Posts

Showing posts from July, 2014

The Modern Jihadists: Khawarij or Mujahideen? - Sh. Dr. Yasir Qadhi

Image

Punishments Versus Tests - Nouman Ali Khan - Quran Weekly

Image

දෙවියන්ගේ ආඥාවන් කෙරෙහි විශ්වාසය තැබීම (Believing in the Divine Decree)

Image
දෙවියන්ගේ ආඥාවන් යන්නෙන් අදහස් කරනු ලබන්නේ හොඳ හෝ නරක දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවන බව විශ්වාස කිරීමයි. ඔහු ඔහුගේ අභිමතය පරිදි සියල්ල සැලසුම් කරන්නේය. මේ නිසා ඔහුගේ කැමැත්ත නොමැතිව විශ්වය තුල කිසිම දෙයක් සිදු වන්නේ නැත. හොඳ හෝ නරක අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදුවන බව විශ්වාස කිරීම ඉස්ලාම් දහමේ ප්‍රධාන කරුණු හයෙන් එකකි. ඒ අනුව සෑම මුස්ලිම්වරයෙකුම මෙම කරුණ විස්වාස කිරීම අනිවාර්‍ය වේ. මෙම කරුණ විස්වාස නොකරන තැනැත්තා මුස්ලිම් වරයෙකු වන්නේ නැත.  අහසෙහිද පොළොවෙහිද අංශුමාත්‍රයක දෙයක් පවා සිදු වන්නේ අල්ලාහ්ගේ අනු දැනුම ඇතුවය. කෙසේ වෙතත් අල්ලාහ් ඔහුගේ සුවිශේෂී මැවීම් දෙකක් වන මිනිසාට සහ ජින් වරුන්ට ස්වයං තීරණ ගැනීමේ නිදහස ලබා දී තිබෙන බැවින් ඔවුන්ට දෙවියන් මවා ඇති මාර්ග දෙකින් කැමති මාර්ගයක් තෝරා ගැනීමේ හැකියාව ලැබෙන්නේය. එසේ තිබියදී දෙවියන් ඔහුගේ ප්‍රඥාව අනුව ඇතැම් අයව නිවැරදි මාර්ගයේද ඇතැම් අයව වැරදි මාර්ගයේද යවන්නේය.  මිනිසාව මැවීමට පෙර ඔහුගේ ජිවිතයට අවශ්‍ය සියළුම දේවල් දෙවියන් නියම කොට අවසානය. ඒවා ලබා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේදය අනුව මිනිසාට පින් හෝ පව් එකතු වන්නේය. එසේම මිනිසා අත්විඳින

මිනිසුන් අතර වර්ගවාදය කුමටද? (Why racism among people?)

Image
අල්ලාහ් මිනිස් වර්ගයා ආදම් තුමාගෙන් ආරම්භ කළේය. ආදම් තුමාගෙන් ඔහුගේ සහකාරිය මැව්වේය. මේ දෙදෙනාගෙන් තව බොහෝ මිනිසුන් සහ ගැහැනුන් බිහි කළේය. එබැවින් මිනිස් වර්ගයා මොන මතයේ සිටියත් එක මවකගේ දරුවන්ය.  එබැවින් සියල්ලෝටම මේ මහපොළවේ ජිවත් වීමට එකම අතිතිය තිබිය යුතුය. එබැවින් මිනිසා ජාතිය වෙනුවෙන් හෝ ආගම වෙනුවෙන් හෝ පාට වෙනුවෙන් බේද වී සටන් කිරීම ඉතාමත් ශෝචනීය කරුණකි.  මල් වත්තක අලංකාරය තිබෙන්නේ එහි ඇති විවිධ ගස් කෝලන් සහ විවිධ වර්ණයෙන් සහ පාටින් යුත් කොළ අතු සහ මල් තිබෙන විටය. මිනිසුන්ටත් එය සැබෑය. මිනිසුන් අතර සමේ වෙනස් වර්ණයන් උපතින්ම ලැබී තිබියදී ඒ වෙනුවෙන්  සටන් කරීම මුග්ධ කමකි. සමහර අය උස වන අතර තවත් අය මිටිය. කෙනෙක් ඥානවන්තයෙක් වන විට තවත් කෙනෙක් මෝඩයෙකු විය හැකිය. එසේම ඔවුන් වෙනස් ආහම් ඇදහිය හැකිය. මෙය ලෝක ස්වභාවය බව තේරුම් ගෙන සියළුදෙනා සාමයෙන් ජිවත් විය යුතුය.  කාලය ගෙවී යත්ම මිනිසා මිනිසාගේම සතුරෙක් වීම කනගාටුවට කරුණකි. තිරිසනුන්වත් එසේ වන්නේ නැත. මිනිසා සහෝදර කමට වඩා නිලය බලය ධනය පසු පස හඹා යාම මෙයට හේතුවකි. අද රාජ්‍ය නායකයින් ලොකු කුඩා ගැහැණු පිරිමි කියා බේදයකින් තොරව