Posts

Showing posts from October, 2017

අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?)

Image
බොහෝ අයගේ පොදු මතය වන්නේ මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙහි බවයි. එහෙත් මේ සම්භන්දයෙන් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ මින්ස් සිතුවිලි ජනනය වන්නේ මොලයෙන් පිටත බවයි. මිනිසාගේ මොලයෙන් සිදු වන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම පමණක් බව එම පර්යේෂණවලින් නිගමනය කොට ඇත. මොලය සහ හදවත සම්බන්දයෙන් දැනට සිදු කොට ඇති ඇතැම් පර්යේෂණවලට අනුව මොලයෙන් හදවත කරා යන සංඥාවන්ට වඩා වැඩියෙන් හදවතේ සිට මොලය කරා සංඥාවන් ගමන්කරන බව සොයාගෙන ඇත. මිනිස් මොලය තුල හැඟීම්, ස්මරණය, ප්‍රශ්න නිරාකරණය වැනි ඥානාත්මක (cognitive) දේවල් පමණක් සිදු වේ. තවද මොලයෙන් නිකුත් කරන සංඥාවන්ට හදවත ප්‍රතිචාර දක්වනවාව වඩා වැඩියෙන් මොලය හදවතේ සංඥාවන්ට නිරතුරුවම ප්‍රතිචාර දක්වන බව එම විද්‍යාඥයින්ට පෙනී ගොස් ඇත.  එබැවින් හදවතේ ඇති ස්නායු සෛලවලට "හදවතේ ඇති මොලය" ලෙස නම් කොට තිබේ. මේ නිසා ඉතිහාසයේ සිටම මිනිසා දැනසිටි හෘධය සාක්‍ෂියට විද්‍යාත්මක පසුබිමක් තිබෙන බව තේරුම් ගත හැකිය.  නබිතුමා පවසා ඇති හදීසයක මෙසේ සඳහන් වේ. "මිනිස් ශරීරයේ එක් මස් කැදැල්ලක් ඇත. එය නි

Islam & The Current Crisis - Abdurraheem Green

Image

කුරානයට පෙර සහ පසු අරාබියාව (Arabia before and after the Quran)

Image
අල්-කුරානය පහළ වීමට පෙර අරාබිකරයේ ගෝත්‍රික පාලනයක් පැවතියේය. එහෙත් ඉස්ලාම් දහම පහළ වී වසර 23ක් තරම් කෙටි කාලයක් තුලදී එහි රාජ්‍ය පාලනයක් බිහි විය. ඊට පෙර කිසිම කලෙක එහි රාජ්‍ය පාලනයක් තිබුනේ නැත. ඒ නිසාම එහි නීතිය හෝ සාමය රැකීම ඉතාමත් අසීරු කරුණක් විය. සුළු කරුණකට පවා ඔවුන් දිර්ඝකාලයක් පුරා යුද්ධ කොට ඇත. අරාබියාවේ පැවති ගෝත්‍ර පාලනය හේතුවෙන් ඔවුන් ඉතාමත්ම නොදියුණු ජාතියක් විය. කිසිම ප්‍රබල රාජ්‍යයක් ඔවුන් කෙරෙහි සැලකිල්ල දැක්වුයේ ද නැත. අරාබියාවේ එකල පැවති තත්වය හැඳින්වුයේ 'ජාහිලියා' සමය ලෙස ය. ගෝත්‍ර වශයෙන් බෙදී වෙන්වී සිටි ජනතාව ඉතා කෙටි කාලයක් තුලදී කුරානයේ මග පෙන්වීම තුලින් එකමුතු කොට ප්‍රෞඩ ජාතියක් බවට පත් කිරීම ඔවුන් ලද විශාල ජයග්‍රහණයකි. එම වෙනස ඇති කිරීම සඳහා කුරානය හැර වෙන කිසිම බාහිර උදව්වක් ඔවුන් ලබාගත්තේ නැත. ඉතා කෙටි කාලයක් තුලදී මෙතරම් විශාල වෙනසක් සිදු කළ  ඉතිහාසයක් ලෝකයේ වෙන කිසිම තැනක දැකිය නොහැකිය. එපමණක් නොව ඉස්ලාම් දහම ඉතා කෙටි කාලයක් තුලදී ලෝකයේ විශාල ප්‍රදේශයක් කරා ව්‍යාප්ත විය. මෙය සිදු කළ හැකි වුයේ කුරානයේ මහිමය නිසාය. කුරානයේ විශේෂතයක් වන්නේ එය

විද්‍යාවේ දියුණුවට මුස්ලිම්වරුන්ගේ දායකත්වය (Contribution of muslims towards science)

Image
ඉස්ලාම් දහමේ ස්වර්ණමය යුගය තුල විද්‍යාවේ දියුණුව වෙනුවෙන් මුස්ලිම්වරුන් විසින් කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ. ඒ අනුව තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ගණිතය යන සෑම විශයකින්ම ඔවුන්ගේ දායකත්වය දැක ගත හැකිය. විශේෂයෙන්ම   මුහම්මද් ඉබ්නු මුසා අල්-කවාරිසිමි (780-850),  ඉබ්නු බතුතා (1304- 1369),  ඉබ්නු රුශ්ද් (1126- 1198),  උමර් කයියාම් (1048-1131),  තබිත් ඉබ්නු කුර්රා (826-901) යන අය ඉදිරියෙන්ම දැක ගත හැකිය.  ජුලියන් (Julian) ට පෙර ඉතාමත්ම නිවැරදි සුර්ය දින දර්ශනයක් නිපදවා තිබෙන්නේ මුස්ලිම් විද්‍යාඥ ජිලාලි (Jilali) විසිනි. උමර් කයියාම් ගේ අධීක්ෂණය යටතේ ඔහු එම කාර්යය සිදු කොට තිබේ. තවද  ඉස්ලාමීය විද්වතෙක් වන  අල්-කවාරිසිමි  නවීන විජගනිතයේ පියා ලෙස සලකනු ලැබේ. ඔහුගේ නම අනුසාරයෙන් "අල්ගොරිතම්" (algorithm) යන වචනය බිහිවී ඇත. ඔහු විසින් නවීන ලෝකයට සයින් (sine), කෝසයින් (cosine) සහ තිකෝනමිතික වගු හඳුන්වා දී තිබේ. මේවා පසු කාලයේදී බටහිර රටවල් කරා පරිවර්ථනය විය. එතුමා විසින් විජගනිතමය සමීකරණ රාශියක් ලොවට හඳුන්වා දී ඇත. භෞතික විද්‍යාව වෙනුවෙන්ද මුස්ලිම් විද්