Posts

Showing posts from July, 2019

වහබිවාදය සහ අයිසිස් අතර සම්බන්ධයක් තිබේද? (Is there a link between Wahabism and ISIS?)

Image
වහාබ් වාදයට මුල පුරන්නේ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් ය. ඔහු උපත ලබන්නේ 1702-03 යන කල සීමාව තුලදීය. ඔහු සියවස් තුනකට පමණ පෙර ගරා වැටී තිබුණු ඉස්ලාම් දහමට පුනර් ජීවයක් ලබා දීම සඳහා විශාල සේවයක් කල කෙනෙකි.  එහෙත් ISIS සංවිදානයේ නායක අබුබක්කර් බග්දාදී ඉස්ලාම් වේශයෙන් සිටින මොසාඩ් සංවිදානයට අයත් කෙනෙක් බව කියනු ලැබේ. තවද ඔහු කරන දේවල් වලටත් ඉස්ලාම් දහමටත් කිසිම සම්බන්දයක් නැත. එම සංවිදානය තනිකරම ත්‍රස්තවාදී සංවිදනයක් වේ. ඔවුන්ගේ ක්‍රියා කලාපය අල් කුරානයටත් නබි තුමාගේ මග පෙන්වීමටත් සම්පුර්ණයෙන්ම වෙනස් ය. ඒ අනුව ISIS සංවිදානය විසින් මුස්ලිම් සහ මුස්ලිම් නොවන අයව අමු අමුවේ ඝානනය කරන්නේය. එහෙත් අල් කුරානයෙන් ඊට අවසරයක් නැත. කුරානය පවසන්නේ හේතුවක් නොමැතිව එක් මිනිසෙකු ඝාතනය කිරීම ලොවැසියන් සියලු දෙනාවම ඝාතනය කළා හා සමාන බවයි.  ISIS සංවිදානයට උවමනා කොට තිබෙන්නේ ඉස්ලාම් වේශයෙන් පෙනී සිටිමින් ඉස්ලාම් දහමට හතුරුකම් කිරීමට වේ. අවාසනාවකට මෙන් ඇතැම් මුස්ලිම්වරුන් එම සංවිදානයට බැඳී ඇත. යා අල්ලාහ් ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වාදෙනු මැනව!    By Fasy Ajward.  B.Sc (Sp,Phy) Hons.Japura.  Ex: Research

අල් කුර්ආනය තුල යුද්ධයට සම්බන්ධ වැකි අඩංගු වන්නේ ඇයි? (Why does the Quran contain verses related to war?)

Image
අල් කුරානය මිනිසාට අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දෙන්නේය. ඒ අනුව නබිතුමා රට පාලනය කලේ කුරානයේ ඇති නීති රීති අනුවය. අදටත් සව්දි අරාබියාවේ ව්‍යවස්ථාව ලෙස පිළිගන්නේ අල් කුරානයයි. කෙසේ වෙතත් ඉස්ලාම් යන්නෙහි තේරුම සාමය නම් අල් කුරානය තුල යුද්ධය සම්බන්ද වැකි අඩංගු වන්නේ ඇයිදැයි කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. නොදන්නා කම නිසා එසේ ප්‍රශ්න කලත් කුරානයෙන් යුද්ධ කිරීම සඳහා අවසර දී තිබෙන්නේ ජනතාවගේ ආරක්ෂාව සඳහාය. මෙම අවසරය ලැබීමට පෙර නබිතුමා සහ සහාබා වරුන් කුරෙයිෂ් වරුන්ගේ කෘර වද හිංසා වලට ගොදුරු වුහ. එහෙත් එදා යුද්ධ කිරීම සඳහා අවසර ලබා දී නොතිබුණු බැවින් ඔවුන් ඒවා ඉවසා දරා ගත්හ. කෙසේ වෙතත් යමෙක් ගහන්න ගහන්න ඔලුව පහත් කර ගෙන සිටීම නිවට කමකි. මේ නිසා ඉවසීමේ සිමාව උපරිමයට පැමිණි පසු යුද්ධ කිරීම සඳහා අවසර ලබා දෙමින් කුරානයේ මුල්ම වැකිය පහළ වී තිබේ.  මුස්ලිම් නොවන බොහෝ ජාතින් එදා යුද්ධ කලේ රටවල් අල්ලා ගැනීමටත් එහි ඇති සම්පත් කොල්ල කෑමටත් ය. එහෙත් කුරානයයෙන් යුද්ධ කිරීම සඳහා අවසර ලබා දී තිබෙන්නේ සතුරා විසින් පහර දුන් විට පමණි. ඒ අනුව ඉස්ලාමීය නීතිය අනුව හේතුවක් නොමැතිව යුද්ධයක් ආරම්භ කල නොහැකිය.  එද

මුස්ලිම්වරුන්ව සම්ප්‍රධායික සහ වහාබ්වාදී යැයි වර්ගීකරණය කළ හැකිද? (Can Muslims be categorized as Traditional and Wahhabi?)

Image
ඉස්ලාම් දහමෙහි ප්‍රධාන මුලාශ්‍ර වන්නේ අල් කුරානය සහ අල් හදිස් නොහොත් නබි තුමාගේ මග පෙන්වීම වේ. එහි වහාබ් වදයක් හෝ සුහුෆි වාදයක් පෙන්වා දී නැත. එසේ තිබියදී ඇතැම් අය මුස්ලිම්වරුන්ව සම්ප්‍රදායික සහ වහාබ්වාදී යැයි වර්ගීකරණය කිරීම විහිළුවකි. ඇත්තෙන්ම ඔවුන් එසේ කරන්නේ ඉස්ලාම් දහම ගැන අවබෝදයක් නොමැති කම නිසා විය යුතුය. වහාබ් වාදය ගැන කතා කරන බොහෝ අයට එහි ඉතිහාසය නිවැරදිව දන්නේ නැති බවක් පෙනී යන්නේය. ඇත්තෙන්ම මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් කරන ලද ප්‍රතිසංස්කරණයට "වහාබ් වාදය" යැයි පට බැඳ තිබෙන්නේ වෙනත් අය විසිනි. අබ්දුල් වහ්හාබ් යන තැනැත්තා ඉස්ලාමිය විද්වතෙකි. ඔහු ඉස්ලාම් දහම තුල කිසිම් අළුත් වාදයක් ඇති කලේ නැත. ඔහු කල එකම කාර්ය වන්නේ නොමග ගිය මුස්ලිම්වරුන්ව නැවතත් දහම තුලට ගෙන ඒම පමණි. ඒ අනුව ඉස්ලාම් දහම තුලට අලුත් ඇදහිලි එකතු කොට වැරදි විදියට ඉස්ලාම් දහම පිළිපදිමින් සිටි අයට කුරානය සහ හදිස් අනුව නිවැරදි ඉස්ලාම් දහම ඔහු ප්‍රචාරය කළේය.  මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් තුමාගේ කාලයේදී බොහෝ මුස්ලිම්වරුන් දහමින් බැහැර වී සිට ඇත. ඒ අනුව ඔවුන් සොහොන් කොත් ආශ්‍රිතව බොහෝ අළුත් ඇදහිලි ඇති කොට