Posts

Showing posts from 2023

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

Image
ඉස්ලාම් දහම අනුව ලෞකික ජීවිතය පරික්ෂාවකි. එහි අරමුණ සැමට සාදාරනය ඉටුකිරීම යි. එසේ නොකළහොත් පින් දහම් කරන පාර්ශවයට අසාධාරණයක් සිදු වන්නේය. ඇයිද යත් යම් විදියකින් දෙවියන් සර්වබලධාරී නිසා පරික්ෂා නොකර එක් කණ්ඩායමක් ස්වර්ගයටත් තවත් කණ්ඩායමක් නිරයටත් දැමුවේ නම් නිරයට යන අය ඔවුන්ට පින් දහම් කිරීමට අවස්ථාවක් නොදී නිරයට දැමීම අසාධාරණ යැයි තර්ක කල හැකිය. ඒ අනුව සෑම කෙනෙකුටම පින් දහම් කිරීමට එක් අවස්තාවක් ලබා දී තිබේ. ලෞකික ජීවිතයේදී මුහුණ දෙන පරීක්ෂාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. ඒ අනුව සෑම කෙනෙකුම ඔහුගේ තරමට ගැලපෙන පරිදි පරීක්ෂාවන්ට මුහුණ දිය යුතුව තිබේ. ඉන් සමත් වන අයට ලැබෙන කුලිය ස්වර්ගය වේ. ස්වර්ගයට යන මාර්ගය කටුක දේවල් වලින් ද නිරයට යන මාර්ගය පාපකාරී ආශාවන්ගෙන්ද  ආවරණය කොට තිබේ. මේ හේතුවෙන් ස්වර්ගය අත්කර ගැනීම සඳහා නොයෙකුත් කටුක අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වන්නේය. එහෙත් නිරය කිසිම අපහසුතාවයකින් තොරව තම ආශාවන් පසු පස යාමෙන් ලඟා කර ගත හැකි වන්නේය. කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ.  "නියත වශයෙන්ම අපි යම් තරමක බියෙන්ද, කුසගින්නෙන්ද, සම්පත් හා ජීවිත මෙන්ම පලදාව ආදියෙහි ඇතිවන අලාභ තුලින

ඉස්ලාම් දහම අනුව සමහර අය පින් කළත් අපායට යන්නේ ඇයි?(According to Islam, why do some people go to hell even if they do meritorious deeds?)

Image
  පින් කරන සෑම කෙනෙකුගේම පැතුම ස්වර්ගය අත්කර ගැනීම යි. එහෙත් තමන් විසින්ම ඇතිකරගත් දේවල් පින් යැයි සිතාගෙන කරන්නේ නම් ඒවාට කුලිය ලැබෙන්නේ නැත. එපමනක් නොව අල්ලාහ් සමග වෙනත් දේවල් ආදේශ කරන්නේ නම් ඔහු කරන දේවල් සියල්ලම ගඟට කැපු ඉනි මෙන් වන්නේය. ඒ අනුව මුස්ලිම්වරයෙකු සෑම විටම ෂරියාවෙන් පෙන්වා දී ඇති දේවල් පමණක් කිරීමට වග බලා ගත යුතුව තිබේ. අල් කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ. "(අල්ලාහ් නොවන දේවල් වෙනුවෙන්) මහන්සියෙන් ක්‍රියා කරයි. (එහෙත් මරණයෙන් පසු) දළු දමමින් දැවෙන ගින්නෙහි ඇතුළු වෙයි" (කුරානය 88:3-4).  ඉස්ලාම් දහම අනුව ස්වර්ගය අත්කර ගැනීම සඳහා මුලික අවශ්‍යතාවයක් වන්නේ අල්ලාහ්ගේ ඒකීයත්වය  පිළිගනිම යි. ඒ අනුව නබිතුමාව හෝ වෙනත් සාස්තෘවරයෙකුව හෝ අල්ලාහ්ගේ තරමට උසස් නොකළ යුතුය. ඒ අනුව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම වෙනුවට වෙනත් උදවියගෙන් ප්‍රාර්ථනා කිරීම හෝ අල්ලාහ් වෙනුවට වෙනත් අය වෙනුවෙන් පඬුරු දැමීම හෝ ඔවුන් වෙනුවෙන් සතුන් කැප කිරීම නොකළ යුතුය. එසේ කරන්නේ නම් කොපමන පින් දහම් කලත් ස්වර්ගය ලැබෙන්නේ නැත. මුස්ලිම්වරයෙකු අනුගමනය කල යුත්තේ අල් කුරානය සහ නබිතුමාගේ මග පෙන්වීම පමණි. ඊට එරෙහ

මිනිසාගේ දියුණුවට ඥාතිත්වය බලපාන්නේ කෙසේද? (How does kinship affect one's progress?)

Image
අප නොසිතන බොහෝ දේවල් මිනිස් ක්‍රියා කාර කම් සමග බැඳී ඇත. එහෙත් බොහෝ අය විසින් එම කරුණ වටහාගෙන නැත. අල් කුරානය තුලින් ඥාති සම්බන්දතාවය ගැන මෙසේ විස්තර කරන්නේය.  "කවරෙක් අල්ලාහ් හමුවෙහි ඇති ගිවිසුම තහවුරු කල පසු එය කඩකරමින් අල්ලාහ් එක්කර ගත යුතු යැයි නියෝග කල (ලේ නෑකම) බිඳිමින් පොළොවෙහි කළහ ඇති කරත්ද ඔවුනට ශාපයක්ම වේ. ඔවුනට දුක්ඛිත නිවසම (නිරය) ඇත"  (කුරානය 13:25).  ඥාතින් සමග එකමුතුව ජිවත් වීම නිසා ආයු කාලය දීර්ඝ වන්නේය. තවද සෞභාග්‍ය ඇති වන්නේය. මෙම හදිසය තුල එම කරුණ දැක ගත හැකිය.  ජිවිතයේ සෞභාග්‍ය (provisions) ඇති වීමටත්, ජිවිත කාලය දීර්ඝ කර ගැනීමටත් යම් කෙනෙක් බලාපොරොත්තු වන්නේ නම් ඔහු තම ඥාතින් සමග ඇති සම්බන්දය ආරක්ෂා කල යුතුය  (බුහාරි,මුස්ලිම්, මිශ්කාත් 1:110). ඥාතින් සමග එකට ජිවත් වීම නිසා අල්ලාහ් ද ඔවුන් සමග සම්බන්ද වන බව මෙම හදිසයෙන් විස්තර කොට තිබේ. රහ්ම් යන පදය රහ්මාන් යන වචනයෙන් කැඩී එන්නේය. එම නිසා අල්ලාහ් මෙසේ පවසයි :   " කව්රුන් හෝ ඔබ සමග (ඥාතිත්වය සමග) සම්බන්ද වන්නේද ඔහුත් සමග මාද සම්බන්ද වෙමි, කව්රුන් හෝ ඔබව කපා හරිද මාද ඔහුව කපා හරිමි"  (බුහාරි, මිශ්ක

අල්ලාහ්ට නැමැදිය යුත්තේ ඇයි? (Why should we worship Allah?)

Image
මෙලොවට පහළ වූ මුල්ම මිනිසා ආදම් තුමාය. ඔහුව මැව්වේ අල්ලාහ්ය. මිනිසාගේ සෑම අවශ්‍යතාවයක්ම ඉටු කරන්නේද අල්ලාහ්ය. මෙලොව ජීවිතය අවසාන කල පසු නැවතත් අල්ලාහ් වෙතම යා යුතුය. මේ නිසා මිනිසා අල්ලාහ්ට නැමදීමට බැඳී සිටින්නේය.  මිනිසා තරම් සංකීර්ණ ජීවියෙක් තවත් නැත. මිනිස් මොලය අතිනවීන පරිගණකයකට වඩා දියුණුය. එසේම ඇස, කන, දිව සහ අනෙක් අවයව වලට සරිලන ආදේශ නැති තරම්ය. ඒවා කිසිසේත්ම ඉබේ ඇතිවිය නොහැකිය. ඒ අනුව ඒවා සර්ව බලධාරී අල්ලාහ්ගේම මැවීම් වේ.  ලොව ඇති මැවීම් අතරින් මිනිසා සුවිශේෂී ය. මිනිසාට පංචේන්ද්‍රියන්ට අමතරව සිතීමේ හැකියාව ලබා දී තිබේ. මේ හේතුවෙන් මිනිසාට අතිවිශාල සංඛ්‍යාවක් වචන කතා කිරීමේ හැකියාව ලැබී තිබේ. එපමණක් නොව මිනිසාට නොයෙකුත් නිර්මාණයන් සිදු කල හැකිය. මේ හේතුවෙන් ලොව සිටින ජීවින් අතරින් උසස්ම ජිවන රටාවකට හිමිකම් කියන්නේ මිනිසාය.  මුල්ම මිනිසා වන ආදම් තුමාගේ පටන් මිනිසාට ආගමක් පහළ වී තිබේ. අල් කුරානයේ ප්‍රධාන ආගම සතරක් ගැනත් නබිවරුන් 25 දෙනෙකු ගැනත් සඳහන් වේ. ඒ හැර නබිවරුන් සිය දහසකට වඩා මෙලොවට පැමිණි බව සඳහන් වේ. මේ සෑම නබිවරයෙකුම මෙලොවට පැමිණියේ මිනිස් ජිවිතයේ අරමුණ කියා දීමටයි.  මෙ

ඉස්ලාම් දහමින් විවාහය සඳහා අවම වයසක් නියම නොකරන්නේ ඇයි? (Why doesn't Islam set a minimum age for marriage?)

Image
විවාහය සෑම ජීවියෙකුගේම අයිතියකි. එහෙත් මිනිසා පමණක් ඊට නොයෙකුත් හේතුන් මත නීති රීති ඇතුලත් කොට තිබේ. ඒ අනුව ඉතිහාසයේ සිටම  විවාහ වන වයස් සීමාවන් කාලෙන් කාලෙට නොයෙකුත් වෙනස්කම් වලට භාජනය වන්නේය. සෑම රටකම පාහේ විවාහය සඳහා අවම වයස් සීමාවන් නියම කොට ඇත. මේ සම්බන්දයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ රටවල් 198 ක් මෙන්ම භූමි ප්‍රදේශ පිළිබඳ දත්ත විශ්ලේෂණය සිදු කල නව පිව් පර්යේෂණ මධ්‍යස්ථානය සිදු කල විශ්ලේෂණයකට අනුව (එක්සත් ජනපදය ඇතුළුව) අවම වශයෙන් රටවල් 117ක අඩු වයස් විවාහයන් සඳහා අවසර ලබා දෙනු ලබන්නේය. (https://www.pewresearch.org/fact-tank/2016/09/12/many-countries-allow-child-marriage/). කෙසේ වෙතත් ලංකාවේ විවාහ වීම සඳහා නියම කොට ඇති වයස 18 වේ.  නීතිය පසෙක තිබියදී නිත්‍යානු කුල නොවන අන්දමින් බාල වයසේදී විවාහ වීම ලෝකයේ බොහෝ රටවල් වල සුලබව සිදු වන්නේය. එහෙත් විවේචන එල්ල කරනු  ලබන්නේ මුස්ලිම්වරුන් අතර නිත්‍යානු කුලව සිදු කරනු ලබන බාල වයස්කාර විවාහයන් සඳහා පමණි. මේ නිසා ඒ ගැන කරුණු පැහැදිලි කිරීම වැදගත් යැයි සිතමි.  අල් කුරානය මගින් විවාහය සඳහා බොහෝ නීති පනවා තිබුනත් කිසි

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)

Image
සෑම ආගමකම ඉවසීමේ වැදගත්කම උගන්වා තිබේ. එහෙත් ඉස්ලාමීය ඉගැන්වීම අනුව ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් සිටින්නේය. මේ නිසා සෑම තරාතිරමකම අයට ඉවසීම අත්‍යාවශ්‍යවේ. ඒ අනුව තනිව ක්‍රියා කිරීමේදී මෙන්ම කණ්ඩායම් වශයෙන් ක්‍රියා කිරීමේදී ද පවුල් පාලනයේදී මෙන්ම රාජ්‍ය පාලනයේදී ද ඉවසීම තිබිය යුතුය. ඉවසීම නොමැති විට මිනිසාටත් තිරිසනාටත් අතර වෙනසක් නැති තරම් වේ. බොහෝ මිනීමැරුම්, දික්කසාද වීම්, ඥාතිත්වය සදහටම පලුදු වීම් වලට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ ඉවසීම නොමැති කමය. කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ.  "තවද, නුඹලා අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද අවනත වන්න. නුඹලා අතර මතබේද ඇති නොකරන්න. එසේ වුයේ නම්, අධෛරියමත් වන අතර නුඹලාගේ ශක්තියද හීන වනු ඇත. ඉවසිලිවන්තව සිටින්න, නියතව ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය" (කුරානය 8:46). ඉවසීම නායකත්වය සඳහාද තිබිය යුතු ඉතා වැදගත් ලක්ෂණයකි. අල්-කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ.  "ඔවුන් ඉවසිලිවන්තයින් ලෙසද අපගේ වැකි ස්ථිරව විශ්වාස කරන්නන් ලෙසද සිටි කළ, ඔවුන් අතරින් යහමග පෙන්වන නායකයින්ව අපගේ අණ පරිදි පත් කළෙමු"  (කුරානය 32:24).  ඉවසීම නිසා ප්‍ර

ඉස්ලාමයේ තුන්වැනි වගකීම වන සකාත් (Zakat, the third responsibility of Islam)

Image
ඉස්ලාම් දහම අනිවාර්ය කොට ඇති කරුණු පහ අතරින් තුන්වැන්න zසකාත් ය. එය දුප්පතුන්ගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ඇති මහඟු වැඩ පිළිවෙලකි. සකාත් ගෙවීම නිසා කෙනෙකුගේ ධනය අඩු වන්නේ නැත. නබිතුමා පවසා ඇති හදිසයකට අනුව සකාත් ගෙවන්නාගේ ධනය අල්ලාහ් වැඩි කරන්නේය (සහිහ් බුහාරි). තවද මුස්ලිම්වරයෙකු කරන හොඳම පුණ්‍ය කර්මය තම ධනයට සකාත් ගෙවීම බව නබිතුමා පවසා තිබේ (සහිහ් මුස්ලිම්). සකාත් යනු දුප්පතුන්ට ධනවතුන් කෙරෙහි ඇති අයිතියකි (සහිහ් බුහාරි). මේ නිසා සෑම ධනවතෙකු විසින්ම අනිවාර්‍යයෙන්ම සකාත් ගෙවිය යුතු ය.  මුස්ලිම්වරයෙකු ඔහුට අයත් zසකාත් ගෙවීම නිසා ඔහුගේ ඉතිරි ධනය පිරිසිදු වන්නේය. තවද එය කෙනෙකුගේ මරණයෙන් පසු ජිවිතය සඳහා විශාල ආයෝජනයක් ද වේ. මෙම zසකාත් බද්ද සෑම ධනවතෙකු විසින්ම නිසියාකාරව ඉටු කරන්නේ නම් ලෝකයේ පවතින දිළිඳු කම තුරන් කල හැකි වනු ඇත.  ධනවතුන් විසින් zසකාත් බද්ද සෑම චන්ද්‍ර වර්ෂයක් පාසාම ඉටු කල යුතුය. ඒ අනුව නිසාබ් ප්‍රමාණයට වඩා ඇති රන්, රිදී, ව්‍යාපාර වස්තු, මුදල් වෙනුවෙන් සකාත් ගෙවිය යුතු වේ. නිසාබ් යනු: රත්‍රන් ග්‍රෑම් 85 ක් හෝ රිදී ග්‍රෑම් 595 ක් ය. එළුවන් බැටළුවන් වැනි සතුන් සඳහාද  ධාන්‍

අල්ලස සහ දූෂණයට එරෙහි ඉස්ලාමීය ඉගැන්වීම් (Islamic teachings against bribery and corruption)

Image
අල්ලස යනු යම් කෙනෙකුගෙන් අයුතු වාසියක් හෝ  ප්‍රයෝජනයක් ලබා ගැනීම වෙනුවෙන් නිත්‍යානුකුල නොවන අන්දමින් යම් කිසි දෙයක් ලබා ගැනීම හෝ ලබා දීම වේ. එහෙත් දුෂණය යනු නීත්‍යානුකූල නොවන මාර්ගවලින් වාසි ලබා ගැනීම සඳහා දරන ඕනෑම උත්සාහයකි. මේ දෙ ආකාරයටම මුදල් ඉපැයිම බලවත් වරදවල් ලෙස ඉස්ලාමය පෙන්වා දෙන්නේය. එසේ උපයාගත් සියලුම දේවල් නිරයේ ගින්නට බව ඉස්ලාමය පවසයි.  අල්ලස සහ දුෂණය සම්බන්දයෙන් කුරානය මෙසේ පවසයි.  “නුඹලාගේ වස්තුව නුඹලා අතර අසාධාරණ ලෙස අනුභව නොකරන්න. තවද පාලකයින් හමුවට අල්ලස් නොදෙන්න. එසේ කිරීමෙන් ඔබ නොදැනුවත්ව අනුන්ගේ වස්තුවෙන් කොටසක් අයුක්ති සහගත ලෙස කා දමනු ඇත”  (කුරානය 2:188). කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් වේ.  "ඔවුන්ගෙන් වැඩි දෙනා පව් කිරීමෙහිද, සීමාව ඉක්මවිමෙහිද, තහනම් කරනු ලැබූ දෑ අනුභව කිරීමටද වේගයෙන් යෑම නුඹ දකින්නේහිය. ඔවුන් කරමින් සිටින දැය ඉතා නපුරුය"  (කුරානය 5:62). ඉහත දැක්වෙන කුර්ආන් වැකි වලට අනුව අල්ලස් ගැනීම මෙන්ම අල්ලස් දීමත් වරදවල් වේ. අල්ලස් ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ තමන්ට අයිති නැති දෙයක් අයුතු ලෙස ලබා ගැනීම යි. එහෙත් ඇතැම් අය අල්ලස් ලබා ගන්නේ කොමිස් යන ලේබ

ඉස්ලාමිය උපවාසය (Islamic fasting)

Image
උපවාසය ඉස්ලාමයේ අනිවාර්ය කරුණු පහෙන් සිව්වැන්න වේ. උපවාසය ගැන අල් කුරානය මෙසේ සඳහන් කරයි: "විශ්වාසකලවුනි! නුඹලා (අල්ලාහ්ට) බිය වී ක්‍රියා කරනු පිණිස නුඹලාට පෙර සිටියවුන් කෙරෙහි නියම කෙරුවා සේම නුඹලා කෙරෙහිද උපවාසය නියම කර ඇත" (කුරානය 2:183). මුස්ලිම්වරුන්ට අනිවාර්ය කොට ඇති උපවාසය සඳහා කාල වෙලාවක් මෙන්ම දින වකවානුවක් නියම කොට තිබේ. එහෙත් වෛකල්පික උපවාසයන් වසරේ ඕනෑම කාලයකදී ඇතැම් කොන්දේසි වලට යටත්ව ඉටු කල හැකිය.  නබිතුමාගේ හදිසයකට අනුව රමළාන් මාසයට උදාවන උපවාසය ආරම්භ කළ යුත්තේ පියෙවි ඇසින් රමළාන් මාසයට අයත් නව සඳ දැකීමෙන් පසුවය. එහෙත් සෑම කෙනෙකුම අළුත් සඳ දැකීම අනිවාර්ය නොවේ. ඉබ්නු අබ්බාස් රලි තුමා පවසන හදිසයකට අනුව විශ්වාසවන්තයින්ගෙන් එක්කෙනෙක් හෝ නව සඳ දැකීමෙන් උපවාසය ආරම්භ කල හැකිය. කෙසේ වෙතත් නව සඳ බැලීම සම්බන්දයෙන් විද්වතුන් අතර මත බේද තිබේ. ඒ අනුව ඇතැමුන් පවසන්නේ තමන් ජිවත්වන කලාපය තුල නව සඳ දැකීමෙන් උපවාසය ආරම්භ කල යුතු බවයි. තවත් පිරිසක් පවසන්නේ ලෝකයේ කොතැනක හෝ නව සඳ දැකීමෙන් උපවාසය ආරම්භ කල යුතු බවයි. එහෙත් ශ්‍රේෂ්ට ඉස්ලාමීය විද්වතෙක් වන ඉමාම් ෂාෆි තුමා පවසන්නේ ත

පිරිසිදුකම පිලිබඳ ඉස්ලාමිය මග පෙන්වීම (Islamic guidance on cleanliness)

Image
ඉස්ලාම් දහම පිරිසිදුකම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ. එය ශාරීරික මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද තිබිය යුතුය. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම ශාරීරික පිරිසිදු කමට අමතරව අදහස් වලින්ද ක්‍රියාවෙන්ද යහපත් විය යුතුය.  බොහෝ ආගම්වල දැකිය නොහැකි දේවල් ඉස්ලාම් දහමින් ශාරීරික පිරිසිදු කම වෙනුවෙන් පෙන්වා දී තිබේ. ඒ අනුව සලාතය ඉටු කිරීමට පෙර වුළු කිරීම අනිවාර්‍ය කොට තිබේ. වුළු යනු මුහුණ සහ වැලමිට ඇතුළු අත්පා ජලයෙන් සේදීම සහ හිසකෙස් ජලයෙන් පිරිමැදීම වේ. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම දෛනිකව අවම තරමින් පස් වතාවක් මුහුණ කට ඇතුළු අත්පා සොදන්නේය. මේ සඳහා අධ්‍යාත්මික වටිනාකමක් ලබා දී ඇත. ඒ අනුව වුළු කිරීමෙන් පිරිසිදු කමට අමතරව කුසල් ලැබෙන්නේය. වුළු කිරීම හැරුණු විට කාන්තාවන්ගේ මාස් ශුද්ධිය අවසාන වීමෙන් පසුද දරු ප්‍රසුතියෙන් පසු ද සලාතය ඉටු කිරීම සඳහා ස්නානය කිරීම අනිවාර්ය වේ. තවද අඹු සැමියන් සංසර්ගයේ යෙදීමෙන් පසු ස්නානය කිරීම ද අනිවාර්ය වේ. මෙවැනි නියෝග වලින් බලාපොරොත්තු වන්නේ සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ඇති කිරීම ය.  කුඩා කාලයේදී සෑම පිරිමි දරුවෙකුටම චාර්මජ්ජේදනය සිදු කරනු ලැබේ. එය මුත්‍රාෂය සම්බන්ද රෝග වලක්වා

අල් කුර්ආනය සහ තාරකා භෞතික විද්‍යාව (The Quran and Astrophysics)

Image
අල් කුරානය පහළ වන්නේ මිනිස් ජිවිතයේ අරමුණ පැහැදිලි කර දීම සඳහාය. ඒ අනුව එහි ප්‍රධාන අරමුණ වන්නේ මිනිසා කල යුතු දේවල් සහ නොකළ යුතු දේවල් ගැන පැහැදිලි කර දීමය. කෙසේ වෙතත් අල් කුරානය දෙවියන්ගෙන් පහළ කරන ලද පණිවිඩයක් බව ඒත්තු ගැන්වීම සඳහා එහි බොහෝ සුවිශේෂී කරුණු ඇතුලත් වේ. ඒ අතර නවීන විද්‍යාවෙන් දියුණු කරන ලද බොහෝ ක්ෂේස්ත්‍රයන්ට අයත් කරුණු ඇතුලත් වීම පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත් මෙහිදී සලකා බලන්නේ තාරකා භෞතික විද්‍යාවට සම්බන්ද කරුණු ගැන පමණි. ඒවා දැනගැනීමෙන් මිනිසාට තම මැවුම්කරු ගැන නිවැරදි අවබෝදයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු අතැති විශ්වාස කරමි.  තාරකා භෞතික විද්‍යාව යනු තාරකා සහ අනෙකුත් ආකාශ වස්තූන්ගේ භෞතික ස්වභාවය සහ තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ අර්ථකථනය කිරීම සඳහා භෞතික විද්‍යාවේ නීති සහ න්‍යායන් යොදාගැනීම වේ. මෙම ක්ෂේස්ත්‍රය කුරානය පහළ වීමෙන් සතවර්ෂ ගණනාවකට පසු දියුණු වී ඇත. ඒ අනුව අල් කුරානය පහළ වන සමයේදී කිසිවකු විසින් තාරකා භෞතික විද්‍යාව පිළිබඳව පුළුල් අවබෝදයක් ලබාගෙන තිබුනේ නැත. කෙසේ වෙතත් හත්වන සිය වසේදී පහළ වූ කුරානය තුල විසිවන සියවසට අයත් දේවල් ඉතා නිවැරදිව සඳහන් කොට තිබීම සම්බන්

කුරානයේ ඇති විශේෂත්වය කුමක්ද? (What is special about the Quran?)

Image
අල් කුරානය ලොව තිබෙන අන් කිසිම ග්‍රන්ථයකට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගන්නේය. එහෙත් කුරානය ගැන නොදන්නා ඇතැම් අය සිතන්නේ එය මුහම්මද් නබි තුමා විසින් රචනා කරන ලද්දක් බවයි. කෙසේ වෙතත් එම විශ්වාසය බැහැර කල යුතු වන්නේ මුහම්මද් නබි තුමාට ලිවීමට හෝ කියවීමට නොහැකි නිසාය.  කුරානයේ ඇති භාෂා විලාශය මුහම්මද් නබි තුමා එදිනෙදා කතා කරන භාෂා විලාශය නොවේ.  තවද කුරානයේ අන්තර්ගතව ඇති බොහෝ  කරුණු එය පහළ වූ හත්වන සිය වසේදී කිසිවෙකු විසින් දැන සිටියේ නැත. ඒ හැරුණු විට  කුරානයේ ඇති ඇතැම් විද්‍යාත්මක හෙළිදරව් කිරීම් සොයාගෙන තිබෙන්නේ කුරානය පහළ වීමෙන් සියවස් දාහතරක් පමණ ගෙවී ගිය පසුවය. ඉන් පෙනී යන්නේ කිසිසේත්ම කුරානය බඳු කෘතියක් හත්වන සියවසේ  ජිවත් වූ කෙනෙකු විසින් ලිවිය නොහැකි බවයි.  කුරානයේ ඇති වාග් චතුරත්වය අතිවිශිෂ්ටය. ඒ අනුව එය ලොව ඇති උසස්ම සාහිත්‍ය ග්‍රන්ථය ලෙස සැලකේ.  තවද එදා මෙදා ජිවත් වූ කිසිවෙකුටත් කුරානය වැනි කෘතියක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් හෝ ලිවීමට මෙතෙක් හැකියාව ලැබී නැත.  කුරානයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය සම්පුර්ණයෙන්ම කටපාඩම් කල හැකි වීමයි. ඒ අනුව කුරානය සම්පුර්ණයෙන්ම කට

මරණින් මතු ජීවිතය පිළිබඳ ඉස්ලාමීය විශ්වාසය (Islamic belief in the afterlife)

Image
ඉස්ලාමයට අනුව කෙළවරක් නොමැති නිරන්තර ජීවිතය ආරම්භ වන්නේ මරණයෙන් පසුවය. තවද ඉස්ලාමයට අනුව මිය යාමෙන් පසු නැවත මෙලොවදී ඉපදීමක් නැත. මින් අදහස් කරන්නේ මිනිස් ජිවිතයට පුනරුත්පක්තියක් නොමැති බවත් මිනිසා මෙලොවදී උපදින්නේ එක් වතාවක් පමණක් බවත් ය. කෙසේ වෙතත් ඉස්ලාමිය ඉගැන්වීම අනුව සෑම ආත්මයක්ම දෙවියන් නියම කල දිනයකදී සොහොන් ජිවිතයෙන් පසු නැවත නැගිටවීමට නියමිතය. ඉන් පසු සෑම ආත්මයක් සඳහාම විනිශ්චයක් සිදු කරනු ලැබේ. එහිදී එක් එක් ආත්මයක් මෙලොවදී ක්‍රියා කල අන්දම ගැන ප්‍රශ්න කිරීමට නියමිතය. එම විනිශ්චයෙන් පසු ස්වර්ගය හෝ නිරය ලබා දීමට නියමිතය.  මරණයෙන් පසු ජිවිතයක් නැතැයි විශ්වාස කල අය එම දිනයේදී මහත්සේ දුකට පත් වන අතර මෙසේ පවසන බව කුරානය දැනුම් දෙන්නේය.  “අහෝ අපගේ ශෝකයි! අපව අපගේ (සොහොන් වන) නිදා සිටි ස්ථානයන්ගෙන් නැගිට්ටෙව්වේ කවරෙක් දැයි  (ඔවුන්) විමසන්නෝය (එවිට දේවදුතයින්) “රහ්මාන් (ඔබට) දුන් පොරොන්දුව නබිවරුන් (ඔබට) සත්‍යය යැයි ගෙනහැර දැක්වුයේද මෙය”යි (කියනු ලැබේ). එය එකම එක ශබ්දයක් මිස (වෙන කිසිවක්) නොවන්නේය. ඒ ඇතුලත ඔවුන් සියල්ලෝම අප වෙත ඒකරාශී කරගෙන එනු ලබන්නෝය. තවද එදින කිසිම ආත්මයකට කිස

මිනිසාගේ ආරම්භය සහ අවසානය (The begging and end of man)

Image
මුල්ම මිනිසා බිහිවන්නේ ආදම්තුමාව මැවීමෙන් පසුවය. ඒ අනුව මුල්ම මිනිසා වන ආදම් තුමාව මැටියෙන් නිර්මාණය කෙරුණු බව කුරානයේ මෙන්ම බයිබලයේද සඳහන් වේ. එසේම මුල්ම කාන්තාව බිහි වන්නේ ආදම්තුමාගේ ඉල ඇටයකින් බව පැවසේ. ඔවුන්ගේ වාසස්ථානය වුයේ ස්වර්ගයයි. එහෙත් දෙවියන් ඔවුන්ට තහනම් කල ගසේ ගෙඩි කෑම නිසා ස්වර්ගයෙන් පිට මං කරන ලදී. කෙසේ වෙතත් ලෞකික ජීවිතයේදී මුහුණ දෙන පරීක්ෂාවන්ට සාර්ථකව මුහුණ දීමෙන් නැවත ස්වර්ගය ලබා ගත හැකි බව දෙවියන් ඔවුන්ට දැනුම් දුන්නේය. මේ නිසා මිනිසාට ලෞකික ජීවිතය පරික්සාවක් වේ.  මිනිසා හට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා මිනිසා අතරින්ම නබිවරුන් පත් කරන ලදී. ඒ අනුව මුල්ම මිනිසා සහ නබිවරයා ආදම් තුමා වන්නේය. මෙලොවට පැමිණි අවසාන නබි වරයා මුහම්මද් නබි තුමාය. මෙම නබිවරුන් දෙදෙනා අතර සිය දහසකට වඩා නබිවරුන් පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනාම මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දී තිබේ. සෑම නබිවරයෙකුම මිනිසාට ප්‍රචාරය කලේ අල්ලාහ්ගේ ඒකීයත්වය අඩංගු ඉස්ලාම් දහම ය.  මෙලොව බිහිවන සෑම ජීවියෙකුම මරණය වැළඳ ගත යුතුමය. ඉන් පසු දෙවියන් නියම කල දිනයකදී ලෝකය අවසාන වන අතර නැවත වරක් සෑම අත්මයක්ම නැගිටවා විනිශ්චය කරනු

අල් කුරානය සහ විද්‍යාව (Quran and science)

Image
විද්‍යාව යනු නිරීක්ෂණ සහ අත්හදා බැලීම් තුලින් ලබාගත් සාක්ෂි අනුව භෞතික ලෝකයේ ව්‍යුහය සහ හැසිරීම ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීම වේ. අනෙක් අතට ආගම යනු දෙවියන් විසින් මිනිසාට යහ මග පෙන්වීම සඳහා පහළ කරන ලද පණිවිඩයකි. අල් කුරානය එලෙස පැමිණි අවසාන දහම් පණිවිඩය යි. එහි අධ්‍යාත්මික කරුණු වලට අමතරව විශ්වය පිළිබඳ බොහෝ දේවල් ඇතුලත් කොට තිබේ. කෙසේ වෙතත් එම කරුණු කුරානයට ඇතුලත් වුයේ කිසිම විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස නොවේ. එසේ තිබියදී එම කරුණු වල සත්‍යතාව ලොවට හෙළි වුයේ කුරානය පහළ වීමෙන් සියවස් දාහතරකට පමණ පසුවය. විශ්වයේ ප්‍රසාරණය ගැන කරුණු සොයා ගනු ලැබුවේ විසිවන සිය වසේදීය. ඒ සඳහා නවීන විද්‍යා උපකරණ මෙන්ම දැනුම භාවිතා විය. එසේ තිබියදී එම කරුණම අල් කුරානය මගින් කිසිම විද්‍යා දැනුමක් නොමැති යුගයක දී ඉදිරිපත් කොට තිබීම විමතියට කරුණකි. තවද අත්ලාන්තික් සහ පැසිෆික් සාගර දෙකට බෙදී වෙන්වී තිබීම ගැන සොයා ගනු ලැබුවේ ඉතා මෑතක දීය. එහෙත් එම කරුණ ගැන හත්වන සියවසේ පහළ වූ කුරණයෙන් පවසා ඇත. සැබැවින්ම අල් කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් නොවේ නම් එවැනි දෙයක් කිසිසේත්ම එම යුගයේදී දැනගෙන සිටියේ නැත.

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

Image
ඉස්ලාම් දහම අනුව ජීවිතය පරික්ෂාවකි. මිනිසාව මවා තිබෙන්නේ ඊට මුහුණ දීමට හැකි වන පරිද්දෙනි. තවද මිනිසා වෙනුවෙන් දහමක් පහළ කොට ඇති අතර එහි ස්වර්ගයට යන මාර්ගය සහ නිරයට යන මාර්ගය පෙන්වා දී තිබේ. මිනිසා කළ යුත්තේ ඉන් තමන් කැමති මාර්ගයක් තෝරාගැනීම යි. ඒ සඳහා මිනිසාට පුර්ණ නිදහස ලබා දී තිබේ. මේ නිසා මරණයෙන් පසු යමෙක් ස්වර්ගයට යන්නේද නැති නම් නිරයට යන්නේද ඔහුගේම තේරීම අනුවය.  මෙවැනි අවස්තාවක් ලොව වෙසෙන අන් කිසිම  ජීවියෙකුට ලබා දී නැත. එහෙයින් මිනිසා හැර අන් සියලුම ජීවින් විනිශ්චය දිනයෙන් පසු දුවිලි බවට පත් කරනු ඇත. එම අවස්ථාව ගැන කුරානයේ එක් තැනක මෙසේ සඳහන් කොට ඇත. "නියත වශයෙන්ම, අපි නුඹලාට සමීප වෙමින් පවතින වේදනාව ගැන අවවාද කළෙමු - මිනිසා තම දෑත පෙරටු කළ දෙය දකින දවසෙහි, ප්‍රතික්ෂේප කරන්නා 'අහෝ! මාගේ පසුතැවිල්ල! මා පස් ලෙස තිබෙන්න එපායැ'යි පවසන්නේය" (කුරානය 78:40) . මිනිසාගේ විමුක්තිය රඳා පවතින්නේ තම මැවුම්කරු ගැන තබා ඇති විශ්වාස මතය. එය ඉතා පහසු දෙයක් වුවද බොහෝ අය එම පරීක්ෂාවෙන් පරාජය වන්නේ තම මමත්වය නිසාද සාතන්ගේ බලපෑම නිසාද වේ. ඒ අනුව කිසිම දෙයක් ඉබේ ඇති නොවන බව දැන දැනත්