Posts

Showing posts from September, 2015

ඉස්ලාමයට අනුව දරුවන් සඳහා දෙමාපියන්ගේ වගකීම් ( Parental responsibilities for children according to Islam)

Image
ඉස්ලාම් දහම අනුව දරුවන්ට නිවැරදි ආගමික දැනුම ලබා දීම ප්‍රධාන වගකීමකි. මේ නිසා එය නිවසේදීම ආරම්භ කල යුතුව තිබේ. දරුවන්ගේ මුලික අධ්‍යාපනය සිදු විය යුත්තේ පෙර පාසලට කලින් දෙමව්පියන් ළඟය. එම අදියර දරුවන් කෙනෙකුගේ ක්‍රියාකාරකම් බලා හදාරන කාලයයි. ඒ අනුව දෙමව්පියන් කරන සෑම දෙයක්ම දහමින් පෙන්වා ඇති පරිදි සිදු කිරීම ඉතා වැදගත් ය. මේ නිසා ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් විලාසිතා, ආගමික කටයුතු, කතා විලාසයන් ඉතා මැනවින් පාලනය කල යුතු කාලය වේ. ළමුන් එක් වයස් සීමාවක් පසු කල පසු ඔවුන්ට ආදරය කරුණාව පෙන්වන ගමන්ම වේවැලකින් දඬුවම් කිරීමටද අමතක නොකළ යුතුය. මෙවැනි දඬුවම් මුලදීම නොකළහොත් පසුවට දුක් වනු ඇත. අවම තරමින් දරුවන්ට පෙනෙන පරිදි නිවසේ වේවැලක් එල්ලා තැබීමට කටයුතු කිරීම ඉතා වැදගත් ය. කිසිම අවස්ථාවකදී අතින් පයින් ළමයින්ට දඬුවම් නොකල යුතු වන්නේ එවැනි ක්‍රියා මගින් ඔවුන්ගේ මනසට විශාල හානියක් සිදු කල හැකි නිසාය. ළමුන් ස්වඋත්සාහයෙන් කරන සියළුම දේවල් වලට තහංචි දැමීම නොකළ යුතුය. එසේ කිරීමෙන් ඔවුන්ගේ මානසික වර්ධනය අඩු වන බව විද්වතුන්ගේ මතය වේ. කෙසේ වෙත්ත ළමුන් කරන කාර්යයන් කෙරෙහි දෙමව්පියන් අධීක්ෂණය කල යුතුය.

zසුල් හජ් මාසයේ මුල් දින දහය (The first ten days of Dhu’l-Hijjah)

Image
මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාගේ අනුගාමිකයින්ට කුසල් කිරීමට විශේෂ වූ දිනයන් අල්ලාහ් විසින් නියම කොට ඇත. එහෙත් ඒවා අනිර්වාර්ය කර නැත. මෙම දිනයන් වන්නේ උපවාස සමයේ ලෛලතුල් කදර් රාත්‍රිය, zසුල් හජ් මාසයේ මුල් දින දහය, අරෆා දිනය සහ ආෂුරා දහවන දිනය වේ. මෙම දිනයන්හිදී කරනු ලබන කුසල් වලට සාමාන්‍ය දිනවලදී කරනු ලබන කුසල්වලට වඩා අතිශයින් විශාල ආනිසංස හිමි වන්නේය. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම එම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සෑම උත්සාහයක්ම ගැනීම වැදගත් වේ.  ඉබ්නු අබ්බාස් (රලි) තුමා නබිතුමා ගේ හදිසයක් මෙසේ විස්තර කොට තිබේ. අල්ලාහ්ට zසුල් හජ් මාසයේ මෙම දින දහය තුලදී කරනු ලබන පින් දහම් තරම් කැමති දෙයක් තවත් නැතැ'යි නබිතුමා පවසා තිබේ. එවිට සහාබාවරු, “අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන ජිහාද් වලටත් වඩා දැයි” විමසා තිබේ. එවිට නබිතුම, “අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන ජිහාද් වලටත් වඩා යැයි පැවසූ ඔහු කෙනෙක් තමන්ගේ ජීවිතය සහ සියළු වස්තුව අල්ලාහ් වෙනුවෙන් පරිත්‍යාග කොට හිස් අතින් පැමිණෙන තැනැත්තා හැරුණු විට යැයි” දැනුම් දී ඇත (බුහාරි 2/457). අල්ලාහ් යම් දෙයක් මත දිව්රන්නේ නම් එහි සැබෑ වටිනාකමක් ති