Posts

Showing posts from July, 2015

ඡන්දය ප්‍රකාශ කිරීම පිලිබඳ මුස්ලිම් විද්වතුන්ගේ මතය (Islamic scholar's view about voting)

Image
ඡන්දය ප්‍රකාශ කිරීම අතිශයින් වැදගත් කරුණකි. එහෙත් බොහෝ අය මෙම මාතෘකාව කෙරෙහි නිසි අවධානයක් යොමුකර ඇති බවක් පෙනෙන්නට නැත. කෙසේ හෝ සාධාරණය ඉටුකරන ජනතා හිතවාදී හොර බොරු නැති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම ජනතාවගේ අපේක්ෂාවකි.  ඉස්ලාම් නොවන රාජ්‍යයක් තුල ජිවත්වන මුස්ලිම්වරුන් පිළිපැදිය යුතු කරුණු පිළිබඳව ඉස්ලාමිය විද්වතුන්ගේ මතයන් කුමක්දැයි සලකා බලමු. ප්‍රජාතන්ත්‍රවාදය මිනිසා විසින් ඇතිකළ එකකි. එනම් මිනිසා විසින් ඇතිකළ නීති මගින් මිනිසා පාලනය කරන ක්‍රමයකි. එහෙත් නීති පැනවීම අල්ලාහ් ගේ ක්‍රියාවක් බැවින් මෙම බලය මිනිසාට පැවරිය නොහැකි බව ඇතැම් විද්වතුන්ගේ මතය වේ. ( Mawsoo’at al-Adyaan wa’l-Madhaahib al-Mu’aasirah ( 2/1066 , 1067). ඒ අනුව බලන කල මෙම පාලන ක්‍රමය දෙවියන්ට සමානයන් තැබීමක් එනම් ෂිර්ක් ක්‍රියාවක් වන්නේය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම පැහැදිලිව තේරුම් ගත් කෙනෙකු ඡන්දය ඉල්ලීම හෝ වෙනත් කෙනෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් ඔහු මේ ක්‍රමය අනුමත කල අයෙකු වන්නේය.  එසේ වුවද යම්කිසිවෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ඔහු සත්‍ය වෙනුවෙන් පෙනී සිටිමින් අසත්‍යට විරුද්ධව නැග

Questions & Answers Session 29-05-2015 ~ Mufti Ismail Menk & Sheikh Dr. ...

Image