Posts

Showing posts from November, 2016

සහජීවනය (Co-Living)

Image
මිනිසාට ආගමක් ලැබී ඇත්තේ නිවැරදි මාර්ගයේ ජිවත් වීමට මිස එකිනෙකා බේද කොට වෙන් කිරීමට නොවන බව තේරුම් ගත යුතුය. මෙය සිදු කළ යුත්තේ  විවිධත්වය තුල එකමුතුකම ගොඩ නැගීම තුලින්ය. මෙම කරුණ හොඳින් තේරුම් නොගන්නේ නම් මිනිසාට කිසිමදාක සැනසීමෙන් ජිවත් වීමට ලැබෙන්නේ නැත. පරමාණුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වූ සෑම දෙයක්ම අන්‍යෝන්‍යවශයෙන් එකමුතුව ක්‍රියා කිරීම නිසා විශ්වය විනාශ නොවී පවතින්නේය. එසේම පරමාණුව තුල අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධන ආරෝපණ සහ රින ආරෝපණ වලින් යුක්ත අංශු කිසිම විරුද්ධත්වයක් නොමැතිව ඉතා හොඳින් බැඳී පැවතීම නිසා ඒවායේ පැවැත්ම සිදු වන්නේය. තවද විශ්වයේ ඇති ගිනිගෙන දැවෙන තාරකා සහ ග්‍රහ වස්තු ඉතා හොඳ සමගියකින් එකතුවී තිබීම නිසා ඒවා විනාශ නොවී තිබෙන්නේය. එහෙත් මිනිසාගේ   ඉරිසියාව, ක්‍රෝදය, වෛරය සහ තන්හාව  නිසා සහයෝගයෙන් ජීවත්වීම අපහසු වී ඇත.  සෑම දහමකින්ම උගන්වා ඇත්තේ මිනිසාට හොඳ කිරීමට මිස නරක නොවේ. ඉස්ලාම් දහම මේ සඳහා බොහෝ ප්‍රයෝගික ක්‍රියා මාර්ගයන් පෙන්වා දී ඇත. අසල්වැසියා කුමන ජාතිකයෙක් වුවත් ඔහු බඩගින්නේ සිටින විට ඔහුට නොදී තමන් පමණක් කුස පිරෙන්නට කන්නේ නම් ඔහු

දෙවියන් මිනිසාව පරික්ෂා කරන්නේ ඇයි? (Why does God test man?)

Image
කෙනෙක් වෙළඳ පොලට ගොස් භාණ්ඩයක් මිලදී ගන්නා විට එය ඉතා හොඳින් පරික්ෂා කොට බලන්නේ එහි අඩු පාඩු තිබිය හැකි නිසාය. එහෙත් දෙවියන්ට එවැනි දෙයක් නොකරම නරක මිනිසුන්ගෙන් හොඳ මිනිසුන් වෙන් කල හැකිය. එසේ කළහොත් නිරයට ඇතුලත් වන මිනිසුන්ට ඔවුන් එහි ඇතුලත් වන්නේ ඔවුන්ගේම වරදින් බව වටහා ගැනීමට අවස්තාවක් ලැබෙන්නේ නැත. එබැවින් මිනිසාට අවස්ථාවක් ලබා දී එහි ප්‍රතිපල අනුව ස්වර්ගය සහ නිරය තීරණය කරනු ලැබේ. එසේ කිරීමෙන් ඉහත කී තත්වය උදා වන්නේ නැත. අල් කුරානයට අනුව මරණය සහ ජිවය මවා තිබෙන්නේ මිනිසුන් අතරින් ලස්සන ක්‍රියාවන් කරන්නේ කව්රුදැයි පරික්ෂා කිරීම සඳහා ය. මේ නිසා මිනිසාට ජීවිතය පුරා නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දීමට සිදු වේ. එම පරීක්ෂාවන් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වන්නේය. ඒ අනුව ඇතැමුන්ට අධික ලෙස ධනය ලැබීමත් පරික්ෂාවකි. එසේම තවත් කෙනෙකුට ධනය නොලැබීමත් පරික්ෂාවකි. තවද කෙනෙකුට නිරෝගී ජිවිතයක් ලැබීමත් පරික්ෂාවකි. එසේම කෙනෙකු රෝගී ජිවිතයක් ගත කිරීමත් පරික්ෂාවකි. මොන තත්වයකට මුහුණ දෙනු ලැබුවත් කෙනෙක් දෙවියන් පෙන්වා ඇති යහ මාර්ගය අනුගමනය කළහොත් පමණක් ජීවිතය ජය ගත හැකි වන්නේය.  මිනිසාට යහ මාර්ගය පෙන්වා

Billion-dollar drug company hides astounding discovery of a natural canc...

Billion-dollar drug company hides astounding discovery of a natural canc...