Posts

Showing posts from May, 2021

උපවාස මාසයේදී විශේෂ අවධානය යොමු විය යුතු කරුණු (Matters to be noted during the fasting month)

Image
අල් කුරානය උපවාසය ගැන සඳහන් කිරීමේදී පවසන්නේ එය මුස්ලිම්වරුන්ගේ බිය බැතිකම ඇතිකර ගැනීම සඳහා ලබා දී ඇති බවයි. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම එම මාසය තුලදී ඉස්ලාම් දහමින් තහනම් කොට ඇති දේවල් වලින් මුළුමනින්ම වැලකී සිටීමටත් අල්ලාහ් නියම කොට ඇති දේවල් වැඩි වැඩියෙන් කිරීමටත් වග බලා ගත යුතුය.  ඉතාමත්ම මහලු වියට පත් වීම නිසා හෝ උපවාසයේ යෙදීමට නොහැකි තරම් රෝගී වීමෙන් උපවාසය අත්හැරිමට අවසර ලැබෙන්නේය. කෙසේ වෙතත් එසේ අත්හැරෙන සෑම උපවාසයක් වෙනුවෙන්ම දුගීන් හට සහල් ග්‍රෑම් 625ක් බැගින් ලබා දීමට නියම කොට තිබේ.  තවද රෝගී තත්වය පහව ගිය අය විසින් ඔවුන්ට අත්හැරුණු උපවාසයන් වෙනත් දින වලදී ඉටු කිරීම අනිවාර්‍ය වේ.   උපවාස කාලය තුලදී අනවශ්‍ය ක්‍රිඩා වල යෙදීමට වඩා ප්‍රයෝජනවත් දේවල් සඳහා කාලය මිඩංගු කිරීම වඩා යෝග්‍ය වේ. ඒ අනුව අනවශ්‍ය යැයි හැඟෙන කිසිම දෙයක් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමෙන් වැලකී සිටීම ඉතා වැදගත් ය. තවද රාත්‍රී කාලයේදී අනවශ්‍ය ලෙස වීදිවල සැරිසරමින් නිවෙස්වල සිටින අයට හිරිහැර වන ආකාරයට ක්‍රියා කිරීම මගින් උපවාසයෙන් බලාපොරත්තු වන දේට ප්‍රතිවිරුද්ධ දේවල් සිදු වන්නේය.  උපවාස කාලය තුලදී වෙනදා අනුමැතිය ලබා ද

ඉස්ලාමය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට ඉඩ දෙයිද? (Will Islam allow suicide bombings?)

Image
  ඉස්ලාම් දහමටත් මරාගෙන මැරෙන බෝම්බ සංස්කෘතියටත් කිසිම සම්බන්දයක් නැත. එය බිහිවන්නේ අල් කුරානය පහළ වී සියවස් ගනනාවක් ගෙවී යාමෙන් පසුවය. අල් කුරානයේ හෝ නබිතුමාගේ හදිස් වල මරාගෙන මැරෙන බෝම්බ සම්බන්දයෙන් එකදු සඳහනක් නැත. නබිතුමා ජිවත්ව සිටි යුගයේදී බෝම්බ නිෂ්පාදනය කොට තිබුනේද නැත. කෙසේ වෙතත් අල් කුරානය සහ හදිස් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ එවැනි දෙයක් කිරීම විශාල වරදක් බවයි. එහි බැරෑරුම්කම පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් විස්තර කොට ඇත. "නියත වශයෙන්ම මිනිස් ඝාතනයක් නිසා හෝ පොළවෙහි කළහ ඇති කිරීම නිසා හෝ මිස වෙනත් කෙනෙකුව ඝාතනය කිරීම මිනිස් සමුහයාවම ඝාතනය කලාට සාමන වේ යැයිද කෙනෙකුව ජිවත් කරවීම මිනිස් සමුහයාවම ජිවත් කරවන්නා ලෙස වන්නේයැයි ද අපි ඉස්රායිල්ගේ දරුවන්ට දැන්වූයෙමු"  (කුරානය 5:32). එසේ තිබියදී ත්‍රස්තවාදීන් කරන්නේ මිට හාත්පසින්ම වෙනස් දෙයකි.  ඉස්ලාම් දහමින් අනුමත කොට ඇති යුද්ධයකදී මෙම ආචාර ධර්ම පිළිපැදිය යුතුය 1. ළමුන්, කාන්තාවන් සහ වයසක උදවියට කිසිම හානියක් නොකළ යුතුය. 2. පුජනිය ස්ථාන වලට හෝ එහි රැඳී සිටින කිසිවෙකුව ඝාතනය නොකළ යුතුය. 3. ගස් කොළන් විනාශ නොකල යුතුය. 4. මළ සිරුර