Posts

Showing posts from June, 2020

වහාබ්වාදය යනු කුමක්ද? (What is Wahabism?)

Image
වහාබ් වාදයේ නිර්මාතෘ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් ය. ඔහු ක්‍රි.ව.1703 දී රියාද් නගරයට උතුරෙන් පිහිටි අයිනා යන ගමේ උපත ලබා තිබේ. එතුමා වයස 10 වන විට මුළු කුරානයම කටපාඩම් කල හාෆිස් වරයෙකු විය. හම්බලි මස්හබය හදාරන ලද එතුමා කුරානයේ විවරණයන්ද අකිදා සම්බන්දයෙන්ද හදාරා තිබේ. තවද එදා ඉස්ලාමිය ලෝකයේ විශාල ප්‍රසිද්ධියක් ලබාගෙන සිටි ඉබ්නු තයිමියා සහ ඉබ්නු අල් කයියුම් වැනි විද්වතුන්ගේ පොත් ද හදාරා තිබේ. ඔහුගේ පියාද ආලිම් වරයෙකි.  කෙසේ වෙතත් මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් තුමාගේ කාලයේදී ඉස්ලාම් දහම හොඳටම පිරිහී ගොස් තිබුනේය. ඒ අනුව අල්ලාහ්ට සමානයන් තැබීම සහ දහමට අලුත් ඇදහිලි එකතු කිරීම සුලබව දක්නට තිබුනේය. මේ හේතුවෙන් ජනතාව අව්ලියා යැයි කියා ගන්නා අයගේ සොහොන් වලට ගොස් තම අවශ්‍යතා වෙනුවෙන් කන්නලව් කිරීම, ඔවුන් වෙනුවෙන් පඬුරු දැමීම, ඔවුන් වෙනුවෙන් සතුන් කැප කිරීම සිදු කොට තිබේ. එසේ තිබියදී ඉස්ලාම් දහමින් අනිවාර්‍ය කොට ඇති සලාතය ද හජ් වන්දනය ද ඉටු කිරීමෙහි උදාසීන වූහ. තවද කව්බාව තවාෆ් කිරීම වෙනුවට සාස්තෘවරුන්ගේ සොහොන් වටා තවාෆ් කිරීම උත්සවාකාරයෙන් සිදු කොට තිබේ. මේවා සියල්ලම ඉස්ලාම් දහමට පටහැනි ක්

මුස්ලිම්වරුන් පිළිබඳව ගොඩනැගී ඇති වැරදි මත (Misconceptions about Muslims)

Image
ඈත ඉතිහාසයේදී මුස්ලිම්වරුන් සහ සිංහල ජනතාව අතර ඉතා හොඳ විශ්වාසයක් ගොඩ නැගී තිබුනේය. ඒ අනුව සිංහල රජවරුන් ඉතිහාසයේදී මුස්ලිම්වරුන්ට තාන්න මාන්න සහ විශේෂ පදවි පිරිනමා තිබුනේය. බොහෝ විට පැරණි රජවරුන් විදේශ තානාපති සම්බන්දකම් පවත්වා තිබුනේ මුස්ලිම්වරුන් හරහාය. තවද සතුරු ආක්‍රමණ වලදී මුස්ලිම්වරුන් වෙනත් මුස්ලිම් රටවල් වලින් හමුදාව ගෙන්වා ලංකාව වෙනුවෙන් සටන් කල ඉතිහාසයක් ද තිබේ.  කෙසේ වෙතත් මෑත ඉතිහාසය ගත්කල ඇතැමුන්ගේ පටු පරමාර්ථයන් ඉටු කර ගැනීම සඳහා මුස්ලිම්වරුන් පිළිබද අනිසි බියක් ඇති කොට තිබේ. ඒ අනුව මුස්ලිම්වරුන්ව ආශ්‍රය කල අය හැර සෙසු අයට ඇත්තේ මුස්ලිම්වරුන් පිළිබඳව සැකයක් සහ භීතියක් පමණි. මෙය හොඳින් දැක ගත හැක්කේ මුස්ලිම්වරුන්ව ආශ්‍රය කොට නොමැති ග්‍රාමීය ජනතාව අතරය. කෙසේ වෙතත් නාගරික පාසල්වල ඉගෙන ගන්නා සිංහල ළමුන් මුස්ලිම් ළමුන්ව ආශ්‍රය කොට ඇති බැවින් ඔවුන් අතර ඉතා හොඳ බැඳීමක් දැක ගත හැකිය. නවීන ලෝකයේ මුදලට සහ බලයට විශේෂ තැනක් හිමිවී ඇත. එය රැක ගැනීමේ ප්‍රධාන උපාය ක්‍රමයක් ලෙස ලොව පුරා වෙසෙන ජාතීන් බෙදා වෙන් කොට ඒ මත බලය රැක ගැනීමේ වැඩපිළිවෙලක් දැන් දියත් වෙමින් තිබේ. මේ සඳහා ඉ

ඉස්ලාමයේ වර්ගවාදයට ඉඩක් තිබේද? (Is there room for racism in Islam?)

Image
අල්ලාහ් ඉදිරියේ සෑම මුස්ලිම්වරයෙකුම එක සමාන ය. එම නිසා සමේ වර්ණය අනුව හෝ ජාතිය අනුව හෝ මුස්ලිම්වරුන්ව වර්ග කරන්නේ නැත. මේ හේතුවෙන් ඉස්ලාමිය දේවස්ථානය තුල අල්ලාහ්ට නැමදීමේදී සියළු දෙනා  එකා මෙන් උරෙන් උර ගැටී සිට ගන්නෝය. තවද කලු සම ඇති අයට වෙනම පාසල් සහ සුදු සම ඇති අයට වෙනම පාසල් වශයෙන් වෙන්කිරීමක් ඉස්ලාම් දහම තුල නැත. මෙය ප්‍රයෝගික වශයෙන් මුස්ලිම්වරුන්ගේ ක්‍රියා කලාපයෙන් ද දැක ගත හැකිය. එපමණක් නොව මුස්ලිම්වරුන් එකම භාජනයේ අත දමා කෑම කෑමෙන් ඔවුන්ගේ සහෝදරත්වය තව දුරටත් සනිටුහන් කරන්නේය. නබිතුමා සහාබවරුන් වාඩිවී සිටින තැනකට පැමිණි විට ඔවුන් නබිතුමා වෙනුවෙන් නැගිට සිට ගෞරව කිරීම පවා එතුමා අනුමත කලේ නැත.  මිනිසුන්ගේ සහෝදරත්වය ගෙන හැර දක්වමින් කුරානය මෙසේ සඳහන් කරන්නේය. "මිනිසුනි! නියතවශයෙන්ම අපි නුඹලාව පිරිමියෙකුගෙන් සහ ගැහැනියෙකුගෙන් මවා, නුඹලා එකිනෙකාව හඳුනාගැනීම පිණිස නුඹලාව ජාතීන් ලෙසද, ගෝත්‍ර ලෙසද පත් කළෙමු. නුඹලා අතරින් වඩාත් බිය බැති කෙනා අල්ලාහ් හමුවෙහි වඩාත් ගෞරවයට පාත්‍ර කෙනාය"   (කුරානය 49:13). ඉස්ලාම් දහම තුල වර්ණ බේදය නොමැති බව කියා පෑමට හොඳම උදාහරණය කළු සමක් ඇ