Posts

Showing posts from February, 2018

විශ්වය නිර්මාණය කළේ කවුද? (Who created the universe?)

Image
විද්‍යාවේ දියුණුවට පෙර පැවති මතය වුයේ විශ්වය සදා කල් පැවති එකක් බවයි. එහෙත් විද්‍යාවේ දියුණුවත් සමග විශ්වයට ආරම්භයක් තිබිය යුතු බව විද්‍යාඥයින් විසින් නිගමනය කරන ලදී. එසේ නම් එය සිදු වුයේ කෙසේද? මේ සම්බන්දයෙන් විද්‍යාඥයින් අතර විවිධ මත ප්‍රකාශ වී තිබේ. මොන මතය ප්‍රකාශ වුවත් යම් දෙයක් සිදුවීමට නම් ඒ සඳහා හේතුක් සහ බලයක් ක්‍රියාත්මක විය යුතු වීම නිරවුල් ප්‍රායෝගික බුද්ධිය වේ. ඒ අනුව කිසිම දෙයක් ඉබේ සිදුවන්නේ නැත. මෙය දැනට අප දන්නා විද්‍යාත්මක සත්‍යය වේ. ඒ අනුව විශ්වය බිහි කොට ඒ තුල ඇති සෑම දෙයක්ම ඉතා ඥානාන්විත අන්දමින් ක්‍රියා කිරීමට නම් ඥානාන්විත දෙවි කෙනෙකු සිටිය යුතු ය. මෙය පිලි නොගන්නේ නම් විශ්වය බිහිවූ අන්දම අංග සම්පුර්ණව විස්තර කිරීමට හැකි වන්නේ නැත. කෙසේ වෙතත් විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් විද්‍යාඥයින් අත‍ර නොයෙකුත් මත ප්‍රකාශ වී තිබේ. එහෙත් ඒවා කිසිවක් විද්‍යාත්මකව සනාථ කල ඒවා නොවේ.  මේ නිසා ඒවා සියල්ලම දැනට වාදයන් පමණි. අනෙක් අතට දෙවියන් විසින් පහළ කොට ඇති සෑම දහම් පණිවිඩයකින් ම පවසන්නේ විශ්වය ඇතුළු සෑම දෙයක්ම දෙවියන් විසින් මවන ලද බවයි. විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් විද්‍යා

ඉස්ලාමයේ නවෝත්පාදනවල අන්තරාය (The dangers of innovation in Islam)

Image
ඉස්ලාම් දහම නබිතුමා ජිවතුන් අතර සිටියදීම සම්පුර්ණ කරනු ලැබිය. ඒ බව මෙම කුර්ආන් වැකියෙන් තහවුරු කොට තිබේ.  “අද දින, මා නුඹලාගේ දහම නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි, මාගේ දායාදයද නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි, තවද මා ඉස්ලාමය නුඹලාට ආගම ලෙස පිලිගනිමි”  (කුරානය 5:3). මේ හේතුවෙන් ඉස්ලාම් දහම තුලට අලුතින් කොටස් එකතු කිරීම බලවත් වරදකි. අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා ඉස්ලාම් දහම තුලට එකතු කරනු ලබන අලුත් ඇදහිලිවලට බිදඅත් යැයි කියනු ලැබේ.  බිදඅත් ක්‍රියාවන් සඳහා ඉස්ලාම් දහම තුල මුලාශ්‍රයන් නැත. මේ හේතුවෙන් ඒවාට අධ්‍යාත්මික වටිනාකමක් ලැබෙන්නේ නැත. එපමණක් නොව නබිතුමා පෙන්වා නුදුන් සෑම අලුත් ඇදහිල්ලක්ම නොමග ගිය දේවල් වන අතර ඒවා ප්‍රතික්ෂේප කල යුතු බව හදිස් වල දැක්වේ. අලුත් ඇදහිලි සම්බන්දයෙන් නබිතුමා මෙසේ පවසා තිබේ. "කව්රුන් හෝ මේ දහම තුලට අලුතින් යමක් එක්කළේ නම් එය දහමේ අංගයක් නොවන විට ප්‍රතික්ෂේප කල යුතුය" (බුහාරි 2550, මුස්ලිම් 1718). වෙනත් හදිසයක මෙසේ සඳහන් වේ. "දහමට අලුතින් එක්කරන සියලුම ඇදහිලි නොමග ගිය දේවල් වන අතර එසේ නොමග ගිය සියල්ල නිරයට අයත් ය". මේ නිසා   මුස්ලිම්වරයෙකු දහමින් ප

සමලිංගිකතාව පිලිබඳ ඉස්ලාමීය දෘෂ්ටිය (Islamic view of homosexuality)

Image
   දෙවියන් විශ්වය මැවූ පසු ස්වභාවික ක්‍රමයකට (فترة) ක්‍රියා කිරීමට සලස්වා ඇත. ජීවීන්ගේ ලිංගික ක්‍රියාවලියත් එයට අයත් වේ. එය වෙනස් කිරීම යනු දෙවියන්ගේ සැලැස්මට එරෙහි වීමකි.    මිනිසා හැර ලොව සිටින අනෙකුත් සෑම ජීවියෙකුම දෙවියන්ගේ ස්වභාවික ක්‍රමය අනුව ජිවත් වෙති. එහෙත් දහමකට හිමිකම් කියන මිනිසා එම ක්‍රමයට පිටුපා ක්‍රියා කරන්නේය. මෙහි ආරම්භය සිදු වන්නේ ලුත් නබිතුමාගේ කාලයේදීය.    ලුත් නබිතුමාගේ කාලයේ ජීවත්වූ පිරිමින් කාන්තවන් විවාහ කරනවා වෙනුවට පිරිමින් සමග ලිංගිකව ඇසුරු කිරීමට පටන් ගෙන ඇත. මෙම අනර්ථ ක්‍රියාව ඊට පෙර කිසිවෙකු විසින් සිදු කොට නොමැත.  එම ජනතාවට අවවාද කිරීම සඳහා ලුත් නබිතුමාව පැමිණ තිබේ. එතුමා සිය ජනතාවට කොපමණ අවවාද කලත් ඔවුන් එම වැරැද්දේම නියැලී ඇත.    "ලූත්, සිය සමුහයා වෙත (ගොස්): ' නුඹලාට පෙර  ලොවැසියන් කිසිවෙකු නොකළ ලැජ්ජා සහගත දෙය නුඹලා කරමින් සිටින්නේහුදැයි (ඇසු බව සිතා බලන්න). ඇත්ත වශයෙන්ම නුඹලා ස්ත්‍රින්ව හැර දමා පිරිමින් වෙතට (කාම) ආශාවන් වෙනුවෙන් යන්නේහුය. තවද, නුඹලා සීමාව ඉක්මවූ කණ්ඩායම වන්නෙහුය" (කුරානය 7:80-81).    ලුත් නබිත

How to Deal with Doubts about Islam? - Hamza Tzortis

Image

This Video Made Me Convert To Islam!

Image