Posts

Showing posts from September, 2017

WHAT IS THE PURPOSE OF OUR LIFE? | LECTURE + Q & A | DR ZAKIR NAIK

Image

මස්ජිදයේ කාර්යභාරය (The Role of the Masjid)

Image
   සෑම ජාතියකටම ඔවුන් ඔවුන්ගේ නැමදුම් කටයුතු සිදු කිරීම සඳහා දේවස්ථානයක් ඇත. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ දේවස්ථානය මස්ජිදය වේ. මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන මස්ජිදය පිහිටා තිබෙන්නේ මක්කාවේ ය. එය කව්බාව ලෙස නම් කොට ඇත. එම දේවස්ථානයෙන් පසු වැදගත් කමක් හිමි වන්නේ මස්ජිදුල් නබවි හෙවත් නබිතුමාගේ දේවස්ථානයට ය. තුන්වන ස්ථානය හිමි වන්නේ ජෙරුසලමේ පිහිටි මස්ජිදුල් අක්සා දේවස්ථානයට ය.    කව්බාවේදී සිදු කරන්නාවූ කුසල් ක්‍රියාවකට සාමාන්‍ය මස්ජිදයකදී කරනු ලබන්නාවූ කුසල් මෙන් සිය දහස් වාරයක් වැඩියෙන් කුසල් ලැබෙන්නේය. එසේම මස්ජිදුල් නබවි දේවස්ථානයේදී සිදු කරනු ලබන කුසලකට සාමාන්‍ය මස්ජිදයකදී කරන කුසල්වලට වඩා දහස්වාරයක් කුසල් වැඩියෙන් ලැබෙන්නේය. තවද, මස්ජිදුල් අක්සා දේවස්ථානයේදී සිදු කරනු ලබන කුසලකට සාමානය දේවස්ථානයකදී කරන කුසල් මෙන් පන්සිය වාරයක් වැඩියෙන් කුසල් ලැබෙන්නේය.    මස්ජිදයක ඇති විශේෂත්වය වන්නේ එහි දේව රූප හෝ පිළිම නොමැති වීමයි. ඒ අනුව මස්ජිදයක් ඉතා සරලය. ලෝකයේ ඇති ඕනෑම මස්ජිදයකදී සිදු කරනු ලබන සලාතයන් කව්බාව දෙසට හැරී සිදු කිරීම විශේෂත්වයකි. ඒ අනුව මුස්ලිම්වරුන් සලාතය ඉටු කරනු ලබන දිශාව ලෙස කව්

Ahmed dedad best speech about Marige.

Image

ඉස්ලාමය බහු විවාහයට ඉඩ දෙන්නේ ඇයි? (Why does Islam allow polygamy?)

Image
ඉස්ලාම් දහමින් බහු විවාහය අනුමත කලත් කුරානය පහළ වන සමයේදී එම සිරිත ජනතාව අතර පැවතියේය. අල් කුරානයෙන් කෙරුනේ සීමාවක් නොමැතිව පැවති බහු විවාහය සතරකට සිමා කිරීම පමණි. තවද විවාහ වන භාර්‍යාවන් අතර සමානතාව පවත්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් එක් විවාහයක් පමණක් සිදු කරන ලෙස නියෝග කරන්නේ කුරණයෙන් පමණි.  බහුවිවාහයට අවසර ලබා දෙන ඉස්ලාම් දහම විවාහයෙන් පිට සිදු කරනු ලබන අනියම් සම්බනයන් සපුරා තහනම් කරන්නේය. මේ නිසා කාමය වරදවා හැසුරුණු කෙනෙකුට ෂරියා නීතියෙන් දැඩි දඬුවම් නියම කොට තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ඉස්ලාමීය සමාජය තුල අනාචාරයේ හැසිරුණු අයට පිළිගැනීමක් ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් බහු විවාහයට ඉඩ ලබා නොදෙන සමාජ තුල අනියම් ඇසුර බහුලව දැක ගත හැකිය. එය සමාජයේ යහ පැවැත්මට විශාල තර්ජනයක් පමණක් නොව නිත්‍යානුකූල විවාහයන් දෙදරා යාමටද සමාජ රෝග බෝවිමටද දික්කසාද වැඩි වීමට ද හේතුවක් වන්නේය.  සමස්තයක් ලෙස ගත් කල ලෝකය පුරා කාන්තාවන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. ඒ අනුව වසර 2010 දී ඇමරිකාවේ පමණක් පිරිමින්ට වඩා ගැහැණුන්ගේ වැඩිවීම මිලියන 5.1 ක් බව සංඛ්‍යාලේකන වලින් පෙන්නුම් කරයි. අනෙක් රටවල්වල තත්වයත් එසේමය. මෙසේ වැඩ