Posts

Showing posts from October, 2018

මළවුන්ට වැඳීම සහ ඔවුන් වෙනුවෙන් උත්සව පැවැත්වීම (Worshiping the dead and celebrating them)

ඉස්ලාම් දහමේ මුලික අවශ්‍යතාවයක් වන්නේ අල්ලාහ්ට පමණක් නැමදිමය. ප්‍රාර්ථනා කිරීම කැප කිරීම ආදිය ද නැමදීම යටතෙහි ලා සලකනු ලැබේ. ඒ අනුව දැනුවත්ව හෝ නොදැනුවත්ව අල්ලාහ් නොවන අයගෙන් උදව් පැතීම, ඔවුන් වෙනුවෙන් සතුන් කැප කිරීම හෝ ඔවුන් වෙනුවෙන් පඬුරු දැමීම බලවත් වරදවල් වේ. එසේ තිබියදී ඇතැම් මුස්ලිම්වරුන් මළවුන් හරහා දෙවියන්ට කන්නලව් කරනු දැකිය හැකිය. මේවා ඉස්ලාම් දහමට විරුද්ධ ක්‍රියාවන් වේ.  කෙනෙක් මිය ගිය පසු ඔහුටත් මෙලොවටත් ඇති සම්බන්දය සහමුලින්ම අහෝසි වන්නේය. ඒ අනුව මිය ගිය කෙනෙකුට ජිවත්ව සිටින අය වෙනුවෙන් කිසිම ආකාරයක උදව්වක් කල නොහැකිය. එපමණක් නොව ඔවුන්ට ජිවත්ව සිටින අය වෙනුවෙන් දෙවියන්ගේ අතරමැදියෙකු ලෙස ක්‍රියා කල නොහැකිය. එසේ තිබියදී යම් කිසි කෙනෙක් මිය ගිය අයව දෙවියන්ගේ අතරමැදියන් ලෙස පත් කර ගන්නේ නම් ඔහු දෙවියන් ට සමානයන් තබන කෙනෙක් බවට පත් වන්නේය. මෙවැනි වරදක් කල කෙනෙක් මිය යෑමට පෙර පසු තැවිලි නොවුයේ නම් ඔහු සදාකල් නිරයට පාත්‍ර වන්නේය.  ඉස්ලාම් දහම අනුව ජිවත්ව සිටින කෙනෙකුගෙන් උදව්වක් පැතීම වරදක් නොවුවත් නබිතුමාගේ අනුගාමිකයින් එවැනි දෙයක් කිරීමට පවා කැමති වුයේ නැත. ඒ අනුව ස