Posts

Showing posts from April, 2021

මිනිසුන්ගේ පව් සඳහා දඬුවම් ප්‍රමාද වන්නේ ඇයි? (Why are punishments delayed for human sins?)

Image
දෙවියන් මහා කරුනිකයාය. මේ නිසා මිනිසා කොතරම් වැරදි කලත් සමාව ගැනීම සඳහා මිනිසාට අවස්ථාවක් ලබා දී තිබේ. එම නිසා කෙනෙක් අහස උසට වැරදි කලත් ඔහුගේ මරණය දක්වාම දෙවියන්ගෙන් සමාව ගැනීමට අවස්තාව හිමි වේ. එහෙත් මරණයෙන් පසු දෙවියන් කැමති අයට පමණක් සමාව දෙනු ලැබේ. මිනිසුන්ගෙන් ඇතැම් අය දැන දැනත් වැරදි කරන්නේය. තවත් සමහරු නොදන්නා කමින් වැරදි කරන්නෝය. ඔවුන් කරන වැරදි වලට එවෙලේම දඬුවම් කළේ නම් මිහි පිට කිසිම මිනිසෙක් ඉතිරි නොවන බව කුරානයේ සඳහන් වේ. "අල්ලාහ් මිනිසුන්ගේ අපරාධ හේතුවෙන් (එම මොහොතේදීම) දඬුවම් කළහොත් (පොළව මත) එහා මෙහා වන කිසිම ප්‍රානියෙකුව ඉතිරි කරන්නේ නැත, එහෙත් ඔවුන්ට නියමිත කාල සීමාවක් දක්වා කල් දී තිබේ, නියමිත කාලය පැමිණි කල ඔවුන්ට එක් හෝරාවක් ඉදිරියට හෝ ආපස්සට යෑමට ලැබෙන්නේ නැත" (කුරානය 16:61). මේ නිසා මිනිසා කොතරම් වැරදි කලත් මරණය දක්වාම සමාව ගැනීමට අවස්තාව ලබා දී තිබේ. ඉන් ප්‍රයෝජන ගැනීම සඳහා මිනිසා දැන ගත යුතුය. ඉන් ප්‍රයෝජන නොගන්නේ නම් මරණයෙන් පසුව ඇති දඬුවම් ඉතා වේදනාකාරී වේ. එදාට උදව්ව පිණිස කිසිවෙකුත් නැත. දෙවියන්ව විශ්වාස නොකළ අය සඳහා දඬුවම් කෙළවර වන්නේ නැත

තීරණ ගැනීමේදී හදවතේ බලපෑම කුමක්ද? (What is the effect of the heart on decision making?)

Image
මිනිස් ජිවිතයට හදවතේ බලපෑම තදින්ම බලපාන්නේය. එම නිසා මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ හදවත ගැන සඳහන් කරමින් මෙසේ පවසා ඇත. “අපගේ ශරීරයේ මස් කැබැල්ලක් ඇත. එය හොඳ තත්වයේ පවතින්නේ නම් මුළු ශරීරයම යහපත් වේ. එය දූෂිත වන්නේ නම් මුළු ශරීරයම දූෂිත වේ”.  මින් පැහැදිලි වන්නේ මිනිස් ක්‍රියාකාරකම් වලට හදවත බල පාන බවයි. කෙසේ වෙතත් විද්‍යාඥයින් මෙතෙක් කර ඇති පර්යේෂණ අනුව හදවත භෞතික දෙයක්ද නැතහොත් පාරභෞතික දෙයක්ද යන්න ස්ථිර ලෙස නිගමනය කොට නැත. එහෙත් අනාදිමත් කාලයක සිටම සිතීමේ ප්‍රධාන අවයවය ලෙස ක්‍රියා කරන්නේ හදවත බව විශ්වාස කොට තිබේ. මේ නිසා ජන වහරේ  "ඔබේ හදවතට තට්ටු කොට බලන්න"  වැනි කතාද  "හර්ධය ශාක්ෂියට එකඟව කියන්න" යනාදී කියමන් ද දැක ගත හැකිය.  පර්යේෂකයින් පෙන්වා දෙන ආකාරයට අපගේ හැඟීම් නිසා මොළයෙන් හදවතට යවනු ලබන සංඥා වෙනස් කරන අතර හදවත සංකීර්ණ ආකාරයකින් ඒවාට ප්‍රතිචාර දක්වන්නේය. එපමණක් නොව, හදවත මොළයට යවන පණිවිඩ මිනිස් ක්‍රියාකාරීත්වයට බලපාන බව පර්යේෂකයින් පෙන්වා දෙන්නේය. තවද ඔවුන් පවසන අන්දමට මිනිස් හදවත, මොළය හා ශරීරය සමඟ සිව් අකාරයකට සන්නිවේදනය කරන්නේය.

කුරානයට අනුව යකඩ පෘථිවියට පැමිණියේ කෙසේද? (How did iron come to earth according to the Quran?)

Image
අල්-කුරානයේ තාරකා භෞතික විද්‍යාව සම්බන්ද කරුණු රාශියක් ඇතුලත් වේ. පෘථිවියට යකඩ ලෝහය ලැබුණු අකාරයත් ඉන් එකකි. කුරානයේ සඳහන් වන ආකාරයට අපගේ සෞරග්‍රහ මණ්ඩලයට යකඩ ලෝහය ලැබී ඇත්තේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති තරුවක් පිපිරී යාම නිසා විය යුතුය. මෙම වගන්තිය අනුව එය අනුමාන කල හැකිය.  “තවද, අපි යකඩයද පහළ කෙළෙමු . එහි ඉමහත් බලයක්ද මිනිසුන්ට නොයෙක් ප්‍රයෝජනද ඇත්තේය” (Q 57:25). මෙම වැකිය තුල යකඩ ලෝහය "මැව්වෙමු" යැයි   සඳහන් කිරීම වෙනුවට  " පහළ කෙළෙමු "  යැයි විශේෂයෙන් සඳහන් කිරීම නිසා අපට එම නිගමනය වෙත පැමිණිය හැකිය. එහි විශේෂත්වයක් නොතිබුනේ නම් අනෙක් දේවල් මෙන්  "අපි මව්වෙමු" යැයි සඳහන් කිරීමට තිබුනේය.  විද්‍යාඥයින් සඳහන් කරන අන්දමට යකඩ ලෝහය නිපදවිය හැකි තරම් උෂ්ණත්වයක් සුර්යා තුල පවතින්නේ නැත. සුර්යාගේ බාහිර් උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000 පමණ වන අත‍ර එහි අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 20 ක් පමණ වන්නේය. මෙතරම් පහළ උෂ්ණත්වයකදී හීලියම් වායුව කාබන් සහ ඔක්සිජන් බවටත් අනතුරුව යකඩ බවටත් පරිවර්තනය කල නොහැකි ය. යකඩ ලෝහය නිෂ්පාදනය කිරීමට උවමනා කරන සංකීර

අල් කුර්ආනය දේව පණිවිඩයක් වීමට හේතුව (The reason why the Quran is a message of God)

Image
ඕනෑම ග්‍රන්තයක වැරදි තිබිය හැකිය. සැකයට තුඩු දෙන තැන් තිබිය හැකිය. පරස්පරතාවයන් තිබිය හැකිය. එහි ඇති කරුණු කාලයත් සමග යල්පැන ගිය ඒවා විය හැකිය. තවද අවිද්‍යාත්මක දේවල් ඇතුලත් විය හැකිය. එහෙත් අල් කුරානයේ මේවා කිසිවක් නැති වීම විශේෂත්වයකි. අල් කුරානයේ ඇති භාෂා විලාසය අද්විතීය එකක් වන අතර එය සාහිත්‍ය ලෝකයේ ඇති වටිනාම ග්‍රන්ථයක් ලෙස සැලකේ. එය පද්‍ය හෝ ගධ්‍ය රචනාවක් නොවුනත් එය පරායණය කරන විට අරාබි නොදන්නා කෙනෙකුගේ පවා සිත ඒ දෙසට ආකර්ෂණය වේ. වැකි හය දහසකට වඩා ඇති අල් කුරානය අකුරක් හෝ නෑර සම්පුර්ණයෙන්ම කටපාඩම් කිරීමට හැකි වීම එහි ඇති විශේෂත්වයකි. මේ නිසා ලොව පුරා සම්පුර්ණයෙන්ම කුරානය කටපාඩම් කල හාෆිස්වරු සිය දහසකට වඩා සිටින්නේය. අල් කුරානය හැර වෙනත් කිසිම ග්‍රන්ථයක් එලෙස කටපාඩම් කොට නැත.  අල්-කුරානය දෙවියන්ගෙන් පහළ වූ ග්‍රන්ථයක් බව පිලි නොගන්නා කෙනෙකුට එවැනි ග්‍රන්ථයක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් ගෙන එන ලෙස අභියෝග කරන්නේය.  “අපගේ ගැත්තා (වන මුහම්මද්) කෙරෙහි අප පහල කල දැය (වන අල්-කුරානය කෙරෙහි) නුඹලා සැකයෙහි සිටින්නේ නම් එවැනි පරිච්චේදයක් ගෙන එන්න. නුඹලා සත්‍යවන්තයින් නම