Posts

Showing posts from December, 2017

ඉස්ලාමයේ අලුත් අවුරුදු උත්සව සැමරීමේ වැදගත්කමක් තිබේද? (Is it important to celebrate New Year's Eve in Islam?)

Image
මිනිසාට කාලය නිර්ණය කිරීම සඳහා දින දර්ශනයක අවශ්‍යතාව ඈත ඉතිහාසයේ සිටම තිබී ඇත. ඒ අනුව අප දන්නා පැරණිම දින දර්ශනයට වසර හාරදහසකට වඩා පැරණි ඉතිහාසයක් ඇත. රෝමාවරුන් භාවිතා කළ ජුලියර් සීසර් දින දර්ශනය ක්‍රි. පු. 45 දී නිර්මාණය කරන ලද්දකි. කෙසේ වෙතත් අද ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන්නේ ග්‍රිගොරියස් දින දර්ශනයයි. මේ වන විට එම දින දර්ශනය සහ කිතුනු දහම අතර බැඳීමක් දක්නට ලැබෙන්නේය.   බොහෝ දින දර්ශනවල ආරම්භය ආගමික මුහුණුවරක් ගෙන ඇත. ඒ අනුව වෙනත් ආගම් සඳහා ඔවුන්ගේම දින දර්ශන නිර්මාණය කොට තිබේ. උදාහරණයක් ලෙස බෞදයින් සඳහා ඔවුන්ගේම දින දර්ශනයක් තිබේ. එසේම මුස්ලිමරුන් සඳහා ද වෙනමම දින දර්ශනයක් ඇත. මෙය නබිතුමාගේ අභාවයෙන් පසු උමර් රලි තුමාගේ මැදිහත් වීමෙන් ආරම්හ කොට ඇත. එය ආරම්භ වන්නේ නබිතුමාගේ හිජ්රත් ගමන පාදක කර ගෙනය. එහෙත් ඊට ආගමික වටිනාකමක් ලබා දෙමින් සැමරුම් කිරීමක් නොමැත. ඒ අනුව එම දින දින දර්ශනය ආරම්හ වන මුල් දිනයේදී කිසිම ආගමික උත්සවයක් සිදු කරනු ලබන්නේ නැත. කව්රුන් හෝ එම දින දර්ශනය පාදක කර ගනිමින් ඊට නබිතුමා පෙන්වා නුදුන් ආගමික මුහුණුවරක් ලබා දෙන්නේ නම් එය බලවත් වරදකි. එසේම එය නබිතුමාගේ

ONE REASON WHY SO MANY PEOPLE GET SICK!

Image

රැවුල ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් (The Islamic Perspective Of The Beard)

Image
මෙලොවට පහළ වු සෑම නබිවරයෙකුම රැවුල වවා තිබේ. ඔවුන් කිසිවෙකු රැවුල සම්පුර්ණයෙන්ම බා නැත. නබිවරුන් පමණක් නොව මුස්ලිම් නොවන දාර්ශනිකයින් මෙන්ම පැරණි විද්‍යාඥයින්  පවා රැවුල වවා තිබේ. කෙසේ වෙතත් මුස්ලිම් නොවන බොහෝ අය රැවුල බෑම පුරුද්දක් කර ගෙන ඇත. එසේ තිබියදී ඇතැම් අය යටි රැවුල බා උඩු රැවුල වවති. එහෙත් මෙම ක්‍රියාව නබිතුමාගේ ඉගැන්වීමට පටහැනි ය. නබිතුමා පවසා ඇත්තේ උඩු රවුල කොටට කපා යටි රැවුල වවන ලෙසය  පිරිමියෙකු සහ කාන්තාවක් වෙන්කොට හඳුනාගැනීමට ඇති මුලික ලක්ෂණයක් වන්නේ රැවුලයි. මෙය දෙවියන් ඇති කළ වෙනසකි. සිංහයෙකුගේ අලංකාරය උගේ ලොම් වලින් විදහා දක්වන ආකාරයටම පිරිමියෙකුගේ ගාම්බිරත්වය රැවුල මගින් පෙන්නුම් කරන්නේය. දෙවියන්ගේ මැවීමක් හේතුවක් නොමැතිව වෙනස් කිරීම ඉස්ලාම් දහම අනුව වරදකි. මේ නිසා පිරිමින් රැවුල ඉවත්කොට ගැහැණියකගේ වේශයෙන් පෙනී සිටීම ඉස්ලාම් අනුමත කරන්නේ නැත.  මුස්ලිම්වරයෙකු නබිතුමාගේ මග පෙන්වීම අනුගමනය කිරීම නිසා දෙවියන්ට වඩාත් සමීප විය හැකිය. නබිතුමාගේ අණට පිටුපෑම වරදක් වන්නේය. අල්-කුර්ආනයට අනුව දෙවියන්ට ඇලුම් කරන තැනැත්තා නබිතුමව අනුගමනය කළ යුතුය. එවිට දෙවියන් එම තැනත්තා

9 Ways In Which Your Sins Affect You! - Must Watch

Image

ෆාතිමා (رضي الله عنه) තුමියගේ විවාහය (Marriage of Fathima (رضي الله عنه))

Image
නබිතුමාගේ සෑම ක්‍රියාවක්ම මුස්ලිම්වරුන්ට ආදර්ශයන් ලබා දෙන්නේය. ඒ අනුව  ෆාතිමා ( رضي الله عنه) තුමියගේ විවාහය තුලින්ද අපට බොහෝ ආදර්ශයන් ගැනීමට තිබේ. ෆාතිමා ( رضي الله عنه) තුමිය නබිතුමාට ලැබුණු දියණියන් සිව් දෙනා අතරින් ලා බාලතම දියණිය වේ. අනෙක් දෙදෙනා පුතුන් වන අතර ඔවුන් කුඩා කාලයේදීම මිය ගියෝය.  ෆාතිමා (رضي الله عنه) තුමිය ඉපදුනේ  නබිත්වය ලැබී පළමු වසරේදීය. ඇය නබිතුමාගේ වඩාත්ම ආදරයට පත්වුවාය. ඇය ඉතා ඉවසිලිවන්ත, දහමට ඉතා ලැදි, පරිත්‍යාගශීලි, සදාචාර සම්පන්න, දෙවියන්ට ඉතා කෘතඥ වු දැරියකි. ඇයගේ කථා විලාශය නබිතුමාගේ කථා විලාශයට ඉතා සමානය.  අරාබියාවේ පැවති සිරිත අනුව ෆාතිමා  (رضي الله عنه)  තුමියට වයස පහළොවේදී විවාහ යෝජනාවන් ගලා ආවේය. එහෙත් නබිතුමා ඒවා කෙරෙහි කැමැත්ත පල කලේ නැත. එසේ තිබියදී එක් දිනක් නබිතුමා මස්ජිදුල් නබවි දේවස්ථානයේ සිටින විට  අබුබක්කර් රලි තුමා සහ උමර් රලි තුමා යන දෙදෙනා නබිතුමාව මුණ ගැසී  ෆාතිමා වෙනුවෙන් බොහෝ ධනවතුන් විවාහ යෝජනාවන් සිදු කරන බව පැවසුවෝය. ඊට සවන්දුන් නබිතුමා පැවසුවේ එය අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදු වීමට නියමිත බවයි.  කෙසේ වෙතත් නබිතුමාගේ සමීපතම ඥා

Is COFFEE Halal ? ᴴᴰ┇AMAZING Speech by Our Beloved Shk. Dr YASIR QADHI

Image

Two Islamic Books

Image