Posts

Showing posts from February, 2015

මරණයෙන් පසු ජීවිතයට ඔබ සූදානම්ද? (Are You Ready for Life After Death?)

Image
අපි සියලු දෙනා මව් කුසේ ටික කාලයක් සිටියෙමු. පසුව කෙටි කාලයක් සඳහා මනු ලොවට පැමිණියෙමු. ඉන් පසුව අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙලොවින්ද සමු ගන්නෙමු. ඉන් පසුව අපි තවත් ලෝකයකට යාමට නියමිතය. එහෙත් එම ලෝකයට සුදානම් නොවී ගියේ නම් කුමක් විය හැකිද? මව් කුසේ සිටින ළදරුවා යම් කිසි දවසක ඉන් පිටතට පැමිණෙන බව කිසිසේත්ම නොසිතන්නට ඇත. එහෙත් කෙසේ හෝ එය සිදු වන්නේය. මේ බව දන්නා දෙවියන් මව් කුස තුලදීම ඔහුට මනු ලොවදී උවමනා කරන සියලුම දේවල් සුදානම් කර දෙන්නේය. උදාහරණයක් වශයෙන් අත්පා ඇතුළු අනෙක් සියලුම ශරීර අවයවයන් මව් කුසේදීම සුදානම් කර දෙන්නේය. එපමණක් නොව මව් කුසින් එලියට එනවාත් සමගම ඔහුගේ ආහාරය සුදානම් කර දෙන්නේය. මේ සියල්ලම කරන්නේ යම් අර්ථයක් ඇතුවය. එහෙත් අපි මෙලොවින් සමු ගන්නා විට මතු ලොවට අවශ්‍යකරන දේවල් අප විසින්ම සුදානම් කර ගත යුතුය. මෙලොවට පැමිණෙන විටම දෙවියන් සියල්ල සුදානම් කර දුන්නේ අපගෙන් මතු ජිවිතයට අවශ්‍යකරන දේවල් සුදානම් කර ගෙන පැමිණීමට ය. එහෙත් අපි ඊට සුදානම් නොවී මෙලොව ජීවිතය කෙලි සෙල්ලමේ ගත කලේ නම් වන පාඩුව අපටම ය. ඇත්ත වශයෙන්ම මිනිසා ගැන සිතා බැලීමේදී ඔහුව නිර්මාණය කල දෙවි කෙනෙකු