Posts

Showing posts from January, 2021

ජාතිවාදයට සහ ආගම් වාදයට විසඳුම් (Solutions to racism and religiosity)

Image
මිනිසුන් ජාතින් වශයෙන් වෙන් කිරීමට හේතුව අල් කුරානයෙන් මෙසේ විස්තර කොට ඇත.  "මිනිසුනි! නියතවශයෙන්ම අපි නුඹලාව පිරිමියෙකුගෙන් සහ ගැහැනියෙකුගෙන් මවා, නුඹලා එකිනෙකාව හඳුනාගැනීම පිණිස නුඹලාව ජාතීන් ලෙසද, ගෝත්‍ර ලෙසද පත් කළෙමු. නුඹලා අතරින් වඩාත් බිය බැති කෙනා අල්ලාහ් හමුවෙහි වඩාත් ගෞරවයට පාත්‍ර කෙනාය"   (කුරානය 49:13). එහෙත් මෙහි සඳහන් කොට ඇති අවශ්‍යතාවය අද ඉටු වන්නේ නැත. ඊට හේතුව ආගම ගැන ඇති අනවබෝදය සහ මහා ජාතිය උසස් යැයි තිබෙන හැඟීම වේ. මීට පිළියම එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝදය ඇති වීමට කටයුතු කිරීම යි. මේ නිසා නබි තුමා ඔහුගේ අවසාන අරෆා දේශනයේදී මෙසේ පවසා ඇත.  "ඔබගේ ජීවිතය සහ වස්තුව එකිනෙකා අතර පුණ්‍ය දේවල් වන අතර ඒවාට අනතුරු නොකළ යුතු ය. ඒවා මෙම පුණ්‍ය සුල් හජ් මාසය සහ පුණ්‍ය අරෆා දිනයට සමානය. තවද ඔබව, ඔබගේ අධිපති දෙවියන් ඉදිරියට කැඳවනු ඇත. එම දිනයේදී ඔබගේ සෑම ක්‍රියාවක් ගැනම  ඔහු ඔබගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය".   ඉන් පසු නබිතුමා එම දේශනයේදී මෙසේද පවසා තිබේ.  "අරාබි ජාතිකයා අරාබි නොවන්නාට වඩා උසස් වන්නේ නැත. එසේම අරාබි නොවන්නා අරාබි ජාතිකයාට වඩා උසස

ඉස්ලාම් දහමින් පොළිය තහනම් කරන්නේ ඇයි? (Why does Islam forbid interest?)

Image
පොළිය යනු ණයට දෙන ලද හෝ නයට ගත් මුදලක් සඳහා මුල් මුදලට වඩා වැඩියෙන් ගෙවනු ලබන ගාස්තුව වේ. බොහෝ විට පොළිය වාර්ෂිකව ගණන් බලා මුදල් ලබා දුන් ආයතනයට හෝ එය ලබා දුන් පුද්ගලයා වෙත කලින් ගිවිස ගත් පරිදි ගෙවිය යුතුය. ණය ලබා ගත් තැනැත්තා යම් හේතුවක් නිසා නියමිත දිනයේදී ඔහු පොරොන්දු වූ පරිදි පොළිය නොගෙව්වේ නම් එම පොලිය මත තවත් පොළිය එකතු කරනු ලැබේ. මේ හේතුවෙන් පොළියට මුදල් ගත් තැනැත්තා කබලින් ලිපට වැටුනා සේ තවත් අසරණ වේ. ඔහුට පොරොන්දු වූ පරිදි ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට ඔහු විසින්  ඇපයට තැබූ දේවල් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල අයකර ගනු ලැබේ. මේ හේතුවන් බොහෝ අයගේ නිවාස අහිමි වූ අවස්ථාවන් තිබේ. මේවා සැලකිල්ලට ගනිමින් ඉස්ලාම් දහම පොළීය සම්පුර්ණයෙන්ම තහනම් කොට තිබේ. පහත දැක්වෙන්නේ පොළිය සම්බන්දයෙන් වූ එක් කුර්ආන් වැකියකි.   "විශ්වාසකලවුනි! නුඹලා අල්ලාහ්ට බිය වන්න. නුඹලා විශ්වාසවන්තයින් නම්, පොලියෙහි ඉතිරිව තිබෙන දේ හැර දමන්න. නුඹලා (එසේ) නොකළේ නම් අල්ලාහ්ගෙන්ද, ඔහුගේ දුතයාගේන්ද යුද්ධ ප්‍රකාශ කර ඇති බව දැනගන්න. නුඹලා (පොලිය අතහැර අල්ලාහ්ගෙන් ක්ෂමාව ඉල්ලා) මිඳුණු විට නුඹලාගේ සම්පතෙහි

මුස්ලිම්වරුන්ට කාති උසාවි අවශ්‍ය ඇයි? (Why do Muslims need Kathi courts?)

Image
  කාති උසාවියක් යනු මුස්ලිම්වරුන්ට පමණක් බලපාන ඇතැම් විශේෂ නඩු විසඳීම සඳහා ස්ථාපනය කොට ඇති ආයතනයකි.  මේ අකාරයටම අනෙක් ජාතීන්ට පමණක් බලපාන ඇතැම් නඩු විභාග කිරීම සඳහා විශේෂ උසාවි ස්ථාපනය කොට තිබේ. ඒ හැරුණු විට සියලුදෙනාටම පොදුවේ බලපාන නඩු විසඳීම සඳහා වෙනමම අධිකරණ පිහිටුවා තිබේ. ඒ අනුව ලංකාවේ අධිකරණ පද්දතිය සමන්විත වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණ, නාගරික අධිකරණ සහ ප්‍රාථමික යන අධිකරණවලින්ය. කෙසේ වෙතත් ලංකාවේ සාපරාධී නීතිය සම්බන්ද අධිකරණ බලය පැවරෙන්නේ මහේස්ත්‍රාත් උසාවියට සහ මහාධිකරණයට පමණි.  ප්‍රධාන වශයෙන්  ලංකාව තුල  ක්‍රියාත්මක වන්නේ රෝමානු ලන්දේසි නිතිය,  උඩරට නිතිය  (උඩරට පමණක් බලපායි), තේසවලාම නිතිය  (යාපනයට පමණක් බලපායි ), ඉස්ලාම් ෂරියා නීතිය  (මුස්ලිම්වරුන්ට පමණක් බලපායි) , බෞද්ධ සහ හින්දු නීතිය  (බෞද්ධයින්ට සහ හින්දුන්ගෙන් කොටසකට පමණක් බලපායි) යන නීති වේ.  මුස්ලිම්වරුන්ගේ විවාහය දික්කසාදය දේපල බෙදීම වැනි දේවල් කුරානයේ ඇති නීති ප්‍රකාර සිදු කල යුතු වේ. මේ නිසා ඒවා ගැන කටයුතු කිරීමට ඈත අතීතයේ සිටම කාති උසාවියක් ස්ථාපනය කොට ඇත. විශේෂයෙන්ම එම උසාවිවලින් විභාග කරනු ලබන්

ත්‍රස්තවාදයට හේතු මොනවාද? (What are the causes of terrorism?)

Image
මේ වන විට ත්‍රස්තවාදය ලෝකයේ බොහෝ රටවල්වල ව්‍යාප්ත වී ඇත. එහි විශේෂත්වය වන්නේ දියුණු වෙමින් පවතින රටවල්වල මෙන්ම මැද පෙරදිග රටවල්වල එය වැඩියෙන්ම දැකීමට හැකි වීමයි. ත්‍රස්තවාදීන් නම් කිරීමේදී දැකිය හැකි විශේෂ කරුණක් වන්නේ යම් මුස්ලිම් කණ්ඩායමක් ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුනු විට පමණක් එය ඉස්ලාම් ත්‍රස්තවාදය ලෙස නම් කිරීමත් අනෙක් කණ්ඩායම් සියල්ලම ඔවුන්ගේ සංවිදානවල නම් වලින්ම ඇමතීමත් වේ. කෙසේ වෙතත් ඇමරිකාවේදී කරන ලද සංගණනයකදී දැක ගත හැකි වී තිබෙන්නේ එහි සිදු කල ත්‍රස්තවාදී ක්‍රියාවලට මුස්ලිම්වරුන්ගේ  සහභාගීත්වය 7% ක් බවයි. අනෙක් 93% ම වෙනත් ජාතින් වේ.  අද ලෝකයේ බලගතු රාජ්‍යයන් වලින්ද ත්‍රස්තවාදය මෙහෙය වන්නේය. එහෙත් ත්‍රස්තවාදයට ලබා දී ඇති අර්ථ දැක්වීම අනුව ඔවුන් ත්‍රස්තවාදී ගණයට වැටෙන්නේ නැත. ඇතැම් ත්‍රස්තවාදීන් පවා ඔවුන්ව හඳුන්වා ගන්නේ විමුක්ති සටන් කාමීන් ලෙසය. එසේ තිබියදී ඉස්ලාමිය ලෝගුව පොරවාගෙන සිටින ISIS සංවිදානයද මගින් කරන්නේ ද ඉස්ලාම් දහමේ නම භාවිතා කරමින් තවත් ත්‍රස්තවාදයක් ය. මේ නිසා කුමන නමකින් කලත් ඒවා ලෝකයට වින කරන කණ්ඩායම් වේ. එයට ඉස්ලාම් දහමේ කිසිම සම්බන්දයක් නැත.  ලෝක බලවතුන් ඉ

ඉස්ලාමීය අවමංගල චාරිත්‍ර (Islamic Funeral Customs)

Image
ෂරියා නිතිය අනුව රජෙකුට වුවත් කම්කරුවෙකුට වුවත් අවමංගල චාරිත්‍ර එකම ආකාරයට සිදු කරනු ලැබේ. තවද ඒ සඳහා අවශ්‍ය සෑම නීතියක්ම කුරානයෙන් සහ නබිතුමාගේ හදිස් වලින් පෙන්වා දී ඇත. මේ නිසා ඉස්ලාමිය මරණයක් ෂරියාවෙන් පෙන්වා දී ඇති ආකාරයටම සිදු කිරීම අනිවාර්‍ය වේ.  පස ඕනෑම දෙයක් දිරා පත් කරන මාධ්‍යයක් බැවින් මිනියක් භූමිදානය කිරීම පරිසර හිතකාමී ක්‍රමයක් වේ. මේ නිසා ඉහත සඳහන් කල පරිදි මුස්ලිම්වරයෙකු මිය ගියේ නම් ඔහුගේ දේහය භුමිදානය කරන්නේය. එය නබිතුමා පෙන්වා දී ඇති ක්‍රමය ද වේ. නබිතුමාව අනුගමනය කිරීම මුස්ලිම්වරුන්ට අනිවාර්‍ය වේ. මේ නිසා භූමිදානය වෙනුවට ආදාහනය කිරීම වරදකි. අල් කුරානය මෙසේ පවසා තිබේ. "අපි නුඹලාව එයින්ම (පසෙන්ම) මැව්වෙමු. (නැවතත්) නුඹලාව ඒ වෙතම හරවා යවන්නෙමු. පසුව නුඹලාව නැවත වතාවක් ඉන් පිටතට ගන්නෙමු" (කුරානය 20:55).  ෂරියා නීතිය අනුව කෙනෙක් මිය ගිය පසු ඉතා කෙටි කාලයක් තුලදී ඔහුගේ දේහය මිහිදන් කල යුතුය. එසේ කිරීම මිය ගිය තැනැත්තාගේ මතු ජිවිතයට ප්‍රයෝජනවත් වන අතර අනවශ්‍ය වියදම් අඩුකර ගැනීමටද හැකි වේ. මේ නිසා කොතරම් ළඟ ඥාතියෙක් වුවත් ඔහුගේ දේහය කපා කොටා එහි කොටස් ඉවත් කර

ඉස්ලාමයට පෙර සහ පසු කාන්තාවගේ තත්වය (Status of woman before and after Islam)

Image
අල් කුරානය පහළ වීමට පෙර අරාබියේ පැවති සම්ප්‍රදායික ගෝත්‍රික නීතිය යටතේ කාන්තාවන්ට නීත්‍යානුකූල තත්වයක් තිබුනේ නැත. ඒ අනුව පියවරුන් විසින් තමන්ගේම ගැහැණු දරුවන්ව වහල් කමට විකුණනු ලැබීය. තවද කාන්තාවන්ට දේපළ උරුමය හෝ අනුප්‍රාප්තික අයිතිවාසිකම් කිසිවක් තිබුනේ නැත. මෙම තත්වය අරාබියාවේ පමණක් නොව  ලෝකයේ බොහෝ රටවල්වල කාන්තාවන්ට අත්විඳීමට සිදු වූ ඉරණමකි. ඒ හැරුණු විට අරාබියාවේ පැවති සිරිත අනුව ගැහැණු දරුවන්ව පණපිටින් වළලනු ලැබීය. එවන් යුගයක නබිතුමා අරාබියාවේ උපත ලැබුවේය. මුහම්මද් නබි තුමාගෙන් පසු මෙම තත්වය සම්පුර්ණයෙන්ම උඩු යටිකුරු කරන ලදී. ඒ අනුව ඉස්ලාම් දහම පහළ වීමෙන් පසු කාන්තාවන්ටද මිනිසුන් මෙන් ගෞරවාන්විතව ජිවත් වීමේ අයිතිය ලැබුනේය.  නබිතුමාගේ පම්ප්‍රාප්තියෙන් පසු කුරානයෙන් කාන්තාවනට දේපල අයිතිය ලබා දුන්නේය. ඉන් නොනැවතී ඔවුන්ට ප්‍රවේණිය උරුමයද නියම කරන ලදී. තවද දෑවැද්ද වෙනුවට මනාලයා විසින් මනාලියට ලබා දිය යුතු මහර් දීමනාව අනිවාර්ය කෙරින. මේ හැරුණු විට කුර්ආන් වැකියකින් විවාහ වන අවස්ථාවේදී කාන්තාවගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කෙරුණේය. එසේම සාධාරණ හේතුන් ඇතොත් ඔවුන්ට දික්කසාද වී