Posts

Showing posts from September, 2014

ඉසදීන් නගරයේ ඉතිහාසය (History of Issadeen Town)

Image
ඉසදීන් නගරයේ ඉතිහාසය වසර දෙසියයක් පමණ පැරණිය. එම නගරය නිර්මාණය කිසිම සඳහා වූ ඉඩම මුලින්ම මිලට ගනු ලැබුවේ වසර 1804 දී මීරා කාන්ඩු ඉසදීන් මහතා විසිනි. කෙසේ වෙතත් එහි මුල් උරුමක්කාරයින්ගේ පසු එම ඉඩමේ පරිපාලනය සිදු කරනු ලැබුවේ තුන්වන පරම්පරාවේ උරුමක්කාරයෙකු වන එස්. වයි. ඉසදීන් මහතා විසින් ය.  ආරම්භයේදී අක්කර 60ක් ව පැවති එම ඉඩමට අකුරැස්ස පාරට මායිම්ව පිහිටි කුරුඳුවත්ත නමින් හැඳින්වෙන තවත් අක්කර 25 මිලදී ගෙන ඊට එකතු කොට තිබේ. මේ අනුව එහි මුළු ප්‍රමාණය අක්කර 85ක් පමණ වෙ.   එස්. වයි. ඉසදීන් මහතා විසින් එවකට සිටි හොඳම නගර සැලසුම් කරුවෙකු මාර්ගයෙන් මෙම ඉඩම සඳහා ඉතා අගනා නගර සැලැස්මක් නිර්මාණය කළේය. පසුව එය "ඉසදීන් නගරය" ලෙස නම් කර සෑම වීථියකටම  සිය පව්ලේ සාමාජිකයින්ගේ නම් ඇතුලත් කළේය. මෙම නගරයේ මුස්ලිම් සුසාන භූමියක් සහ පල්ලියක් සඳහා ඉඩම් කැබලි වෙන් කර තිබුනත් එම ඉඩම්වල කිසිම ගොඩනැගිල්ලක් එවකට ඉදිකර තිබුනේ නැත. මේ හේතුවෙන් මෙම ඉඩම් මිනිසුන් විසින් ඔප්පු නොමැතිව අල්ලාගෙන ගෙවල් තනාගෙන තිබේ. තවද එම සුසානභුමියේ ඉසදීන් පවුලට අයත් දෙදෙනෙකු මිහිදන් කර අත. මිනිසුන් අතර සහජීව