Posts

Showing posts from September, 2021

දරුවන් ඇති දැඩි කිරීමේදී දහමට මුල් තැන ලබා දිය යුත්තේ ඇයි? (Why should religion be given priority in raising children?)

Image
දරුවන් යනු දෙවියන් විසින් ලබා දී ඇති මිල කළ නොහැකි දායාදයකි. ඇතැමුන්ට පිරිමි ළමයින් පමණක්ද ඇතැමුන්ට ගැහැණු ළමයින් පමණක්ද තවත් සමහරුන්ට පිරිමි සහ ගැහැණු ළමයින්ද ලබා දී තිබේ. ඒ අතරම ළමයින් නැති උදවියද සිටිති.  කෙසේ වෙතත් එම උතුම් දායාදය ගැන විනිශ්චය දිනයේදී ප්‍රශ්න කිරීමට නියමිතය. මේ නිසා දරුවන් ඇතිදැඩි කිරීමේ වගකීම  නිසියාකාරව සිදු විය යුතුය. බොහෝ දෙමව්පියන් තම දරුවන් කෙරෙහි ඇති ආදරය වැඩිකමට ඔවුන්ගේ ලෞකික දියුණුව කෙරෙහි පමණට වඩා උනන්දු වෙති. එහෙත් දෙමව්පියන් විසින් තම දරුවන්ට ලබා දිය හැකි උසස්ම දායාදය වන්නේ ආගමික දැනුමයි. එය අත්කර ගත් විට අල්ලාහ්ට ලංවීමට මාර්ගය පාදා ගනු ඇත. එය මුළු ලොවේම ඇති දේවල් ලැබීමට වඩා වටින්නේය.   කෙසේ වෙතත් අද සිටින බොහෝ දෙමව්පියන් තම දරුවන්ගේ අධ්‍යාත්මික දියුණුව ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැත. එම නිසා ඔවුන් ක්‍රමයෙන් ආගම කෙරෙහි ඇති බැඳීමෙන් ගිලිහී යන්නේය. කල් යත්ම ඔවුන් දහම ගණන් නොගන්නා තත්වයට පත් වේ. එවැනි දරුවන් යම් දවසක උපාධියක් හදාරා වැදගත් රැකියාවකට ගිය පසු දෙමව්පියන්ව මෙහෙකාරයින් ලෙස බැලුවත් පුදුමයක් නොවේ. එක් කාන්තාවක් තම මව බලු කුඩුවේ දමා බල්ලාව ගෙදර ඇත

ඉස්ලාමයට අනුව සොබාදහම සහ දෙවියන් (Nature and God according to Islam)

Image
ඇතැමුන් සිතන්නේ විශ්වය දෙවියන්ගේ මැවීමක් නොව සොබාදහම අනුව ඉබේ ඇතිවී තිබෙන බවයි. ඒ අනුව ඔවුන් දෙවියන් වෙනුවට ස්වභාව දහම ආදේශ කරන්නේය. එහෙත් සොබා දහම හුදෙක් අර්ථ දැක්වීමක් පමණි. අර්ථදැක්වීමකින් කිසිම දෙයක් මැවිය නොහැකිය. එසේ තිබියදී විශ්වය බොහෝ භෞතික නීති ක්‍රියාත්මක වන ඉතා සංකීර්ණ මැවීමකි. එවැනි දෙයක් ඉබේ ඇති විය හැකි නම් සුන් බුන් ගොඩකින් යාන වාහන, අහස්යාත්‍රා, පරිගණක ආදිය ද ඉබේ ඇති විය යුතුය.  විශ්වය දෙස බලන කල්හි සුර්යයයා ඊට නියමිත ගමන් මාර්ගයක සැරිසරන්නේය. දේශගුණික විපර්යාසයන් සිදුවන්නේය. බීජයක් පසේ දැමු විට එය දිරා යාම වෙනුවට පැල හටගන්නේය. එහි මල් පිපෙන්නේය. එම මල් වලින් විවිධ රසයෙන් ගුණයෙන් යුතු පල හටගන්නේය. මේවා ඉබේ සිදු විය හැකිද? නැති නම් කව්රුන් හෝ එය සැලසුම් කොට තිබේද? මේ සම්බන්දයෙන් කුරානය මෙසේ පවසයි. "ඔහුම නුඹලාට අහසින් ජලය (වරුසාව) පහළ කළේය; එම ජලය පානය කිරීමටද ශාක වැවීමටද (එම ශාක) නුඹලාගේ  සතුන්ට කෑම සඳහාද (නුඹලා) යවන්නේය. එමගින් ඔහු භෝගද, ඔලිව්ද, ඉඳි ගස්ද, මිදිද තවත් පලතුරු වර්ගද නුඹලා වෙනුවෙන් රෝපණය වීමට සලස්වයි. නියත වශයෙන්ම මෙහි කල්පනා කරන සමුහයාට ශාක

ඉස්ලාමයට අනුව ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world according to Islam)

Image
ලෝක අවසානය ලඟා වන විට සිදු වීමට නියමිත දේවල් අල් කුරානයේ මෙන්ම නබි තුමාගේ හදිස්වල ද විස්තර කොට තිබේ. ඒවා සුළු සිදුවීම් ලෙසත් මහා සිදුවීම් ලෙසත් වර්ග කොට ඇත. හදිස්වල දැක්වෙන සුළු දිදුවීම් බොහොමයක්ම දැනටමත් සිදුවී හමාරය. ඒවා අවසාන වීමෙන් පසු මහා සිදුවීම් ඇතිවීමට නියමිතය. ඒ අනුව ජේසු තුමාගේ දෙවන සම්ප්‍රාප්තිය, මහදි තුමාගේ පැමිණීම, දජ්ජාල් (Anti Christ) ගේ පැමිණීම, බටහිරින් ඉර පැයිම, මහා බුමිකම්පා තුනක් සිදුවීම, විශාල දුමක් හට ගැනීම, භුමියේ සිට දාබ්බ්තුල් අර්ල් නමැති සුවිශේෂී සත්වයෙකුගේ පැමිණීම සිදු වීමට නියමිතය. ඉන් එකක් හෝ ඇති වූ පසු අනෙක්වා ඉතා වේගයෙන් සිදු වන බව නබිතුමා පවසා තිබේ.  නොනවතින යුද්ධ ඇති වීමත් ලෝක අවසානය සඳහා පෙර නිමිත්තකි. ඒ හැරුණු විට පොදුවේ දැකිය හැකි සුළු සිදුවීම් බොහොමයක් නබිතුමා පහත දැක්වෙන පරිදි දැනුම් දී තිබේ.  ප්‍රයෝජනවත් දැනුම ලෝකයෙන් තුරන් වන අතර නුගත්කම පැතිරෙනු ඇත. (මෙහි ප්‍රයෝජනවත් දැනුම ලෙස හැඳින්වෙන්නේ ආගමික දැනුම වේ) අද බොහෝ දෙනෙකු අතර දහම ගැන දැනුම නැති තරම් වේ. පොත්පත් සහ ලිඛිත දැනුම බහුලව දැකිය හැකි නමුත් (ආගමික) විද්වතුන් හිඟ වනු ඇත. (අහමද්). අ

අල්ලාහ් වෙනුවට වෙනත් විකල්ප දෙවිවරු සිටීද? (Are there other alternative gods instead of Allah?)

Image
  ඉස්ලාම් දහම අනුව අල්ලාහ් හැර වෙනත් දෙවිවරු නැත. ඔහු විශ්වයේ මැවුම්කරු ය. කෙසේ වෙතත් ඉස්ලාම් නොවන ආගම්වල එක් දෙවි කෙනෙකුට වඩා විශ්වාස කරන්නේය. එහෙත් එම දෙවිවරු අල් කුරානයෙන් අර්ථ දක්වා ඇති අල්ලාහ්ට සමාන වන්නේ නැත. ඊට හේතුව එසේ විශ්වාස කරන දෙවිවරුන් යම් කලකදී මොළොව ජිවත්ව සිට මිය ගිය සාස්තෘවරුන් වීමයි.  ඉස්ලාම් දහමින් පවසන අල්ලාහ් විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා තිබේ. එහෙත් ඔහු කිසිවෙකුගේ මැවීමක් නොවේ. ඔහුට උපතක් හෝ විපතක් නැත. ඔහු විසින් කිසිවෙකුව බිහි කොට නැත. තවද කොතරම් ආපස්සට ගියත් ඔහු සිටියේය. එසේම කොතරම් කාලයක් ඉදිරියට ගියත් ඔහු සිටින්නේය. ඒ අනුව ඔහු සදාතනික වේ.  අල් කුරානයේ අල්ලාහ් ගැන මෙසේ දැක්වේ.  "පවසනු! අල්ලාහ් එක්කෙනෙකි. අල්ලාහ් අවශ්‍යතාවයන් නොමැත්තා ය. ඔහු විසින් කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. තවද ඔහු කිසිවෙකු විසින් ප්‍රසුත වුයේද නැත. තවද ඔහුට සමාන වෙන කිසිවෙකුද නැත". ඒ අනුව   අල්ලාහ්ට සමාන වෙන කිසිම දෙවි කෙනෙක් නැත. විශ්වය ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ එය එක් දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. ඇයිද යත් විශ්වය පුරා එකම භෞතික නීති ක්‍රියාත්මක වීමත් විශ්ව නියතය

අල්-කුරානය පිළිබඳව මුස්ලිම් නොවන විද්වතුන්ගේ ප්‍රකාශනයන් (Statements of Non-Muslims regarding the Quran)

Image
යම් දෙයක වටිනාකම දන්නේ එය ගැන දැනුමක් තිබුනොත් පමණි. කුරානය ගැනත් එසේමය. ඇතැම් මුස්ලිම් නොවන විද්වතුන් පවා කුරානය ගැන අධ්‍යනය කොට ඔවුන්ගේ අදහස ප්‍රකාශ කොට තිබේ. එසේ තිබියදී ඇතැම් අය ඔවුන්ගේ මනසේ තරම කියා පාමින් කුරානයේ වැරදි දකින අවස්තාද තිබේ. ඔවුන්ට කුරානය තවත් නවකතාවක් පමණි. උදාහරණයක් වශයෙන් මැණික් ගල් ගැන කිසිම දැනුමක් නැති කළු ගල් ව්‍යාපාරිකයෙකුට ලෝකයේ තිබෙන වටිනාම මණික පෙන්නුවත් ලැබෙන්නේ කළුගල් වල වටිනාකම මිස එම මැණිකේ වටිනාකම නොවේ. එය ඔහුගේ වරද නොව ඔහුගේ දැනුමේ තරම කියා පෑමකි. එම නිසා මැණික් ගල් හිමියා එම කළු ගල් ව්‍යාපාරිකයා සමග උරණ වීම මෝඩ කමකි. ඔහු කල යුත්තේ එම ගල ඊට සුදුසු පුද්ගලයා ළඟ ගෙන යාමය. ඇතැම් අයගේ වැරදි නිසා ඔවුන්ගේ සිත්වලට දෙවියන් මුද්‍රා තබා තිබේ. එම නිසා ඔවුන්ට කුරානයෙන් විහිදෙන අධ්‍යාත්මික සුවය අත්විඳීමට නොහැකිය. එම නිසා ඔවුන් කුරානයේ වැරදි මිස වෙන කිසිවක් දකින්නේ නැත. උදාහරණයක් වශයෙන් සුර්යයා මුළු ලොවටම ආලෝකය ලබා දෙන්නේය. ඉන් කොටි සංඛාවක් මිනිසුන් ප්‍රයෝජන ලබති. එහෙත් සුර්යයාට බනින අයත් නැතුවා නොවේ. ඔවුන් දැක තිබෙන්නේ සූර්යයාගෙන් සිදු වන සේවය ගැන නොව ඔවුන්ට සිද

නබිවරුන් යනු කවුද? (Who are the Prophets?)

Image
නබිවරුන් යනු දහම දෙසීම සඳහා මිනිසුන් අතරින් තෝරා පත් කරනු ලැබූ අල්ලාහ්ගේ නියෝජිතවරුන් වේ. ඔවුන්ට දෙවියන් සමග ඉතා කිට්ටු සම්බන්දතාවයක් තිබේ. එහෙත් ඔවුන් සිය කැමැත්ත අනුව දහම දේශනා කරන්නේ නැත. ඒ අනුව ඔවුන් දේශනා කළේ දෙවියන්ගෙන් ලැබුණු දේ පමණි. නබිවරුන්ට තීක්ෂණ බුද්ධියක් තිබේ. ඔවුන්ට දෙවියන්ගේ උදව්ව ඇතිව ප්‍රාතිහාරයන් දැක්විය හැකිය. නබිවරුන් මිනිසුන්ව රැවටීමට ලක් කරන්නේ නැත. එබැවින් ඔවුන් කෙරෙහි පුර්ණ විශ්වාසය තැබිය හැකිය. ආගම ප්‍රචාරය කිරීම නබිවරුන්ට අනිවාර්ය වේ. සෑම නබිවරයෙකුම දේශනා කලේ එකම දහම් පණිවිඩය වන ඉස්ලාම් ය.  සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පැමිණියත් ඔවුන්ගෙන් විසි පස් දෙනෙකුගේ නම් පමණක් කුරානයේ සඳහන් වේ. මෙලොවට පැමිණි අවසාන නබිවරයා මුහම්මද් නබි තුමාය. ජේසු තුමා නැවතත් මෙළොවට පැමිණීමට නියමිතය. කිසිම නබිවරයෙකු රජකම වෙනුවෙන් හෝ වස්තුව රැස්කිරීම වෙනුවෙන් හෝ ප්‍රසිද්ධිය වෙනුවෙන් හෝ උත්සාහ කළේ නැත. ඔවුන්ගේ එකම අරමුණ වුයේ මිනිසාව මිනිසාගේ මැවුම්කරු වෙත හැරවීමයි. එහෙත් මිනිසුන්ගෙන් ඊට බොහෝ විරෝධතා එල්ල විය. ඒ අනුව ඇතැම් නබිවරුන්ව ඝාතනය කොට තිබේ. ඇතැම් නබිවරුන්ව ඔවුන්ගේ උපන් බිමින් නෙරප

ආගමක් තෝරා ගත යුත්තේ කෙසේද? (How to choose a religion?)

Image
සෑම දෙයකටම අරමුණක් තිබේ. ඒ අනුව මිනිස් ජීවිතයටත් අරමුණක් තිබිය යුතුය. එය ලඟා කර ගත හැක්කේ මිනිසාගේ මැවුම්කරු විසින් පෙන්වා දෙන නිවැරදි මාර්ගය පිලිපැදීමෙන් පමණි. මේ නිසා ඔහු විසින් පහළ කරන ලද නිවැරදි දහම කුමක්දැයි දැනගැනීම අනිවාර්ය අවශ්‍යතාවයකි. කෙසේ වෙතත් බොහෝ අය ආගම ලෙස තෝරාගන්නේ පරම්පරාවෙන් උරුම වන ආගමකි. එහෙහ් සෑම විටම පරම්පරාවෙන් උරුම වන ආගම නිවැරදි විය හැකිද? තවද දෙමව්පියන් නිවැරදි ආගමක් අදහන බවට සහතිකයක් දිය හැකිද?  මිනිසා කොතරම් බුද්ධිමත් වුවද මිනිසා විසින්ම මිනිසාගේ විමුක්තියට මාර්ගය තීරණය කල නොහැක. ඒ අනුව මිනිසාගේ ආරම්භයේ සිටම නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා දෙවියන්ගේ නියෝජිතවරුන් පැමිණ තිබේ. ඔවුන් විසින් ඒ ඒ කාලයට ඔබින පරිදි ආගම දේශනා කොට ඇත. එහෙත් නබිවරයෙකුගේ අභාවයෙන් පසු අනෙක් නබිවරයා පැමිණෙන අතර වාරය තුලදී පැවති ආගම ජනතාව විසින් වෙනස්කම් වලට භාජනය කොට තිබේ. මේ නිසා අලුතින් එන නබිවරයාට නිවැරදි දහම දේශනා කිරීමේදී විශාල කාර්ය භාරයක් පැවරෙන්නේය. බොහෝ අවස්තාවන් වලදී අලුතින් එන නබිවරයාගේ ඉගැන්වීම් ජනතාවගෙන් කොටසක් ප්‍රතික්ෂේප කරන්නේය. මේ නිසා අලුතින් පැමිණි ආගම පිළිපදින ජනතාව අ

ෂරියා යනු කුමක්ද? (What is Sharia?)

Image
ෂරියාව ගැන කියපු ගමන්ම ඇතැමුන්ට මතක් වන්නේ විවාහ හතරක් ගැනත් සොරුන්ගේ අත කැපීම ගැනත් ය. නොදන්නා කම නිසා එලෙස උපකල්පනය කලත් ෂරියා නීතියෙන් මුස්ලිම්වරුන්ට සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දෙන්නේය. මේ නිසා ෂරියා ජිවන සැලැස්ම තුල මිනිසා විසින් දෙවියන්ට කල යුතු දේවල් සහ මිනිසා විසින් මිනිසාට කල යුතු දේවල් අඩංගු වේ. උදාහරණයක් වශයෙන් සලාතය, උපවාසය, සකාත් සහ හජ් වන්දනය මෙන්ම විවාහය, දික්කසාදය, ව්‍යාපාරය, මුදල් ගනු දෙනු ආදී දේවල් ද එහි දැකිය හැකිය. ඇතැම් අය මුස්ලිම්වරුන්ට විවාහ හතරක් සිදු කිරීමට අවසර ලබා දී තිබීම අපහාසත්මකව බැලුවත් කුරණයෙන් පනවා ඇති කොන්දේසි ඉටු කිරීමට නොහැකි නම් එක් විවාහයක් පමණක් සිදු කරන මෙන් දී ඇති නියෝගය දැක නැත. ඇත්ත වශයෙන්ම එවැනි නියෝගයක් ලබා දී තිබෙන්නේ ෂරියා නීතියෙන් පමණි.  ඇතැම් ෂරියා නීති ඉතා දැඩි වුවද එමගින් බලාපොරොත්තු වන්නේ සමාජයේ සිදු වන වැරදි අවම කිරීමයි. මෙම දැඩි නීති නිසා මුස්ලිම් සමාජය තුල ස්ත්‍රී දුෂණ සහ සොරකම ඉතාමත්ම අඩුවෙන් දැකිය හැකිය. එහෙත් දියුණු යැයි කියා ගන්නා රටවල් වල ඒවා ඉතා ඉහල අගයන් ගන්නේය.  ෂරියාව අනුව යම් වටිනා භාණ්ඩයක් සොරකම් කොට උසාවියකදී

මරණයෙන් පසු ජිවිතය (Life after death)

Image
බොහෝ අයට ඇත්තේ මරණයෙන් පසු ජීවිතය පිලිබඳ සැකයකි. ඒ අනුව ඔවුන් මෙසේ ප්‍රශ්න කරන බව කුරානය සඳහන් .කරයි.  "මරණයට පත්වී, අප පස් ලෙසද, ඇටකටු ලෙසද, වූ පසු අපව ද අපගේ මුතුන්මිත්තන්වද නැවතත් නැගිටවනු ලබන්නෙමු දැයි අසන්නන් ලෙස මොවුහු සිටියහ"  තවද ඔවුන් මෙසේ ද පවසන බව කුරානය මතක් කර දෙන්නේය.  "අපගේ මෙලෝ ජීවිතය හැර වෙන කිසිවක් නොමැත. අපි මරණයට පත් වෙමු. අපි ජිවත් වෙමු. කාලයම මිස වෙන කිසිවක් අපව විනාශ නොකරන්නේය' ඔවුන්ට මේ ගැන කිසිම දැනුමක් නොමැත. ඔවුන් අනුමාන කරනවා පමණි "  (කුරානය 45:24).  කෙසේ වෙතත් කිසිවක් නොමැතිව තිබියදී මිනිසාව මුලින්ම මැවූ අල්ලාහ්ට මිය ගිය කෙනෙකුට නැවත පණ දී නැගිටවිම අමාරු කාරියක් නොවේ. ඒ අනුව ඔවුන් සඳහා කුරණයෙන් මෙසේ පිළිතුරු ලබා දී තිබේ.  "නියත වශයෙන්ම පෙර සිටියවුන්ද, පසුව සිටියවුන්ද නියමිත දවසක නියමිත වේලාවකදී එක්රැස් කරවනු ලබන්නේ යැයි (නබි තුමනි) නුඹ (ඔවුනට) පවසනු". වරුසාවකින් පසු වියලී ගිය පොළොව මත පැල හට ගන්නේ කෙසේදැයි සිතා බලන ලෙස කුරානය මතක් කර දෙන්නේය.  "මළ ගිය පොළව ඔවුනට සාක්ෂියකි. අපි එය ප්‍රාණවත් කර, එයින් ධාන්‍යය ද පිට කළෙමු

ඉස්ලාම් දහම තුල අන්තවාදයක් තිබේද? (Is There Extremism in Islam?)

Image
විකිපිඩියාවෙහි දැක්වෙන පරිදි අන්තවාදය යනු "ආන්තික වීමේ ගුණාත්මක භාවය හෝ තත්වය" හෝ "ආන්තික පියවරයන් හෝ අදහස් වෙනුවෙන් පෙනී සිටීම" වේ. මෙම පදය මූලික වශයෙන් දේශපාලන හෝ ආගමික අර්ථයෙන් භාවිතා කරනුයේ, සමාජයේ ප්‍රධාන ධාරාවේ ආකල්පවලින් බැහැර යැයි සැලකෙන දෘෂ්ටිවාදයක් හැඳින්වීමට ය. එය ආර්ථික සන්දර්භය තුළ ද භාවිතා කළ හැකිය. කෙසේ වෙතත් ඉස්ලාම් දහම සාමය අගයන දහමකි. ඒ අනුව ඉස්ලාම් දහමින් සමාජයට හෝ තනි පුද්ගලයෙකුට හානි සිදුවන අන්දමින් ක්‍රියා කිරීම අනුමත කරන්නේ නැත. ඉස්ලාම් දහමින් නිදහස් චින්තනයට ඉඩ ලබා දෙන්නේය. ඒ අනුව ඉස්ලාම් දහමෙහි බල කිරීමක් නැත. තවද මුස්ලිම්වරයෙකුට මෙන්ම වෙනත් ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිසහස ඉන් තහවුරු කරන්නේය.   ඕනෑම කෙනෙක් ආගමක් අදහන්නේ ඔහු එය නිවැරදි යැයි දකින නිසාය. ඒ අනුව මුස්ලිම්වරුන් සිතන්නේ ඉස්ලාම් ආගම නිවැරදි බවයි. කිතුනුවන් සිතන්නේ කිතුනු ආගම නිවැරදි බවයි. බෞද්දයින් සිතන්නේ බුදු දහම නිවැරදි බවයි. මෙම නිදහසට ඉස්ලාම් ආගමින් බදා නොකරන අතර එම නිදහස පිළිගන්නේය. එසේම ඕනෑම කෙනෙකුට තමන් අදහන ආගම ප්‍රචාරය කිරීමේ නිදහස ඇති බව ඉස්ලාම් දහම පිළිගන්න

ඉස්ලාම්, වැරදියට වටහාගෙන ඇති දහම (Islam, The Most misunderstood religion)

Image
ලෝකයේ ඇති ආගම් අතරින් වැඩියෙන්ම වැරදියට වටහාගෙන ඇති ආගම ඉස්ලාම් වේ. ඊට ප්‍රධාන හේතුව ජන මාධ්‍ය හරහා නිතර නිතර සිදු කරනු ලබන්නාවූ බොරු ප්‍රචාරයන්ය. තවද, ඉස්ලාම් විරෝදින් විසින් ලියා පල කොට තිබෙන වැරදි තොරතුරු අඩංගු පොත් පත් වේ. මේ සෑම දෙයකින්ම ඉස්ලාම් දහමට පහර එල්ල කරද්දීත් අද ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන දහම බවට ඉස්ලාම් පත්ව තිබේ. ඊට ප්‍රධාන හේතුව එහි ඇති සත්‍යතාවයයි. මැණිකක් මඩේ දැමු පමණින් එහි වටිනාකම අඩුවන්නේ නැත. එසේම ඉස්ලාම් දහමට විරුද්ධව කොතරම් මඩ ප්‍රචාර සිදු කෙරුණත් එහි ව්‍යාප්තිය වැළැක්විය නොහැකිය. ඇතැම් අය ඉස්ලාම් දහමට චෝදනා කරන්නේ එය කඩුවෙන් ව්‍යාප්ත වූ බව කියමින් ය. එය සත්‍යයක් නම් අදටත් ඉස්ලාම් දහම ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වන්නේ කඩුවෙන් දැයි සිතා බැලිය යුතුය. ඇමරිකාවේ ද්විත්ව කුලුනට කව්රු ප්‍රහාර එල්ල කලත් එය වරදකි. එවැනි ඉගැන්වීම් ඉස්ලාම් දහම තුල නැත. කෙසේ වෙතත් එම ප්‍රහාරයෙන් පසු ඇමරිකාව තුල කුර්ආන් ග්‍රන්ථ වල අලෙවිය ඉතා වේගයෙන් ඉහළ ගියේය. තවද එම සිද්ධියෙන් පසු බොහෝ අය ඉස්ලාම් දහම වැළඳගෙන තිබේ.  ඉස්ලාම් දහමට එල්ල කරනු ලබන තවත් චෝදනාවක් වන්නේ කුරානය තුල යුද්ධය සම්බන්

ඉස්ලාමයට අනුව ආත්මය යනු කුමක්ද? (What is the soul according to Islam?)

Image
ආත්මය ගැන ප්‍රශ්න කල අවස්ථාවේදී අල් කුරානය මෙලෙස පිළිතුරු ලබා දී ඇත. "ඔවුහු 'රූහ්' (ප්‍රාණය) ගැන ගැන නුඹගෙන් විමසති. එයට නුඹ, 'රූහ්' මාගේ සමිඳුන්ගේ අණ පරිදිම ඇතැයි පවසනු! (ඒ ගැන) සුළු දැනුමක් පමණක් නුබලාට දෙනු ලැබ ඇත" (කුරානය 17:85). තවද, මිනිසාව මුලින්ම මැවූ පසු අල්ලාහ් ආදම් තුමාගේ ශරීරය තුලට ආත්මය ඇතුලත් කළේය. "පසුව, ඔහුව නිසියාකාරව සකසා තම ප්‍රානයෙන් එහි පිම්බේය, තවද, නුඹලාට ශ්‍රවනයද ඉන්ද්‍රියද දෘෂ්ටියද, හදවතද ඇති කළේය" (කුරානය 32:9). මේ අනුව ආත්මය යනු අල්ලාහ්ගෙන් ලැබුණු දායාදයක් වේ. එහෙත් මිනිසාට ඇත්තේ ඒ ගැන ඉතා සුළු දැනුමක් පමණි.  දොළොස් වන සියවසේදී ජීවත්වූ ඉස්ලාමිය ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන චරිතයක් වුද දාර්ශනිකයෙක් වුද දේවධර්මවාදීයෙක් වුද නීතිවේදියෙක් වුද ඉමාම් ගzස්සාලි තුමා පවසන්නේ මිනිසාගේ වැදගත්ම හරය ආත්මය නොහොත් සිත බවයි. ඔහු පවසන අන්දමට සිත යනු අධ්‍යාත්මික වස්තුවක් වන අතර එය ශරීරය තුල භෞතික සහ අධ්‍යාත්මික ක්‍රියාවන් මෙහෙය වන්නේය. මිනිස් සිතත් හදවතත් අතර සම්බන්දකමක් ඇති බැවින් ගzස්සාලි තුමා එය හදවත ලෙසද නම් කොට ඇත. ඔහු සිව් අකාරයකට මිනිස් ස

ඉස්ලාම් දහම තුල රැවුලට තිබෙන වැදගත්කම (The Importance of Beard in Islam)

Image
අල්ලාහ්ගේ සෑම මැවිමක් තුලම ඒවාට ආවේනික ලක්ෂණ දැකිය හැකිය. ඒවා කිසිසේත්ම වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව පිරිමියා සහ ගැහැණිය වෙන් කොට හඳුනාගැනීම සඳහා ලබා දී ඇති ලක්ෂණ අතරින් රැවුල විශේෂ තැනක් ගන්නේය. රැවුල නිසා මිනිසාගේ මුහුණට අලංකාරය එකතු කරන්නේය. එසේ තිබියදී සමහරුන් රැවුල මුළුමනින්ම මුඩු කොට එම ලක්ෂණය නැති කර ගැනීම අවාසනාවකි. එය ඉස්ලාම් දහම අනුව වරදක් ද වේ. ඉස්ලාම් දහම තුල රැවුලට අධ්‍යාත්මික වටිනාකමක් තිබේ. මේ හේතුවෙන් සෑම නබිවරයෙක්ම රැවුල වවා ඇත. ඒ අනුව ඉබ්‍රාහිම්, මුසා, ඊසා නොහොත් ජේසුස්  වහන්සේ ඇතුළු මුහම්මද් නබි තුමාද (ඔවුන් සියළු දෙනා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා!) රැවුල වවා තිබේ. එසේ තිබියදී මුහම්මද් නබි තුමාගේ අනුගාමිකයින්ට එය අනිවාර්‍ය (වාජිබ්) සුන්නාවක් වේ.  රැවුල සම්බන්දයෙන් මුහම්මද් නබි තුමා ඔහුගේ අනිගාමිකයින්ට පවසා තිබෙන්නේ එය නිදැල්ලේ වැඩීමට හරින ලෙස යි. සහිහ් බුහාරි සහ සහිහ් මුස්ලිම් ග්‍රන්ථවල එය නියෝගයක් ලෙස දැකිය හැකිය. තවද, අබු හුරෛරා රලි තුමා වාර්තා කරන හදිසයකින් කියැවෙන්නේ රැවුල ස්වභාවික ලක්ෂණ අතරින් එකක් වන බවයි.  රැවුල සම්බන්දයෙන් නබිතුමා නියෝග කොට ඇත

මුස්ලිම් විවාහයකදී සලකා බැලිය යුතු කරුණු (Things to consider in a Muslim marriage)

Image
ඉස්ලාම් දහම අනුව විවාහ වීම නබිතුමාගේ සුන්නාවකි. එම නිසා එය කුසල් ලැබෙන ක්‍රියාවක් ද වේ. එම හේතුවෙන් විවාහ වීමට හැකියාව තිබෙන කෙනෙක් විවාහ නොවී තපස් රැකීම සුදුසු නොවේ. කෙසේ වෙතත් විවාහ වීම සඳහා ඉස්ලාම් දහමින් බල කරන්නේද නැත. විවාහ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අල්ලාහ්ගේ ආශීර්වාදය තිබිය යුතුය. එය ලඟා කර ගත හැක්කේ නබිතුමාගේ මග පෙන්වීම අනුව විවාහයේ සෑම කටයුත්තකම සිදු කිරීමෙන් ය. ඒ අනුව ඉස්ලාම් දහමින් තහනම් කොට ඇති කිසිම දෙයක් විවාහයකදී නොකල යුතුය.  බොහෝ අය විවාහ වීමේදී මුලින්ම සොයන්නේ මනාලියගේ වත්කම් ගැනත් අලංකාරය ගැනත් වංශය ගැනත්ය. එහෙත් නබි තුමා උපදෙස් ලබා දී තිබෙන්නේ ආගමික හැදියාවට මුල් තැන ලබා දෙන ලෙසයි. එම උපදේසය අනුව යම් කෙනෙක් තමන් විවාහ වීමට අදහස් කරන තැනැත්තියගේ ආගමික ලැදියාවට මුල් තන ලබා දිය යුතුය. එය විවාහ දිවියේ සාර්ථකත්වයට හේතුවක් වනු ඇත.  මුස්ලිම්වරයෙකු කිසිම විටෙක මනාලියගෙන් දෑවැද්දක් බලාපොරොත්තු නොවිය යුතුය. එසේ කිරීම කුරානයේ නියෝගයට පටහැනි ක්‍රියාවක් වේ. ඇයිද යත් කුරණයෙන් නියෝග කොට තිබෙන්නේ මනාලයා විසින් මනාලියට මහර් දීමනාව දෙන ලෙසයි.  "...එහෙයින්, ඔවුන්ගෙන් කව්ර

අල් කුර්ආනය සහ ඊට එල්ලකරනු ලබන චෝදනා (The Quran and the accusations against it)

Image
අල් කුරානය යනු මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාට ක්‍රි.ව. 571 දී අල්ලාහ් දෙවිඳුන් විසින් යවන ලද දේව පණිවිඩයකි.  එය පහළ කොට ඇත්තේ මුළු මහත් මිනිස් වර්ගයාට යහ මග පෙන්වීම සඳහා ය. මෙම දේව පණිවිඩය ජිබ්‍රිල් නම් දේවදුතයා විසින් මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාට පුරා වසර 23 ක් තිස්සේ කොටස් වශයෙන් ගෙනවිත් දෙන ලදී. එහි සැකයට තුඩු දෙන කිසිම දෙයක් නැති බවට ආරම්භයේදීම සඳහන් කොට තිබේ. එවැනි දෙයක් නිර්භයව සඳහන් කල හැක්කේ එය දේව පණිවිඩයක් නිසාය. එසේ නොවන්නට වෙනත් ඕනෑම ග්‍රන්තයක සැකයට තුඩු දෙන කරුණු සොයා ගැනීමට හැකිය. අල් කුරානයේ විවිධ ප්‍රමාණයෙන් යුතු පරිජ්ජේද 114 ක් තිබේ. එහි ඇති දීර්ඝතම පරිජ්ජේදය වාඛ්‍ය 286 කින් සහ කුඩාම පරිජ්ජේදය වාඛ්‍ය 3 කින් ද සමන්විත වේ.  අල් කුරානය අල්ලාහ්ගෙන් මුහම්මද් නබි තුමා වෙත පැමිණියත් ඇතැම් අය පවසනේ කුරානය බයිබලයේ පිටපතක් බවයි. එහෙත් එහි කිසිම සත්‍යතාවයක් නැත. ඇයිද යත් බයිබලය කියවා තේරුම් ගෙන ඉන් කුරානය ලිවීමට නම් මුහම්මද් නබිතුමා ග්‍රීක බස දැන ගෙන සිටිය යුතුය. එහෙත් එතුමා ග්‍රීක බස හෝ වෙනත් කිසිම බසක් කියවීමට හෝ ලිවීමට දැනසිටියේ නැත. කෙසේ වෙතත් කුර

ස්වර්ගය අත්කර ගැනීමට ඇති බාධා (Obstacles to Achieving Paradise)

Image
  ස්වර්ගය ගැන අල් කුරානයේ බොහෝ තැන්වල වර්ණනා කොට තිබේ. එහෙත් එය අත්කර ගැනීමට ප්‍රධාන බදාවන් වන්නේ සාතන් සහ මිනිසාගේම පහත් ආශාවන් ය. මේ නිසා බොහෝ අය ස්වර්ගය අත්කර ගැනීම සඳහා ඇති මාර්ගය ඉතා පහසු කොට තිබියදීත් වැරදි මාර්ග වල ගමන් කරන්නේය. ස්වර්ගයේ ඇති සතුට කිසිම සිතකින් මෙනෙහි කල නොහැකි ය. ස්වර්ගවාසින්ට මරණයක් නොමැත. ඒ අනුව ස්වර්ගවාසින් සදාකල් යෞවනයේම සිටින්නේය. හදිස්වල දැක්වෙන පරිදි පිරිමින්ගේ වයස 33ක් වනු ඇත. ස්වර්ගවාසින් සිතන පතන සෑම දෙයක්ම ඔවුනට ලැබෙන්නේය. තවද ස්වර්ගවසින්ගේ සතුට වෙනුවෙන් බොහෝ කන්‍යාවියන් ලැබෙන්නේය. එපමණක් නොව එහි තනි මුතුවකින් සැදුම්ලත් කුඩාරම් තිබෙන්නේය. එහි විශාල ගස් ඇත. එහි ඇති ගසක සෙවනැල්ල පසු ක‍ර යෑම සඳහා අශ්වයෙකුට වසර පන්සියයක් පමණ ගත වන බව හදිස් වල සඳහන් වේ. එම ගස් අතරින් දිය දහරාවන් ගලා බසින්නේය. ස්වර්ගවාසින් මුහුණට මුහුණ ලා තබා ඇති කවිච්චි වල ලැගුම් ගෙන සුහද කතා බහේ යෙදෙන්නේය. ඔවුන්ට විවිධ රසයෙන් යුතු පලතුරු ඉතා පහසුවෙන් කඩා ගැනීමට හැකි වන පරිදි ගස්වල අතු ඉතා ලඟින් තිබෙන්නේය. ඒවා කඩාගෙන ඔවුන් රස විඳින්නේය. මේ සෑම දෙයකටම වඩා අල්ලාහ්ව දැක ගැනීමට හැකිවීම ස්වර