Posts

Showing posts from July, 2021

විශ්වය මැවූ එක් දෙවිකෙනෙකුට වඩා සිටිය හැකිද? (Can there be more than one god who created the universe?)

Image
විශ්වය ගැන හැදැරීමේදී පෙනී යන වැදගත් කරුණක් වන්නේ එහි තිබෙන ඒකාකාරී බවය. තවද විශ්වය පුරා නොවෙනස්වන භෞතික නීති ක්‍රියාත්මක වේ. මෙවැනි දේවල් සිදු විය හැක්කේ විශ්වය එක් දෙවිකෙනෙක් විසින් මවා තිබුනේ නම් පමණි. ඊට අමතරව විශ්වය තුල බොහෝ විශ්ව නියතයක් දැක ගත හැකිය. උදාහණයක් ලෙස ආලෝකයේ වේගය විශ්වය තුල කොතැනකදීත් එක සමානය. තවද පරමාණුවේ ඇති මුලික අංශුවල ස්කන්දයන් නියත අගයන් ගන්නේය. මේවා ගැන හැදෑරීමෙන් පසු සුප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥවරයෙක් වන ස්ටෙෆාන් හොකින් මහතා ඔහුගේ "A brief History of time from Big Bang to Black Hole" යන කෘතිය තුල පවසා සිටින්නේ විශ්වය සර්වබලධාරී දෙවිකෙනෙකු විසින් මවා ඇති බවයි. ඇත්ත වශයෙන්ම විශ්වය දෙවිවරුන් කිහිප දෙනෙකු විසින් මවා තිබුනේ නම් විශ්වය පුරා ව්‍යාකුලතා ඇති වීම වැළැක්විය නොහැකිය. මේ සම්බන්දයෙන් අල් කුරානය මෙසේ සඳහන් කරයි. " (අහස සහ පොළොව යන) මේ දෙකෙහි අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් සිටියේ නම් ඒ දෙකම ව්‍යකුලත්වයට පත්ව විනාශයට පත් වනු ඇත" (කුරානය 21:22). මේ හේතුවෙන් ලොව ඇති සෑම ප්‍රධාන ආගමකම එක් දෙවි කෙනෙකු ගැන පමණක් සඳහන් වේ.  විශ්වයේ ක්‍ර

සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් සඳහා ඉස්ලාමීය මග පෙන්වීම (Islamic guidance for a healthy life)

Image
  ඉස්ලාම් දහමින් මිනිසාට සම්පුර්ණ ජිවන රටාවක් පෙන්වා දී ඇත. ඒ අනුව එහි ඇති නැමදුම් ක්‍රම පවා නිරෝගී ජිවිතයකට මග පාදන්නේය. මුස්ලිම්වරයෙකු දෛනිකව සිදු කරනු ලබන සලාතය, වාර්ෂිකව සිදු කරනු ලබන උපවාසය සහ හජ් වන්දනය මගින් අල්ලාහ් දෙවියන් සමග සම්බන්දය ගොඩ ගනා ගැනීම පමණක් නොව ඉන් මානසික මෙන්ම ශාරීරික සුවය ද ලඟා කර දෙන්නේය. මුස්ලිම්වරුන්ට පංච කාල සලාතය සාමුහිකව මස්ජිකයේදී ඉටු කිරීම සඳහා නබි තුමා පෙන්වා දී තිබේ. මේ නිසා කෙනෙක් මස්ජිදය වෙත ඇවිදගෙන යාම කුසල් ක්‍රියාවක් වන අතර ශාරීරික ව්‍යායාමයක් ද වේ. ඒ අනුව කෙනෙකුගේ නිවස මස්ජිදයේ සිට දුරස්වන තරමට වැඩියෙන් ඇවිදීමට සිදු වන අතර එය සලාතයට ලැබෙන කුසල් වලට අමතරව ව්‍යායාමයක් ද වේ. මේ හැරුණු විට සලාතයේ ඇති එක් එක් ඉරියව් වලින්ද මිනිස් සිරුරට බොහෝ ප්‍රයෝජන ගෙන දෙන්නේය. විශේෂයෙන්ම සුජුද්හිදි නළල බිම තබාගෙන සිටින කාලය තුලදී මොලයට වැඩි වැඩියෙන් රුධිරය ගමන් කරන අතර එය මොලයේ ක්‍රියාකාරිත්වයට වැදගත් වේ. තවද එක් ඉරියව්වකින් තවත් ඉරියව්වක් කරා යාමේදී මාංශ පෙශින් ශක්තිමත් වන්නේය. මුස්ලිම්වරයෙක් සලාතය ඉටු කිරීමට පෙර වුළු කිරීම අනිවාර්ය වේ. එනම් මුහුණ කට සහ අත්පා සේද

දෛවය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය (Islamic belief in predestination)

Image
ඉස්ලාම් දහම විශ්වාසය පිලිබඳ කරුණු හයක් මත ගොඩ නැගී තිබේ. ඉන් හයවන ස්ථානය ගනු ලබන්නේ දෛවය නොහොත් "කදර්" පිලිබඳ විශ්වාසය යි. විශ්වය මැවීමට වසර පනස් දහසකට පෙර සෑම දෙයක් පිළිබඳවම "ලහ්ෆුල් මහ්ෆුස්" (Preserved Tablet) හි සටහන් කොට තිබේ. මෙය සෑම මුස්ලිම්වරයෙකුම තරයේ විශ්වාස කළ යුතුය. කෙසේ වෙතත් කෙනෙකුගේ දෛවය ප්‍රාර්ථනයන් මගින්ද සදකා හෙවත් පුණ්‍ය කටයුතු මගින්ද වෙනස් කර ගත හැකි බව නබිතුමා පවසා තිබේ. දෛවය කලින්ම ලියා තැබීම හේතුවෙන් කිසිවෙකුගේ නිසහස් චින්තනයට බාදාවක්  ඇති වන්නේ නැත. ඇයිද යත් එය දෙවියන්ගේ ඥානය හා සම්බන්ද දෙයක් වන නිසාය. ඒ අනුව කෙනෙක් යමක් කිරීමට පෙර ඔහු ගන්නා තීරයන පිලිබඳ දැනුම දෙවියන්ට තිබේ. මේ නිසා ඔහු ඒවා සියල්ලම කලින්ම සටහන් කොට හමාරය. උදාහරණයක් වශයෙන් කෙනෙකුට මාර්ග කිහිපයක් පෙන්වා ඉන් කැමති මාර්ගය තෝරා ගැනීමට ඉඩ දුන් විට ඔහු ඉන් කුමන  මාර්ගයක් තෝරා ගන්නේ දැයි තවත් කෙනෙකුට කලින්ම දන්නේ නම් ඔහුට එය සිදු වීමට පෙර ලියා තැබිය හැකිය. එසේ කළ පමණින් එම පුද්ගලයාගේ තීරණයට කිසිම බලපෑමක් සිදු වන්නේ නැත. මේ අකාරයටම මිනිසා කරන දේවල් ගැන දෙවියන් කලින්ම දන්නා නිසා ඒව

විශ්වය ඇති වූයේ කෙසේද? එහි මිනිසාගේ කාර්යභාරය කුමක්ද? (How did the universe come into being? What is the role of man in it?)

Image
විශ්වයේ බිහිවීම ගැන නොයෙකුත් මත තිබේ. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ මැවුම් වාදය යි. කෙසේ වෙතත් බොහෝ  විද්‍යාඥයින් මැවුම් වාදය පිලි නොගන්නා අතර ඒ සඳහා නොයෙකුත් වාදයන් ඉදිරිපත් කොට තිබේ. එහෙත් එම වාද වල බොහෝ අඩුපාඩු දැකිය හැකි අතර ඒවායින් අවසාන නිගමනයකට පැමිණ නැත. මේ හේතුවෙන් විශ්වයේ බිහිවීම සන්බන්දයෙන් විද්‍යාඥයින් ඉදිරිපත් කරන වාදයන් කාලෙන් කාලෙට වෙනස් වෙමින් පවතී.  විශ්වය සහ එහි ඇති සියලුම දේවල් දෙවියන් මැවූ බව සෑම දහම් පණිවිඩයකින්ම කියැවේ. තවද දහම් පණිවිඩ අනුව ලොව වෙසෙන ජීවින් අතරින් මිනිසාට විශේෂ තැනක් හිමිවේ. එය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කල නොහැකිය. අල් කුරානයට අනුව ලොව ඇති සෑම දෙයක්ම මිනිසාට වසඟ කොට දී ඇති අතර මිනිසාව මවා තිබෙන්නේ අල්ලාහ්ට නැමදීම සඳහාය.  මිනිසාට යහ මග පෙන්වීම සඳහා මුල්ම මිනිසාගේ පටන් දහම් පණිවිඩ ලැබී තිබේ. එමගින් ජිවිතයේ අරමුණ දැනගත හැකි වන්නේය. එහෙත් ඇතැම් උදවිය තමන් විසින්ම ජිවිතයේ අරමුණ තීරණය කර ගන්නේය. එහෙත් මිනිසා ස්වයං නිර්මාණයක් නොවන බැවින් එවැනි දෙයක් කල නොහැකිය. මේ නිසා මිනිසාට යහ මග පේනවා දිය යුත්තේ මිනිසාගේ මැවුම් කරු විසිනි. උදාහරනයක් වශයෙන් යම් උපකරණයක් නි

මිථ්‍යාදෘෂ්ටිකත්වය යනු කුමක්ද? (What is paganism?)

Image
මිත්‍යදෘෂ්ටිකයින්ට දෙවියන් පිලිබඳ විශ්වාසයක් නැත. එහෙත් ඇතැම් විට එකම අවස්ථාවේදී බොහෝ දෙවිවරුන් ගැන විශ්වාස කරති. විශේෂයෙන්ම ඔවුන්ගේ මුතුන් මිත්තන් ඇදහිලි කල දේවල් සඳහා වැඳුම් පිදුම් කරන්නේය. අර්ථ දැක්වීම අනුව මිත්‍යදෘෂ්ටිකයින් යැයි කියනු ලබන්නේ යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් ලබ්දිකයින්ගේ දේවස්ථානවලට නොයන අයට යි. අල් කුරානය මිත්‍යාදෘෂ්ටිකයින්ව මෙසේ විස්තර කොට ඇත. "මොවුන් (මිත්‍යා දෘෂ්ටිකයින්) නැමදුම් කරන දේ ගැන නුඹ සැකයෙහි නොසිටිය යුතුය. මීට පෙර තම මුතුන් මිත්තන් නැමදුම් කළා සේම මොවුන්ද නැමදුම් කරති" (කුරානය 11:109). මිථ්‍යාදෘෂ්ටිකයින් විශ්වාස කරන්නේ ස්වභාව ධර්මය පූජනීය බවයි. ඒ අනුව ඔවුන් මිනිසාව සොබාදහමේ කොටසක් ලෙස සලකති. තවද මිනිසාව අනෙක් සතුන්ටත් ගස්, ගල්, පැලෑටි සහ පෘථිවියේ ඇති වෙනත් දේවල් වලටත් සමාන කරති. මිථ්‍යාදෘෂ්ටිකයින් පුනරුත්පත්තිය විශ්වාස කරන්නේය.  මිත්‍යාදෘෂ්ටිකයින් අදහන දේවල් සනාත කිරීම සඳහා ඔවුන් වෙත සාක්ෂි කිසිවක් නොමැත. එහෙත් දේව විශ්වාසයේ එල්බ සිටින අයට දේව පණිවිඩ තහවුරු කිසිම සඳහා බොහෝ සාක්ෂි තිබේ. ඒ අනුව ඉස්ලාම් ඇතුළු දෙවියන් පහළ කරන ලද සෑම ආගමක්ම ඒවා දේශනා කරන

මුස්ලිම්වරුන් අතර සියදිවි නසා ගැනීම් අඩු ඇයි? (Why is suicide so low among Muslims?)

Image
භෞතික දියුණුව තුලින්ම පමණක් මිනිසාගේ සියලුම අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි බව ඔප්පු කරමින් දියුණුවන ලෝකයේ සිය දිවි හානිකර ගැනීම දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඊට ප්‍රධාන හේතුව මුදල් මත හෝ වස්තුව මත පමණක් මිනිසාට සතුට සෙවීමට නොහැකි වීමයි. මේ නිසා සමස්ථයක් ලෙස වසරකට මිලියනකක් පමණ දෙනා සියදිවි හානි කර ගන්නේය. ඒ අනුව සෑම තත්පර 40ක් පාසා ලෝකයේ කොතැනක හෝ සියදිවි නසාගැනීමක් වාර්තා වන්නේය. එසේ තිබියදී වසර 2050වන විට එහි වාර්ෂික අගය මිලියන 1.5 දක්වා ඉහල යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිදායනය මගින් නිවේදනය කරන්නේය. කනගාටුවට කරුණ නම් ඉන් 25%ක්ම තරුණයින් සහ වයස විසිපහට අඩු අය වීමයි. ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ප්‍රධානී වන අචාර්ය නීල්ප්‍රනාන්දු මහතාගේ වාර්තාවට අනුව ලංකාව තුල වසකට 4000 පමණ දෙනා සිය දිවි හානි කර ගන්නේය. කෙසේ වෙතත් සියදිවි හානිකරගැනීම් සම්බන්දයෙන් පර්යේෂන සිදු කරන අය පෙන්වා දෙන්නේ මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවල්වල සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය ඉතා අඩු බවයි. ඊට හේතුව වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ කුරානෙයේ බලපෑම සහ මුස්ලිම්වරුන් අතර නරකාදිය පිලිබඳව ඇති දැඩි විශ්වාසය බවයි. (Nova Science Publishers ©