Posts

Showing posts from September, 2020

ගව ඝාතනයට පමණක් විරුද්ධ වන්නේ ඇයි? (Why only oppose the slaughter of cattle?)

Image
විශේෂයෙන්ම ඉන්දියාවේ සහ ලංකාවේ ගව ඝාතනයට විශාල විරෝධයක් එල්ල වන්නේය. ඊට හේතු දෙකක් දැකිය හැකිය. ඉන් එක් හේතුවක් වන්නේ ඇතැම් අය ගවයාව පුජනීය සත්වයෙක් ලෙස සැලකීමය. අනෙක් හේතුව වන්නේ සමහරු ප්‍රාණ ඝාතනයට එරෙහි වීමයි. එහෙත් ප්‍රාණ ඝාතනයට එරෙහි වන අය අනෙක් සතුන් වෙනුවෙන් පෙනී නොසිටීම ප්‍රශ්න සහගතය.  අල් කුරානයේ සඳහන් වන අන්දමට මුසා නබිතුමා දින හතළිහක් තුරුසිනා කඳු පාමුලට ගොස් සිටින කාලය තුලදී ඔහුගේ අනුගාමිකයින් සාමිරි යන තැනැත්තාගේ ඉගැන්වීම පිළිගෙන රනින් කරන ලද ගවයෙකුගේ පිළිරුවක් සාදා ඊට වැඳුම් පිදුම් සිදු කොට ඇත. මුසා නබිතුමා ඔහුගේ ගමන නිමවා ආපසු පැමිණීමෙන් පසු මෙම සිදුවීම දැක මහත් සේ කෝපයට පත් වූ අතර ඔහුගේ සහෝදරයා තම ජනතාව කරමින් සිටි වරද නොවැළැක්වීම හේතුවෙන් ඔහුට තදින්ම තරවටු කර තිබේ. පසුව ඔවුන් තමන් කල වරද වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද තිබේ. මෙම සිදුවීම ගවයාට නැමදුම් කල මුල්ම අවස්තාව වේ.  හින්දුන් අතරද ගවයා පුජනියත්වයෙන් සලකනු ලබන්නෝය. එම නිසා ඔවුන් ගව ඝාතනයට විරුද්ධ වෙති. එහෙත් ඔවුන් ගව ඝාතනයට විරුද්ධ වූ පමණින් අනෙක් අයට එසේ කිරීමට බල කිරීම වරදක් වන්නේය. මුසා නබිතුමාගේ අනුගාමිකයින් ගවය