍යයනයකින් පසු  හෙළිකරගෙන තිබෙන්නේ ලෝකයේ ධනාත්මක අදේවවාදීන් සහ නාස්තික දෘෂ්ටිකයින් (agnostics) මිලියන 450 ත් 500 ත් අතර සංඛ්‍යාවක් සිටින බවයි.  එය ලෝක ජනගහනයෙන් 7% ක් පමණ වේ. සමස්තයක් වශයෙන් ලෝකයේ වැඩියෙන්ම අදේවවාදීන් සිටින්නේ චිනයේය. එම සංඛ්‍යාව මිලියන 200 ඉක්මවන්නේය. චීන ජාතිකයින් දහමින් ඈත්වීමට ප්‍රධාන හේතුව රජයෙන් සිදුකරනු ලබන බලපෑම වේ. චීනයේ ඇතැම් ප්‍රාන්තවල ආගම ඇදහීමට රජය විසින් විශාල බදාවන් පමුණුවන බව වාර්තා වන්නේය. ඒ අනුව කිසිම ආගමකට එහි නිසි ඉඩක් ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම එහි සිටින මුස්ලිම්වරුන්ව කඳවුරු වලට සිර කොට මනස වෙනස් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. එසේ නොවන්නට ඔවුන්ගෙන් විශාල පිරිසක් යම් කිසි ආගමක් ඇදහීමට ඉඩ තිබේ.   මේ හැරුණු විට ඇමරිකාව ඇතුළු බොහෝ යුරෝපිය රටවල්වල ද දහම හැර යාමේ ප්‍රවනතාවය දිනෙන් දින වැඩි වෙමින් තිබේ. අළුත්ම සංගනනයන් වලින් පෙන්නුම් කරන්නේ එංගලන්තය තුල ආගමක් අදහන අයට වඩා වැඩියෙන් ආගමක් නොඅදහන අය සිටින බවයි. කෙසේ වෙතත් ඉස්ලාම් දහම වැළඳ ගැනීම අතින් ලොව

ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට හිමි තැන (The place of education in Islam)

Image
  ඉස්ලාම් දහමින් අධ්‍යාපනයට ඉතා ඉහල වටිනාකමක් ලබා දී තිබේ. ඒ අනුව ආධ්‍යාපනය හැදෑරීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්ය බව නබි තුමා පවසා ඇත. මේ හේතුවෙන් පිරිමින් මෙන්ම කාන්තාවන් අධ්‍යාපනය හැදෑරිය යුතුවේ. අල් කුරානයේ මුල්ම් පරිජ්ජේදය ආරම්භ වන්නේ ද "කියවනු" යන නියෝගයත් සමගය. එමගින් කියවීමේ ඇති වැදගත්කම කියා පාන්නේය. දැනුම සම්බන්දයෙන් නබිතුමාගේ හදිසයක මෙසේ දැක්වේ. යම් කෙනෙක් දැනුම සොයා යන්නේ නම්, අල්ලාහ් ඔහුට ස්වර්ගයට යන මාර්ගය පහසු කරන්නේය. මින් අදහස් කරන්නේ කුරානය සහ හදිස් පිලිබඳ දැනුම වේ. ඉස්ලාම් දහමින් දැනුමට ලබා දී ඇති වැදගත්කම නිසාම අල් කුරානය පහළ වීමට පෙර දැනුම අතින් ඉතා පසුගාමිව සිටි ජනතාව පසු කාලයේ ලෝකයේ ඉතා ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්විය. එම හේතුවෙන් මුස්ලිමරුන් විසින් විද්‍යාවේ දියුණුවට පවා විශාල ලෙස දායක වී තිබේ.  එදා අඳුරේ තිබුණු යුරෝපය ආලෝකය කරා ගෙන ගියේ මුස්ලිම්වරුන් විසින් ලෝකයට දායාද කල විද්‍යාත්මක සොයා ගැනීම් නිසාය. ඒ අනුව ඉතිහාසයේ සිටම මුස්ලිමරුන් ආගමට මෙන්ම ලෞකික අධ්‍යාපනය වෙනුවෙන් විශාල කාර්‍ය භාරයක් ඉටු කොට තිබේ. මුස්ලිම් විද්‍යාඥයින් වන අබු මුසා ජබර්, අල් කෝහි, ඉබ්

එක රටක් එක නීතියක් මුස්ලිම්වරුන්ට බලපාන්නේ කෙසේද? (How does one country and one law affect Muslims?)

Image
  ලංකාවේ පවතින දණ්ඩ නීතිය සෑම ලාංකිකයෙකුටම එකසේ ක්‍රියාත්මක වේ. එහෙත් එක් එක් ආගම් සඳහා ක්‍රියාත්මක වන පෞද්ගලික නීති ද ඇත. ලංකාව තුල ඒවා උඩරට නීතිය, තේසවලාමේ නීතිය, ෂරියා නීතිය ලෙස ක්‍රියාත්මක වේ. ඇතැම් විට ඒවා පුද්ගලික නීති ලෙසද හඳුන්වනු ලැබේ. මෙවැනි නීති ක්‍රියාත්මක කරන්නේ එක් එක් ජාතීන්ගේ ආගමික නිදහස ලබා දීම සඳහාය. එමගින් සෑම ජාතියකටම සතුටින් සහ සාමයෙන් ජිවත් වීමට අවකාශ ලැබේ. මේ නිසා රටේ ව්‍යවස්ථාවෙන්ම ඒවාට ප්‍රතිපාදන ලබා දී ඇත.  කෙසේ වෙතත් මෑත ඉතිහාසය දෙස බලන කල ඇතැම් අය ෂරියා නිතිය ගැන බොහෝ විවේචන එල්ල කරති. ඊට ප්‍රධාන හේතුව ඔවුන් ඉස්ලාම් දහම ගැන අධ්‍යයනය කර නොතිබීම විය හැකිය. ඇත්තෙන්ම ඉස්ලාම් දහම යනු අංග සම්පුර්ණ ජිවන ක්‍රමයකි. එබැවින් මුස්ලිම්වරුන්ට කුරානයෙන් පෙන්වා දී ඇති විවාහ සහ දික්කසාද ක්‍රමයක් තිබේ. තවද ඔවුන් දේපල බෙදීමේදී කුරානයේ ඇති අනුපාත වලට එය සිදු කල යුතුය. කුරානය අනුව මුස්ලිම්වරුන්ට පොලිය සපුරා තහනම් වේ. එබැවින් ඔවුන්ට සම්ප්‍රදායික බැංකුවලින් ගනු දෙනු කිරීමේදී ඇතැම් ගැටළු පැන නගින්නේය. තවද ඇඳුම් ඇඳීමේදී මුස්ලිම්වරුන්ට කුරණයෙන් ඇතැම් සිමාවන් පනවා තිබේ. විශේෂයෙන්ම කාන

ආත්මය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය (Islamic belief in the soul)

Image
ආත්මය නොහොත් ජිවය විද්‍යාත්මක උපකරණවලට හසු කර ගත නොහැකි ය. එබැවින් විද්‍යාව කොතරම් දියුණුවී ඇතත් ජිවය පිළිබඳව විඥාඥයින්ට ඇත්තේ අල්ප දැනුමකි. කෙසේ වෙතත් කෙනෙකුගේ මරණය සිදු වූ වහාම ශරීරයේ  බර අඩු වන බව සොයාගෙන තිබේ.  අල් කුරානයට අනුව අදම්තුමාව මැවීමෙන් පසු ඔහුගේ ශරීරය තුලට ආත්මය ඇතුලත් කොට තිබේ. ඉන් පසු ඔහුගේ ක්‍රියාකර කම් ආරම්භ විය. ආත්මය පිළිබඳව නබිතුමාගෙන් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් මෙම කුර්ආන් වැකිය පහළ විය.  "ඔවුන් ප්‍රාණය ගැන නුඹගෙන් විමසති. ප්‍රාණය මාගේ සමිඳුන්ගේ (رب) අණ පරිදිම ඇතැයි ද (එය ගැන) සුළු දැනුමක් පමණක් ඔබලාට දෙනු ලැබ ඇතැයි ද පවසනු"  (කුරානය 17:85).  මේ හේතුවෙන් මිනිසාට ආත්මය පිලිබඳව දෙවියන් දැනුම් දෙන ලද දේට වඩා වැඩි දෙයක් දන්නේ නැත. අල් කුරානයට අනුව ආත්මයට "රුහ්" යැයි කියනු ලැබේ. එය මෙලොවට අයත් නොවේ. ඒ අනුව කෙනෙකුගේ මරණයත් සමග එය නැවතත් දෙවියන් වෙත රැගෙන යාමට නියමිතය. අල් කුරානයේ සඳහන් වන ආකාරයට මරණය සහ ජිවය මවා තිබෙන්නේ මිනිසාව පරික්ෂා කොට බැලීම සඳහාය. එම කරුණ කුරානයේ මෙලෙස සඳහන් වේ. "ඔහු මරණය සහ ජිවය මවන ලද්දේ නුඹලා අතරින් යහපත් ක්‍රියාවන

සිත් සැනසුම ලබන්නේ කොතැනද? (Where do hearts find peace?)

Image
දෙවියන්ගේ සැලසුම අනුව මිනිස් ජීවිතය පුරාවට දුක සහ සතුට මාරුවෙන් මාරුවට පැමිණෙන්නේය. ඒ අනුව කිසිම කෙනෙක් සෑම විටම සතුටින් සිටින්නේ හෝ දුකින් සිටින්නේ හෝ නැත. උදාහරණයක් ලෙස යම් කෙනෙක් කුසගින්නේ සිටින විට රසවත් ආහාරයක් ලැබුණු විට ඔහු සතුටට පත් වන්නේය. අනෙක් අතට එය නොලැබීම නිසා ඔහු අසතුටට පත් වන්නේය. එසේම කෙනෙක් විභාගයකින් සමත් වීමෙන් සතුටට පත් වන්නේය. අනෙක් අතට ඔහු විභාගයකින් අසමත් වුයේ නම් අසතුටට පත් වන්නේය. මෙවැනි බොහෝ දේවල් මිනිස් ජීවිතය පුරාවට දැකිය හැකිය. මේ සෑම දෙයකටම හේතුව මිනිස් ජීවිතය පරීක්ෂාවක් වීමයි. ඒ බව කුරානයෙන් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් යම් කෙනෙකු දුකට පත් වූ අවස්ථාවකදී ඊට සාර්ථකව මුහුණ දීම සඳහා ඔහුගේ සිතේ ඇති සැනසීම ඉතා වැදගත්ය. එබැවින් එය අත්කර ගත හැකි ක්‍රමය කුරානයෙන් පෙන්වා දී තිබේ. එහෙත් මෙලොව ජීවිතයේදී සදාතනිකව සතුටින් සිටිය හැකි මාර්ගයක් කුරානය තුල දැකිය නොහැකිය. කුරානයට අනුව සදාතනික සතුට තිබෙන්නේ මරණයෙන් පසුව එළඹෙන ස්වර්ගයේදීය.   මරණයෙන් පසු ජීවිතය ගැන විශ්වාස නොකරන බොහෝ අය සතුට වෙනුවෙන් බොහෝ දේවල් කරන්නේය. ඒ අනුව සමහරු අධික ලෙස වස්තුව සේවිමෙන්ද, තවත් සමහරු මතට

නබිතුමා ඔහුගේ උපන් දිනය සැමරුවාද? (Did the Prophet celebrate his birthday?)

Image
උපන්දින සැමරීම සන්බන්දයෙන් ඉස්ලාම් දහම කිසිවක් සඳහන් කොට නැත. ඒ අනුව නබිතුමා ජිවතුන් අතර සිටින තාක් කල් කිසිවෙකුගේ උපන් දින සැමරීමක් සිදු කලේ නැත. කෙසේ වෙතත් එය ආරම්භ වන්නේ හිජ්රි හතර වන සිය වසේදීය. එනම් නබිතුමාගේ අභාවයෙන් පසු වසර පන්සියයක් ගෙවී ගිය පසුවය. නබිතුමා වෙනුවෙන් මුල් වරට උපන්දින සැමරීමක් සිදු කරනු ලැබුවේ ඊජිප්තුවේ අග නගරය වන ඉර්බිල්හි අල්-මාලික් අල්-මුලෆ්ෆර් අබු සඊද් (al-Malik al-Muzaffar Abu Sa‘eed) විසිනි. එවකට කලීෆා වුයේ ෆාතිමිඩ් වරයෙක් වන ෂෙයික් අල්-මහ්ෆුස් ය. ඔහු ෂියා නිකායට අයත් මුස්ලිම්වරයෙකු වේ. කෙසේ වෙතත් අල්-අෆ්දාල් නමැති හමුදා පාලකයා විසින් මිලාද් උත්සවය නතර කොට ඇත. එහෙත් අල්-අමීර් බි-අහ්කාම් අල්ලාහ් විසින් හිජ්රි 524 දී නැවතත් මිලාද් උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. උපන්දින සැමරීම ඉස්ලාම් දහමේ කොටසක් වුයේ නම් ඒ ගැන ජනතාවට දැනුවත් කිරීම නබිතුමාගේ වගකීමකි. එහෙත් ෂරියාවේ කිසිම තැනක උපන්දින සැමරීම සම්බන්දයෙන් සඳහනක් නැත. මේ නිසා නබිතුමා ජිවතුන් අතර සිටින තාක් කල් උපන්දින සැමරීමක් තමන් වෙනුවෙන් හෝ ඔහුගේ භාර්‍යාවන් වෙනුනෙන් හෝ ඔහුගේ ඥාතින් වෙනුවෙන් හෝ සිදු කලේ නැත.

උඩඟුකම ගැන ඉස්ලාමීය අනතුරු ඇඟවීම (Islamic warning about pride)

Image
උඩඟු කමට අරාබි බසින් 'කිබ්ර් ' යැයි කියනු ලැබේ. නබිතුමාගේ වදනකට අනුව උඩඟු කම අනු ප්‍රමාණයක් හෝ ඇති තැනැත්තා ස්වර්ගයට යන්නේ නැත. එය මිනිසාව අල්ලාහ්ගෙන් ඈත් කර තැබීමට ප්‍රධාන හේතුවකි. මුල් වරට උඩඟු කම පෙන්නුම් කලේ සාතන් ය. තවද අහංකාරය සම්බන්දයෙන් කුරානයේ මෙසේද දැකිය හැකිය. "ඔහු (අල්ලාහ්) අහංකාරය පෙන්වන්නන්ව ප්‍රිය නොකරන්නේය" (කුරානය 16:23). උඩඟු කම යනු කෙනෙක් තවත් කෙනෙකුව පහත් කොට සැලකීමයි. කෙසේ වෙතත් ලස්සන ඇඳුමක් ඇඳීම හෝ වටිනා සපත්තු ජෝඩුවක් දැමීම උඩඟු කම නොවේ. සහාබි වරයෙක් නබිතුමාගෙන් ඇසු පැනයකට පිළිතුරු වශයෙන් එතුමා පවසා තිබෙන්නේ කෙනෙක් වටිනා ඇඳුමක් හෝ වටිනා සපත්තු ජෝඩුවක් දැමීම උඩඟු කම නොවන බවයි. කෙසේ වෙතත් එමගින් ඔහු අනෙකාට වඩා උසස් යැයි සිතීම උඩඟු කම වේ. මෙය සාතන්ගේ ක්‍රියාවෙන් දැකිය හැකිය. එය කුරානයේ මෙලෙස විස්තර කොට ඇත.  "මා අණ කල කල්හි නුඹ සුජුද් නොකර සිටීමට හේතුව කුමක්දැ"යි (අල්ලාහ් ඉබ්ලිස්ගෙන්) ඇසු කල්හි, ඉබ්ලිස්: 'මා ඔහුට වඩා උසස් වන්නෙමි, නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇතැ'යි පැවසුවේය" (කුරානය 7:12). සාතන්ගේ මෙම

දරුවන් ඇති දැඩි කිරීමේදී දහමට මුල් තැන ලබා දිය යුත්තේ ඇයි? (Why should religion be given priority in raising children?)

Image
දරුවන් යනු දෙවියන් විසින් ලබා දී ඇති මිල කළ නොහැකි දායාදයකි. ඇතැමුන්ට පිරිමි ළමයින් පමණක්ද ඇතැමුන්ට ගැහැණු ළමයින් පමණක්ද තවත් සමහරුන්ට පිරිමි සහ ගැහැණු ළමයින්ද ලබා දී තිබේ. ඒ අතරම ළමයින් නැති උදවියද සිටිති.  කෙසේ වෙතත් එම උතුම් දායාදය ගැන විනිශ්චය දිනයේදී ප්‍රශ්න කිරීමට නියමිතය. මේ නිසා දරුවන් ඇතිදැඩි කිරීමේ වගකීම  නිසියාකාරව සිදු විය යුතුය. බොහෝ දෙමව්පියන් තම දරුවන් කෙරෙහි ඇති ආදරය වැඩිකමට ඔවුන්ගේ ලෞකික දියුණුව කෙරෙහි පමණට වඩා උනන්දු වෙති. එහෙත් දෙමව්පියන් විසින් තම දරුවන්ට ලබා දිය හැකි උසස්ම දායාදය වන්නේ ආගමික දැනුමයි. එය අත්කර ගත් විට අල්ලාහ්ට ලංවීමට මාර්ගය පාදා ගනු ඇත. එය මුළු ලොවේම ඇති දේවල් ලැබීමට වඩා වටින්නේය.   කෙසේ වෙතත් අද සිටින බොහෝ දෙමව්පියන් තම දරුවන්ගේ අධ්‍යාත්මික දියුණුව ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැත. එම නිසා ඔවුන් ක්‍රමයෙන් ආගම කෙරෙහි ඇති බැඳීමෙන් ගිලිහී යන්නේය. කල් යත්ම ඔවුන් දහම ගණන් නොගන්නා තත්වයට පත් වේ. එවැනි දරුවන් යම් දවසක උපාධියක් හදාරා වැදගත් රැකියාවකට ගිය පසු දෙමව්පියන්ව මෙහෙකාරයින් ලෙස බැලුවත් පුදුමයක් නොවේ. එක් කාන්තාවක් තම මව බලු කුඩුවේ දමා බල්ලාව ගෙදර ඇත

ඉස්ලාමයට අනුව සොබාදහම සහ දෙවියන් (Nature and God according to Islam)

Image
ඇතැමුන් සිතන්නේ විශ්වය දෙවියන්ගේ මැවීමක් නොව සොබාදහම අනුව ඉබේ ඇතිවී තිබෙන බවයි. ඒ අනුව ඔවුන් දෙවියන් වෙනුවට ස්වභාව දහම ආදේශ කරන්නේය. එහෙත් සොබා දහම හුදෙක් අර්ථ දැක්වීමක් පමණි. අර්ථදැක්වීමකින් කිසිම දෙයක් මැවිය නොහැකිය. එසේ තිබියදී විශ්වය බොහෝ භෞතික නීති ක්‍රියාත්මක වන ඉතා සංකීර්ණ මැවීමකි. එවැනි දෙයක් ඉබේ ඇති විය හැකි නම් සුන් බුන් ගොඩකින් යාන වාහන, අහස්යාත්‍රා, පරිගණක ආදිය ද ඉබේ ඇති විය යුතුය.  විශ්වය දෙස බලන කල්හි සුර්යයයා ඊට නියමිත ගමන් මාර්ගයක සැරිසරන්නේය. දේශගුණික විපර්යාසයන් සිදුවන්නේය. බීජයක් පසේ දැමු විට එය දිරා යාම වෙනුවට පැල හටගන්නේය. එහි මල් පිපෙන්නේය. එම මල් වලින් විවිධ රසයෙන් ගුණයෙන් යුතු පල හටගන්නේය. මේවා ඉබේ සිදු විය හැකිද? නැති නම් කව්රුන් හෝ එය සැලසුම් කොට තිබේද? මේ සම්බන්දයෙන් කුරානය මෙසේ පවසයි. "ඔහුම නුඹලාට අහසින් ජලය (වරුසාව) පහළ කළේය; එම ජලය පානය කිරීමටද ශාක වැවීමටද (එම ශාක) නුඹලාගේ  සතුන්ට කෑම සඳහාද (නුඹලා) යවන්නේය. එමගින් ඔහු භෝගද, ඔලිව්ද, ඉඳි ගස්ද, මිදිද තවත් පලතුරු වර්ගද නුඹලා වෙනුවෙන් රෝපණය වීමට සලස්වයි. නියත වශයෙන්ම මෙහි කල්පනා කරන සමුහයාට ශාක

ඉස්ලාමයට අනුව ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world according to Islam)

Image
ලෝක අවසානය ලඟා වන විට සිදු වීමට නියමිත දේවල් අල් කුරානයේ මෙන්ම නබි තුමාගේ හදිස්වල ද විස්තර කොට තිබේ. ඒවා සුළු සිදුවීම් ලෙසත් මහා සිදුවීම් ලෙසත් වර්ග කොට ඇත. හදිස්වල දැක්වෙන සුළු දිදුවීම් බොහොමයක්ම දැනටමත් සිදුවී හමාරය. ඒවා අවසාන වීමෙන් පසු මහා සිදුවීම් ඇතිවීමට නියමිතය. ඒ අනුව ජේසු තුමාගේ දෙවන සම්ප්‍රාප්තිය, මහදි තුමාගේ පැමිණීම, දජ්ජාල් (Anti Christ) ගේ පැමිණීම, බටහිරින් ඉර පැයිම, මහා බුමිකම්පා තුනක් සිදුවීම, විශාල දුමක් හට ගැනීම, භුමියේ සිට දාබ්බ්තුල් අර්ල් නමැති සුවිශේෂී සත්වයෙකුගේ පැමිණීම සිදු වීමට නියමිතය. ඉන් එකක් හෝ ඇති වූ පසු අනෙක්වා ඉතා වේගයෙන් සිදු වන බව නබිතුමා පවසා තිබේ.  නොනවතින යුද්ධ ඇති වීමත් ලෝක අවසානය සඳහා පෙර නිමිත්තකි. ඒ හැරුණු විට පොදුවේ දැකිය හැකි සුළු සිදුවීම් බොහොමයක් නබිතුමා පහත දැක්වෙන පරිදි දැනුම් දී තිබේ.  ප්‍රයෝජනවත් දැනුම ලෝකයෙන් තුරන් වන අතර නුගත්කම පැතිරෙනු ඇත. (මෙහි ප්‍රයෝජනවත් දැනුම ලෙස හැඳින්වෙන්නේ ආගමික දැනුම වේ) අද බොහෝ දෙනෙකු අතර දහම ගැන දැනුම නැති තරම් වේ. පොත්පත් සහ ලිඛිත දැනුම බහුලව දැකිය හැකි නමුත් (ආගමික) විද්වතුන් හිඟ වනු ඇත. (අහමද්). අ

අල්ලාහ් වෙනුවට වෙනත් විකල්ප දෙවිවරු සිටීද? (Are there other alternative gods instead of Allah?)

Image
  ඉස්ලාම් දහම අනුව අල්ලාහ් හැර වෙනත් දෙවිවරු නැත. ඔහු විශ්වයේ මැවුම්කරු ය. කෙසේ වෙතත් ඉස්ලාම් නොවන ආගම්වල එක් දෙවි කෙනෙකුට වඩා විශ්වාස කරන්නේය. එහෙත් එම දෙවිවරු අල් කුරානයෙන් අර්ථ දක්වා ඇති අල්ලාහ්ට සමාන වන්නේ නැත. ඊට හේතුව එසේ විශ්වාස කරන දෙවිවරුන් යම් කලකදී මොළොව ජිවත්ව සිට මිය ගිය සාස්තෘවරුන් වීමයි.  ඉස්ලාම් දහමින් පවසන අල්ලාහ් විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා තිබේ. එහෙත් ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවේ. ඔහුට උපතක් හෝ විපතක් නැත. ඔහු විසින් කිසිවෙකුව බිහි කොට නැත. තවද කොතරම් ආපස්සට ගියත් ඔහු සිටියේය. එසේම කොතරම් කාලයක් ඉදිරියට ගියත් ඔහු සිටින්නේය. ඒ අනුව ඔහු සදාතනික වේ.  අල් කුරානයේ අල්ලාහ් ගැන මෙසේ දැක්වේ.  "පවසනු! අල්ලාහ් එක්කෙනෙකි. අල්ලාහ් අවශ්‍යතාවයන් නොමැත්තා ය. ඔහු විසින් කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. තවද ඔහු කිසිවෙකු විසින් ප්‍රසුත වුයේද නැත. තවද ඔහුට සමාන වෙන කිසිවෙකුද නැත". ඒ අනුව   අල්ලාහ්ට සමාන වෙන කිසිම දෙවි කෙනෙක් නැත. විශ්වය ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ එය එක් දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. ඇයිද යත් විශ්වය පුරා එකම භෞතික නීති ක්‍රියාත්මක වීමත් විශ්ව නියතය

අල්-කුරානය පිළිබඳව මුස්ලිම් නොවන විද්වතුන්ගේ ප්‍රකාශනයන් (Statements of Non-Muslims regarding the Quran)

Image
යම් දෙයක වටිනාකම දන්නේ එය ගැන දැනුමක් තිබුනොත් පමණි. කුරානය ගැනත් එසේමය. ඇතැම් මුස්ලිම් නොවන විද්වතුන් පවා කුරානය ගැන අධ්‍යනය කොට ඔවුන්ගේ අදහස ප්‍රකාශ කොට තිබේ. එසේ තිබියදී ඇතැම් අය ඔවුන්ගේ මනසේ තරම කියා පාමින් කුරානයේ වැරදි දකින අවස්තාද තිබේ. ඔවුන්ට කුරානය තවත් නවකතාවක් පමණි. උදාහරණයක් වශයෙන් මැණික් ගල් ගැන කිසිම දැනුමක් නැති කළු ගල් ව්‍යාපාරිකයෙකුට ලෝකයේ තිබෙන වටිනාම මණික පෙන්නුවත් ලැබෙන්නේ කළුගල් වල වටිනාකම මිස එම මැණිකේ වටිනාකම නොවේ. එය ඔහුගේ වරද නොව ඔහුගේ දැනුමේ තරම කියා පෑමකි. එම නිසා මැණික් ගල් හිමියා එම කළු ගල් ව්‍යාපාරිකයා සමග උරණ වීම මෝඩ කමකි. ඔහු කල යුත්තේ එම ගල ඊට සුදුසු පුද්ගලයා ළඟ ගෙන යාමය. ඇතැම් අයගේ වැරදි නිසා ඔවුන්ගේ සිත්වලට දෙවියන් මුද්‍රා තබා තිබේ. එම නිසා ඔවුන්ට කුරානයෙන් විහිදෙන අධ්‍යාත්මික සුවය අත්විඳීමට නොහැකිය. එම නිසා ඔවුන් කුරානයේ වැරදි මිස වෙන කිසිවක් දකින්නේ නැත. උදාහරණයක් වශයෙන් සුර්යයා මුළු ලොවටම ආලෝකය ලබා දෙන්නේය. ඉන් කොටි සංඛාවක් මිනිසුන් ප්‍රයෝජන ලබති. එහෙත් සුර්යයාට බනින අයත් නැතුවා නොවේ. ඔවුන් දැක තිබෙන්නේ සූර්යයාගෙන් සිදු වන සේවය ගැන නොව ඔවුන්ට සිද

නබිවරුන් යනු කවුද? (Who are the Prophets?)

Image
නබිවරුන් යනු දහම දෙසීම සඳහා මිනිසුන් අතරින් තෝරා පත් කරනු ලැබූ අල්ලාහ්ගේ නියෝජිතවරුන් වේ. ඔවුන්ට දෙවියන් සමග ඉතා කිට්ටු සම්බන්දතාවයක් තිබේ. එහෙත් ඔවුන් සිය කැමැත්ත අනුව දහම දේශනා කරන්නේ නැත. ඒ අනුව ඔවුන් දේශනා කළේ දෙවියන්ගෙන් ලැබුණු දේ පමණි. නබිවරුන්ට තීක්ෂණ බුද්ධියක් තිබේ. ඔවුන්ට දෙවියන්ගේ උදව්ව ඇතිව ප්‍රාතිහාරයන් දැක්විය හැකිය. නබිවරුන් මිනිසුන්ව රැවටීමට ලක් කරන්නේ නැත. එබැවින් ඔවුන් කෙරෙහි පුර්ණ විශ්වාසය තැබිය හැකිය. ආගම ප්‍රචාරය කිරීම නබිවරුන්ට අනිවාර්ය වේ. සෑම නබිවරයෙකුම දේශනා කලේ එකම දහම් පණිවිඩය වන ඉස්ලාම් ය.  සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පැමිණියත් ඔවුන්ගෙන් විසි පස් දෙනෙකුගේ නම් පමණක් කුරානයේ සඳහන් වේ. මෙලොවට පැමිණි අවසාන නබිවරයා මුහම්මද් නබි තුමාය. ජේසු තුමා නැවතත් මෙළොවට පැමිණීමට නියමිතය. කිසිම නබිවරයෙකු රජකම වෙනුවෙන් හෝ වස්තුව රැස්කිරීම වෙනුවෙන් හෝ ප්‍රසිද්ධිය වෙනුවෙන් හෝ උත්සාහ කළේ නැත. ඔවුන්ගේ එකම අරමුණ වුයේ මිනිසාව මිනිසාගේ මැවුම්කරු වෙත හැරවීමයි. එහෙත් මිනිසුන්ගෙන් ඊට බොහෝ විරෝධතා එල්ල විය. ඒ අනුව ඇතැම් නබිවරුන්ව ඝාතනය කොට තිබේ. ඇතැම් නබිවරුන්ව ඔවුන්ගේ උපන් බිමින් නෙරප

ආගමක් තෝරා ගත යුත්තේ කෙසේද? (How to choose a religion?)

Image
සෑම දෙයකටම අරමුණක් තිබේ. ඒ අනුව මිනිස් ජීවිතයටත් අරමුණක් තිබිය යුතුය. එය ලඟා කර ගත හැක්කේ මිනිසාගේ මැවුම්කරු විසින් පෙන්වා දෙන නිවැරදි මාර්ගය පිලිපැදීමෙන් පමණි. මේ නිසා ඔහු විසින් පහළ කරන ලද නිවැරදි දහම කුමක්දැයි දැනගැනීම අනිවාර්ය අවශ්‍යතාවයකි. කෙසේ වෙතත් බොහෝ අය ආගම ලෙස තෝරාගන්නේ පරම්පරාවෙන් උරුම වන ආගමකි. එහෙහ් සෑම විටම පරම්පරාවෙන් උරුම වන ආගම නිවැරදි විය හැකිද? තවද දෙමව්පියන් නිවැරදි ආගමක් අදහන බවට සහතිකයක් දිය හැකිද?  මිනිසා කොතරම් බුද්ධිමත් වුවද මිනිසා විසින්ම මිනිසාගේ විමුක්තියට මාර්ගය තීරණය කල නොහැක. ඒ අනුව මිනිසාගේ ආරම්භයේ සිටම නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා දෙවියන්ගේ නියෝජිතවරුන් පැමිණ තිබේ. ඔවුන් විසින් ඒ ඒ කාලයට ඔබින පරිදි ආගම දේශනා කොට ඇත. එහෙත් නබිවරයෙකුගේ අභාවයෙන් පසු අනෙක් නබිවරයා පැමිණෙන අතර වාරය තුලදී පැවති ආගම ජනතාව විසින් වෙනස්කම් වලට භාජනය කොට තිබේ. මේ නිසා අලුතින් එන නබිවරයාට නිවැරදි දහම දේශනා කිරීමේදී විශාල කාර්ය භාරයක් පැවරෙන්නේය. බොහෝ අවස්තාවන් වලදී අලුතින් එන නබිවරයාගේ ඉගැන්වීම් ජනතාවගෙන් කොටසක් ප්‍රතික්ෂේප කරන්නේය. මේ නිසා අලුතින් පැමිණි ආගම පිළිපදින ජනතාව අ

ෂරියා යනු කුමක්ද? (What is Sharia?)

Image
ෂරියාව ගැන කියපු ගමන්ම ඇතැමුන්ට මතක් වන්නේ විවාහ හතරක් ගැනත් සොරුන්ගේ අත කැපීම ගැනත් ය. නොදන්නා කම නිසා එලෙස උපකල්පනය කලත් ෂරියා නීතියෙන් මුස්ලිම්වරුන්ට සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දෙන්නේය. මේ නිසා ෂරියා ජිවන සැලැස්ම තුල මිනිසා විසින් දෙවියන්ට කල යුතු දේවල් සහ මිනිසා විසින් මිනිසාට කල යුතු දේවල් අඩංගු වේ. උදාහරණයක් වශයෙන් සලාතය, උපවාසය, සකාත් සහ හජ් වන්දනය මෙන්ම විවාහය, දික්කසාදය, ව්‍යාපාරය, මුදල් ගනු දෙනු ආදී දේවල් ද එහි දැකිය හැකිය. ඇතැම් අය මුස්ලිම්වරුන්ට විවාහ හතරක් සිදු කිරීමට අවසර ලබා දී තිබීම අපහාසත්මකව බැලුවත් කුරණයෙන් පනවා ඇති කොන්දේසි ඉටු කිරීමට නොහැකි නම් එක් විවාහයක් පමණක් සිදු කරන මෙන් දී ඇති නියෝගය දැක නැත. ඇත්ත වශයෙන්ම එවැනි නියෝගයක් ලබා දී තිබෙන්නේ ෂරියා නීතියෙන් පමණි.  ඇතැම් ෂරියා නීති ඉතා දැඩි වුවද එමගින් බලාපොරොත්තු වන්නේ සමාජයේ සිදු වන වැරදි අවම කිරීමයි. මෙම දැඩි නීති නිසා මුස්ලිම් සමාජය තුල ස්ත්‍රී දුෂණ සහ සොරකම ඉතාමත්ම අඩුවෙන් දැකිය හැකිය. එහෙත් දියුණු යැයි කියා ගන්නා රටවල් වල ඒවා ඉතා ඉහල අගයන් ගන්නේය.  ෂරියාව අනුව යම් වටිනා භාණ්ඩයක් සොරකම් කොට උසාවියකදී