Posts

Showing posts from May, 2020

මුස්ලිම්වරුන්ගේ අලුත් අවුරුදු සැමරුම් (New Year Celebrations of the Muslims)

Image
සෑම ජාතින්ටම ආගමික උත්සවයන් තිබේ. ඒ ආකාරයටම මුස්ලිම්වරුන්ටත් අලුත් අවුරුදු උත්සවයන් දෙකක් තිබේ. එම උත්සවයන් දෙක  ඊදුල් ෆිතර් සහ  ඊදුල් අල්හා ලෙස නම් කොට ඇත. ඊදුල් අල්හා උත්සවය හජ් වන්දනය අවසාන කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්ද ඊදුල් ෆිතර් උපවාස මාසය අවසාන කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්ද පවත්වනු ලැබේ. එම උත්සවයන් දෙකෙහි විශේෂත්වය වන්නේ ඒවා ආගමික ස්වරුපයක් ඉසිලීමයි. මේ නිසා ලොව ඇති අනෙක් ආගමික උත්සවයන්ට වඩා ඉස්ලාම් ආගමින් පෙන්වා දෙන උත්සවයන් දෙක බෙහෙවින් වෙනස් වන්නේය. ඉස්ලාමිය අවුරුදු උත්සව වලදී සැණකෙළි පවත්වනු ලබන්නේ නැත. ඒ වෙනුවට මුස්ලිම් බැතිමතුන් ආගමික වතාවන් වල නියැලෙන්නෝ ය.  ප්‍රධාන වශයෙන්ම එම දිනයන්හිදී මුස්ලිම්වරුන් තක්බීර් පැවසීමෙන් අල්ලාහ්ව සිහිපත් කරන්නෝය. එය සාමුහික වශයෙන්ද තනි තනිවමද සිදු කරනු ලබේ. එය පවසන අකාරය පහත දැක්වේ.  اَللهُ اَكْبَرُ– اَللهُ اَكْبَرُ– اَللهُ اَكْبَرُ لآاِلَهَ اِلاَّاللهٌ وَاللهُ اَكْبَرُاَللهُ اَكْبَرُاَللهُ اَكْبَرُ وَِللهِ الْحَمْدُ මෙම තක්බීර් පැවසීම අවුරුදු උදාවත් සමග ආරම්භ වන අතර ඊදුල් ෆිතර් සලාතයත් සමග එය අවසාන වන්නේය. එහෙත් ඊදුල් අල්හා උත්සවයේදී තක