Posts

Showing posts from January, 2016

The Debate is Over - Evolution is a Hoax! - Kent Hovind VS Bil Nye

Image

ඉස්ලාම් දහම අනුව සත්ව කරුණාව (Kindness to Animals in Islam)

Image
නබිතුමා ඔහුගේ අවසාන අරෆා දේශනයේදී සමානාත්මතාව ගැන අවධාරණයෙන් සඳහන් කොට ඇත. ඒ අනුව පාට, කුලය, පෙළපත අනුව කිසිවෙකු උසස් වන්නේ හෝ පහත් වන්නේ නැත. එම නිසා අරාබි ජාතිකයෙකු අරාබි නොවන අයට වඩා උසස් වන්නේ හෝ අරාබි නොවන තැනැත්තෙකු අරාබි ජාතිකයාට වඩා උසස් වන්නේද නැත. සියල්ලෝම සහෝදරයින්ය. ඉස්ලාමීය නීතිය අනුව මුස්ලිම් නොවන්නෙකුට ඉස්ලාමිය පාලනය තුල සෑම මිනිස් අයිතිවාසිකමක්ම හිමි වනු ඇත. එසේම මිනිසාට මෙන්ම සත්වයින්ගේ අයිතිවාසිකම් ගැනද අල්-කුරානය පැහැදිලිව සඳහන් කොට ඇත. “පොළොවෙහි ඇති ජීවින්ද, තම පිහාටු ජෝඩුවලින් ඉගිලෙන පක්ෂින්ද නුඹලා වැනි සමුහයන්ය! (ආරක්ෂා කරනු ලැබූ) සටහන් ලේඛනයෙහි අප කිසිවක් අත්හැර දැම්මේ නැත. පසුව ඔවුන් තමන්ගේ ‘රබ්’ වෙත එක්රැස් කරනු ලබන්නෝය” (කුරානය 6:38). නබිවදනක් අනුව සෑම මිනිසෙකුම දෙවියන්ගේ සෙසු මැවීම් වලට භාරකරුවෙකුය. මෙම භාරකාරත්වයේ එක් කොටසක් වන්නේ සත්වයින්ට කරුණාව දැක්වීමය. නබිතුමා පවසන අන්දමට සත්වයින්ට කරනු ලබන හිංසාව නිසා උන් පත්වන වේදනාව ගැන මරණයෙන් පසු ඇති විනිශ්චය දිනයේදී දෙවියන් ප්‍රශ්න කරනු ඇත. මේ බව කියවෙන නබිවදනක් පහත දැක්වේ. “යම්කිසිවෙකු සෙ