Posts

Showing posts from October, 2021

ආත්මය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය (Islamic belief in the soul)

Image
ආත්මය නොහොත් ජිවය විද්‍යාත්මක උපකරණවලට හසු කර ගත නොහැකි ය. එබැවින් විද්‍යාව කොතරම් දියුණුවී ඇතත් ජිවය පිළිබඳව විඥාඥයින්ට ඇත්තේ අල්ප දැනුමකි. කෙසේ වෙතත් කෙනෙකුගේ මරණය සිදු වූ වහාම ශරීරයේ  බර අඩු වන බව සොයාගෙන තිබේ.  අල් කුරානයට අනුව අදම්තුමාව මැවීමෙන් පසු ඔහුගේ ශරීරය තුලට ආත්මය ඇතුලත් කොට තිබේ. ඉන් පසු ඔහුගේ ක්‍රියාකර කම් ආරම්භ විය. ආත්මය පිළිබඳව නබිතුමාගෙන් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් මෙම කුර්ආන් වැකිය පහළ විය.  "ඔවුන් ප්‍රාණය ගැන නුඹගෙන් විමසති. ප්‍රාණය මාගේ සමිඳුන්ගේ (رب) අණ පරිදිම ඇතැයි ද (එය ගැන) සුළු දැනුමක් පමණක් ඔබලාට දෙනු ලැබ ඇතැයි ද පවසනු"  (කුරානය 17:85).  මේ හේතුවෙන් මිනිසාට ආත්මය පිලිබඳව දෙවියන් දැනුම් දෙන ලද දේට වඩා වැඩි දෙයක් දන්නේ නැත. අල් කුරානයට අනුව ආත්මයට "රුහ්" යැයි කියනු ලැබේ. එය මෙලොවට අයත් නොවේ. ඒ අනුව කෙනෙකුගේ මරණයත් සමග එය නැවතත් දෙවියන් වෙත රැගෙන යාමට නියමිතය. අල් කුරානයේ සඳහන් වන ආකාරයට මරණය සහ ජිවය මවා තිබෙන්නේ මිනිසාව පරික්ෂා කොට බැලීම සඳහාය. එම කරුණ කුරානයේ මෙලෙස සඳහන් වේ. "ඔහු මරණය සහ ජිවය මවන ලද්දේ නුඹලා අතරින් යහපත් ක්‍රියාවන

සිත් සැනසුම ලබන්නේ කොතැනද? (Where do hearts find peace?)

Image
දෙවියන්ගේ සැලසුම අනුව මිනිස් ජීවිතය පුරාවට දුක සහ සතුට මාරුවෙන් මාරුවට පැමිණෙන්නේය. ඒ අනුව කිසිම කෙනෙක් සෑම විටම සතුටින් සිටින්නේ හෝ දුකින් සිටින්නේ හෝ නැත. උදාහරණයක් ලෙස යම් කෙනෙක් කුසගින්නේ සිටින විට රසවත් ආහාරයක් ලැබුණු විට ඔහු සතුටට පත් වන්නේය. අනෙක් අතට එය නොලැබීම නිසා ඔහු අසතුටට පත් වන්නේය. එසේම කෙනෙක් විභාගයකින් සමත් වීමෙන් සතුටට පත් වන්නේය. අනෙක් අතට ඔහු විභාගයකින් අසමත් වුයේ නම් අසතුටට පත් වන්නේය. මෙවැනි බොහෝ දේවල් මිනිස් ජීවිතය පුරාවට දැකිය හැකිය. මේ සෑම දෙයකටම හේතුව මිනිස් ජීවිතය පරීක්ෂාවක් වීමයි. ඒ බව කුරානයෙන් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් යම් කෙනෙකු දුකට පත් වූ අවස්ථාවකදී ඊට සාර්ථකව මුහුණ දීම සඳහා ඔහුගේ සිතේ ඇති සැනසීම ඉතා වැදගත්ය. එබැවින් එය අත්කර ගත හැකි ක්‍රමය කුරානයෙන් පෙන්වා දී තිබේ. එහෙත් මෙලොව ජීවිතයේදී සදාතනිකව සතුටින් සිටිය හැකි මාර්ගයක් කුරානය තුල දැකිය නොහැකිය. කුරානයට අනුව සදාතනික සතුට තිබෙන්නේ මරණයෙන් පසුව එළඹෙන ස්වර්ගයේදීය.   මරණයෙන් පසු ජීවිතය ගැන විශ්වාස නොකරන බොහෝ අය සතුට වෙනුවෙන් බොහෝ දේවල් කරන්නේය. ඒ අනුව සමහරු අධික ලෙස වස්තුව සේවිමෙන්ද, තවත් සමහරු මතට

නබිතුමා ඔහුගේ උපන් දිනය සැමරුවාද? (Did the Prophet celebrate his birthday?)

Image
උපන්දින සැමරීම සන්බන්දයෙන් ඉස්ලාම් දහම කිසිවක් සඳහන් කොට නැත. ඒ අනුව නබිතුමා ජිවතුන් අතර සිටින තාක් කල් කිසිවෙකුගේ උපන් දින සැමරීමක් සිදු කලේ නැත. කෙසේ වෙතත් එය ආරම්භ වන්නේ හිජ්රි හතර වන සිය වසේදීය. එනම් නබිතුමාගේ අභාවයෙන් පසු වසර පන්සියයක් ගෙවී ගිය පසුවය. නබිතුමා වෙනුවෙන් මුල් වරට උපන්දින සැමරීමක් සිදු කරනු ලැබුවේ ඊජිප්තුවේ අග නගරය වන ඉර්බිල්හි අල්-මාලික් අල්-මුලෆ්ෆර් අබු සඊද් (al-Malik al-Muzaffar Abu Sa‘eed) විසිනි. එවකට කලීෆා වුයේ ෆාතිමිඩ් වරයෙක් වන ෂෙයික් අල්-මහ්ෆුස් ය. ඔහු ෂියා නිකායට අයත් මුස්ලිම්වරයෙකු වේ. කෙසේ වෙතත් අල්-අෆ්දාල් නමැති හමුදා පාලකයා විසින් මිලාද් උත්සවය නතර කොට ඇත. එහෙත් අල්-අමීර් බි-අහ්කාම් අල්ලාහ් විසින් හිජ්රි 524 දී නැවතත් මිලාද් උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. උපන්දින සැමරීම ඉස්ලාම් දහමේ කොටසක් වුයේ නම් ඒ ගැන ජනතාවට දැනුවත් කිරීම නබිතුමාගේ වගකීමකි. එහෙත් ෂරියාවේ කිසිම තැනක උපන්දින සැමරීම සම්බන්දයෙන් සඳහනක් නැත. මේ නිසා නබිතුමා ජිවතුන් අතර සිටින තාක් කල් උපන්දින සැමරීමක් තමන් වෙනුවෙන් හෝ ඔහුගේ භාර්‍යාවන් වෙනුනෙන් හෝ ඔහුගේ ඥාතින් වෙනුවෙන් හෝ සිදු කලේ නැත.

උඩඟුකම ගැන ඉස්ලාමීය අනතුරු ඇඟවීම (Islamic warning about pride)

Image
උඩඟු කමට අරාබි බසින් 'කිබ්ර් ' යැයි කියනු ලැබේ. නබිතුමාගේ වදනකට අනුව උඩඟු කම අනු ප්‍රමාණයක් හෝ ඇති තැනැත්තා ස්වර්ගයට යන්නේ නැත. එය මිනිසාව අල්ලාහ්ගෙන් ඈත් කර තැබීමට ප්‍රධාන හේතුවකි. මුල් වරට උඩඟු කම පෙන්නුම් කලේ සාතන් ය. තවද අහංකාරය සම්බන්දයෙන් කුරානයේ මෙසේද දැකිය හැකිය. "ඔහු (අල්ලාහ්) අහංකාරය පෙන්වන්නන්ව ප්‍රිය නොකරන්නේය" (කුරානය 16:23). උඩඟු කම යනු කෙනෙක් තවත් කෙනෙකුව පහත් කොට සැලකීමයි. කෙසේ වෙතත් ලස්සන ඇඳුමක් ඇඳීම හෝ වටිනා සපත්තු ජෝඩුවක් දැමීම උඩඟු කම නොවේ. සහාබි වරයෙක් නබිතුමාගෙන් ඇසු පැනයකට පිළිතුරු වශයෙන් එතුමා පවසා තිබෙන්නේ කෙනෙක් වටිනා ඇඳුමක් හෝ වටිනා සපත්තු ජෝඩුවක් දැමීම උඩඟු කම නොවන බවයි. කෙසේ වෙතත් එමගින් ඔහු අනෙකාට වඩා උසස් යැයි සිතීම උඩඟු කම වේ. මෙය සාතන්ගේ ක්‍රියාවෙන් දැකිය හැකිය. එය කුරානයේ මෙලෙස විස්තර කොට ඇත.  "මා අණ කල කල්හි නුඹ සුජුද් නොකර සිටීමට හේතුව කුමක්දැ"යි (අල්ලාහ් ඉබ්ලිස්ගෙන්) ඇසු කල්හි, ඉබ්ලිස්: 'මා ඔහුට වඩා උසස් වන්නෙමි, නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇතැ'යි පැවසුවේය" (කුරානය 7:12). සාතන්ගේ මෙම