Posts

Showing posts from February, 2021

මද්රසා (පාසල) සහ එහි කාර්යභාරය (Madrasa (school) and its role)

Image
පාසලට අරාබි භාෂාවෙන් මද්‍රසාව යැයි කියනු ලැබේ. අධ්‍යාපන කටයුතු සඳහා මෙවැනි පාසල් අවශ්‍ය වේ. ලෞකික අධ්‍යාපනය සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන් සිදු කෙරුණත් ඉස්ලාමිය අධ්‍යාපනය අරාබි භාෂාවෙන් සිදු කරන්නේය. ඊට ප්‍රධාන හේතුව කුරානය සහ නබිවදන් අරාබි භාෂාවෙන් තිබීමයි. මද්රසාවක් බොහෝ විට බෞද්දයින් සඳහා ඇති දහම් පාසලට සමානය. දහම් පාසල් වල පාලි භාෂාවට මුල් තැන හිමි වන අකාරයටම මද්‍රසාහි අරාබි භාෂාවට මුල් තැන හිමි වන්නේය.  කුරානය සහ නබිතුමාගේ හදිස් නිවැරදිව තේරුම් ගැනීම සඳහා මද්‍රසා අධ්‍යාපනය අත්‍යාවශ්‍ය වේ. දහමක් පහළ වූ භාෂාවෙන් මිස එහි නිවැරදි අර්ථය වෙනත් භාෂාවකින් ලබා ගැනීමට හැකි වන්නේ නැත. ඒ අනුව යම් ආගමක් වෙනත් භාෂාවට පරිවර්තනය කල විට එහි පරිවර්තන දෝෂ ඇතිවීම කිසිසේත්ම වැළැක්විය නොහැකිය. එම නිසා කුරානය සහ නබි වදන් හැදෑරිය යුත්තේ එහි මුල් භාෂාව වන අරාබි වලින්ම පමණි.  ඕනෑම ආගමක පැවැත්ම සඳහා එම දහම හදාරන ලද විද්වතුන් සිටිය යුතුය. ඒ අනුව ඉස්ලාම් දහමේ පැවැත්ම සඳහා මෙම පාසල් වලින් විද්වතුන් බිහි කරන්නේය. මෙම පාසල් ගැන යම් කෙනෙකුට ගැටලුවක් තිබේ නම් ඔහු ඒවා ගැන සොයා බැලිය යුතුය. එසේ නොකට මෙම ප

මුස්ලිම්වරුන්ට වෙනම ක්වාසි අධිකරණයක් අවශ්‍ය වන්නේ ඇයි? (Why do Muslims need a separate quasi-court?)

Image
ලංකාව තුල ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ රෝමානු ලන්දේසි නිතිය,  උඩරට නිතිය  (උඩරට පමණක් බලපායි), තේසවලාම නිතිය  (යාපනයට පමණක් බලපායි ), ඉස්ලාම් ෂරියා නීතිය  (මුස්ලිම්වරුන්ට පමණක් බලපායි) , බෞද්ධ සහ හින්දු නීතිය  (බෞද්ධයින්ට සහ හින්දුන්ගෙන් කොටසකට පමණක් බලපායි)   වේ.  තවද ලංකාවේ අධිකරණ පද්දතිය සමන්විත වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණ, නාගරික අධිකරණය සහ ප්‍රාථමික යන අධිකරණවලින් ය. මෙම අධිකරණවලට අමතරව විනිශ්චය සභාවලින්ද සුළු නඩු විභාග කරනු තිබේ. කෙසේ වෙතත් සාපරාධී නීතිය සම්බන්ධ සිද්ධින්වලදී ප්‍රාථමික අධිකරණ බලය පැවරෙන එකම අධිකරණය වන්නේ මහේස්ත්‍රාත් උසාවිය හෝ මහාධිකරණය වේ.  මෙම අධිකරණ අතරින්  මුස්ලිම්වරුන්ගේ විවාහ සහ දික්කසාද නඩු විභාග කරනු ලබන්නේ ක්වාසි උසාවි වලදී ය. ඒවා රජයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන්නේය.  ඉස්ලාම් දහම මිනිස් ජීවිතය සමග ඉතා ලඟින් බද්ද වී තිබේ. එබැවින් ඒවාට විසඳුම් සෙවිය යුත්තේද දහම තුලින් ය. මේ නිසා නිතර අවශ්‍ය වන විවාහ සහ දික්කසාද නඩු සහ ප්‍රවේණිය උරුමයන් පිලිබඳ නඩු විභාග කෙරෙන්නේ ක්වාසි උසාවි වලදීය.  මුස්ලිම් නීතිය අනුව විවාහය සහ දික්කසාදය මෙ