Posts

Showing posts from February, 2020

මිනිස් ජිවිතයේ ආරම්භය සහ අවසානය (The beginning and the end of human life)

Image
මිනිසාගේ මුල්ම ආරම්භය සිදු වන්නේ ආදම් තුමාව මැවීමත් සමග වේ.  මෙය බයිබලයේද අල්-කුරානයේද දෙවියන් පහළ කරන ලද අනෙක් දහම් පණිවිඩ වලද සඳහන් ය. ඒ ගැන අල් කුරානය මෙසේ පවසා තිබේ. "තවද නුඹගේ පරමාධිපති දේවදුතයින් හමුවෙහි, නියතව මම පොළොවෙහි (මිනිස්) පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි'යි පැවසූ කල, අප නුඹගේ කිර්තිය ප්‍රසංසා කරමින්ද නුඹව සුවිසුද්ධ කරමින්ද සිටියදී, එහි කළහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහිදැයි පැවසුහ. (එවිට) ඔහු, 'නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියතව මම හොඳින් දනිමි'යි කීය" (කුරානය 2:30). ඉන් පසු අල්ලාහ් ආදම්තුමාව මැටියෙන් මවා ඔහුගේ ශරීරය තුලට මුල්ම ආත්මය ඇතුලත් කළේය. ආදම්තුමාගේ ඉල ඇටයකින් ඔහුගේ සහකාරිය මැව්වේය. අනතුරුව මිනිස් ආත්මයන් මවා ඒවා "ආලමේ අර්වාහ්" නොහොත් ආත්මීය ලෝකයේ තැබුවේය. මවක් පිළිසිඳ ගැනීමේදී ඊට නියම කොට ඇති දේවදුතයින් විසින් එහි ඇති ආත්මයක් රැගෙන විත් මවගේ කුස තුලට ඇතුලත් කරන්නේය. ඉන් පසු මිනිසා මරණයට පත්වන අවස්ථාවේදී නැවතත් එම ආත්මය  දෙවියන් පත්කොට ඇති දේවදුතයෙකු විසින් රැගෙන යන්නේය. දෙවියන් මවා ඇති අනෙක් ජිවින් අතරින් මිනිසා වෙනස් ය. මිනිස