Posts

Showing posts from January, 2018

The Quran & Logic ᴴᴰ - Full Video

Image

The Quran and Science ᴴᴰ

Image

ජිවිතයේ අර්ථය කුමක්ද? (What is the meaning of life?)

Image
  ආත්මය මිනිසාට තේරුම් ගැනීමට ඉතා දුෂ්කර වන්නාවූ අපුරු දෙයකි. එබැවින් ආත්මය ගැන විද්‍යාඥයින්ට පර්යේෂණ සිදු කිරීමට මෙතෙක් හැකිවී නොමැත. එය භෞතික දේවල් වලින් සහමුලින්ම වෙනස් ය.  ජිවය ඇති දේවල් වලට ක්‍රියාකාරකම්, ප්‍රතික්‍රියා, ඇගයීම සහ වර්ධනය විය හැකිය. එය ජීවී හා අජීවී දේවල් අතර ඇති තීරණාත්මක වෙනසකි. ජීවී සහ අජීවී දේවල් අතර ඇති තවත් ප්‍රධාන වෙනසක් වන්නේ ජීවී දෙයක් වර්ධනය වීමෙන් පසු මිය යාමය. මේ නිසා ජීවී දෙයක ප්‍රගුණ වීම හා අවබෝධ කර ගැනීම මරණයත් සමග නතරවන්නේය. ජිවය නොමැති භෞතික දේවල් ජෛව විද්‍යාත්මක වර්ධනයක් හෝ දරුවන් බිහි කිරීමක් සිදු කරන්නේ නැත.     එසේ නම්; "ජිවිතයේ අර්ථය කුමක්ද? ඊට පිළිතුරු දිය හැක්කේ කාටද?"     ආත්මය ගැන හරි හැටි දන්නේ එහි මැවුම් කරු පමණි. මේ නිසා ආත්මයේ අරමුණ දැනගැනීමට එහි මැවුම්කරුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. මිනිසාගේ උඩඟු කම නිසා එසේ නොකළේ නම් එහි විපාන විඳින්නට සිදු වන්නේ මිනිසාටමය. දෙවියන්ව අමතක කරමින් මිනිසාට ඔහුගේ මතු ජීවිතය නිර්ණය කල නොහැකිය. මේ සඳහා දෙවියන් පහළ කල නිවැරදි දහමක් අනුගමනය කිරීම අතාවශ්‍ය වේ. කුරානය හැර

ජන්දය දීමේදී මේවා ගැන සිතා බලනවාද? (Do you think about voting?)

Image
ජන්දය දීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුත්තේ එහි අවසාන ප්‍රතිපලය ඉතාමත්ම තීරණාත්මක වන නිසාය. ජන්දය දීමේදී කරනු ලබන වරද නිසා රට ආපස්සට යා හැකිය. එහෙත් අපට අවශ්‍ය වන්නේ රට දියුණු කිරීම සඳහා පාලකයින් පත්කිරීම මිස පාලකයින් පොහොසත් කිරීම නොවේ. කෙනෙක් පාලකයෙකු බවට පත්වීම සහ කෙනෙකුව පාලකයා වශයෙන් පත්කර ගැනීම යන කරුණු දෙකම ඉතාමත්ම බැරෑරුම් කාර්යයන් වන්නේය. එබැවින් දුෂ්ට පාලකයෙකු තෝරා පත්කර ගන්නේ නම් එසේ බලයට පත් වූ තැනැත්තා පමණක් නොව ඔහුට බලය ලබා දුන් අයත් ඊට වග කිව යුතුය. ජන්දදායකයා කිසිම පක්ෂයක් ඔහුගේ ආගම ලෙස සැලකිය යුතු නැත. ඒ අනුව තමන් එකම පක්ෂයකට බැඳී සිටිය යුතු නොවේ. ජන්දය දීමේදී වඩාත් සැලකීමත් විය යුත්තේ ජන්දය ඉල්ලන අයගේ ස්වභාවය ගැනයි. ඔවුන් පොරොන්දු ඉටුකරන අය විය යුතුය. එබැවින් කිසිම ජන්ද දායකයෙකු නැවත නැවත රැවටීමට ලක් නොවී තම කාර්ය භාරය ඉටු කිරීමට වග බලා ගත යුතුය. මේ නිසා තමන් දෙන වටිනා ජන්දය සුදුස්සාට පමණක් ලබා දීමට අධිෂ්ඨාන කර ගත යුතුය. එසේ කලේ නම් තම අපේක්ෂකයා පරාජය උනත් සැනසීමට පත් විය හැකි වනු ඇත. වරක් බලය ලබා දී තිබියදී සොරකම් කොට ඇත්නම් හෝ ඔහුගේ සේවය නිසියාකාරව

වහලුන් පිලිබඳ ඉස්ලාමිය ස්ථාවරය (Islamic stand on slaves)

Image
වහල් වෙළඳාමට දීර්ඝ ඉතිහාසයක් ඇත. එබැවින් එය එකල ජිවත් වු මිනිසුන් අතර සාමාන්‍ය දෙයක් විය. වහල් වෙළඳාම පෘතුගීසිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය, අරාබිය මෙන්ම බටහිර අප්‍රිකානු රටවල්වල තිබී ඇත. අල්-කුරානය පහළ වන සමයේදී අරාබියාවේ ද වහල් වෙළඳාම තිබී ඇත. කෙසේ වෙතත් මෙම ලිපියෙන් සලකා බලන්නේ වහල් වෙළඳාම අහෝසි කිරීම සඳහා ඉස්ලාම ගෙන ඇති පියවරවල් ගැන පමණි.  ඉතිහාසයේදී නිදහස් පුද්ගලයින්ව වහළුන් ලෙස යොදාගෙන ඇත්තේ සාදාරන හේතුන් මත නොවේ. ඒ අනුව ණය ගෙවීමට නොහැකිවූ පුද්ගලයින්ව වහළුන් බවට පත් කොට ඇත. තවද ඇතැම් අවස්ථාවන්හිදී නිදහස් පුද්ගලයින්ව පැහැරගෙන ගොස් වහළුන් ලෙස විකුණා ඇත. ඇතැම් අය දිළිඳු කම නිසා වහලුන් බවට පත්වී ඇත. මිට අමතරව ඇමරිකාව යුරෝපය වැනි රටවල්වල නිදහස් පුද්ගලයින්ව පැහැරගෙන ගොස් වහළුන් ලෙස විකුණා තිබේ. ඉහත සඳහන් කළ කරුණු හැරුණු විට යුද්ධ වලදී අල්ලාගනු ලැබූ සිරකරුවන්ව වහළුන්බවට පත් කොට ඇත. ඉස්ලාම් දහම අනුව නිදහස් පුද්ගයින්ව පැහැර ගෙන ගොස් වහල් සේවයේ යෙදවිය නොහැකිය. වහළුන්ව නිදහස් කිසිම සම්භන්දයෙන් බොහෝ කුර්ආන් වැකි දැකිය හැකිය. මේ අනුව මුස්ලිම්වරුන් කරන ඇතැම් වැරදි වලට දඬුවම් වශයෙන්

ඉස්ලාම් දහම සහ කාදියානි දහම (Islam and Qadianism)

Image
කදියානි දහමේ නිර්මාතෘ මිzස්රා ගුලාම් අහමඩ් ය. ඔහු 1835 දී උතුරු ඉන්දියාවේ පන්ජාබ්හි කාදියාන් නමැති ගමේ උපත ලබා ඇත. ඔහු සහ ඔහුගේ පව්ලේ උදවිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යාට ගැතිකම් කොට ඇත. ඒ අනුව ඔහුට අවශ්‍යව තිබුනේ මාහා බ්‍රිතාන්‍යට විරුද්ධව ජිහාද් ප්‍රකාශ කිරීම වැළැක්වීමට යි.  මිzස්රා ගුලාම් අහමඩ් තමන්ව හඳුන්වාගෙන ඇත්තේ මුහම්මද් තුමාගෙන් පසුව පැමිණීමට නියමිත මහ්දි තුමා ලෙසය. ඒ අනුව ඔහු 1889 දී ඔහුගේ කාදියානි සංගමය පිහිටවාගත් අතර 1901 දී ඔහු නබිවරයෙකු බවට ප්‍රකාශ කොට ඇත. ඔහු ඉදිරිපත් කල දහමේ කුරානයට සහ නබි වදන් වලට පටහැනි කරුණු රැසක්ම අඩංගු වේ.  කාදියානි නායකයා 1908 දී දරුණු පාචනය හේතුවෙන් ඇතිවන සංකූලතා හේතුකොටගෙන වයස අවුරුදු 73 දී මරණයට පත්වූ බව ඔහුගේ මරණය සහතිකයේ සඳහන් කොට ඇත. එහෙත් ඔහු අවුරුදු 80 හෝ ඊට වැඩි කාලයක් ජිවත්වන බව ඔහු විසින් පවසා තිබුනේය (Mawahib-ur-Rahman, P. 21). මේ හේතුවෙන් ඔහුගේ අනාවැකිය බොරුවක් බව සනාථ වේ. තවද ඔහු පවසා තිබුනේ ඔහුගේ මරණය මක්කාවේ හෝ මදීනා නගරයේ සිදුවන බවයි (Tadhkira, P. 591). එහෙත් ඔහුට එම නගර දැක ගැනීමට පවා ලැබී නොමැත. මේ නිසා පැහැදිලි වන්නේ

විශ්වය නිර්මාණය කළේ කවුද? (Who created the universe?)

Image
මීට වසර බිලියන 13.8 කට පෙර විශ්වය බිහිවූ බව විද්‍යාඥයින්ගේ මතය වේ. එහෙත් විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් ස්ථිර නිගමනයකට විද්‍යාඥයින් මෙතෙක් පැමිණ නැත. එබැවින් ඒ සම්බන්දයෙන් බොහෝ  වාදයන් පමණක් ඉදිරිපත් කොට තිබෙනු දැකිය හැකිය. එම වාදයන් අතරින් වඩාත්ම පිළිගැනීමට ලක්ව ඇත්තේ මහා පිපුරුම් වාදයයි. කෙසේ වෙතත් එම වාදය තුල බොහෝ අඩුපාඩුකම් දැකිය හැකිය.  විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් 21 වන සිය වසේ ජීවත්වූ සුප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටෙෆාන් හෝකින්ස් මහතා ඔහු විසින් පලකරන ලද "A brief history of time from big bang to black hole" යන ග්‍රන්ථයේ සඳහන් කරන්නේ විශ්වය සර්වබලධාරී දෙවි කෙනෙකුගේ මැවීම් ක්‍රියාවක් බවයි. කෙසේ වෙතත් ඔහු ලිඔනාඩ් ම්ලොඩිනොව් සමග එකතුව පල කරන ලද "The Grand Design" යන කෘතියෙහි සඳහන් කරන්නේ විශ්වය ඉබේ ඇති වූ බවයි. එහෙත් බොහෝ විද්‍යාඥයින් මෙම මතය පිළිගන්නේ නැත.  විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් ලොව ඇති සෑම ප්‍රධාන ආගමකින්ම පවසා තිබෙන්නේ එය සර්වබලධාරී දෙවියන්ගේ මැවීමක් බවයි. දෙවියන් යනු කිසිවෙකුගේ අවශ්‍යතාවයන්ගෙන් ස්වායත්ත කෙනෙකි. ඔහුට ආරම්භයක් හෝ අවස