Posts

Showing posts from February, 2023

කුරානයේ ඇති විශේෂත්වය කුමක්ද? (What is special about the Quran?)

Image
අල් කුරානය ලොව තිබෙන අන් කිසිම ග්‍රන්ථයකට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගන්නේය. එහෙත් කුරානය ගැන නොදන්නා ඇතැම් අය සිතන්නේ එය මුහම්මද් නබි තුමා විසින් රචනා කරන ලද්දක් බවයි. කෙසේ වෙතත් එම විශ්වාසය බැහැර කල යුතු වන්නේ මුහම්මද් නබි තුමාට ලිවීමට හෝ කියවීමට නොහැකි නිසාය.  කුරානයේ ඇති භාෂා විලාශය මුහම්මද් නබි තුමා එදිනෙදා කතා කරන භාෂා විලාශය නොවේ.  තවද කුරානයේ අන්තර්ගතව ඇති බොහෝ  කරුණු එය පහළ වූ හත්වන සිය වසේදී කිසිවෙකු විසින් දැන සිටියේ නැත. ඒ හැරුණු විට  කුරානයේ ඇති ඇතැම් විද්‍යාත්මක හෙළිදරව් කිරීම් සොයාගෙන තිබෙන්නේ කුරානය පහළ වීමෙන් සියවස් දාහතරක් පමණ ගෙවී ගිය පසුවය. ඉන් පෙනී යන්නේ කිසිසේත්ම කුරානය බඳු කෘතියක් හත්වන සියවසේ  ජිවත් වූ කෙනෙකු විසින් ලිවිය නොහැකි බවයි.  කුරානයේ ඇති වාග් චතුරත්වය අතිවිශිෂ්ටය. ඒ අනුව එය ලොව ඇති උසස්ම සාහිත්‍ය ග්‍රන්ථය ලෙස සැලකේ.  තවද එදා මෙදා ජිවත් වූ කිසිවෙකුටත් කුරානය වැනි කෘතියක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් හෝ ලිවීමට මෙතෙක් හැකියාව ලැබී නැත.  කුරානයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය සම්පුර්ණයෙන්ම කටපාඩම් කල හැකි වීමයි. ඒ අනුව කුරානය සම්පුර්ණයෙන්ම කට

මරණින් මතු ජීවිතය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය (Islamic belief in the afterlife)

Image
ඉස්ලාමයට අනුව කෙළවරක් නොමැති නිරන්තර ජීවිතය ආරම්භ වන්නේ මරණයෙන් පසුවය. තවද ඉස්ලාමයට අනුව මිය යාමෙන් පසු නැවත මෙලොවදී ඉපදීමක් නැත. මින් අදහස් කරන්නේ මිනිස් ජිවිතයට පුනරුත්පක්තියක් නොමැති බවත් මිනිසා මෙලොවදී උපදින්නේ එක් වතාවක් පමණක් බවත් ය. කෙසේ වෙතත් ඉස්ලාමිය ඉගැන්වීම අනුව සෑම ආත්මයක්ම දෙවියන් නියම කල දිනයකදී සොහොන් ජිවිතයෙන් පසු නැවත නැගිටවීමට නියමිතය. ඉන් පසු සෑම ආත්මයක් සඳහාම විනිශ්චයක් සිදු කරනු ලැබේ. එහිදී එක් එක් ආත්මයක් මෙලොවදී ක්‍රියා කල අන්දම ගැන ප්‍රශ්න කිරීමට නියමිතය. එම විනිශ්චයෙන් පසු ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය.  මරණයෙන් පසු ජිවිතයක් නැතැයි විශ්වාස කල අය එම දිනයේදී මහත්සේ දුකට පත් වන අතර මෙසේ පවසන බව කුරානය දැනුම් දෙන්නේය.  “අහෝ අපගේ ශෝකයි! අපව අපගේ (සොහොන් වන) නිදා සිටි ස්ථානයන්ගෙන් නැගිට්ටෙව්වේ කවරෙක් දැයි  (ඔවුන්) විමසන්නෝය (එවිට දේවදුතයින්) “රහ්මාන් (ඔබට) දුන් පොරොන්දුව නබිවරුන් (ඔබට) සත්‍යය යැයි ගෙනහැර දැක්වුයේද මෙය”යි (කියනු ලැබේ). එය එකම එක ශබ්දයක් මිස (වෙන කිසිවක්) නොවන්නේය. ඒ ඇතුලත ඔවුන් සියල්ලෝම අප වෙත ඒකරාශී කරගෙන එනු ලබන්නෝය. තවද එදින කිසිම ආත්මයකට කිස

මිනිසාගේ ආරම්භය සහ අවසානය (The begging and end of man)

Image
මුල්ම මිනිසා බිහිවන්නේ ආදම්තුමාව මැවීමෙන් පසුවය. ඒ අනුව මුල්ම මිනිසා වන ආදම් තුමාව මැටියෙන් නිර්මාණය කෙරුණු බව කුරානයේ මෙන්ම බයිබලයේද සඳහන් වේ. එසේම මුල්ම කාන්තාව බිහි වන්නේ ආදම්තුමාගේ ඉල ඇටයකින් බව පැවසේ. ඔවුන්ගේ වාසස්ථානය වුයේ ස්වර්ගයයි. එහෙත් දෙවියන් ඔවුන්ට තහනම් කල ගසේ ගෙඩි කෑම නිසා ස්වර්ගයෙන් පිට මං කරන ලදී. කෙසේ වෙතත් ලෞකික ජීවිතයේදී මුහුණ දෙන පරීක්ෂාවන්ට සාර්ථකව මුහුණ දීමෙන් නැවත ස්වර්ගය ලබා ගත හැකි බව දෙවියන් ඔවුන්ට දැනුම් දුන්නේය. මේ නිසා මිනිසාට ලෞකික ජීවිතය පරික්සාවක් වේ.  මිනිසා හට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා මිනිසා අතරින්ම නබිවරුන් පත් කරන ලදී. ඒ අනුව මුල්ම මිනිසා සහ නබිවරයා ආදම් තුමා වන්නේය. මෙලොවට පැමිණි අවසාන නබි වරයා මුහම්මද් නබි තුමාය. මෙම නබිවරුන් දෙදෙනා අතර සිය දහසකට වඩා නබිවරුන් පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනාම මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දී තිබේ. සෑම නබිවරයෙකුම මිනිසාට ප්‍රචාරය කලේ අල්ලාහ්ගේ ඒකීයත්වය අඩංගු ඉස්ලාම් දහම ය.  මෙලොව බිහිවන සෑම ජීවියෙකුම මරණය වැළඳ ගත යුතුමය. ඉන් පසු දෙවියන් නියම කල දිනයකදී ලෝකය අවසාන වන අතර නැවත වරක් සෑම අත්මයක්ම නැගිටවා විනිශ්චය කරනු