Posts

Showing posts from May, 2019

ජාතින් වශයෙන් වෙන්වීම රටේ දියුණුවට කෙසේ බලපායිද? (How will separation as a nation affect the development of the country?)

Image
දේශපාලන වාසි ගැනීම සඳහා ජනතාව බෙදා වෙන්කිරීම ලෝක බලවතුන්ගේ උපක්‍රමයකි. ISIS සහ අල් කයිඩා වැනි සංවිදාන පිහිටුවා ඇත්තේද මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහාය.  ඇමරිකාව වැනි රටවල් වලට උවමනා වී තිබෙන්නේ මෙවැනි සංවිදාන හරහා ඔවුන්ට අවශ්‍ය රටවල්වල ප්‍රශ්න ඇතිකිරීමෙන් ඒවා අස්ථාවර කොට  ඔවුන්ට අවශ්‍ය අකාරයේ පාලනයක් ඇති කර ගැනීමය. තවද ඒ හරහා එම රටවල්වල ඇති සම්පත් කොල්ල කෑමත් ඔවුන්ගේ අවුද විකුණා ගැනීමත් සිදු කරන්නේය. මේ සඳහා ඔවුන් උපක්‍රමශීලිව මුස්ලිම් නොවන අයට අරාබි භාෂාව උගන්වා ඔවුන්ව ඉස්ලාමිය විශ්වවිද්‍යාලවලට පත්කොට ඉස්ලාම් දහමට විරුද්ධ මත සමාජ ගත කිරීමය. මෙවැනි ක්‍රම මගින් ඔවුන් කරන්නේ ඉස්ලාමීය ලෝකය තුල ප්‍රශ්න ඇති කිරීම වේ. මිට හොඳම උදාහරණය ISIS සංවිදානය අල් කුරනයට පටහැනිව ක්‍රියා කිරීම යි. මෙම සංවිදානයේ වැරදි ප්‍රචාරයන්ට රැවටුණු බොහෝ මුස්ලිම්වරුන් ඔවුගේ ග්‍රහණයට එක් කරගෙන ඇත.   ලංකාවේ සිදුවුණු ISIS ත්‍රස්තවාදී ප්‍රහාරය සිදු කලේ ද එවැනිම අරමුණක් නිසා විය හැකිය. එම ම්ලේජ්ජ ක්‍රියාවට සමස්ත මුස්ලිම් ප්‍රජාව කිසිසේත්ම සම්බන්ද නැත. මෙය කදිමට සනාථ වන්නේ ඔවුන් ගැන සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව විසි

මුස්ලිම්වරයෙකුට ත්‍රස්තවාදී කටයුතුවල නියැලිය හැකිද? (Can a Muslim be engaged in terrorist activities?)

Image
නබිතුමා පවසා ඇති පරිදි මුස්ලිම්වරයෙකුගේ අතින් අන් අය ආරක්ෂා නොවේ නම් ඔහු මුස්ලිම්වරයෙකු නොවේ. කරුණු එසේ තිබියදී ත්‍රස්තවාදියෙකුට මුස්ලිම්වරයෙකු යැයි ආමන්ත්‍රණය කරන්නේ කෙසේද? හේතුවක් නොමැතිව කරන මිනිස් ඝාතන විශාල පවක් ලෙස කුරානය මගින් පෙන්වා දෙන්නේය. "නියත වශයෙන්ම මිනිස් ඝාතනයක් නිසා හෝ පොළවෙහි කළහ ඇති කිරීම නිසා හෝ මිස වෙනත් කෙනෙකුව ඝාතනය කිරීම මිනිස් සමුහයාවම ඝාතනය කලාට සාමන වේ යැයිද කෙනෙකුව ජිවත් කරවීම මිනිස් සමුහයාවම ජිවත් කරවන්නා ලෙස වන්නේයැයි ද අපි ඉස්රායිල්ගේ දරුවන්ට දැන්වූයෙමු"  (කුරානය 5:32). කුරානය මෙසේ පවසා තිබියදී බස් නැවතුම් පොළවලදී හෝ සාප්පු සංකීර්ණ වලදී හෝ දේවස්ථානයක් තුලදී හෝ බෝම්බ පුපුරුවා හැර අහිංසක මිනිසුන් ඝාතනය කිරීම ඉස්ලාම් දහමින් අනුමත කරයිද? ඉහත දැක්වෙන කුර්ආන් වැකිය අනුව එවැනි ක්‍රියා ඉස්ලාම් දහමින් කිසිසේත්ම අනුමත කරන්නේ නැත. තවද එම ක්‍රියාව මුස්ලිම්වරයෙකු විසින් කල පමණින් එය ඉස්ලාම් දහමේ ඉගැන්වීමක් ලෙස පෙන්වා දීම මුග්ධ කමකි. එසේ තිබියදී අප්‍රේල් 21 දින සහ්රාන් හෂීම් සිදු කර තිබෙන්නේ ඉස්ලාම් දහමට පටහැනි ක්‍රියාවක

ඉස්ලාම් දහම සහ අනෙක් ආගම් අතර සංහිඳියාව තිබිය යුතු සීමාවන් (The restrictions that should be placed on reconciliation between Islam and other religions))

Image
මිනිසුන් අදහන ආගම් ප්‍රධාන වශයෙන් එකිනෙකට වෙනස් වන්නේ ඒවායේ ඇති විශ්වාසයන් නිසාය. එබැවින් ඒවා සංහිඳියාවේ නාමයෙන් කලවම් කල නොහැකිය. උදාරණයක් වශයෙන් ඉස්ලාම් දහම ඒක දේව විශ්වාසය මත ගොඩ නැගී ඇත. ඒ අනුව මුස්ලිම්වරුන්ට අල්ලාහ් හැර වෙන කිසිවෙකුට නැමදීම් කල නොහැකිය. එසේ කිරීම දෙවියන්ට සමානයන් තැබීමක් ලෙස සලකනු ලැබේ. මෙම කරුණ හොඳින් තේරුම් ගන්නේ නම් මුස්ලිම්වරුන් මල් පුජා නොකරන්නේ ඇයි දැයි වටහා ගැනීමට හැකි වනු ඇත. එපමණක් නොව මුස්ලිම්වරුන්ට අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙනුවෙන් හිස නමා අචාර කල නොහැකිය. ඒ අනුව මුස්ලිම්වරුන් වැඩිහිටියන්ට හෝ පුජක තුමන්ලාට හෝ දෙමව්පියන්ට හෝ වැඳුම් පිදුම් කරන්නේ නැත. මෙම කරුණු හොඳින් තේරුම් ගන්නේ නම් සහජීවනයත විශාල රුකුලක් වනු ඇත. ආගම් අතර ඇති වෙනස්කම් වලට ඉඩ දෙමින් ක්‍රියා කරන්නේ නම ජාතින් අතර ඉතා හොඳින් සංහිඳියාව ගොඩ නැගිය හැකිය. උදාහරණයක් ලෙස වෙසක් උත්සවය බෞද්ධ උරුමයකි. එබැවින් එය ආරක්ෂා කල යුත්තේ බෞද්දයින් විසින්මය. මේ නිසා මුස්ලිම්වරුන් විසින් වෙසක් කුඩු සැදීම හෝ වෙසක් සැරසිලි සිදු කිරීම හෝ ඔවුන්ගේ ආගමික කටයුත්තක් ලෙස සැලකිය නොහැකිය. එසේම මල් පුජා කිරීම බෞද්