Posts

Showing posts from August, 2017

කුරානයට අනුව කඳු වල කාර්යභාරය (The role of mountains according to the Quran)

Image
විද්‍යාවේ දියුණුවට පෙර කඳු වලින් සිදුවන කාර්ය භාරය දැන සිටියේ නැත. කෙසේ වෙතත් කඳු නිසා පොළවේ ස්ථායිතාව ඇති වන බව කුරානයේ සඳහන් කොට තිබේ. මෙම කරුණ සොයා ගනු ලැබුවේ නවීන භූ විද්‍යා පර්යේෂණ ඇසුරෙනි.  මහද්වීප පිහිටා ඇත්තේ මැග්මා මත පිහිටි ටෙක්ටෝනික් තැටි මතය. එම තැටි හදිසි චලනයන්ට ලක්වූ විට භූ කම්පන සහ සුනාමි ව්‍යසනයන් ඇති වන්නේය. කෙසේ වෙතත් එම චලනයන් වළකින්නේ කඳු කුන්ඥයක් ලෙස කියා කරමින් ටෙක්ටෝනික් තැටි වල චලනය වලක්වන නිසාය. මෙම කරුණ නවීන භූවිද්‍යා පර්යේෂණවවලින් තහවුරු කොට තබේ.  කඳුවල පොලවට උඩින් ඇති කොටස මෙන් කිහිප ගුණයක් විශාල මුල් පොළවට යටින් පිහිටන බව National Academy of Sciences ආයතනයේ සේවය කරන ආචාර්ය ෆ්‍රෑන්ක් ප්‍රෙස් (Dr. Frank Press) මහතා විසින් සොයා ගෙන ඇති අතර ඔහු විසින් පල කරන ලද "Earth" යන ග්‍රන්ථයේ එය සඳහන් වේ. එසේ තිබියදී 7 වන සිය වසේ පහළ වූ අල් කුරානයේ එම කරුණ මෙසේ සඳහන් වී තිබීම දැකිය හැකිය.  "අප පොලොව ඇතිරිල්ලක් ලෙසද, කඳු කුන්ඥයක් ලෙසද නොකෙලෙමුද" (කුරානය 78:6,7).  අල් කුරානය මිනිසා විසින් ලියන ලද්දක් නම් කිසි සේත්ම මෙවනි අතිශයින්ම නිවැරදි ප්‍රකාශන