යුදෙව්වන් යුද්ද කරන්නේ කාගේ රට වෙනුවෙන්ද? (Whose country are the Jews fighting for?)
පළමු ලෝක යුද්දයෙන් පසු සරණාගතයින් ලෙස පැමිණි යුදෙව්වන්ට එංගලන්තයේ උවමනාව අනුව ඉස්රායලය නිර්මාණය කොට දුන්නේය. ඊට කලින් යුදෙව්වන්ට කියා රටක් තිබුනේ නැත. එලෙස පැමිණි යුදෙව්වන් ක්‍රමානුකුලව පලස්තීන භූමියෙන් විශාල භුමි ප්‍රදේශයක් ආක්‍රමණය කර ගත්තෝය. ඒ අනුව අද පලස්තීනයේ නියම අයිතිකරුවන් හට ඉතා කුඩා භුමි ප්‍රදේශයකුත් දුදෙව්වන් හට ඉතා විශාල භුමි ප්‍රදේශයකුත් ලැබී තිබේ. එපමණක් නොව පලත්තිනයේ නියම අයිතිකරුවන්ට තමන්ගේම කියා ස්වාදීන රාජ්‍යයක් නැත. එහි ප්‍රතිපලයක් ලෙස පලස්තීන වැසියන් නිරන්තරයෙන්ම යුදෙව්වන්ගේ තාඩන පීඩන වලට ගොදුරු වන්නෝය. එංගලන්තෙය් උවමනාව පරිදි මුස්ලිම්වරුන් වෙසෙන අරාබියාව තුල ඔවුන්ගේ පරම සතුරන් වන යුදෙව්වන්ව ගෙනත් දැමීමෙන් එහි නොනවතින යුද්දයක් හටගෙන තිබේ. ඔවුන්ට සියලුම රැකවරණය සහ ආධාර උපකාර ඇමරිකාවෙන් ලබා දෙන්නේය. ඇත්ත වශයෙන්ම එය ලෝක සමයට විශාල තර්ජනයකි. පලස්තීනයට යුද හමුදාවක් නැත. විදුලිය සහ ජලය වැනි අත්‍යාවශ්‍ය දේවල් ලබා ගත යුතුව තිබෙන්නේ ඉස්රායලය හරහාය. එපමණක් නොව පලතිනුවන්ගේ නිවාස බලහත්කාරයෙන් ඉස්රායිල හමුදාව විසින් අත්පත් කර ගන්නේය. ඒවා ගැන පැමිණිලි කිරීමට කාත් කව්