Posts

Showing posts from 2019

ඉස්ලාම් භීතිකාව (Islamophobia)

Image
ඉස්ලාම් භීතිකාව යනු සාධාරණ හේතුවක් නොමැතිව ඉස්ලාම් දහම කෙරෙහි දක්වනු ලබන බිය සහ පිළිකුල වේ. මේ නිසා ලෝකයේ කොතරම් ආගම් තිබුනත් බියට පත් වන්නේ ඉස්ලාම් දහම ගැන පමණි. මුහම්මද් නබි තුමා ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමට ආරම්හ කිරීමේදීම කුරෙයිෂ් වරුන් බියට පත් වුයේ වාර්ෂිකව කව්බාව වෙත පැමිණෙන වෙළඳුන්ගේ අඩුවක් සිදු වනු ඇතැයි යන බිය නිසාය. ඒ අනුව බලන කල ඉස්ලාම් භීතිකාවේ මුලාරම්භය සිදු වන්නේ පුද්ගලික හේතුන් මතය.  කුරානය පැමිණීමට පෙර අරාබියාව තුල පැවතියේ කැලෑ නීතිය කි. එහෙත් ඉස්ලාම් දහම පැමිණි පසු සැමට නිතිය එකසේ ක්‍රියාත්මක විය. ඒ අනුව කිසිම අයිතිවාසිකමක් නොතිබුණු කාන්තාවන්ට පිරිමින්ට මෙන් සම අයිතිවාසිකම් ලැබුනේය. එය කුරෙයිෂ් වරුන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. ඉන් නොනැවතී ඉස්ලාම් දහමින් ඇති හැකි අයටත් නැති බැරි අයටත් සමාන අයිතිවාසිකම ලබා දුන්නේය. එයද කුරෙයිෂ් වරුන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. එපමණක් නොව ඉස්ලාම් දහමින් පොලිය තහනම් කළේය. එය පොළී මුදලාලිලාගේ අප්‍රසාදයට හේතුවක් විය. එසේම ඉස්ලම දහමින් පනවා ඇති මත්පැන් තහනම නිසා එය ජීවිකාව කරගත් උදවිය ඉස්ලාම් දහමට විරෝදය පැවෝය. අදත් බොහෝ අය ඉස්ලාම් භීතිකාව

මිනිසාව නිර්මාණය කිරීමේ අරමුණ කුමක්ද? (What is the purpose of creating man?)

Image
යම් කිසි උපකරණයක් නිෂ්පාදනය කිරීමේ අරමුණ දන්නේ එහි නිෂ්පාදකයාට ය. එසේම මිනිසාව මැවීමේ අරමුණ  දන්නේ ඔහුගේ මැවුම් කරුටය. තවද යම් උපකරණයක් නිසි ලෙස ක්‍රියා කිරීමට නම් ඒ සමග එන අත්පොත පිළිපැදිය යුතුය. මේ ආකාරයටම මිනිස් ජීවිතය ජය ගැනීමට නම් දෙවියන් ලබා දී ඇති මාර්ගෝපදේශය පිළිපැදිය යුතුය. කෙසේ වෙතත් යම් උපකරනයකින් එහි අරමුණ කිසිසේත්ම ඉටු නොවේ නම් එය නැවත ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. එසේම මිනිසාව මැවූ අරමුණ ඉටු නොවන්නේ නම් නිරයට දමන්නේය.  මිනිසාට යහ මග පෙන්වීම සඳහා දහම් පණිවිඩ රැගත් බොහෝ නබිවරුන් මෙලොවට පැමිණ තිබේ. ආදම්, නුහ්, හුද්, ඉද්රිස්, ඉබ්‍රාහිම්, ඉස්මායිල්, ඉස්හාක්, මුසා, ඊසා, මුහම්මද් (ඔවුන් සියල්ලෝම කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) යන අය එසේ පැමිණි ඇතැම් නබිවරුන් ය. මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානයත් සමග දෙවියන් පහළ කරන ලද දහම් පණිවිඩය සම්පුර්ණ වන්නේය.  අල් කුරානයේ මිනිසාව මැවූ හේතුව මෙසේ සඳහන් වේ.  "ජින්වරුන්ව සහ මිනිසුන්ව මාව නැමදීමට මිස මැව්වේ නැත"  (කුරානය 51:56). තවද මරණයෙන් පසු මිනිසාව ප්‍රශ්න කිරීම සඳහා නැවතත් දෙවියන් වෙතම කැඳවන බව කියැවේ.  "නුඹලා සිතාගෙන ඉන්

ඉස්ලාමයේ හලාල් සහ හරාම් සංකල්පය (Halal and Haram concept in Islam)

Image
ෂරියා නීතියෙන් අවසර ලබා දී තිබෙන සියලුම දේවල් හලාල් ලෙසද ඊට විරුද්ධ දේවල් හරාම් ලෙසද සලකනු ලැබේ. මිනිස් පරිබෝජනයට සුදුසු දේවල් සම්බන්දයෙන් අල් කුරානය මෙසේ පවසයි.  "මිනිසුනි! මිහිපිට ඇති අනුමත කරනු ලැබූ පිරිසිදු දේවල් පමණක් අනුභව කරනු, සාතන්ගේ අඩිපාර පිලි නොපදිනු. නියත වශයෙන්ම ඔහු නුඹලාගේ ප්‍රකට සතුරෙකු වේ" (කුරානය 2:168). තවද මිනිස් පරිබෝජනයට සුදුසු නොවන දේවල් සම්බන්දයෙන් කුරානය මෙසේ පවසා ඇත.  "ඉබේම මළ දෑ, රුධිරය, සුකර මාංශ, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් ඝාතනය කරනු ලැබූ සතුන් ආදිය නුඹලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දෑ, පහර කෑමෙන් මළ දෑ, උස්තැනක සිට වැටීමෙන් මළ දෑ, අං වලින් අනිනු ලැබීමෙන් මළ දෑ, වනසතුන් සපා කෑමෙන් මළ දෑ යනාදියද (තහනම් කර ඇත) " (කුරානය 5:3). මින් අදහස් කරනු ලබන්නේ සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට මග පෙන්වීම වේ.  ඉබේ මල සත්වයින්ගේ ශරීරයේ ඇති රුධිරය මෙන්ම එම මාංශ අහාරය පිණිස සුදුසු නොවන්නේ එහි තිබිය හැකි විෂබීජ නිසාය. එසේම සුකර මාංශ වල ඇති පට් පටිපනුවන් නිසා නොයෙකුත් භයානක ලෙඩ රෝග වැළඳිය හැකිය. තවද එහි ඇති මේදය නිසා රුධිර නාල වල අවහිරතා ඇති විය හැ

ඉස්ලාමය සහ වෙනත් ආගම් ( Islam and other religions)

Image
ඉස්ලාම්, විශ්වයේ මැවුම්කරු කේන්ද්‍රකරගත් ඒක දේවවාදී දහමකි. එහෙත් ඉස්ලාම් නොවන ආගම්වල මෙම තත්වය දැකිය නොහැකිය. තවද ඉස්ලාමයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය දෙවියන්ගෙන් පහළ වූ ආකාරයටම ආරක්ෂා කොට තිබීමයි. එම හේතුවෙන් එහි මිනිසාගේ ඇඟිලි ගැසීම් දැකිය නොහැකිය. ඉස්ලාම් ආගම ආදම් නබි තුමාට පහළ වූ අනපනත් වලින් ආරම්භ වී මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය මගින් අවසාන වන්නේය. ඒ අනුව අල් කුරානයට පෙර පහළ වූ සෑම ආගමකම මුහම්මද් නබි තුමාගේ පැමිණීම ගැන සඳහන් වී ඇත. තවද අල් කුරානය පහළ වීමත් සමග ඉස්ලාම් දහම පුර්ණත්වයට පැමිණ තිබේ. එම නිසා අල් කුරානයෙන් පසු තවත් ආගම පුස්තක මෙලොවට පහළ වන්නේ නැත.  ලොව ඇති සෑම ප්‍රධාන ආගමක්ම  අල්ලාහ්ගෙන් පහළ වූ ඒවාය. එහෙත් අල් කුරානය හැර අනෙක් දහම් පුස්තක මිනිසා විසින් වෙනස් කොට තිබේ. සමහර ආගම්වල කොටස් අතුරුදහන් වී ඇත. මේ නිසා ඒවායේ සම්පුර්න පණිවිඩය දැක ගැනීමට නොහැකි වී ඇත. තවද ඒවායින් බොහොමයක්ම ඇත්තේ වෙනත් භාෂාවෙන්ට සිදුකල පරිවර්තනයන්ය. මේ නිසා ඒවායේ පරිවර්තන දෝෂයන් ඇතුලත් වීම වැළැක්විය නොහැකි කරුනකි.  අල් කුරානය දේව පණිවිඩයක් බව සනාථ කිරීම සඳහා අවශ්‍යකරන හේත

මුස්ලිම්වරුන් චර්මච්ඡේදනය සිදු කරන්නේ ඇයි? (Why do Muslims practice circumcision?)

Image
චර්මච්ඡේදනය යනු මිනිස් ලිංගයේ පෙර සම ඉවත් කිරීමේ ක්‍රියාවලිය වේ. එහි ඉතිහාසය ක්‍රිස්තු පුර්ව හතරවන සියවස තරම් ඈත ඉතිහාසයට ගමන් කරන්නේය. ඒ අනුව එය ඉතා ඈත කාලයේ සිටම අරාබියාවේ දක්නට තිබුණු චාරිත්‍රයක් වේ. ඊජිප්තුවේ පැරණි සොහොන් කොත් ආශ්‍රිතව ලැබී ඇති සිතුවම් අනුව එය ක්‍රි.පු. 2400-2300 තරම් පැරණි චාරිත්‍රයකි.  චර්මච්ඡේදන ක්‍රියාවලිය මුස්ලිම්වරුන් පමණක් නොව යුදෙව්වන්ද සිදු කරති. එසේම ජේසුස් වහන්සේට චර්මච්ඡේදනය සිදුකර තිබුණු බව බයිබලයේ සඳහන් වේ. එපමණක් නොව සෑම නබිවරයෙකුම චර්මච්ඡේදනය සිදු කොට තිබේ. එහි ප්‍රධාන අරමුණ පිරිසිදු කම රැක ගැනීමයි.  මුස්ලිම්වරුන්ට චර්මච්ඡේදනය සිදු කිරීම නබිතුමා පෙන්වා දී ඇති ඉතා වැදගත් සුන්නාවකි. එනම් නබිතුමාගේ මග පෙන්වීමකි. මුස්ලිම්වරුන් ආගමික හේතුන් මත එය සිදු කරනු ලැබුවත් ඇතැම් මුස්ලිම් නොවන අයද එය සිදු කරති. ආගමික චාරිත්‍රයක් ලෙස මුස්ලිම්වරුන් චර්මච්ඡේදනය සිදු කලත් එහි බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ දැකිය හැකිය. විශේෂයෙන්ම එමගින් බොහෝ ලිංග ආශ්‍රිත ලෙඩ රෝග වලක්වා ගත හැකි වන්නේය. එසේ තිබියදී ඇතැම් අය සිතන්නේ චර්මච්ඡේදනය නිසා ලිංගික චර්යාවන්ට බාදාවක් ඇති වන බවයි. එහෙත්

මියගිය හදවත් වල අධ්‍යාත්මික බංකොලොත්භාවය (Spiritual bankruptcy of dead hearts)

Image
මිනිස් හදවත භෞතික මෙන්ම චිත්තවේගීය ඉන්ද්‍රියක් ලෙස සැලකිය හැකිය. එය මිනිස් සෙනෙහසේ ආසනය  ද වේ.  එමගින් මිනිසාගේ මනස, ශරීරය හා ආත්මය සම්බන්ධ කරන්නේය. අල් කුරානයට අනුව මිනිස් හදවත ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන්නේය. ඇතැම් ඉස්ලාමිය විද්වතුන් එය ආත්මය ලෙසද  නම් කොට ඇත. ඒ අනුව හදවත අන්ද වීම මිනිසාගේ අධ්‍යාත්මික ජීවිතය විනාශයට පත් වීමට හේතුවකි. මිනිසාගේ ඇස් දෙකම අන්ද වුවත් හදවත අල්ලාහ් කෙරෙහි විශ්වාසය තුලින් ජීවමාන වේ නම් ජීවිතය ජය ගැනීමට හැකි වන්නේය.  ඇයිද යත් අධ්‍යාත්මික හදවත අන්ද වූ කෙනෙකුට කොපමණ උපදෙස් දෙනු ලැබුවත් ඉන් ප්‍රයෝජනයක් අත් නොවන නිසාය. හදවත අන්ද වීමට ප්‍රධාන වශයෙන් බල පාන්නේ මිනිසා කරන අකුසල් ක්‍රියාවන් වේ.  මිනිස් ආත්මය අශ්වාරෝහකයෙකුට උපමා කළ හැකිය. ඒ අනුව  අශ්වාරෝහකයා ශක්තිමත් වන තරම අනුව අශ්වාරෝහකයාට  අශ්වයා හැසිරවිය හැකි වන්නේය.  ඒ අකාරයටම  ආත්මය ශක්තිමත් වන තරම අනුව  මිනිසාට නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට හැකි වන්නේය. එසේ තිබියදී  අද බොහෝ අය කාය වර්ධනය සඳහා නොයෙකුත් ව්‍යායාම වල යෙදුනත් ආත්මීය වර්ධනය සඳහා කිසිවක් කරන්නේ නැත. එහි ප්‍රතිපලය වන්නේ හදවත මිය යාමයි. කෙස

ජ්‍යෝතිෂ්‍ය පිලිබඳ ඉස්ලාමිය විශ්වාසය (Islamic belief in astrology)

Image
ජ්‍යෝතිෂ්‍යවේදයට ක්‍රි.පු.2000 තරම් පැරණි ඉතිහාසයක් තිබේ. විශේෂයෙන්ම එය ඉන්දියානුවන්, චීන්නුන්, සහ මායා වරුන් අතර දක්නට ලැබී ඇත. ඉන් පසු මෙසපොතේමියාව, ග්‍රීසිය රෝමය වැනි රටවල් දක්වා එය පැතිර ගොස් තිබේ. කෙසේ වෙතත් නවීන විද්‍යාවේ දියුණුවත් සමග ජ්‍යෝතිශ්ශාස්ත්‍රය විශාල පසුබෑමකට ලක් වී තිබේ. ඊට ප්‍රධාන හේතුව ග්‍රහවස්ත්තුවල පිහිටීම සහ ඒවායේ බලපෑම නිසා මිනිසාගේ දෛවය කියවිය හැකි විද්‍යාත්මක ක්‍රමයක් නොමැති වීමය. දාහත්වන සතවර්ෂයේ අගභාගය වන විට තාරකා විද්‍යාඥයින් සහ භෞතික විද්‍යාඥයින් විසින් ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේ කියැවෙන කරුණු ප්‍රශ්න කිරීම් වලට ලක් කොට තිබේ. මෙම ප්‍රශ්න කිරීමෙන් පසු ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට තිබුණු ශාස්ත්‍රීය මෙන්ම සෛද්දාන්තික වටිනාකම තවදුරටත් හීන වී ඇත. තවද නුතන විද්‍යාවේ දියුණුවත් සමග ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ගැන තිබුණු විස්වාසය ඉතා පහත් අඩියකට පත්ව ඇත.  ඊට ප්‍රධාන හේතුව නවීන විද්‍යාවෙන් ජ්‍යෝතිශ්ශාස්ත්‍රය මිනිසාගේ අනාගතය ගැන කිව හැකි දෙයක් ලෙස පිලි නොගැනීමයි. විශ්වය සහ එහි ඇති සෑම දෙයක්ම මවා ඇත්තේ අල්ලාහ් ය. එබැවින් විශ්වයේ ඇති ග්‍රහ වස්තුන් ඔහුගේ නියමය පරිදි අභ්‍යවකාශය තු

ඉස්ලාමයේ අනිවාර්ය වගකීම් සහ විශ්වාසයන් (Mandatory Responsibilities and Beliefs in Islam)

Image
ඉස්ලාම් දහමෙහි විශ්වාසය සම්බන්ද මුලික ප්‍රස්තුතයන් හයක් තිබේ. ඒවා සම්බන්දයෙන් අල් කුරානය සහ නබිතුමාගේ හදිස් වලින් පැහැදිලිකිරීම් සිදු කොට ඇත. පහත දැක්වෙන්නේ එම කරුණු හය වේ.  අල්ලාහ් කෙරෙහි විශ්වාස කිරීම දේවදුතයින් ගැන විශ්වාස කිරීම අල්-කුරානයට පෙර පහළ වූ ආගම් ගැන විශ්වාස කිරීම  දහම් දෙසීමට පැමිණි නබිවරුන් ගැන විශ්වාස කිරීම විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම.  දෙවියන්ගේ කැමැත්ත අනුව හොද-නරක සිදුවන බව විශ්වාස කිරීම අල්ලාහ් ගැන විශ්වාස කිරීම: අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නැති බව ඉස්ලාමයේ මුලික විශ්වාසය වේ. අල්ලාහ් සම්බන්දයෙන් ඉතා සංශිප්තව මෙසේ අර්ථ දක්වා තිබේ. "පවසනු! අල්ලාහ් (කිසිමදෙයකට සම නොවන) එක්කෙනෙකි. අල්ලාහ් ස්වයංපෝෂිතයා ය. ඔහු (කිසිවෙකුව) ප්‍රසුත කලේ නැත, කිසිවෙකුගෙන් ඔහු ප්‍රසුත වුයේද නැත. තවද ඔහුට සමාන කිසිවෙකුත් නැත" (කුරානය 112:1-4). මෙම අර්ථ දැක්වීම අනුව ඔහුට සමාන වෙනත් කිසිම දෙවි කෙනෙකු නැත. ජේසු තුමා හෝ වෙනත් සාස්තෘ වරයෙක් දෙවියන්ගේ තත්වයට පත් විය නොහැක්කේ ඔවුන්ට ඉපදීමක් සහ මරණයක් තිබෙන නිසාය. තවද ඔවුන්ට සමාන තවත් බොහෝ අය සිටින්නේය. ඔවුන් අවශ

මුහම්මද් (ﷺ) තුමාණන්ගේ මිහ්රාජ් ගමන [Mihraj-Night journey of the Prophet Muhammad (ﷺ)]

Image
නබිතුමා මක්කාවේ සිට ජෙරුසලමටත් එහි සිට අහස් තරණය කොට අල්ලාහ් වෙතටත් ගිය ගමන මිහ්රාජ් වේ. එය නබිතුමා විසින් සිදු කල බලගතු ප්‍රාතිහාරයකි. එවැනි ගමනක් වෙනත් කිසිම නබිවරයෙකු විසින් සිදු කොට නැත. ප්‍රාතිහාරයක් යනු අල්ලාහ්ගේ උදව්වෙන් නබිවරුන් පමණක් සිදු කරනු ලබන හාස්කමකි. එවැනි දෙයක් නබිවරුන්ටම මිස වෙනත් කිසිවෙකුට කල නොහැකිය. ප්‍රාතිහාර වලදී සාමාන්‍ය භෞතික නීති ක්‍රියාත්මක වන්නේ නැත. එම නිසා එම ගමන කෙසේ සිදු වුයේ දැයි ප්‍රශ්න කල නොහැකිය. සෑම නබිවරයෙකු විසින්ම ප්‍රාතිහාරයන් සිදු කොට තිබේ. උදාහරණයක් ලෙස ඉබ්‍රාහිම් නබිතුමාව ගින්නට විසි කල අවස්ථාවේදී අල්ලාහ්ගේ උදව්වෙන් ගින්න ඔහුව පිලිස්සුවේ නැත. මුසා නබිතුමාගේ හැරමිටිය අල්ලාහ්ගේ උදව්වෙන් නාගයෙකු බවට පත් කළේය. එම හැරමිටියෙන්ම මුහුද දෙබෑ කොට ඇත. නබිතුමාගේ මිහ්රාජ් ගමනත් එවැනිම ප්‍රාතිහාරයකි. එම ගමන එක් රැයකදී මක්කාවේ සිට ජෙරුසලමේ පිහිටි බයිතුල් මුකද්දිස් වෙතටත් එහි සිට අල්ලාහ්ව හමු වීමටත් ගොස් ආපසු පැමිණ තිබේ. අල් කුරානය එම ගමන මෙසේ විස්තර කරන්නේය. "ශුවිශුද්ධවන්තයා වන ඔහු තම ගැත්තාව මස්ජිදුල් හරාම්හි සිට අවට පරිසරය භාග්‍යවත් කල මස්ජිදුල්

මිනිස් කළල විකසනය පිළිබඳ අල් කුර්ආනය (The Quran on Human Embryonic Development)

Image
(    මිනිස් කළලයේ විවිධ අවස්ථාවන් පිළිබඳව අල් කුරානයේ විස්තර කොට ඇත. ඉන් එක් වැකියක පරිවර්තනය පහත දක්වා ඇත. "ඉන් පසු ඔහුව (ආදම්ගේ ප්‍රජාව) 'නුත්ෆා' (ශුක්‍රානු-ඩිම්බ එකතුව) ආරක්‍ෂිත තැනක තැන්පත් කෙළෙමු. පසුව එම 'නුත්ෆා' අවස්ථාව කැටියක් (අලකා) බවට පත් කෙළෙමු, එම කැටියෙන් අස්ථින් ඇති කළෙමු, ඉන් පසුව එම අස්ථින් මස්වලින් අවරනය කෙළෙමු; ඉන්පසු ඔහුව වෙනත් මැවීමක් බවට පත් කෙළෙමු" (කුරානය 23: 13-14). කුරානය පහළ වන යුගයේදී සරල කාචයක් පවා තිබුනේ නැත. එසේ නම් අල් කුරානයෙන් මෙවැනි දෙයක් පැවසිය හැකි වුයේ කෙසේද? මෙම කරුණු විද්‍යාඥයින් විසින් අධ්‍යනය කරනු ලැබුවේ කුරානය පහළ වී වසර 1000 ක් පමණ ගෙවී ගිය පසුව ඉතා සංකීර්ණ අන්වීක්ෂ යොදා ගැනීමෙන් ය. ඒ අනුව මිනිසාගේ ශුක්‍රානු ගැන මුලින්ම අධික්ෂ්න්ය කරනු ලැබුවේ හැම් සහ ලිව්වෙන්හොක් යන දෙදෙනා විසින් වර්ෂ 1677 දීය. මෙම කුර්ආන් වැකිය සම්බන්දයෙන් අදහස් දැක්වීම සඳහා ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ව්‍යුහ විද්‍යාව පිලිබඳ මහාචාර්ය කිත් එල් මුවර් (Keith L Moore) මහතා වෙත යොමු කර තිබේ. ඒ අනුව ඔහු මෙම කුර්ආන් වැකිය ගැන දීර්ඝ ලෙස අධ්‍යයනය කල අතර එහි

සලාතුන් නාරියා ඉස්ලාමය අනුමත කරනවාද? (Does Salatun Naria approve of Islam?)

Image
ෂරියා නීතියට අනුව ඕනෑම දෙයක් කුසල් ක්‍රියාවක් බවට පත් වන්නේ ඒ සඳහා කුරානයෙන් හෝ හදිස් වලින් මුලාශ්‍ර සොයා ගත හැකි නම් ය. එසේ නොවන කිසිම දෙයක් දහමේ අංගයක් ලෙස පිලිගන්න්නේ නැත. එසේ තිබියදී "සලාතුන් නාරියා" ආරම්භ වන්නේ නබිතුමාගේ අභාවයෙන් සියවස් ගණනාවකට පසුවය. මේ හේතුවෙන් එයට කුරානයෙන් හෝ හදීස් ඇසුරෙන් හෝ මුලාශ්‍ර සොයා ගැනීමට කිසිම හැකියාවක් ලැබෙන්නේ නැත. නබිතුමාගේ හදිසයක සඳහන් වන අන්දමට දහමට අලුතින් එක්කරන ලද දේවල් බැහැර කල යුතු ය. තවත් හදිසයක සඳහන් වන්නේ දහමට අලුතින් එකතු කරන සියලුම ඇදහිලි නොමග ගිය දේවල් බවත් නොමග ගිය සියලුම දේවල් නිරයට බවත් ය. නබිතුමාගේ අභාවයෙන් පසු ගොතන ලද මෙම සලාතුන් නාරියා කාන්තාවන් එකතුවී පරායණය කරනු ලබන්නේය. එහෙත් ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති බොහෝ දේවල් තිබියදී ඒවා ඉටු නොකර මෙවැනි අලුත් ඇදහිලි දහමේ අංගයක් ලෙස පිළිගෙන ඒවා සිදු කිරීම බලවත් වරදක් වේ.  සලාතුන් නාරියා වෙනුවට නබිතුමා වෙනුවෙන් පැවසිය යුතු සලවාත් කුමක්දැයි ෂරියාවෙන් පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම සලාතුල් ඉබ්රාහිමියා සලාතය ඉටු කිරීමේදී පරායනය කරන්නේය. ඒ අනුව අවශ්‍ය කෙනෙකුට එම සලවාතය තනිවම ඕනෑතරම් ප

සුන්නි සහ ෂියා අතර වෙනස (The difference between Sunni and Shia)

Image
ෂියා වරුන්ගේ ආරම්භය සිදු වන්නේ නබිතුමාගේ අභාවයෙන් දසක කිහිපයක් ගත වු පසුව ය. මිට ප්‍රධාන හේතුව අලිරලි තුමා සහ මු’ආවියා රලි තුමා අතර ඇතිවුණු යුද්දයකි. ආරම්භයේදී ෂියා දේශපාලන මුහුණුවරක් ගත් අතර පසුව ආගමික නිකායක් බවට පත් විය.  ශියාවරුන් විශ්වාස කරන්නේ මුහම්මද් නබිතුමාගෙන් පසු බලය හිමි විය යුත්තේ එතුමාගේ අනුප්‍රාප්තිකයන් වන අලි රලි තුමාට සහ ඔහුගෙන් පැවත එන ඉමාම්වරුන්ට බවයි. ශියාවරුන් අද වන විට තවත් බොහෝ නිකායන්වලට බෙදී ඇත. බෝරාවරුන් ද එම නිකායට අයත් වෙති.  ෂියාවරුන් පිළිපදින ඉස්ලාම් දහම නබිතුමා පෙන්වාදෙන ලද දහමම නොවේ. එම නිකායේ ඉස්ලාම් දහමට පටහැනි බොහෝ දේවල් එකතුකොට තිබේ. මේ නිසා  ශියාවරුන් ඉස්ලාම් දහමින් වෙන්වූ කොටසක් ලෙස සැලකේ. ඒ අනුව ඔවුන් අදහන දහම සහ ඉස්ලාම් දහම අතර අහසට පොලව මෙන් වෙනස්කම් දැකිය හැකිය. මේවා ගැන නිසි දැනුමක් නොමැති මුස්ලිම්වරුන් තම දරුවන්ව ෂියා මද්රසා පාසැල්වලට ඇතුලත් කිරීම ඉතා භයානකය. ඇයිද යත් ඔවුන්ගේ ඉගැන්වීම් ඉස්ලාම් දහමේ ඉගැන්වීම්වලට සහමුලින්ම වෙනස් වන නිසාය. අද ලංකාව තුලද ඔවුන්ගේ මතවාදය පතුරුවමින් අළුතින් පාසැල් ඇතිකරමින් තිබෙන නිසා මුස්ලිම්වරුන් අවදියෙන් සිටි

ආගමික වටිනාකම්වලට මොකද වුණේ? (What happened to religious values?)

Image
ලෝකය දියුණු වෙද්දී මිනිසුන්ගේ ආගමික හැදියාවන්වල පිරිහීමක් දක්නට තිබේ. මේ නිසා ඇතැම් අයට බිකිනියේ සහ බුර්කාවේ වෙනස පවා තේරුම් ගැනීමට හැකිවී නැත. එහි ප්‍රතිපලයක් ලෙස මුස්ලිම්වරුන් අඳින බුර්කාව ගෝනියකට සමාන කරන අවස්ථාද තිබේ. කෙසේ වෙතත් බුරුකාවට විරුද්ධ වන අය අඩනිරුවත් ඇඳුම් වලට විරුද්ධ නොවීම පුදුමයකි. ඇත්තෙන්ම ඔවුන් ඒවා දකින්නේ දියුණුවේ සංකේතයන් ලෙස නම් එය කනගාටුවට කරුණකි. මෙම තත්වය ඇතැම් ගිහියන් පමණක් නොව පැවිද්දන් පවා වටහාගෙන නොතිබීම අවාසනාවකි. මේ හේතුවෙන් ඇතැම් පැවිද්දන් පවා බුර්කාව විවේචනය කරන්නේය. සැබැවින්ම ඉන් සිදු වන්නේ දුෂණයට අත වැනීමකි.  එක් ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් මාධ්‍ය සාකජ්ජාවක් පවත්වා බුර්කාව හඳුන්වා දුන්නේ ගෝනියක් ලෙසය. එවිට මගේ සිතේ පහළ වුනේ ස්වාමින් වහ්සේ බුර්කාව ගෝනිය ලෙස අර්ථ දක්වන්නේ නම් බිකිනිය අර්ථ දැක්විය යුත්තේ කෙසේද කියාය. කෙසේ වෙතත් එම සාකජ්ජාවේදී එම ස්වාමින්වහන්සේ බිකිනිය ගැන එකම වචනයක් වත් පැවසුවේ නැත. එමගින් ඔහු කලේ තම අධ්‍යාත්මික බංකලොත් භාවය ලෝකයා හමුවේ ප්‍රධර්ශනය කිරීම වේ.  සහජයෙන්ම කාන්තාව පිරිමියාට වඩා වෙනස්ය. ඒ අනුව ඔවුන්ගේ මුළු ශරීරයම මිනිස

ඉස්ලාමයට අනුව සොහොන් ජීවිතය (Life in the grave according to Islam)

Image
සෑම ජිවියෙකුටම මරණය නියතය. එම මරණයෙන් පසු සොහොන් ජිවිතයක් තිබේ. එහිදී සිදුවීමට නියමිත දේවල් පිළිබඳව ඉස්ලාම් දහම ඉතා පැහැදිලි විස්තරයක් ලබා දී තිබේ. එම සොහොන් ජිවිතයෙන් පසු  නැවත නැගිටවන අතර මිනිසා මෙලොවදී කල දේවල් පිළිබඳව විනිශ්චය කරනු ලැබේ. එම විනිශ්චයේ ප්‍රතිපල අනුව මිනිසාට ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය.  මෙය සැක කරන අයගෙන් අල්-කුරානය මෙසේ ප්‍රශ්න කරන්නේය.  "මිනිසා කිසිත් නැතුව තිබියදී අපි ඔහුව මුලදී මැවූ බව ඔහු සිතා බැලිය යුතු නොවේද?" ඇත්තවශයෙන්ම අල්ලාහ්ට මිය ගිය මිනිසාව නැවත නගිටවිම පහසු කාර්යයකි. මුල් වරට මව් කුසේදී මිනිසාට දේව දුතයින් විසින් ආත්මය ගෙනවිත් දුන් අකාරයටම මිනිසා මරණයට පත්වන අවස්ථාවේදී නැවතත් දෙවියන් නියම කොට ඇති දේවදුතයෙක් පැමිණ ඔහුගේ ආත්මය රැගෙන යාමට නියමිතය. මේ නිසා මිනිස් ජීවිතය එක් අවස්ථාවකින් තවත් අවස්ථාවකට මරුවනවා මිස එය කෙළවර වන්නේ නැත. ඒ අනුව කෙනෙක් ලෞකික ප්‍රශ්න වලට මුහුණ දීමට නොහැකිව සිය දිවි හානිකරගැනීම මුග්ධ ක්‍රියාවකි. ඇයිද යත් අල්ලාහ් කෙනෙකුට ලබා දුන් ජීවිතය විනාශ කර ගැනීමෙන් ඔහුගේ ප්‍රශ්න කෙළවර නොවන නිසාය. එවැනි අයට නිරයේදී ඔහු තම

ඉස්ලාමිය දික්කසාදය (Islamic Divorce)

Image
විවාහය යනු නන්නාදුනන පිරිමියෙකු සහ කාන්තාවක් අතර සිදුකර ගන්නාවූ නිත්‍යානුකුල බැඳීමක් වුවද එය ඉස්ලාම් දහම අනුව ආගමික කටයුත්තකි. මේ නිසා මුස්ලිම්වරයෙකුගේ විවාහය මෙන්ම දික්කසාදය අල්කුරානය සහ නබිතුමා පෙන්වා දී ඇති රාමුව තුල තිබිය යුතුය.  කෙනෙක් මොනතරම් බලාපොරොත්තු ඇතුව විවාහය සිදු කරනු ලැබුවත් ඇතැම් විට එම විවාහයන් හරි හැටි පැහෙන්නේ නැත. එවැනි අවස්ථාවකදී ඉස්ලාම් දහම දික්කසාදට ඉඩ ලබා දී තිබේ. දික්කසාද වීමේ අයිතිය පිරිමි පාර්ශවයට මෙන්ම කාන්තා පාර්ශවයට ද එකසේ වලංගු වේ. කෙසේ වෙතත් ස්වාමිපුරුෂයා විසින් සිය භාර්යාව දික්කසාද කරන්නේ නම් විවාහ වන අවස්ථාවේදී ඔහු විසින් තම භාර්යාවට ලබා දුන් මහර් (විවාහවන අවස්ථාවේදී මනාලයා විසින් භාර්යාවට අනිවාර්‍යයෙන් ලබා දිය යුතු දීමනාව) කිසිවක් නැවත ලබා ගැනීම නොකළ යුතුය. එහෙත් භාර්යාව විසින් විවාහය අවලංගු කර ගන්නේ නම් ඇය විවාහ වන අවස්ථාවේදී ලබා ගත් මහර් දීමනාව නැවත සිය ස්වාමිපුරුෂයාට භාර දිය යුතු වේ.    පවුල් ජිවිතයේ ප්‍රශ්න ඇති වූ විට පළමු පියවර ලෙස දික්කසාදය තෝරා ගැනීම නොකළ යුතුය. ඒ අනුව ඔවුන් අතර සාමය ඇති කිරීම සඳහා යම් උත්සාහයක් ගැනීමට පියවර ගත යුතුය. ඒ සම

ඉස්ලාම් සහ විද්‍යාව ( Islam and Science)

Image
ඉස්ලාම් මිනිසාගේ ආරම්භය තරම්ම පැරණිය. එනම් එය  ආරම්භ වන්නේ  ආදම් නබි තුමාගෙන්  ය. එහෙත් විද්‍යාව මිනිස් ශිෂ්ටාචාරයත් සමග ක්‍රමානුකුලව දියුණු වන්නකි. තවද විද්‍යාත්මක දැනුම පර්යේෂණ මත රඳා පවතින අතර ආගමික දැනුම දෙවියන්ගේ පණිවිඩ මගින් ලැබෙන්නේය. එම නිසා දෙවියන්ගෙන් පහළ වූ නිවැරදි දහමක් විද්‍යාවට වඩා ඉදිරියෙන් සිටින්නේය.  දහමින් මිනිසාව දෙවියන් සමග එකතු කරන්නේය. අනෙක් අතට විද්‍යාව දෙවියන්ගේ මැවීම් ගැන තේරුම් ගැනීමට උදව් කරන්නේය. විශ්වය ගැන තේරුම් ගන්නා තරමට දෙවියන් පිලිබඳ මනා අවබෝදයක් ලැබිය හැකිය. මේ නිසා 20 වන සියවසේ බිහිවූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් වන ඇල්බට් අයින්ස්ටයින් පවසන්නේ ආගමින් තොර විද්‍යාව අබ්බගාත බවත් විද්‍යාවෙන් තොර ආගම අන්ද බවත් ය.  විද්‍යාව මිනිසාට ප්‍රයෝජනවත් වුවද විද්‍යාව සහ ඉස්ලාම් දහම අතර විශාල වෙනසක් තිබේ. විද්‍යාවෙන් ගනු ලබන නිගමන කාලයෙන් කාලයට වෙනස් වන්නේය. උදාහරණයක් වශයෙන් අතීතයේදී විද්‍යාඥයින් සිතා සිටියේ පෘථිවිය පැතලි තැටියක හැඩය ගන්නා බවයි. එහෙත් විද්‍යාවේ දියුණුවත් සමග එම මතය දැන් වෙනස් වී ඇත. එවැනි තව බොහෝ දේවල් විද්‍යාවේ තිබේ. කෙසේ වෙතත් දෙවියන් පහළ කල අල් ක