Posts

Showing posts from 2024

යුදෙව්වන් යුද්ද කරන්නේ කාගේ රට වෙනුවෙන්ද? (Whose country are the Jews fighting for?)

Image
පළමු ලෝක යුද්දයෙන් පසු   සරණාගතයින් ලෙස පැමිණි යුදෙව්වන්ට එංගලන්තයේ උවමනාව අනුව  ඉස්රායලය නිර්මාණය කොට දුන්නේය. ඊට කලින් යුදෙව්වන්ට කියා රටක් තිබුනේ නැත. එලෙස පැමිණි යුදෙව්වන් ක්‍රමානුකුලව පලස්තීන භූමියෙන් විශාල භුමි ප්‍රදේශයක් ආක්‍රමණය කර ගත්තෝය. ඒ අනුව අද පලස්තීනයේ නියම අයිතිකරුවන් හට ඉතා කුඩා භුමි ප්‍රදේශයකුත් දුදෙව්වන් හට ඉතා විශාල භුමි ප්‍රදේශයකුත් ලැබී තිබේ. එපමණක් නොව පලත්තිනයේ නියම අයිතිකරුවන්ට තමන්ගේම කියා ස්වාදීන රාජ්‍යයක් නැත. එහි ප්‍රතිපලයක් ලෙස පලස්තීන වැසියන් නිරන්තරයෙන්ම යුදෙව්වන්ගේ තාඩන පීඩන වලට ගොදුරු වන්නෝය. එංගලන්තෙය් උවමනාව පරිදි මුස්ලිම්වරුන් වෙසෙන අරාබියාව තුල ඔවුන්ගේ පරම සතුරන් වන යුදෙව්වන්ව ගෙනත් දැමීමෙන් එහි නොනවතින යුද්දයක් හටගෙන තිබේ. ඔවුන්ට සියලුම රැකවරණය සහ ආධාර උපකාර ඇමරිකාවෙන් ලබා දෙන්නේය. ඇත්ත වශයෙන්ම එය ලෝක සමයට විශාල තර්ජනයකි.  පලස්තීනයට යුද හමුදාවක් නැත. විදුලිය සහ ජලය වැනි අත්‍යාවශ්‍ය දේවල් ලබා ගත යුතුව තිබෙන්නේ ඉස්රායලය හරහාය. එපමණක් නොව පලතිනුවන්ගේ නිවාස බලහත්කාරයෙන් ඉස්රායිල හමුදාව විසින් අත්පත් කර ගන්නේය. ඒවා ගැන පැමිණිලි කිරීමට කාත් කව්

අල්ලාහ් (දෙවිඳුන්) කවුද? (Who is Allah?)

Image
අල් කුරානයට අනුව අල්ලාහ් කව්රුන්ද යන්න මෙසේ සඳහන් වේ.  "පවසනු! අල්ලාහ් එක් කෙනෙකි. අල්ලාහ් (කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තා ය. ඔහු කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. (එසේම) ඔහු කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමාන වෙනත් කිසිවෙකුද නැත"  (කුරානය 112; 1-4). මේ හේතුවෙන් විශ්වයේ ඇති කිසිම දෙයක් අල්ලාහ්ට සම නොවේ. එපමණක් නොව විශ්වයේ ඇති කිසිම දෙයක් සමග අල්ලාහ්ව සංසන්දනය කිරීමටද නොහැකිය. එපමණක් නොව සාස්තෘවරුන්ව හෝ නබිවරුන්ව හෝ අල්ලාහ්ට සම කල නොහැකිය. ඔවුන් සියලු දෙනාම අල්ලාහ්ගේ මැවීම් වේ. එසේ තිබියදී කිතුනුවන් ජෙසුස්වහන්සේව දෙවියන් ලෙසත් තවත් විටකදී දෙවියන්ගේ පුතුන් ලෙසත් පිලි ගන්නේය. එහෙත් අල් කුරානයට අනුව ජේසුස් වහන්සේ අල්ලාහ්ග් ශ්‍රේෂ්ඨ නබි වරයෙකි.  ඉස්ලාම් දහම අනුව විශ්වය සහ එහි ඇති සියලුම දේවල් අල්ලාහ් දෙවිඳුන් විසින් මවන ලද්දේය. කෙසේ වෙතත් මෙම මැවීම් අතරින් මිනිසාට සුවිශේෂී තැනක් හිමිවේ. ඊට හේතුව මිනිසාට ස්වයං තීරණ ගැනීමට හැකි වීමයි. මේ නිසා මිනිසාට දෙවියන් පෙන්වා ඇති මාර්ග දෙකින් තමන් කැමති මාර්ගයක් තෝරා ගැනීමට හැකියාව ලැබෙන්නේය. එහි ප්‍රතිපයක් ලෙස ස්වර්ගය සහ නිරය තීර